යෙදුමෙන් කියවන්න

2. සත‍්තධාතුවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. සත්තධාතු වර්ගය

1. සත‍්තධාතුසුත‍්තවණ‍්ණනා

1. සත්තධාතු සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ ආභාධාතූති ආලොකධාතු. ආලොකස‍්සපි ආලොකකසිණෙ පරිකම‍්මං කත්‍වා උප‍්පන‍්නජ‍්ඣානස‍්සාපීති සහාරම‍්මණස‍්ස ඣානස‍්ස එතං නාමං. සුභධාතූති සුභකසිණෙ උප‍්පන‍්නජ‍්ඣානවසෙන සහාරම‍්මණජ‍්ඣානමෙව. ආකාසානඤ‍්චායතනමෙව ආකාසානඤ‍්චායතනධාතු. සඤ‍්ඤාවෙදයිතනිරොධොව සඤ‍්ඤාවෙදයිතනිරොධධාතු. ඉති භගවා අනුසන්‍ධිකුසලස‍්ස භික‍්ඛුනො තත්‍ථ නිසීදිත්‍වා පඤ‍්හං පුච‍්ඡිතුකාමස‍්ස ඔකාසං දෙන‍්තො දෙසනං නිට‍්ඨාපෙසි.

දෙවැනි වර්ගයේ පළමු සූත්‍රයේ “ආභාධාතු” යනු ආලෝක ධාතුවයි. ආලෝකයෙහි ද ආලෝක කසිණයේ පරිකර්ම කොට උපන් ධ්‍යානයාගේ ප්‍රීතිය, අරමුණ සහිත ධ්‍යානයට මේ නම යෙදේ. “සුභා ධාතු” යනු සුභ කසිණයේ උපන් ධ්‍යාන වශයෙනි. අරමුණු සහිත ධ්‍යානයමයි. ආකාසානඤ්චායතනය ම “ආකාසානඤ්චායත ධාතු” නම් වේ. සංඥා වේදයිත නිරෝධයම “සඤ්ඤා වෙදයිත නිරෝධ ධාතු” නම් වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගැලපීමෙහි දක්‍ෂ වූ භික්ෂුව, එහි හිඳ ප්‍රශ්න විචාරනු කැමැත්තාට අවසර දෙන සේක් දේශනාව නැවැත්වූ සේක.

අන්‍ධකාරං පටිච‍්චාති අන්‍ධකාරො හි ආලොකෙන පරිච‍්ඡින‍්නො, ආලොකොපි අන්‍ධකාරෙන. අන්‍ධකාරෙන හි සො පාකටො හොති. තස‍්මා “අන්‍ධකාරං පටිච‍්ච පඤ‍්ඤායතී”ති ආහ. අසුභං පටිච‍්චාති එත්‍ථාපි එසෙව නයො. අසුභඤ‍්හි සුභෙන, සුභඤ‍්ච අසුභෙන පරිච‍්ඡින‍්නං, අසුභෙ සති සුභං පඤ‍්ඤායති, තස‍්මා එවමාහ. රූපං පටිච‍්චාති රූපාවචරසමාපත‍්තිං පටිච‍්ච. රූපාවචරසමාපත‍්තියා හි සති ආකාසානඤ‍්චායතනසමාපත‍්ති නාම හොති රූපසමතික‍්කමො වා, තස‍්මා එවමාහ. විඤ‍්ඤාණඤ‍්චායතනධාතුආදීසුපි එසෙව නයො. නිරොධං පටිච‍්චාති චතුන‍්නං ඛන්‍ධානං පටිසඞ‍්ඛාඅප‍්පවත‍්තිං පටිච‍්ච. ඛන්‍ධනිරොධඤ‍්හි පටිච‍්ච නිරොධසමාපත‍්ති නාම පඤ‍්ඤායති, න ඛන්‍ධපවත‍්තිං, තස‍්මා එවමාහ. එත්‍ථ ච චතුන‍්නං ඛන්‍ධානං නිරොධොව නිරොධසමාපත‍්තීති වෙදිතබ‍්බො.

“අන්ධකාරං පටිච්ච” යනු අන්ධකාරයමයි. ආලෝකයෙන් වැසුණු, ආලෝකය ද අන්ධකාරය නිසා ඇතිවේ. අන්ධකාරයෙන්ම ආලෝකය ප්‍රකට වේ. එනිසා “අඳුර නිසා ප්‍රකට වේ. පැහැදිළි වේ”යැයි කියන ලදී. “අසුභං පටිච්ච” යන මෙහිද මේ ක්‍රමයම යෙදේ. අසුභය සුභයෙන් ද සුභය අසුභයෙන් ද වැසුණේ වේ. අසුභය ඇති කල්හි සුභය ප්‍රකට වේ. එනිසා මෙසේ දෙසූහ. “රූපං පටිච්ච” යනු රූපාවචර සමාපත්තිය නිසාය. රූපාවචර සමාපත්තිය ඇති කල්හි. එය ආකාසානඤ්චායතන සමාපත්ති නම් වේ. රූපය ඉක්මවීම හෝ සිදුවේ. එනිසා මෙසේ වදාළහ. “විඤ්ඤාණධාතු” ආදියෙහි ද මේ ක්‍රමයයි. “නිරොධං පටිචච” යනු සතර ස්කන්ධයන්ගේ නැවත සැකසීමක් සිදුනොවන හෙයින්. ස්කන්ධ නිරෝධය නිසා “නිරෝධ සමාපත්තිය” ප්‍රකට වේ. ස්කන්ධයාගේ පැවතීමෙන් එය ප්‍රකට නොවේ. එනිසා මෙසේ වදාළහ. මෙහි ද සිවු ස්කන්ධයන්ගේ නිරෝධයම “නිරෝධ සමාපත්තිය” වේයැයි දතයුතුයි.

කථං සමාපත‍්ති පත‍්තබ‍්බාති කථං සමාපත‍්තියො කීදිසා සමාපත‍්තියො නාම හුත්‍වා පත‍්තබ‍්බාති? සඤ‍්ඤාසමාපත‍්ති පත‍්තබ‍්බාති සඤ‍්ඤාය අත්‍ථිභාවෙන සඤ‍්ඤාසමාපත‍්තියො සඤ‍්ඤාසමාපත‍්තියො නාම හුත්‍වා පත‍්තබ‍්බා. සඞ‍්ඛාරාවසෙසසමාපත‍්ති පත‍්තබ‍්බාති සුඛුමසඞ‍්ඛාරානං අවසිට‍්ඨතාය සඞ‍්ඛාරාවසෙසසමාපත‍්ති නාම හුත්‍වා පත‍්තබ‍්බා. නිරොධසමාපත‍්ති පත‍්තබ‍්බාති නිරොධොව නිරොධසමාපත‍්ති නිරොධසමාපත‍්ති නාම හුත්‍වා පත‍්තබ‍්බාති අත්‍ථො.

“කථං සමාපත්ති පත්තබ්බා” යනු කවරාකාර සමාපත්තියකට, කවර සමවතකට පැමිණිය යුතු ද? “සඤ්ඤා සමාපත්ති පත්තබබා” යනු සංඥාව ඇති බැවින් “සංඥා සමාපත්තිය” නම් වී පැමිණිය යුතුයි. “සංඛාරාවසෙසා සමාපත්ති පත්තබබා” යනු සූක්‍ෂම සංස්කාරයන් ඉතිරිවන බැවින් සංඛාරාවශේෂ සමාපත්ති නම් වී පැමිණිය යුතුයි. “නිරෝධ සමාපත්ති පත්තබ්බා” යනු “නිරෝධයම නිරෝධ සමාපත්තියයි. නිරෝධ සමාපත්ති නම් වී පැමිණිය යුතුයි” යන අර්ථයි.

