1. නානත්තවග්ගො අට්ඨකථා
1. නානත්ත වර්ගය
1. ධාතුනානත්තසුත්තවණ්ණනා
1. ධාතුනානත්ත සූත්‍ර වර්ණනාව
ධාතුසංයුත්තස්ස පඨමෙ නිස්සත්තට්ඨසුඤ්ඤතට්ඨසඞ්ඛාතෙන සභාවට්ඨෙන ධාතූති ලද්ධනාමානං ධම්මානං නානාසභාවො ධාතුනානත්තං. චක්ඛුධාතූතිආදීසු චක්ඛුපසාදො චක්ඛුධාතු, රූපාරම්මණං රූපධාතු, චක්ඛුපසාදවත්ථුකං චිත්තං චක්ඛුවිඤ්ඤාණධාතු. සොතපසාදො සොතධාතු, සද්දාරම්මණං සද්දධාතු, සොතපසාදවත්ථුකං චිත්තං සොතවිඤ්ඤාණධාතු. ඝානපසාදො ඝානධාතු, ගන්ධාරම්මණං ගන්ධධාතු, ඝානපසාදවත්ථුකං චිත්තං ඝානවිඤ්ඤාණධාතු. ජිව්හාපසාදො ජිව්හාධාතු, රසාරම්මණං රසධාතු, ජිව්හාපසාදවත්ථුකං චිත්තං ජිව්හාවිඤ්ඤාණධාතු. කායපසාදො කායධාතු, ඵොට්ඨබ්බාරම්මණං ඵොට්ඨබ්බධාතු, කායපසාදවත්ථුකං චිත්තං කායවිඤ්ඤාණධාතු. තිස්සො මනොධාතුයො මනොධාතු, වෙදනාදයො තයො ඛන්ධා සුඛුමරූපානි නිබ්බානඤ්ච ධම්මධාතු, සබ්බම්පි මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණධාතූති. එත්ථ ච සොළස ධාතුයො කාමාවචරා, අවසානෙ ද්වෙ චතුභූමිකාති.
ධාතු සංයුත්තයේ පළමු සූත්‍රයේ - අනාත්ම (නිස්සත්ත) ශුන්‍ය (සුඤ්ඤත) යන අර්ථ සංඛ්‍යාත වූ “ස්වභාවයෙන් පවතින” යන අරුතින් “ධාතු” නම් වූ ධර්මයන්ගේ නානාවිධ වූ ස්වභාවය “ධාතුනානත්තං” යනු වේ. චක්ෂු ප්‍රසාදය “චක්ඛුධාතු” නම් වේ. රූපාරම්මණය “රූපධාතු” නම් වේ. චක්ෂුප්රසාද වස්තුවෙහි පහළ වූ සිත “චක්ඛු විඤ්ඤාණධාතු” නම් වේ. ශ්‍රෝත ප්‍රසාදය “සෝතධාතු” නම් වේ. ශබ්දාරම්මණය “සද්දධාතු” වයි. ශ්‍රෝත ප්‍රසාද වස්තුව පිළිබඳ වූ සිත “සොතවිඤ්ඤාණ ධාතු” නම් වේ. අඝ්‍රාණ ප්‍රසාදය “ඝානධාතු”වයි. ගන්ධාරම්මණය “ගන්ධධාතු” නම් වේ. ආඝ්රාණ වස්තුක වූ සිත “ඝාන විඤ්ඤාණ ධාතු” නම් වේ. ජිව්හා ප්‍රසාදය “ජිව්හා ධාතු” නම් වේ. රස ආරම්මණය “රස ධාතු” නම් වේ. ජිව්හා ප්‍රසාද වස්තුක වූ සිත “ජිව්හා විඤ්ඤාණ ධාතු” නම් වේ. කාය ප්‍රසාදය “කායධාතු”වයි. ඵස්සාරම්මණය “පොට්ඨබ්බ ධාතු” නම් වේ. කාය ප්‍රසාද වස්තුක වූ සිත “කාය විඤ්ඤාණ ධාතු” නම් වේ. ත්‍රිවිධ මනෝධාතුහු “මනොධාතු” නම් වේ. වේදනා දී ත්‍රිවිධ ස්කන්ධයෝ, සූක්ෂම රූප ද නිවණ ද “ධම්මධාතු” නම් වේ. සියලුම මනෝවිඤ්ඤාණය “මනෝ විඤ්ඤාණ ධාතු” නම් වේ. මෙහිද මුල් සොළොස් ධාතූහු කාමාවචරය. අවසන් ධාතු දෙක චතුභූමිකය. (හෙවත් කාම, රූප, අරූප හා ලෝකෝත්තර භූමීන්හිම යෙදේ.)
