සත්තධාතුසුත්තං
2. 2. 1.
2. 2. 1.
සත්තධාතුසුත්තං
සත්තධාතු සූත්‍රය
235. සාවත්ථියං–
235. සැවැත්නුවර–
සත්තිමා භික්ඛවෙ, ධාතුයො. කතමා සත්ත? ආභාධාතු, සුභධාතු, ආකාසානඤ්චායතනධාතු, විඤ්ඤාණඤ්චායතනධාතු, ආකිඤ්චඤ්ඤායතනධාතු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු. ඉමා ඛො භික්ඛවෙ, සත්තධාතුයොති.
මහණෙනි, මේ ධාතූහු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්: ආලෝකධාතු ය, සුභධාතු ය, ආකාසානඤ්චායතනධාතු ය, විඤ්ඤාණඤ්චායතනධාතු ය, ආකිඤ්චඤ්ඤායතනධාතු ය, නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු ය, සඤ්ඤාවේදයිතනිරෝධ ධාතු යි. මහණෙනි, මොහු සප්තධාතූහු වෙති යි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: යාචායං භන්තෙ, ආභාධාතු, යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, යා ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, යා ච සඤ්ඤාවෙදයිතනිරොධධාතු, ඉමා නු ඛො භන්තෙ, ධාතුයො කිං පටිච්ච පඤ්ඤායන්තීති?
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවේදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කුමක් නිසා පැණෙද්ද?
යායං භික්ඛු, ආභාධාතු, අයං ධාතු අන්ධකාරං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, සුභධාතු, අයං ධාතු අසුභං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, ආකාසානඤ්චායතනධාතු, අයං ධාතු රූපං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, විඤ්ඤාණඤ්චායතනධාතු, අයං ධාතු ආකාසානඤ්චායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, ආකිඤ්චඤ්ඤායතනධාතු, අයං ධාතු විඤ්ඤාණඤ්චායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, අයං ධාතු ආකිඤ්චඤ්ඤායතනං පටිච්ච පඤ්ඤායති. යායං භික්ඛු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු, අයං ධාතු නිරොධං පටිච්ච පඤ්ඤායතීති.
මහණ, යම් මේ ආලෝකධාතුවක් වේ ද, මේ ධාතුව අඳුර නිසා පැණේ. මහණ, යම් මේ සුභධාතුවක් වේ ද, මේ ධාතුව අසුභය නිසා පැණේ. මහණ, යම් මේ ආකාසානඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව රූපය නිසා පැණේ. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා පැණේ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවක් වේ ද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා පැණේ. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව (නාමස්කන්ධ) නිරෝධය නිසා පැණේ යි.
යා චායං භන්තෙ, ආභාධාතු යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, යා ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, යා ච සඤ්ඤාවෙදයිතනිරොධධාතු, ඉමා නු ඛො භන්තෙ, ධාතුයො කථං සමාපත්ති පත්තබ්බාති?
වහන්ස, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් යම් නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවකුත් යම් සඤ්ඤාවෙදයිතනිරෝධධාතුවකුත් වේ ද, වහන්ස, මේ ධාතූහු කෙබඳු පමාපත්ති නම් ව පැමිණිය යුත්තෝ වෙද්ද?
යා චායං භික්ඛු, ආභාධාතු, යා ච සුභධාතු, යා ච ආකාසානඤ්චායතනධාතු, යා ච විඤ්ඤාණඤ්චායතනධාතු, යා ච ආකිඤ්චඤ්ඤායතනධාතු, ඉමා ධාතුයො සඤ්ඤාසමාපත්ති පත්තබ්බා. යායං භික්ඛු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, අයං ධාතු සංඛාරාවසෙසා සමාපත්ති පත්තබ්බා. යායං භික්ඛු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු, අයං ධාතු නිරොධසමාපත්ති පත්තබ්බාති.
මහණ, යම් මේ ආලෝකධාතුවකුත් යම් සුභධාතුවකුත් යම් ආකාසානඤ්චායතනධාතුවකුත් යම් විඤ්ඤාණඤ්චායතනධාතුවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතූහු සංඥාසමාපත්ති නම් ව පැමිණිය යුත්තා හ. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනධාතුවකුත් වේ ද, මේ ධාතුව සංස්කාරාවශේෂසමාපත්ති නම් ව පැමිණිය යුත්තී ය. මහණ, යම් මේ සඤ්ඤාවේදයිතනිරෝධධාතුවක් වේ ද, මේ ධාතුව නිරෝධසමාපත්ති නම් ව පැමිණිය යුත්තී යි.