පඨමං.

පළමුවැනි සූත්‍රයයි.

2. සනිදානසුත‍්තවණ‍්ණනා

2. සනිදාන සූත්‍ර වර්ණනාව

දුතියෙ සනිදානන‍්ති භාවනපුංසකමෙතං, සනිදානො සපච‍්චයො හුත්‍වා උප‍්පජ‍්ජතීති අත්‍ථො. කාමධාතුං, භික‍්ඛවෙ, පටිච‍්චාති එත්‍ථ කාමවිතක‍්කොපි කාමධාතු කාමාවචරධම‍්මාපි, විසෙසතො සබ‍්බාකුසලම‍්පි. යථාහ –

දෙවැනි සූත්‍රයේ “සනිදානං” යනු භාව නපුංසක ලිංග වචනයකි. සනිදාන යනු “ප්‍රත්‍ය සහිත වී උපදියි” යන අර්ථයි. “කාමධාතුං භික්ඛවේ! පටිච්ච” යන මෙහි කාම විතර්කය ද කාමාවචර ධර්මද විශේෂයෙන් සියලු කුසල් ද ‘කාමධාතු’ නම් වේ. එනිසා මෙසේ කියන ලදී.

“තත්‍ථ කතමා කාමධාතු? කාමපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා බ්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති කාමධාතු. හෙට‍්ඨතො අවීචිනිරයං පරියන‍්තං කරිත්‍වා උපරිතො පරනිම‍්මිතවසවත‍්තී දෙවෙ අන‍්තොකරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා ඛන්‍ධධාතුආයතනා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, අයං වුච‍්චති කාමධාතු. සබ‍්බෙපි අකුසලා ධම‍්මා කාමධාතූ”ති (විභ· 182).

“එහි කාම ධාතුව නම් කවරේද? කාම ප්‍රතිසංයුක්ත වූ තර්කයක්, විතරකයක්, සංකල්පයක්, අර්පණයක්, බලවත් අර්පණයක්, අරමුණෙහි සිත පිහිටුවීමක්, මිථ්‍යා සංකල්පයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිතයක් වේද එය කාමධාතුව නම් වේ. යටින් අවීචි නිරයේ පටන් මත්තෙහි පරනිම්මිත වසවර්තී දෙවියන් සහිත වූ මේ අතර ලෝකයන්හි බැසගෙන සිටින, මේ අතරට ඇතුලත් වන යම් ස්කන්ධධාතු, ආයතනයක් වේද; රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයක් වේද මේ සියල්ල කාමධාතුව නම් වේ. සියලු අකුසල ධර්මයෝද කාමධාතු නම් වෙති.”

එත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකා අසම‍්භින‍්නාති ද‍්වෙ කථා හොන‍්ති. කථං? කාමධාතුග‍්ගහණෙන හි බ්‍යාපාදධාතුවිහිංසාධාතුයො ගහිතා හොන‍්තීති අයං සබ‍්බසඞ‍්ගාහිකා. තාසං පන ද‍්වින‍්නං ධාතූනං විසුං ආගතත‍්තා සෙසධම‍්මා කාමධාතූති අයං අසම‍්භින‍්නකථා. අයමිධ ගහෙතබ‍්බා ඉමං කාමධාතුං ආරම‍්මණවසෙන වා සම‍්පයොගවසෙන වා පටිච‍්ච කාමසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති. කාමසඤ‍්ඤං පටිච‍්චාති කාමසඤ‍්ඤං පන සම‍්පයොගවසෙන වා උපනිස‍්සයවසෙන වා පටිච‍්ච කාමසඞ‍්කප‍්පො නාම උප‍්පජ‍්ජති. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

මෙහි සර්වසංග්‍රාහිකය හා අසම්භින්න යැයි කථා දෙකක් වේ. මෙය සර්වසංග්‍රාහිකය යි.” ඒ තුන අතුරින් ව්‍යාපාද -විහිංසා ධාතු දෙක වෙන වෙන ම පැමිණි බැවින් ඉතිරි ධර්ම “කාම ධාතු” යැයි ගැනීම අසම්භින්න කථාවයි. මේ අසම්භින්න කථාව ම මෙම සූත්‍රයේ දී අදහස් කරන ලදී. මේ කාමධාතුව අරමුණු වශයෙන් හෝ සම්ප්‍රයෝග වශයෙන් හෝ හේතුවීමෙන් කාම සංඥාව උපදියි. “කාම පටිචච” යනු කාම සංඥාව වනාහී සම්ප්‍රයෝගයෙන් හෝ උපනිශ්‍රය වශයෙන් හේතු වීමෙන් කාම සංකල්පය උපදියි. මේ ක්‍රමයෙන් සෑම පදයක ම අර්ථ දත යුතුයි.

තීහි ඨානෙහීති තීහි කාරණෙහි. මිච‍්ඡා පටිපජ‍්ජතීති අයාථාවපටිපදං අනිය්‍යානිකපටිපදං පටිපජ‍්ජති.

“තීහිඨානෙහි” යනු ත්‍රිවිධ කාරණයෙන්. “මිච්ඡා පටිපජ්ජති” යනු වැරදි වූම ප්‍රතිපදාවක්, නිවනට අයත් නොවන පිළිවෙතක් පිළිපදියි.

බ්‍යාපාදධාතුං, භික‍්ඛවෙති එත්‍ථ බ්‍යාපාදවිතක‍්කොපි බ්‍යාපාදධාතු බ්‍යාපාදොපි. යථාහ –

“බ්‍යාපාද ධාතුං භිකඛවෙ” යන මෙහි ව්‍යාපාද විතර්කය ද ව්‍යාපාදය ද “ව්‍යාපාද ධාතු” නම් වේ. එනිසා මෙය කියන ලදී.

“තත්‍ථ කතමා බ්‍යාපාදධාතු? බ්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො…පෙ… අයං වුච‍්චති බ්‍යාපාදධාතු. දසසු ආඝාතවත්‍ථූසු චිත‍්තස‍්ස ආඝාතො පටිවිරොධො කොපො පකොපො…පෙ… අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති බ්‍යාපාදධාතූ”ති (විභ· 182).

“එහි ව්‍යාපාද ධාතුව නම් කුමක්ද? ව්‍යාපාද ප්‍රතිසංයුක්ත වූ තර්කය, විතර්කය -පෙ- යන මෙය ව්‍යාපාද ධාතුවයි. දශවිධ ආඝාත (ක්‍රෝධ) වස්තුවෙහි හෝ චිත්තයෙහි ක්‍රෝධයක්, ප්‍රතිඝාතයක්, ප්‍රතිඝයක්, ප්‍රතිවිරෝධයක්, කෝපයක්, ප්‍රකෝපයක් -පෙ- නොසතුටු වූ බවෙක් වේද එය ව්‍යාපාද ධාතු නම් වේ.”

ඉමං බ්‍යාපාදධාතුං සහජාතපච‍්චයාදිවසෙන පටිච‍්ච බ්‍යාපාදසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

මේ ව්‍යාපාද ධාතුව, සහජාත ප්‍රත්‍යාදි වශයෙන් හේතු වී “ව්‍යපාද සංඥාව” උපදියි. ඉතිරි පදයන්ගේ අර්ථ මුලින් පැවසූ ලෙස දතයුතුයි.

විහිංසාධාතුං, භික‍්ඛවෙති එත්‍ථ විහිංසාවිතක‍්කොපි විහිංසාධාතු විහිංසාපි. යථාහ –

“විහිංසාධාතු භික්ඛවෙ” යන මෙහි විහිංසා විතර්කය ද විහිංසාව ද “විහිංසා ධාතු” නම් වේ. එනිසා කියන ලදී.