පඨමං.
පළමු සූත්‍රයයි.
2. ඵස්සනානත්තසුත්තවණ්ණනා
2. ඵස්සනානත්ත සූත්‍ර වර්ණනාව
දුතියෙ උප්පජ්ජති ඵස්සනානත්තන්ති නානාසභාවො ඵස්සො උප්පජ්ජති. තත්ථ චක්ඛුසම්ඵස්සාදයො චක්ඛුවිඤ්ඤාණාදිසම්පයුත්තා, මනොසම්ඵස්සො මනොද්වාරෙ පඨමජවනසම්පයුත්තො, තස්මා. මනොධාතුං පටිච්චාති මනොද්වාරාවජ්ජනං කිරියාමනොවිඤ්ඤාණධාතුං පටිච්ච පඨමජවනසම්ඵස්සො උප්පජ්ජතීති අයමෙත්ථ අත්ථො.
දෙවැනි සූත්‍රයේ “උප්පජ්ජති ඵස්සනානත්තං” යනු නානා ස්වභාව වූ ස්පර්ශය උපදියි යනුයි. එහි චක්ෂු ස්පර්ශාදිය, චක්ෂු විඤ්ඤාණාදිය සමග එක්ව යෙදේ. (සම්ප්‍රයුක්තය) මනෝ ස්පර්ශය මනෝද්වාරයේ පළමු ජවන් සිත සමග එක්ව යෙදේ. එනිසා “මනොධාතුං පටිච්ච” යනුවෙන් මනෝද්වාරා වජ්ජනය, කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නිසා ඇතිවේ යනුයි. පළමු ජවන් සිත්තේ ස්පර්ශය, එකට ගැටී උපදියි” යනු මෙහි අර්ථයයි.
දුතියං.
දෙවැනි සූත්‍රයයි.
3. නො ඵස්සනානත්තසුත්තවණ්ණනා
3. නො ඵස්සනානත්ත සූත්‍ර වර්ණනාව
තතියෙ නො මනොසම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතූති මනොද්වාරෙ පඨමජවනසම්පයුත්තං ඵස්සං පටිච්ච ආවජ්ජනකිරියාමනොවිඤ්ඤාණධාතු නො උප්පජ්ජතීති එවමත්ථො දට්ඨබ්බො.
තෙවැනි සූත්‍රයේ “නො මනො සම්ඵස්සං පටිච්ච උප්පජ්ජති මනොධාතු” යනු මනෝද්වාරයේ පළමු ජවන් සිත හා එකට යෙදීමෙන් ආවර්ජන කිරිය මනෝ විඤ්ඤාණ ධාතුව නූපදින්නේය” යනුවෙන් අර්ථ දතයුතුයි.
තතියං.
තෙවැනි සූත්‍රයයි.
4. වෙදනානානත්තසුත්තවණ්ණනා
4. වේදනා සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ චක්ඛුසම්ඵස්සජා වෙදනාති සම්පටිච්ඡනමනොධාතුතො පට්ඨාය සබ්බාපි තස්මිං ද්වාරෙ වෙදනා වත්තෙය්යුං, නිබ්බත්තිඵාසුකත්ථං පන අනන්තරං සම්පටිච්ඡනවෙදනමෙව ගහෙතුං වට්ටතීති වුත්තං. මනොසම්ඵස්සං පටිච්චාති මනොද්වාරෙ ආවජ්ජනසම්ඵස්සං පටිච්ච පඨමජවනවෙදනා, පඨමජවනසම්ඵස්සං පටිච්ච දුතියජවනවෙදනාති අයමධිප්පායො.
