යෙදුමෙන් කියවන්න

ලාභනානත‍්තසුත‍්තං

2. 1. 9.

2. 1. 9.

ලාභනානත‍්තසුත‍්තං

ලාභනානත්ත සූත්‍රය

233. සාවත්‍ථියං–

233. සැවැත්නුවර–

ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඵස‍්සනානත‍්තං. ඵස‍්සනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති වෙදනානානත‍්තං. වෙදනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං. පරියෙසනානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ලාභනානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඵස්සනානාත්‍වය උපදී. ඵස්සනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී.

කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? රූපධාතු -පෙ- ධම‍්මධාතු, ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, ධාතුනානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය … ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච -පෙ- උප‍්පජ‍්ජති ලාභනානත‍්තං?

මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා … ලාභනානාත්‍වය උපදී ද?

රූපධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසඤ‍්ඤා. රූපසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසංකප‍්පො. රූපසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසම‍්ඵස‍්සො. රූපසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසම‍්ඵස‍්සජා වෙදනා. රූපසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපච‍්ඡන්‍දො. රූපච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරියෙසනා. රූපපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපලාභො.

මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසඞ්කල්පය උපදී. රූපසඞ්කල්පය නිසා රූපසම්ඵස්සය උපදී. රූපසම්ඵස්සය නිසා රූපසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. රූපසම්ඵස්සයෙන් හටගත් වේදනා නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. රූපපර්‍ය්‍යෙෂණාව නිසා රූපලාභය උපදී.

සද‍්දධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච -පෙ- ධම‍්මධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසංකප‍්පො. ධම‍්මසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසම‍්ඵස‍්සො. ධම‍්මසම‍්ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසම‍්ඵස‍්සජා වෙදනා. ධම‍්මසම‍්ඵස‍්සජං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මච‍්ඡන්‍දො. ධම‍්මච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරිළාහො. ධම‍්මපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරියෙසනා. ධම‍්මපරියෙසනං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මලාභො.

මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධම්මධාතුව නිසා ධම්මසඤ්ඤාව උපදී. ධම්මසඤ්ඤාව නිසා ධම්මසඞ්කප්පය උපදී. ධම්මසඞ්කප්පය නිසා ධම්මසම්ඵස්සය උපදී. ධම්මසම්ඵස්සය නිසා ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව උපදී. ධම්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා ධම්මච්ඡන්‍දය උපදී. ධම්මච්ඡන්‍දය නිසා ධම්මපරිළාහය උපදී. ධම්මපරිළාහය නිසා ධම්මපරියේසනාව උපදී. ධම්මපරියේසනාව නිසා ධම්මලාභය උපදී.

එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච -පෙ- උප‍්පජ‍්ජති ලාභනානත‍්තන‍්ති.

මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා .. ලාභනානාත්‍වය උපදී යි.