“තත්‍ථ කතමා විහිංසාධාතු? විහිංසාපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො…පෙ… අයං වුච‍්චති විහිංසාධාතු. ඉධෙකච‍්චො පාණිනා වා ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා රජ‍්ජුයා වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා සත‍්තෙ විහෙඨෙති. යා එවරූපා හෙඨනා විහෙඨනා හිංසනා විහිංසනා රොසනා පරූපඝාතො, අයං වුච‍්චති විහිංසාධාතූ”ති (විභ· 182).

“එහි විහිංසා ධාතුව නම් කුමක්ද? විහිංසාවෙන් යුක්ත වූ තර්කය, විතර්කය -පෙ- මෙය විහිංසා ධාතුව යැයි කියනු ලැබේ. මෙහි කෙනෙක් අතින් හෝ ගලකින් හෝ දණ්ඩකින් හෝ සැතකින් හෝ රැහැනකින් හෝ වෙනත් කිසිවකින් සතුන් නසයිද වෙහෙස කරයි ද, මෙබඳු වූ හිංසාව, රිදවීම, හිංසනය, විහිංසාව, රොස් පරොස් කීම, අනුන් නැසීම යන මේවා විහිංසා ධාතු නම් වේ.”

ඉමං විහිංසාධාතුං සහජාතපච‍්චයාදිවසෙන පටිච‍්ච විහිංසාසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති. සෙසමිධාපි පුරිමනයෙනෙව වෙදිතබ‍්බං.

මේ විහිංසා ධාතුව සහජාත ප්‍රත්‍ය වශයෙන් හේතු වී විහිංසා සංඥාව උපදියි. මෙහි ද ඉතිරි පද පෙර පරිදිම දතයුතුයි.

තිණදායෙති තිණගහනෙ අරඤ‍්ඤෙ. අනයබ්‍යසනන‍්ති අවුඩ‍්ඪිං විනාසං. එවමෙව ඛොති එත්‍ථ සුක‍්ඛතිණදායො විය ආරම‍්මණං දට‍්ඨබ‍්බං, තිණුක‍්කා විය අකුසලසඤ‍්ඤා, තිණකට‍්ඨනිස‍්සිතා පාණා විය ඉමෙ සත‍්තා. යථා සුක‍්ඛතිණදායෙ ඨපිතං තිණුක‍්කං ඛිප‍්පං වායමිත්‍වා අනිබ‍්බාපෙන‍්තස‍්ස තෙ පාණා අනයබ්‍යසනං පාපුණන‍්ති. එවමෙව යෙ සමණා වා බ්‍රාහ‍්මණා වා උප‍්පන‍්නං අකුසලසඤ‍්ඤං වික‍්ඛම‍්භනතදඞ‍්ගසමුච‍්ඡෙදප‍්පහානෙහි නප‍්පජහන‍්ති, තෙ දුක‍්ඛං විහරන‍්ති.

“තිණදායෙ” යනු තණවලින් ගහණ වූ කැළයේ ය. “අනයඛ්‍යසනං” යනු නොවැඩීමයි. විනාශයයි. “එවමෙවඛො” යන මෙහි වියලි තණ ආදිය මෙන් අරමුණ දැකිය යුතුයි. තණ සුල මෙන් අකුසල සංඥාව දතයුතුයි. තණපඳුරු ආශ්‍රිත ප්‍රාණීහු මෙන් මේ සත්ත්වයෝ දතයුතුයි. යම් සේ වියළි තණ ආදියේ තබන ලද තණහුලින් නැගි ගින්න වහා වෑයම් කර නොමනිවූයේ නම් ඒ ප්‍රාණීහු දැඩි ව්‍යසනයට පත්වෙති. මෙලෙසින්ම යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් උපන් අකුසල් සංඥාව විශ්කම්භන, තදංග ප්‍රහාණ හා සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් අත් නොහරිනුයේ මහත් වූ දුකට පත්වෙයි.

විසමගතන‍්ති රාගවිසමාදීනි අනුගතං අකුසලසඤ‍්ඤං. න ඛිප‍්පමෙව පජහතීති වික‍්ඛම‍්භනාදිවසෙන සීඝං නප‍්පජහති. න විනොදෙතීති න නීහරති. න බ්‍යන‍්තීකරොතීති භඞ‍්ගමත‍්තම‍්පි අනවසෙසෙන‍්තො න විගතන‍්තං කරොති. න අනභාවං ගමෙතීති න අනුඅභාවං ගමෙති. එවං සබ‍්බපදෙසු න – කාරො ආහරිතබ‍්බො. පාටිකඞ‍්ඛාති පාටිකඞ‍්ඛිතබ‍්බා ඉච‍්ඡිතබ‍්බා.

“විසමගතං” යනු රාගවිෂමාදිය අනුව ගිය අකුසල සංඥාව. “න ඛිප්පමෙව පජහති” යනු විෂ්කම්භනාදීය වශයෙන් වහා අත්නොහරියි යනුයි. “න විනොදෙති” යනු බැහැර නොකරයි. යනු යනුයි. “න බ්‍යන්තී කරොති” යනු බිඳුණු පමණින් ඉතිරි නොකර, ඉවත් නොකරයි යනුයි. “න අනභාවං ගමෙති” යනු සම්පූර්ණයෙන් නොපවතින බවට නොපැමිණේ යනුයි. මෙලෙස සෑම පදයකම ‘න’ කාරය (නිශේධාර්ථය) දැක්විය යුතුයි. “පාටිකංඛා” යනු බලාපොරොත්තු විය යුතුයි. කැමති විය යුතුයි යනුයි.

නෙක‍්ඛම‍්මධාතුං, භික‍්ඛවෙති එත්‍ථ නෙක‍්ඛම‍්මවිතක‍්කොපි නෙක‍්ඛම‍්මධාතු සබ‍්බෙපි කුසලා ධම‍්මා. යථාහ –

“නෙක්ඛම්ම ධාතුං භික්ඛවෙ” යන මෙහි නෙක්ඛම්ම විතර්කය ද සියලු කුසල දහම් හු ද “නෙක්ඛම්ම ධාතු” නම් වේ. එනිසා කියන ලදී.

“තත්‍ථ කතමා නෙක‍්ඛම‍්මධාතු? නෙක‍්ඛම‍්මපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො…පෙ… සම‍්මාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති නෙක‍්ඛම‍්මධාතූ”ති (විභ· 182).

“එහි නෙක්ඛම්ම ධාතුව නම් කුමක්ද? නෛෂ්ක්‍රම්‍යයෙන් යුක්ත වූ තර්කය, විතර්කය -පෙ- යහපත් කල්පනාව යනාදිය නෛෂ්ක්‍රම්‍ය ධාතුව නම් වේ.”

ඉධාපි දුවිධා කථා. නෙක‍්ඛම‍්මධාතුග‍්ගහණෙන හි ඉතරාපි ද‍්වෙ ධාතුයො ගහණං ගච‍්ඡන‍්ති කුසලධම‍්මපරියාපන‍්නත‍්තා, අයං සබ‍්බසඞ‍්ගාහිකා. තා පන ධාතුයො විසුං දීපෙතබ‍්බාති තා ඨපෙත්‍වා සෙසා සබ‍්බකුසලා නෙක‍්ඛම‍්මධාතූති අයං අසම‍්භින‍්නා. ඉමං නෙක‍්ඛම‍්මධාතුං සහජාතාදිපච‍්චයවසෙන පටිච‍්ච නෙක‍්ඛම‍්මසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති. සඤ‍්ඤාදීනි පටිච‍්ච විතක‍්කාදයො යථානුරූපං.