සිවුවන සූත්‍රයේ “චක්ඛුසම්ඵස්සජා වේදනා” යනු පිළිගන්නා වූ මනෝධාතුවේ සිට එම ද්වාරයේ හටගන්නා සියලුම වේදනාවෝ පවතිනෝය. නිෂ්පත්ති පහසුව සඳහා අනන්තර වූ මනාව පිළිගන්නා (සම්පටිච්ඡන) වේදනාවම ගැනීමට සුදුසු යැයි කියන ලදී. “මනෝ සම්ඵස්සං පටිච්ච” යනු මනෝද්වාරයෙහි ආවර්ජන ස්පර්ශය නිසා පළමු ජවන වේදනාව ද පළමු ජවන ස්පර්ශය නිසා දෙවන ජවන වේදනාවද ඇතිවේ” යන අදහසයි.
චතුත්ථං.
සිවුවන සූත්‍රයයි.
5. නොවෙදනානානත්තසුත්තවණ්ණනා
5. නොවෙදනා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ තතියචතුත්ථෙසු වුත්තනයාව එකතො කත්වා දෙසිතාති. ඉති දුතියාදීසු චතූසු සුත්තෙසු මනොධාතුං මනොධාතූති අගහෙත්වා මනොද්වාරාවජ්ජනං මනොධාතූති ගහිතං. සබ්බානි චෙතානි තථා තථා කථිතෙ බුජ්ඣනකානං අජ්ඣාසයෙන දෙසිතානි. ඉතො පරෙසුපි එසෙව නයො.
පස්වන සූත්‍රයේ - තෙවන, සිවුවන සූත්‍රවල කියන ලද ක්‍රමයෙන් එක්කර දෙසන ලදී. මෙසේ දෙවැනි සූත්‍රයේ එන සූත්‍ර සතරෙහි මනෝ ධාතුව, “මනෝධාතු” ලෙස නො ගෙන මනෝ ද්වාරා වජ්ජනය ම “මනෝ ධාතුව” යැයි ගන්නා ලදී. මේ සියලුම සූත්‍ර දේශනා ඒ ඒ අයුරින් දේශනා කරනවිට, අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදී. මෙහි සෙසු පදයන්ගේ අර්ථ ද මේ ක්‍රමයෙන් දතයුතුයි.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. බාහිරධාතුනානත්තසුත්තවණ්ණනා
6. බාහිරධාතුනානත්ත සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පන පඤ්ච ධාතුයො කාමාවචරා, ධම්මධාතු චතුභූමිකාති.
සයවන සූත්‍රයේ - මෙහි විස්තර වන මුල් ධාතු පස කාමාවචර වේ. සයවන “ධර්ම ධාතුව” සිවු භූමික වේ.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. පරියෙසනානත්තසුත්තවණ්ණනා
7. පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
සත්තමෙ රූපධාතූති ආපාථෙ පතිතං අත්තනො වා පරස්ස වා සාටකවෙඨනාදිවත්ථුකං රූපාරම්මණං. රූපසඤ්ඤාති චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තා සඤ්ඤා. රූපසඞ්කප්පොති සම්පටිච්ඡනාදීහි තීහි චිත්තෙහි සම්පයුත්තො සඞ්කප්පො. රූපච්ඡන්දොති රූපෙ ඡන්දිකතට්ඨෙන ඡන්දො. රූපපරිළාහොති රූපෙ අනුඩහනට්ඨෙන පරිළාහො. රූපපරියෙසනාති පරිළාහෙ උප්පන්නෙ සන්දිට්ඨසම්භත්තෙ ගහෙත්වා තස්ස රූපස්ස පටිලාභත්ථාය පරියෙසනා. එත්ථ ච සඤ්ඤාසඞ්කප්පඡන්දා එකජවනවාරෙපි නානාජවනවාරෙපි ලබ්භන්ති, පරිළාහපරියෙසනා පන නානාජවනවාරෙයෙව ලබ්භන්තීති. එවං ඛො, භික්ඛවෙ, ධාතුනානත්තන්ති එත්ථ ච එවං රූපාදිනානාසභාවං ධාතුං පටිච්ච රූපසඤ්ඤාදිනානාසභාවසඤ්ඤා උප්පජ්ජතීති ඉමිනා නයෙන අත්ථො වෙදිතබ්බො.
