නොලාභනානත‍්තසුත‍්තං
2. 1. 10.
2. 1. 10.
නොලාභනානත‍්තසුත‍්තං
නොලාභනානත්ත සූත්‍රය
234. සාවත්‍ථියං–
234. සැවැත්නුවර–
ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. ඵස‍්ස -පෙ- වෙදනා -පෙ- ඡන්‍ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනානානත‍්තං. පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ලාභනානත‍්තං. නො ලාභනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං. නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. නො පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති -පෙ- ඡන්‍ද -පෙ- වෙදනා -පෙ- ඵස‍්ස -පෙ- සංකප‍්ප -පෙ- සඤ‍්ඤානානත‍්තං -පෙ- නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. ස්පර්‍ශ ... වේදනා ... ඡන්‍ද ... පරිදාහ ... පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානත්‍වය නිසා ඡන්‍ද වේදනා ස්පර්‍ශ සංකල්ප සංඥානානාත්‍වය …. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී.
කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? රූපධාතු -පෙ- ධම‍්මධාතු, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, ධාතුනානත‍්තං.
මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං -පෙ- ඵස‍්ස -පෙ- වෙදනා -පෙ- ඡන්‍ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනා -පෙ- ලාභ -පෙ- නො ලාභනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං, නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානානත‍්තං -පෙ- ඡන්‍ද -පෙ- වෙදනා -පෙ- ඵස‍්ස -පෙ- නො සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තං?
මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී ද , ස්පර්‍ශ … වේදනා … ඡන්‍ද….පරිදාහ … පර්‍ය්‍යෙෂණා ලාභ ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී ද, පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී ද, ඡන්‍ද … වේදනා … ස්පර්‍ශ … සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී ද, සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී ද?
රූපධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසඤ‍්ඤා -පෙ- සද‍්දධාතුං -පෙ- ගන්‍ධධාතුං -පෙ- රසධාතුං -පෙ- ඵොට‍්ඨබ‍්බධාතුං -පෙ- ධම‍්මධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච -පෙ- උප‍්පජ‍්ජති ධම‍්මපරියෙසනා. ධම‍්මපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මලාභො. නො ධම‍්මලාභං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරියෙසනා. නො ධම‍්මපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරිළාහො. නො ධම‍්මපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මච‍්ඡන්‍දො. නො ධම‍්මච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසම‍්ඵස‍්සජා වෙදනා, නො ධම‍්මසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසම‍්ඵස‍්සො, නො ධම‍්මසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසංකප‍්පො. නො ධම‍්මසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. නො ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මධාතු.
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී … සද්දධාතුව … ගන්‍ධධාතුව රසධාතුව ... ඵොට්ඨබ්බධාතුව… මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා … ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මලාභය උපදී. ධර්‍මලාභය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව නූපදී. ධර්‍මපර්‍ය්‍යෙෂණාව නිසා ධර්‍මපරිදාහය නූපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මච්ඡන්‍දය නූපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නූපදී. ධර්‍මස්පර්‍ශයෙන් හටගත් වේදනාව නිසා ධර්‍මස්පර්‍ශය නූපදී. ධර්‍මස්පර්‍ශය නිසා ධර්‍මසඞ්කල්පය නූපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධම්සංඥාව නූපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මධාතුව නූපදී.
එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච -පෙ- සංකප‍්ප -පෙ- ඵස‍්ස -පෙ- වෙදනා -පෙ- ඡන්‍ද -පෙ- පරිළාහ -පෙ- පරියෙසනා -පෙ- ලාභ -පෙ- නො ලාභනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං. නො පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. නො පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. නො ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං. නො වෙදනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. නො ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. නො සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. නො සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ධාතුනානත‍්තන‍්ති.
මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්ප ස්පර්‍ශ … වේදනා …ඡන්‍ද ... පරිදාහ …පර්‍ය්‍යෙෂණා… ලාභ …ලාභනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය නූපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය නූපදී. පරිදාහනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය නූපදී. ඡන්‍දනානාත්‍වය නිසා වේදනානානාත්‍වය නූපදී. වේදනානානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය නූපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය නූපදී. සඞ්කල්පනානාත්‍වය නිසා සංඥානානාත්‍වය නූපදී. සංඥානානාත්‍වය නිසා ධාතුනානාත්‍වය නූපදී යි.
නානත‍්තවග‍්ගො පඨමො.
නානත්තවර්‍ගය පළමුවැනි යි.
තත්‍රුද‍්දානං:
එහි උද්දානය :
ධාතුසම‍්ඵස‍්සං නො චෙතං වෙදනා අපරෙ දුවෙ, එතං අජ‍්ඣත‍්තපඤ‍්චකං ධාතුසඤ‍්ඤා ච නො චෙතං, ඵස‍්සෙන අපරෙ දුවෙ එතං බාහිරපඤ‍්චකන‍්ති.
ධාතු, සම්ඵස්ස, නොසම්ඵස්ස, වේදනා, නොවේදනා යි මේ අජ්ඣත්ත පඤ්චකය ද, ධාතු, සඤ්ඤා, නොසඤ්ඤා, ඵස්ස, නොඵස්ස යි මේ බාහිර පඤ්චකයදෑ යි සූත්‍ර දශයෙකි යි.