මෙහිද කථා (විස්තර ක්‍රම) දෙකකි. නෛෂ්ක්‍රම්‍ය ධාතුව ගැනීමේදී සෙසු ධාතු දෙක ද අදහස් කරන ලද්දේ වේ. කුශලධර්ම පර්යාපන්න වූ බැවින් මෙය සර්ව සංග්‍රාහික නම් වේ. ඒ ධාතුහු වෙන වෙන ම දැක්විය යුතුයැයි සෙසු ධාතූහු තබා ඉතිරි වූ සෙසු සියලු කුසල් නෙක්ඛම්ම ධාතුව යැයි ගතයුතුයි. මෙය අසම්භින්න කථාවයි. මේ නෙක්ඛම්ම ධාතුව සහජාත ප්‍රත්‍ය වශයෙන් උපකාරී වී “නෙක්ඛම්ම සංඥාව” උපදියි. සංඥා ආදිය නිසා විතර්කාදිය සුදුසු පරිදි ඇතිවේ.

අබ්‍යාපාදධාතුං, භික‍්ඛවෙති එත්‍ථ අබ්‍යාපාදවිතක‍්කොපි අබ්‍යාපාදධාතු අබ්‍යාපාදොපි. යථාහ –

“අව්‍යාපාදං ධාතුං භික්ඛවෙ” යන මෙහි අව්‍යාපාද විතර්කය ද අව්‍යාපාදය ද “අව්‍යාපාද ධාතු” නම් වේ. එනිසා කියන ලදී.

“තත්‍ථ කතමා අබ්‍යාපාදධාතු ? අබ්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො…පෙ… අයං වුච‍්චති අබ්‍යාපාදධාතු. යා සත‍්තෙසු මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති අබ්‍යාපාදධාතූ”ති (විභ· 182).

“එහි අව්‍යාපාද ධාතුව නම් කුමක්ද? අව්‍යාපාද සිතින් යුක්ත වූ තර්කය -පෙ- යනු අව්‍යාපාද ධාතුවයි. සත්ත්වයන් කෙරෙහි පතුරන මෛත්‍රිය, මිත්‍රත්වය, මෙත් සිත පැතිරවීම, මෛත්‍රී චේතෝ විමුක්තිය යනු මේ අව්‍යාපාද ධාතුවයි.”

ඉමං අබ්‍යාපාදධාතුං පටිච‍්ච වුත‍්තනයෙනෙව අබ්‍යාපාදසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති.

මේ “අව්‍යාපාද ධාතුව” නිසා මුලින් පැවසූ ලෙස ම අබ්‍යාපාද සංඥාව උපදියි.

අවිහිංසාධාතුං, භික‍්ඛවෙති එත්‍ථාපි අවිහිංසාවිතක‍්කොපි අවිහිංසාධාතු කරුණාපි. යථාහ –

“අවිහිංසාධාතුං භික්ඛවෙ” යන මෙහිද අවිහිංසා විතර්කය ද කරුණාව ද “අවිහිංසා ධාතු” නම් වේ. එනිසා කියන ලදී.

“තත්‍ථ කතමා අවිහිංසාධාතු? අවිහිංසාපටිසංයුත‍්තො තක‍්කො…පෙ… අයං වුච‍්චති අවිහිංසාධාතු. යා සත‍්තෙසු කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති අවිහිංසාධාතූ”ති (විභ· 182).

“එහි අවිහිංසා ධාතුව යනු කුමක්ද? අවිහිංසාවෙන් යුක්ත වූ තර්කය -පෙ- මෙය අවිහිංසා ධාතුව නම් වේ. යමෙක් සත්ත්වයන් කෙරෙහි කරුණාව, කරුණා සිත, කාරුණිකත්වය, කරුණා චේතො විමුක්තිය පතුරුවා වෙසේද ඒ අවිහිංසා ධාතුව නම් වේ.”

ඉමං අවිහිංසාධාතුං පටිච‍්ච වුත‍්තනයෙනෙව අවිහිංසාසඤ‍්ඤා නාම උප‍්පජ‍්ජති. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තානුසාරෙනෙව වෙදිතබ‍්බං.

මේ අවිහිංසා ධාතුව නිසා කියන ලද ආකාරයෙන් ම අවිහිංසා සංඥාව උපදියි. ඉතිරි සියලු පද අර්ථ කියන ලද පරිදිම දතයුතුයි.

දුතියං.

දෙවැනි සූත්‍රයයි.

3. ගිඤ‍්ජකාවසථසුත‍්තවණ‍්ණනා

3. ගිඤ්ජකාවසථ සූත්‍ර වර්ණනාව

තතියෙ ධාතුං, භික‍්ඛවෙති ඉතො පට‍්ඨාය අජ‍්ඣාසයං ධාතූති දීපෙති. උප‍්පජ‍්ජති සඤ‍්ඤාති අජ‍්ඣාසයං පටිච‍්ච සඤ‍්ඤා උප‍්පජ‍්ජති, දිට‍්ඨි උප‍්පජ‍්ජති, විතක‍්කො උප‍්පජ‍්ජතීති. ඉධාපි “කච‍්චානො පඤ‍්හං පුච‍්ඡිස‍්සතී”ති තස‍්ස ඔකාසදානත්‍ථං එත‍්තාවතාව දෙසනං නිට‍්ඨාපෙසි.

තෙවැනි සූත්‍රයේ “ධාතුං භික්ඛවේ” යනුවෙන් මෙතැන් පටන් ඇති අදහස (කැමැත්ත) ධාතුව යැයි දක්වයි. “උප්පජ්ජති සඤ්ඤා” යනු කැමැත්ත නිසා සංඥාව උපදියි. “උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විතක්කො” යන මෙහිදී ද කච්චායන තෙරුන් ප්‍රශ්නයක් විමසන්නේ යැයි උන්වහන්සේට අවසර දීමට දේශනාව නතර කළ සේක.

අසම‍්මාසම‍්බුද‍්ධෙසූති ඡසු සත්‍ථාරෙසු. සම‍්මාසම‍්බුද‍්ධාති මයමස‍්ම සම‍්මාසම‍්බුද‍්ධාති. කිං පටිච‍්ච පඤ‍්ඤායතීති කිස‍්මිං සති හොතීති? සත්‍ථාරානං උප‍්පන‍්නං දිට‍්ඨිං පුච‍්ඡති. අසම‍්මාසම‍්බුද‍්ධෙසු තෙසු සම‍්මාසම‍්බුද‍්ධා එතෙති එවං උප‍්පන‍්නං තිත්‍ථියසාවකානම‍්පි දිට‍්ඨිං පුච‍්ඡතියෙව.

“අසම්මා සම්බුද්ධෙසු” යනු ෂඩ් ශාස්තෘන් අතුරින්ය. “සම්මා සම්බුද්ධා” යනු අපි සම්මා සම්බුදු වෙමු යි. “කිං පටිච්ච පඤ්ඤායති” “කුමක් ඇති කල්හි මෙසේ සිදුවේද?”යි ශාස්තෘන් වහන්සේලාට උපන් දෘෂ්ටිය පිළිබඳව විමසයි. සම්මා සම්බුදු නොවූ ඔවුන් කෙරෙහි “මොවුහු සම්මා සම්බුදුවරයෝ වෙති”යි තීර්ථක ශ්‍රාවකයන්ට උපන් දෘෂ්ටියට විචාරන්නේය.

ඉදානි යස‍්මා තෙසං අවිජ‍්ජාධාතුං පටිච‍්ච සා දිට‍්ඨි හොති, අවිජ‍්ජාධාතු ච නාම මහතී ධාතු, තස‍්මා මහතිං ධාතුං පටිච‍්ච තස‍්සා උප‍්පත‍්තිං දීපෙන‍්තො මහතී ඛො එසාතිආදිමාහ.