සත්වන සූත්‍රයේ “රූපධාතු” යනු ඉදිරියේ සිටි තමාගේ හෝ අනුන්ගේ සලුවලින් වෙලීම් ආදී වස්තුක වූ රූපාරම්මණය. “රූප සඤ්ඤා” යනු චක්ෂු විඤ්ඤාණය සම්ප්‍රයුක්ත වූ (එක්ව යෙදුණු) සංඥාව. “රූප සංකප්පො” යනු පිළිගැනීම් ආදී ත්‍රිවිධ සම්ප්‍රයුක්ත සංකල්පයෝය. “රූපඡන්දො” යනු රූපයෙහි කැමැත්ත කරන ලද අර්ථයෙන් ඡන්දයයි. “රූප පරිළාහො” යනු රූපයේ දැවීම් තැවීම් අරුතින් පිරිතැවීමයි. “රූප පරියෙසනා” යනු පිරිතැවීමක් (දාහයක්) උපන් කල්හි ඉදිරියේ සම්මුඛ වූ දෙය රැගෙන රූපයේ ලැබීම පිණිස කරන පරීක්ෂණයයි. මෙහිද - සංඥා, සංකප්ප, ඡන්දාදිය එක් ජවන් වාරයකද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබෙත්. පිරිතැවීම් පර්යේෂණය (සෙවීම) වනාහී නානාවිධ ජවන් වාරයන්හිම ලැබෙත්. “එවං ඛො භිකඛවේ! ධාතුනානත්තං” - මෙහිද “මෙසේ රූපාදී නානා ස්වභාව ඇති ධාතූන් නිසා රූප සංඥාදී නොයෙක් ස්වභාව ඇති සංඥාවෝ උපදියි.” මේ ක්‍රමයෙන් අර්ථ දැකිය යුතුයි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. නොපරියෙසනානානත්තසුත්තවණ්ණනා
8. නො පරියෙසනානානත්ත සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ නො ධම්මපරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහොති එවං ආගතං පටිසෙධමත්තමෙව නානං.
අටවන සූත්‍රයේ “නො ධම්ම පරියෙසනං පටිච්ච උප්පජ්ජති ධම්ම පරිළාහො” යනු මෙසේ පැමිණි නානාවිධ වූ ප්‍රතිෂ්ප කිරීම් පමණක්ම ය.
අට්ඨමං.
අටවන සූත්‍රයයි.
9. ලාභනානත්තසුත්තවණ්ණනා
9. ලාභනානත්ත සූත්‍ර වර්ණනාව
නවමෙ උප්පජ්ජති රූපසඤ්ඤාති වුත්තප්පකාරෙ ආරම්මණෙ උප්පජ්ජති සඤ්ඤා. රූපසඞ්කප්පොති තස්මිංයෙව ආරම්මණෙ තීහි චිත්තෙහි සම්පයුත්තසඞ්කප්පො. රූපසම්ඵස්සොති තදෙවාරම්මණං ඵුසමානො ඵස්සො. වෙදනාති තදෙව ආරම්මණං අනුභවමානා වෙදනා. ඡන්දාදයො වුත්තනයාව. රූපලාභොති පරියෙසිත්වා ලද්ධං සහ තණ්හාය ආරම්මණං “රූපලාභො”ති වුත්තං. අයං තාව සබ්බසඞ්ගාහිකනයො එකස්මිං යෙවාරම්මණෙ සබ්බධම්මානං උප්පත්තිවසෙන වුත්තො. අපරො ආගන්තුකාරම්මණමිස්සකො හොති – රූපසඤ්ඤා රූපසඞ්කප්පො ඵස්සො වෙදනාති ඉමෙ තාව චත්තාරො ධම්මා ධුවපරිභොගෙ නිබද්ධාරම්මණෙ හොන්ති. නිබද්ධාරම්මණඤ්හි ඉට්ඨං කන්තං මනාපං පියං යංකිඤ්චි විය උපට්ඨාති, ආගන්තුකාරම්මණං පන යංකිඤ්චි සමානම්පි ඛොභෙත්වා තිට්ඨති.