දැන් ඔවුන්ට අවිද්‍යා ධාතුව නිසා මෙබඳු දෘෂ්ටියක් ඇතිවී යැයි දක්වමින් “ඒ අවිද්‍යා ධාතුව මහත් වූවකි. ඒ මහත් වූ ධාතුව නිසා ඒ වැරදි දෘෂ්ටිය ඇතිවීයැයි “මහතීඛො ඵසා” යනාදිය වදාළහ.

හීනං, කච‍්චාන, ධාතුං පටිච‍්චාති හීනං අජ‍්ඣාසයං පටිච‍්ච. පණිධීති චිත‍්තට‍්ඨපනං. සා පනෙසා ඉත්‍ථිභාවං වා මක‍්කටාදිතිරච‍්ඡානභාවං වා පත්‍ථෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති. හීනො පුග‍්ගලොති යස‍්සෙතෙ හීනා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, සබ‍්බො සො පුග‍්ගලොපි හීනො නාම. හීනා වාචාති යා තස‍්ස වාචා, සාපි හීනා. හීනං ආචික‍්ඛතීති සො ආචික‍්ඛන‍්තොපි හීනමෙව ආචික‍්ඛති, දෙසෙන‍්තොපි හීනමෙව දෙසෙතීති සබ‍්බපදානි යොජෙතබ‍්බානි. උපපත‍්තීති ද‍්වෙ උපපත‍්තියො පටිලාභො ච නිබ‍්බත‍්ති ච. නිබ‍්බත‍්ති හීනකුලාදිවසෙන වෙදිතබ‍්බා, පටිලාභො චිත‍්තුප‍්පාදක‍්ඛණෙ හීනත‍්තිකවසෙන. කථං? තස‍්ස හි පඤ‍්චසු නීචකුලෙසු උප‍්පජ‍්ජනතො හීනා නිබ‍්බත‍්ති, වෙස‍්සසුද‍්දකුලෙසු උප‍්පජ‍්ජනතො මජ‍්ඣිමා, ඛත‍්තියබ්‍රාහ‍්මණකුලෙසු උප‍්පජ‍්ජනතො පණීතා. ද‍්වාදසාකුසලචිත‍්තුප‍්පාදානං පන පටිලාභතො හීනො පටිලාභො, තෙභූමකධම‍්මානං පටිලාභතො මජ‍්ඣිමො, නවලොකුත‍්තරධම‍්මානං පටිලාභතො පණීතො. ඉමස‍්මිං පන ඨානෙ නිබ‍්බත‍්තියෙව අධිප‍්පෙතාති.

“හීනං කච්චාන! ධාතු පටිච්ච” යනු හීන වූ අදහස් නිසා, “පණිධී” යනු සිතේ ඇති ප්‍රාර්ථනාව. ප්‍රණිධිය, එය ප්‍රාර්ථනා කරන්නාට ස්ත්‍රීභාවය හෝ වඳුරු ආදී තිරිසන් ආත්මභාවයන්හි ඉපදීමට හැකිවේ. “හීනෝ පුග්ගලො” යමෙකුට මේ හීනධර්ම උපදිත් ද ඒ සියලුම පුද්ගලයෝ “හීන” නම් වේ. “හීනාවාචා” යනු යමෙකුගේ වචනය ද හීනය. පහත්ය. “හීනං ආචික්ඛති” යනු ඔහු යමක් පවසනුයේ හීන වූ දෙයක්ම පවසයි. යමක් දෙසනුයේ හීන වූ ම දෙයක් දේශනා කරයි. මෙලෙස සෑම පදයකම යෙදිය යුතුයි. “උප්පත්ති” යනු උපත් දෙකකි. “ප්‍රතිලාභ” හා “නිබ්බත්ති” වශයෙනි. නිබ්බත්ති යනු හීන කුලවල ඉපදීමයි. “ප්‍රතිලාභ” යනු සිත උපදින ක්‍ෂණයයි. හීනාර්ථ වශයෙන් කියන්නාගේ පංචවිධ නීච කුලයන්හි ඉපදීම් වශයෙන් හීන වූ ඉපදීමයි. වෛශ්‍ය-ශුද්‍ර කුලයන්හි ඉපදීම් වශයෙන් මධ්‍යම වේ. ක්ෂත්‍රිය-බ්‍රාහ්මණ කුලයන්හි ඉපදීම් වශයෙන් උසස් වේ. දොළොස් කුසල සිත් ඉපදීම් වශයෙන් ලබන ප්‍රතිලාභය හීනවූවකි. ත්‍රෛභූමික ධර්මයන්ගේ ප්‍රතිලාභය මධ්‍යම වේ. නවලෝකෝත්තර ධර්ම ප්‍රතිලාභයම ඉතා උසස් වේ. මේ සූත්‍රයේ නිබ්බත්තිය ම උත්පත්තිය වශයෙන් සලකන ලදී.

තතියං.

තෙවැනි සූත්‍රයයි.

4. හීනාධිමුත‍්තික සුත‍්තවණ‍්ණනා

4. හීනාධිමුත්තික සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සංසන්‍දන‍්තීති එකතො හොන‍්ති. සමෙන‍්තීති සමාගච‍්ඡන‍්ති, නිරන‍්තරා හොන‍්ති. හීනාධිමුත‍්තිකාති හීනජ‍්ඣාසයා. කල්‍යාණාධිමුත‍්තිකාති කල්‍යාණජ‍්ඣාසයා.

සිවුවන සූත්‍රයේ “සංසන්ධනති” යනු එක්ව වෙති යනුයි. “සන්මෙති” එකට එකතුවෙති. අතරක් නොමැතිව එකතු වෙති. “හීනාධිමුත්තිකා” යනු හීන වූ අදහස් ඇත්තෝයි. “කල්‍යාණාධිමුත්තිකා” යනු යහපත් (උසස්) අදහස් ඇත්තෝයි.

චතුත්‍ථං.

සතරවන සූත්‍රයයි.

5. චඞ‍්කමසුත‍්තවණ‍්ණනා

5. චඞ්කම සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පස‍්සථ නොති පස‍්සථ නු. සබ‍්බෙ ඛො එතෙති සාරිපුත‍්තත්‍ථෙරො භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.189) මහාපඤ‍්ඤෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “ඛන්‍ධන‍්තරං ධාත්‍වන‍්තරං ආයතනන‍්තරං සතිපට‍්ඨානබොධිපක‍්ඛියධම‍්මන‍්තරං තිලක‍්ඛණාහතං ගම‍්භීරං පඤ‍්හං පුච‍්ඡිස‍්සාමා”ති මහාපඤ‍්ඤාව පරිවාරෙන‍්ති. සොපි තෙසං පථවිං පත්‍ථරෙන‍්තො විය සිනෙරුපාදතො වාලිකං උද‍්ධරන‍්තො විය චක‍්කවාළපබ‍්බතං භින්‍දන‍්තො විය සිනෙරුං උක‍්ඛිපන‍්තො විය ආකාසං විත්‍ථාරෙන‍්තො විය චන්‍දිමසූරියෙ උට‍්ඨාපෙන‍්තො විය ච පුච‍්ඡිතපුච‍්ඡිතං කථෙති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ මහාපඤ‍්ඤා”ති.