නවවන සූත්‍රයේ - “උප්පජ්ජති රූපසඤ්ඤා” යනු කියන ලද ක්‍රමයෙන් අරමුණෙහි සංඥාව උපදියි යනුයි. “රූප සංකප්පො” යනු ඒ අරමුණෙහි ත්රිවිධවිධ චිත්තයන් සමග එක්ව යෙදුණා වූ සංකල්පනාවයි. “රූප සම්ඵස්සො” යනු ඒ අරමුණ ම ස්පර්ශ කරන ඵස්සයයි. “වේදනා” යනු ඒ අරමුණම විඳින වේදනාව යි. ඡන්දාදියෙහි කියන ලද ක්‍රමයමයි. “රුපලාභො” යනු පර්යේෂණය කර ලැබූ තණ්හා සහිත අරමුණ “රූප ලාභය” යැයි කියන ලදී. මෙය වනාහී සියලු සංග්‍රහ කිරීම් නය වශයෙන් එකම අරමුණක සියලු ධර්මයන්ගේ ඉපදීම් වශයෙන් කියන ලදී. අනික් ආගන්තුක ආරම්මණ මිශ්‍ර වූයේ වේ. රූප සංඥාව, රූප සංකල්පය, ස්පර්ශය, වේදනාව යන මේ සතර ධර්ම ස්ථිර පරිභෝගයෙහි නිබද්ධාරම්මණයෙහි පවතියි. නිබද්ධාරම්මණය වනාහී කිසියම් වූ මනෝඥ, සිත අලවන, ප්‍රියමනාප වූ දෙයක් මෙන් එළඹ සිටියි. ආගන්තුක අරමුණ වනාහී යම්කිසි සමාන වූවක් ඇත්තේද එය කළඹා සිටියි. එහි මේ නිදසුන් කථාවයි.
තත්රිදං වත්ථු – එකො කිර අමච්චපුත්තො ගාමියෙහි පරිවාරිතො ගාමමජ්ඣෙ ඨත්වා කම්මං කරොති. තස්මිඤ්චස්ස සමයෙ උපාසිකා නදිං ගන්ත්වා න්හත්වා අලඞ්කතපටියත්තා ධාතිගණපරිවුතා ගෙහං ගච්ඡති. සො දූරතො දිස්වා “ආගන්තුකමාතුගාමො භවිස්සතී”ති සඤ්ඤං උප්පාදෙත්වා “ගච්ඡ, භණෙ ජානාහි, කා එසා”ති පුරිසං පෙසෙසි. සො ගන්ත්වා තං දිස්වා පච්චාගතො, “කා එසා”ති පුට්ඨො යථාසභාවං ආරොචෙසි. එවං ආගන්තුකාරම්මණං ඛොභෙති. තස්මිං උප්පන්නො ඡන්දො රූපඡන්දො නාම, තදෙව ආරම්මණං කත්වා උප්පන්නො පරිළාහො රූපපරිළාහො නාම, සහායෙ ගණ්හිත්වා තස්ස පරියෙසනං රූපපරියෙසනා නාම, පරියෙසිත්වා ලද්ධං සහ තණ්හාය ආරම්මණං රූපලාභො නාම.
එක්තරා ඇමති පුතෙක් ගැමියන් විසින් පිරිවරාගෙන ගම මැද සිට වැඩකටයුතු සිදුකරයි. එසමයේ උවැසියක් ගගට ගොස් නා, අලංකාරව සැරසී කිරිමවු සමූහයා විසින් පිරිවරාගත්තේ තම ගෙදරට යමින් සිටියාය. ඈ දුරදීම එනුදුටු ඇමති පුතා, “මැය” ආගන්තුක ස්ත්‍රියක් වන්නීය”යි සිතා “කොල! යව. මැය කවුදැයි දැනගෙන එව!”යි පුරුෂයකු යැවීය. ඒ පුරුෂයා ඈ වෙත ගොස් පසුපස යමින් පරිවාර ස්ත්‍රීන් මගින් “ඇය කොහේ ද?” යි අසා දැනගෙන තත්වූ පරිදි සියලු තොරතුරු ඇමති පුතුට දැන්වූයේය. මෙලෙසින්ම ආගන්තුක අරමුණ සිතේ කැළඹීම් ඇතිකරයි. එහි උපන් ඡන්දය “රූපඡන්ද” නම් වේ. එයම අරමුණු කර උපන් දාහය පිරිතැවීම “රූප පරිළාහ” නම් වේ. එව ගොස් එය සෙවීම “රූපපරියෙසනා” නම් වේ. පර්යේෂණය කර ලබන ලද තණ්හා සහිත අරමුණ “රූපලාභ” නම් වේ.