පස්වන සූත්‍රයේ “පස්සථ නො” යනු දකින්නහුද? යනුයි. “සබ්බෙ ඛො එතෙ” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් සැරියුත් තෙරුන්ව, “මහණෙනි, මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් මහා ප්‍රඥාවන්තයන් අතරින් මේ සැරියුත් තෙරණුවෝ අගවෙති”යි මහා ප්‍රාඥයන් අතර අග තනතුරට පත්කළ සේක. එනිසා උන්වහන්සේගෙන් ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන, බෝධිපාක්ෂික ධර්ම, ත්‍රිලක්ෂණ ආදියේ ගැඹුරු ප්‍රඥාව විචාරන්නෙමු”යි මහා ප්‍රඥාවන්තයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට පොළව දිගහරින්නාක් මෙන් ද මහමෙර පාමුලින් වැලි උදුරා ගන්නාක් මෙන්ද සක්වල පව්ව බිඳිනාක් මෙන් ද මහමෙර ඔසවා තබන්නාක් මෙන්ද අහසේ හැසිරෙන සඳහිරු දෙදෙන උදාකරන්නාක් මෙන්ද ඇසු ඇසූ ප්‍රශ්න විසඳන සේක. එනිසා මෙලෙස වදාළහ. “සබ්බෙ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු මහා පඤ්ඤා”

මහාමොග‍්ගල‍්ලානොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඉද‍්ධිමන‍්තානං යදිදං මහාමොග‍්ගල‍්ලානො”ති ඉද‍්ධිමන‍්තෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “පරිකම‍්මං ආනිසංසං අධිට‍්ඨානං විකුබ‍්බනං පුච‍්ඡිස‍්සාමා”ති ඉද‍්ධිමන‍්තොව පරිවාරෙන‍්ති. සොපි තෙසං වුත‍්තනයෙනෙව පුච‍්ඡිතපුච‍්ඡිතං කථෙති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ මහිද‍්ධිකා”ති.

මහමුගලන් තෙරුන් ද තථාගතයන් වහන්සේ විසින් - “මහණෙනි! මගේ ශ්‍රාවකයන් අතර ඍද්ධිමත් භික්ෂූන්ගෙන් මහමුගලන් තෙරණුවෝ අග්‍රවෙති”යි සෘද්ධිමතුන් අතර අග තනතුරෙහි තබන ලදහ. එනිසා “උන්වහන්සේගෙන් “සෘද්ධි පරිකර්ම, ආනිසංස, අධිෂ්ඨාන, විඤ්‍ර්වණ ආදිය විමසනෙමු”යි ඍද්ධිමත් තෙරවරුම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්‍රශ්නවලට ඉහත පැවසූ අයුරින්ම පිළිතුරු දෙති. එනිසා බුදුහු මෙසේ වදාළහ. “සබ්බෙ බො එතෙ භික්ඛවෙ! භිකඛූ මහිද්ධිකා”

මහාකස‍්සපොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං මහාකස‍්සපො”ති ධුතවාදෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “ධුතඞ‍්ගපරිහාරං ආනිසංසං සමොධානං අධිට‍්ඨානං භෙදං පුච‍්ඡිස‍්සාමා”ති ධුතවාදාව පරිවාරෙන‍්ති. සොපි තෙසං තථෙව පුච‍්ඡිතපුච‍්ඡිතං බ්‍යාකරොති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ ධුතවාදා”ති.

මහාකාශ්‍යප තෙරුන් ද භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි! මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරීන් අතරින් මහාකාශ්‍යප තෙරණුවෝ අග්‍රවෙති”යි ධුතාංගධාරීන් අතර අග තනතුරෙහි පිහිටවූ සේක. එනිසා උන්වහන්සේගෙන් “ධුතාංගයන්ගේ ආරක්ෂාව, ආනිසංස, සමාදන් වීම, අධිෂ්ඨානය, බිඳීයෑම විචාරනෙමු”යි ධුතාංගධාරී භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගේ ප්‍රශ්නයන් වහා නිරාකරණය කරදෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භිකඛවෙ! භික්ඛු ධුතවාදා”

අනුරුද‍්ධත්‍ථෙරොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං දිබ‍්බචක‍්ඛුකානං යදිදං අනුරුද‍්ධො”ති (අ· නි· 1.192) දිබ‍්බචක‍්ඛුකෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “දිබ‍්බචක‍්ඛුස‍්ස පරිකම‍්මං ආනිසංසං උපක‍්කිලෙසං පුච‍්ඡිස‍්සාමා”ති දිබ‍්බචක‍්ඛුකාව පරිවාරෙන‍්ති. සොපි තෙසං තථෙව පුච‍්ඡිතපුච‍්ඡිතං කථෙති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ දිබ‍්බචක‍්ඛුකා”ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් අනුරුද්ධ තෙරුන් ද “මහණෙනි! මගේ ශ්‍රාවක වූ දිවැස් ඇති භික්ෂූන් අතරින් අනුරුද්ධ තෙරණුවෝ අග්‍රවෙති”යි දිවැස් ඇති භික්ෂූන් අතර අග තනතුරෙහි පිහිට වූ සේක. මෙනිසා උන්වහන්සේන්ගෙන් ද “දිවැස් ආරක්ෂා කරගැනීම, අනුසස්, එය කිලිටිවන ආකාරය අසා දැනගන්නෙමු”යි දිවැස් ඇති භික්ෂූහූම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ගේ සෑම ප්‍රශ්නයක්ම නිරාකරණය කරදෙති. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවේ! භික්ඛු දිබ්බ චක්ඛුකා”

පුණ‍්ණත්‍ථෙරොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධම‍්මකථිකානං යදිදං පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො”ති (අ· නි· 1.196) ධම‍්මකථිකෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “ධම‍්මකථාය සඞ‍්ඛෙපවිත්‍ථාරගම‍්භීරුත‍්තානවිචිත්‍රකථාදීසු තං තං ආකාරං පුච‍්ඡිස‍්සාමා”ති ධම‍්මකථිකාව පරිවාරෙන‍්ති. සොපි තෙසං “ආවුසො, ධම‍්මකථිකෙන නාම ආදිතො පරිසං වණ‍්ණෙතුං වට‍්ටති, මජ‍්ඣෙ සුඤ‍්ඤතං පකාසෙතුං, අන‍්තෙ චතුසච‍්චවසෙන කූටං ගණ‍්හිතු”න‍්ති එවං තං තං ධම‍්මකථානයං ආචික‍්ඛති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ ධම‍්මකථිකා”ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් පුර්ණ තෙරණුවෝ ද “මහණෙනි! මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර ධර්ම කථිකයගෙන් පුණ්ණ මත්තානි පුත්ත තෙරහු අග්‍රවෙති”යි ධර්මකථික භික්ෂූන් අතර අගතනතුරෙහි තබන ලද සේක. මෙනිසා උන්වහන්සේගෙන් “ධර්මකථාවේ දී සංක්‍ෂිප්ත, විස්තර, ගැඹුරු, ප්‍රකට, විසිතුරු කථාවන් සිදුකරන ආකාරයන් විචාරනෙමු”යි ධර්මකථික තෙරවරු විසින්ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට “ඇවැත්නි! ධර්මකථිකයා විසින් පිරිසට පළමුව වර්ණනාවන් දෙසීම සුදුසුය. මධ්‍යයේ දී ශුන්‍යතාව ප්‍රකාශ කළ යුතුයි. අවසානයේ දී චතුරාර්ය සත්‍ය වශයෙන් ප්‍රධාන අරමුණ ගැනීම සුදුසුයැ”යි මෙලෙසින් ඒ දහම් කථා නය පිළිබඳව කරන සේක. එනිසා මෙසේ වදාළහ. “සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛු ධම්මකථිකා”

උපාලිත්‍ථෙරොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං විනයධරානං යදිදං උපාලී”ති (අ· නි· 1.228) විනයධරෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “ගරුකලහුකං සතෙකිච‍්ඡඅතෙකිච‍්ඡං ආපත‍්තානාපත‍්තිං පුච‍්ඡිස‍්සාමා”ති විනයධරාව පරිවාරෙන‍්ති. සොපි තෙසං පුච‍්ඡිතපුච‍්ඡිතං තථෙව කථෙති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ විනයධරා”ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් උපාලි මහතෙරුන් ද “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන් අතර විනයධාරීන් අතුරින් උපාලි තෙරණුවෝ අග්‍ර වෙති”යි විනයධාරීන් අතර අගතනතුරට පත් කළ සේක. මෙනිසා උපාලි තෙරණුවගෙන් “ගරුක, ලහුක, කර්මාදිය, පිළියම් කළහැකි හා කළ නොහැකි වැරදි, ආපත්ති-අනාපත්ති ආදිය විචාරනෙමු”යි විනයධරයෝම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුහු අසන අසන ප්‍රශ්න ඒ ඒ ලෙසම මනාව විසඳා දෙති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛු විනයධරා”

ආනන්‍දත්‍ථෙරොපි භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො”ති (අ· නි· 1.223) බහුස‍්සුතෙසු එතදග‍්ගෙ ඨපිතො. ඉති නං “දසවිධං බ්‍යඤ‍්ජනබුද‍්ධිං අට‍්ඨුප‍්පත‍්තිං අනුසන්‍ධිං පුබ‍්බාපරං පුච‍්ඡිස‍්සාමා”ති බහුස‍්සුතාව පරිවාරෙන‍්ති. සොපි තෙසං “ඉදං එවං වත‍්තබ‍්බං, ඉදං එවං ගහෙතබ‍්බ”න‍්ති සබ‍්බං කථෙති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ බහුස‍්සුතා”ති.

භාග්‍යවතුන් වහන්සේ විසින් අනඳ තෙරණුවෝ ද “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් බහුශ්‍රැතයන් අතුරින් අග්‍රවෙති”යි බහුශ්‍රැතයන් අතර අගතනතුරෙහි තැබූ සේක. මෙනිසා ආනන්ද හිමිගෙන් “දශවිධ ව්‍යඤ්ජන, විචාරා, අර්ථෝත්පත්ති, අනුසන්ධි, පූර්ව-අපර වශයෙන් විචාරන්නෙමු”යි බහුශ්‍රැත භික්ෂූහු ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේද ඔවුන්ට “මෙය මෙසේ විය යුතුයි. මෙය මෙසේ වටහාගත යුතුයි.” යනාදීන් ලෙස සියල්ල පවසති. මෙනිසා මෙසේ වදාළහ. “සබ්බ ඛො එතෙ භික්ඛවෙ! භික්ඛූ බහුස්සුතා”

දෙවදත‍්තො පන පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො, තෙන නං “කුලසඞ‍්ගණ‍්හනපරිහාරං නානප‍්පකාරකං කොහඤ‍්ඤතං පුච‍්ඡිස‍්සාමා”ති පාපිච‍්ඡාව පරිවාරෙන‍්ති. සොපි තෙසං තං තං නියාමං ආචික‍්ඛති. තෙන වුත‍්තං “සබ‍්බෙ ඛො එතෙ, භික‍්ඛවෙ, භික‍්ඛූ පාපිච‍්ඡා”ති.

දෙව්දත් තෙර වනාහී පවිටුය. ආශාවගෙන් මඩනා ලද්දේය. එනිසා උන්වහන්සේගෙන් “කුල සංග්‍රහ ලබාගැනීම්, නානාප්‍රකාර වූ කුහක ක්‍රියාවන් විචාරනෙමු”යි පවිටු භික්ෂුහු ම පිරිවරාගෙන සිටිති. උන්වහන්සේ ද ඔවුන්ට ඒ ඒ න්‍යාය-ක්‍රමයන් කියාදෙති. මෙනිසා වදාළ සේක. “සබ්බෙ ඛො එතෙ භිකඛවේ! භික්ඛූ පාපිච්ඡා”.

කස‍්මා පනෙතෙ අවිදූරෙ චඞ‍්කමිංසූති. “දෙවදත‍්තො සත්‍ථරි පදුට‍්ඨචිත‍්තො අනත්‍ථම‍්පි කාතුං උපක‍්කමෙය්‍යා”ති ආරක‍්ඛග‍්ගහණත්‍ථං. අථ දෙවදත‍්තො කස‍්මා චඞ‍්කමීති? “අකාරකො අයං, යදි කාරකො භවෙය්‍ය, න ඉධ ආගච‍්ඡෙය්‍යා”ති අත‍්තනො කතදොසපටිච‍්ඡාදනත්‍ථං. කිං පන දෙවදත‍්තො භගවතො අනත්‍ථං කාතුං සමත්‍ථො, භගවතො වා ආරක‍්ඛකිච‍්චං අත්‍ථීති? නත්‍ථි. තෙන වුත‍්තං “අට‍්ඨානමෙතං, ආනන්‍ද, අනවකාසො, යං තථාගතො පරූපක‍්කමෙන පරිනිබ‍්බායෙය්‍යා”ති (චූළව· 341). භික‍්ඛූ පන සත්‍ථරි ගාරවෙන ආගතා. තෙනෙව භගවා එවං වත්‍වා “විස‍්සජ‍්ජෙහි, ආනන්‍ද, භික‍්ඛුසඞ‍්ඝ”න‍්ති විස‍්සජ‍්ජාපෙසි.

කුමක් නිසා මේ මහතෙරවරු භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි හිඳිමින් සක්මන් කළාහුද? “දෙව්දත් තෙර, ශාස්තෘන් වහන්සේ කෙරෙහි දූෂිත වූ සිතැතිව අනර්ථ කිරීමට ම උපක්‍රම කරන්නේයැ” යි බුදුපියාණන් වහන්සේ කෙරෙහි දූෂිත වූ සිතැතිව අනර්ථ කිරිමට ම උපක්‍රම කරන්නැ”යි බුදුපියාණන් වහන්සේ ආරක්ෂා කරගැනීම පිණිසයි. දෙව්දත් තෙර කුමක් හෙයින් සක්මන් කළේ ද? “මෙතෙම ගුණදහම් නොවඩන අක්‍රියයෙකි. ඉදින් ක්‍රියාකාරියෙක් වන්නේ නම් මෙහි පැමිණිය යුතු වන්නේයැ”යි තමා පිළිබඳ ඇතිවන දොස් වැනසීම, වැලක්වීම සඳහාම පැමිණියේය. කිම භාග්‍යවතුන් වහන්සේට අනර්ථ කිරීමට දෙව්දත් තෙර සමත් වේද? භාග්‍යවතුන් වහන්සේට මෙබඳු ආරක්ෂා සංවිධානයන්ගෙන් ප්‍රතිඵලයක් තිබේද? නැත්තේමය. මෙනිසා බුදුහු මෙසේ වදාරා ඇත. “ආනන්දයෙනි! මෙය විය නොහැක. කුමක්ද? තථාගතයන් වහන්සේ අන්‍යයකුගේ උපක්‍රමයකින් පිරිනිවේ යන මෙය සිදුවීමට ඉඩ නැත.” මහතෙරවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හටගත් ගෞරවයෙන් මෙහි පැමිණියහ. එනිසාම බුදුපියාණෝ, “ආනන්දයෙණි! භික්ෂු සංඝයා විසුරුවන්න”යි වදාරා ඔවුහු පිටත්කර හැරි සේක.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. සගාථසුත‍්තවණ‍්ණනා

6. සගාථා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ගූථො ගූථෙන සංසන්‍දති සමෙතීති සමුද‍්දන‍්තරෙ ජනපදන‍්තරෙ චක‍්කවාළන‍්තරෙ ඨිතොපි වණ‍්ණෙනපි ගන්‍ධෙනපි රසෙනපි නානත‍්තං අනුපගච‍්ඡන‍්තො සංසන්‍දති සමෙති, එකසදිසොව හොති නිරන‍්තරො. සෙසෙසුපි එසෙව නයො. අයං පන අනිට‍්ඨඋපමා හීනජ‍්ඣාසයානං හීනඅජ‍්ඣාසයස‍්ස සරික‍්ඛභාවදස‍්සනත්‍ථං ආහටා, ඛීරාදිවිසිට‍්ඨොපමා කල්‍යාණජ‍්ඣාසයානං අජ‍්ඣාසයස‍්ස සරික‍්ඛභාවදස‍්සනත්‍ථං.