උරුවල්ලියවාසී චූළතිස්සත්ථෙරො පනාහ – “කිඤ්චාපි භගවතා ඵස්සවෙදනා පාළියා මජ්ඣෙ ගහිතා, පාළිං පන පරිවට්ටෙත්වා වුත්තප්පකාරෙ ආරම්මණෙ උප්පන්නා සඤ්ඤා රූපසඤ්ඤා, තස්මිංයෙව සඞ්කප්පො රූපසඞ්කප්පො තස්මිං ඡන්දො රූපච්ඡන්දො, තස්මිං පරිළාහො රූපපරිළාහො, තස්මිං පරියෙසනා රූපපරියෙසනා, පරියෙසිත්වා ලද්ධං සහ තණ්හාය ආරම්මණං රූපලාභො. එවං ලද්ධාරම්මණෙ පන ඵුසනං ඵස්සො, අනුභවනං වෙදනා. රූපසම්ඵස්සො රූපසම්ඵස්සජා වෙදනාති ඉදං ද්වයං ලබ්භතී”ති.
උරුවෙලාවාසී චූළතිස්ස තෙරුන්වහන්සේ මෙසේ පවසයි. ත්‍රිපිටක පාළියෙහි ස්පර්ශ වේදනාවෝ, මධ්‍යයෙහි ගන්නා නමුත්, පාළියෙහි පිරිවහා කියන ලද පරිදි අරමුණේ උපදින සංඥාව රූප සංඥාවයි. එහිම උපදින සංකල්පය රූප සංකල්පයයි. එහි උපදින ඡන්දය රූප ඡන්දයයි. එහි ඇතිවන දාහය, “රූප පරිළාහ” යයි. එහි සෙවීම “රූප පර්යේෂණය”යි. සෙවීමෙන් ලබන තණ්හා සහිත අරමුණ “රූපලාභය”යැයි. මෙසේ ලබන ලද අරමුණෙහි ගැටීම ස්පර්ශයයි. විදීම වේදනාවයි. රූප ස්පර්ශය හා රූප ස්පර්ශයෙන් හටගත් වේදනාව යැයි යනුවෙන් මෙසේ දෙකක් ලැබේ” යනුවෙනි.
අපරම්පි අවිභූතවාරං නාම ගණ්හන්ති. ආරම්මණඤ්හි සාණිපාකාරෙහි වා පරික්ඛිත්තං තිණපණ්ණාදීහි වා පටිච්ඡන්නං හොති, තං “උපඩ්ඪං දිට්ඨං මෙ ආරම්මණං, සුට්ඨු නං පස්සිස්සාමී”ති ඔලොකයතො තස්මිං ආරම්මණෙ උප්පන්නා සඤ්ඤා රූපසඤ්ඤා නාම. තස්මිංයෙව උප්පන්නා සඞ්කප්පාදයො රූපසඞ්කප්පාදයො නාමාති වෙදිතබ්බා. එත්ථාපි ච සඤ්ඤාසඞ්කප්පඵස්සවෙදනාඡන්දා එකජවනවාරෙපි නානාජවනවාරෙපි ලබ්භන්ති, පරිළාහපරියෙසනාලාභා නානාජවනවාරෙයෙවාති.
අන්‍යයෝ “අවිභූත වාරය” යැයි ගනිති. - අරමුණ තිරවලින් වටකරන ලද්දේ, තණපත් ආදියෙන් වසන ලද්දේ වේ. ඉන් අඩක් දකින ලද්දේ, “මම අරමුණු මැනවින් දකින්නෙමි”යි බලනුයේ, ඒ අරමුණෙහි උපන් සංඥාව “රූප සංඥා” නම් වේ. එහිම උපන් සංකල්පදිය “රූප සංකප්ප” නම් වේ යැයි දතයුතුයි. මෙපමණකින් ද සංඥා, සංකප්ප, ස්පර්ශ, වේදනා, ඡන්දාදිය එක් ජවන් වාරයක ද නානාවිධ ජවන් වාරයන්හි ද ලැබේ. පිරිතැවීම්, පර්යේෂණ ලාභයන් නානාවිධ ජවන් වාරයෙහි ම වේ.
10. නොලාභනානත්තසුත්තවණ්ණනා
10. නොලාභනානත්ත සූත්‍ර වර්ණනාව
දසමං උත්තානමෙවාති.
දසවන සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය.
නානත්තවග්ගො පඨමො.
පළමුවන නානත්ත වග්ගයයි.