සයවන සූත්‍රයේ “ගුථො ගුථෙන සංසෙන්දති සමෙති” යනු සමුද්‍ර-ජනපද-සක්වල අතර සිටියා වූ වර්ණ, ගන්ධ, රස ආදී නානාවිධ වූ කරුණු අනුව යන්නේ එකට සැසඳෙති. එකට එක්වෙති. නිරතුරුව එක සමාන වෙති. සෙසු පදයන්හි අර්ථ ද මෙසේ දතයුතුයි. මේ අප්‍රිය උපමාවෙන් හීන අදහස් ඇත්තේ හීනයත් සමගම ගැලපෙන බව දක්වන ලදී. කිරි ආදී විශිෂ්ට උපමාවන් යහපත් අදහස් ඇත්තන්, යහපත් අදහස් ඇති අය සමගම එක්වෙන බව දැක්වීමට යොදන ලදී.

සංසග‍්ගාති දස‍්සනසවනසංසග‍්ගාදිවත්‍ථුකෙන තණ‍්හාස‍්නෙහෙන. වනථො ජාතොති කිලෙසවනං ජාතං. අසංසග‍්ගෙන ඡිජ‍්ජතීති එකතො ඨානනිසජ‍්ජාදීනි අකරොන‍්තස‍්ස අසංසග‍්ගෙන අදස‍්සනෙන ඡිජ‍්ජති. සාධුජීවීති පරිසුද‍්ධජීවිතං ජීවමානො. සහාවසෙති සහවාසං වසෙය්‍ය.

“සංසග්ගා” යනු දර්ශන, ශ්‍රවණ, සංසර්ගාදී වශයෙන් වස්තු-තණ්හා ස්නේහයෙනි. “වනථො ජාතො” යනු කෙලෙස් වනයේ හටගත් යනුයි. “අසංසග්ගෙන ජිජ්ජති” යනු එක් තැනක හිඳීම් ආදිය නොකරන්නහුගේ එක් නොවීමෙන්-නොරැඳීමෙන් එය සිඳේ-බිඳී යනුයි. “සාධුජීවී” යනු පාරිශුද්ධ වූ දිවියක් ගත කරනුයේ යනුයි. “සහාවසෙ” යනු එක්ව වාසය කරන්නා වූ යනුයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. අස‍්සද‍්ධසුත‍්තවණ‍්ණනා

7. අස්සද්ධ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහීතිආදීසු බුද‍්ධෙ වා ධම‍්මෙ වා සඞ‍්ඝෙ වා සද‍්ධාවිරහිතා නිරොජා නිරසා පුග‍්ගලා සමුද‍්දස‍්ස ඔරිමතීරෙ ඨිතා පාරිමතීරෙපි ඨිතෙහි අස‍්සද‍්ධෙහි සද‍්ධිං තාය අස‍්සද‍්ධතාය එකසදිසා නිරන‍්තරා හොන‍්ති. තථා අහිරිකා භින‍්නමරියාදා අලජ‍්ජිපුග‍්ගලා අහිරිකෙහි, අනොත‍්තප‍්පිනො පාපකිරියාය අභායමානා අනොත‍්තප‍්පීහි, අප‍්පස‍්සුතා සුතවිරහිතා අප‍්පස‍්සුතෙහි, කුසීතා ආලසියපුග‍්ගලා කුසීතෙහි, මුට‍්ඨස‍්සතිනො භත‍්තනික‍්ඛිත‍්තකාකමංසනික‍්ඛිත‍්තසිඞ‍්ගාලසදිසා මුට‍්ඨස‍්සතීහි, දුප‍්පඤ‍්ඤා ඛන්‍ධාදිපරිච‍්ඡෙදිකාය පඤ‍්ඤාය අභාවෙන නිප‍්පඤ‍්ඤා තාදිසෙහෙව දුප‍්පඤ‍්ඤෙහි, සද‍්ධාසම‍්පන‍්නා චෙතියවන්‍දනාදිකිච‍්චපසුතා සද‍්ධෙහි, හිරිමනා ලජ‍්ජිපුග‍්ගලා හිරිමනෙහි, ඔත‍්තප‍්පිනො පාපභීරුකා ඔත‍්තප‍්පීහි, බහුස‍්සුතා සුතධරා ආගමධරා තන‍්තිපාලකා වංසානුරක‍්ඛකා බහුස‍්සුතෙහි, ආරද‍්ධවීරියා පරිපුණ‍්ණපරක‍්කමා ආරද‍්ධවීරියෙහි, උපට‍්ඨිතස‍්සතී සබ‍්බකිච‍්චපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතා උපට‍්ඨිතස‍්සතීහි, පඤ‍්ඤවන‍්තො මහාපඤ‍්ඤෙහි වජිරූපමඤාණෙහි පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං දූරෙ ඨිතාපි තාය පඤ‍්ඤාසම‍්පත‍්තියා සංසන්‍දන‍්ති සමෙන‍්ති.

සත්වන සූත්‍රයේ “අස්සද්ධා අස්සද්ධෙහි” යනාදියෙහි ත්‍රිවිධරත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැතිව, ඕජස් නැති, රසයක් නැති, පුද්ගලයෝ මුහුදේ මෙතෙර සිටියාහු එතෙර සිටියා වූ අශ්‍රද්ධාවන්තයන් සමග, අදහස්වලින් සමාන වූ බැවින් අතරක් නොමැතිව එකතුවෙනි. එසේම “අහිරිකා” ශිෂ්ට සීමාව බිඳි, නිර්ලජ්ජි පුද්ගලයෝ. “අහිරිකෙහි” එබඳුම ලැජ්ජා නැත්තන් සමග එක්වෙති. “අනොත්තාපිතො” යනු පාප ක්‍රියාවන්හි බියක් නැති පුද්ගලයෝ, “අනොත්තාපීහි” - පවට බිය නොවූවන් හා එක්වෙති. “අප්පස්සුතා” යනු ඇසූපිරූතැන් නැත්තෝ “අප්පස්සුතෙහි” අල්පශ්‍රැතයන් සමගම එවෙති. “කුසීතා”. කම්මැලියෝ “කුසීතෙහි” කම්මැලියන් සමගම එක්වෙති. “මුට්ඨස්සතිනෝ” යනු බත් දැමූ, කපුටුමස් ආදිය දැමු සිවලුන් හා සම වූවෝ “මුට්ඨස්සතීහි” මුලාවූවන් සමග එක්වෙති. “දුප්පඤ්ඤා” යනු ස්කන්ධාදිය වෙන්කර නොදකින ප්‍රඥාව නැත්තේ “දුප්පඤ්ඤහි” එබඳුම ප්‍රඥාව නැත්තන් සමග එක්වෙති. “සද්ධා සම්පන්නා” යනු චෛත්‍ය වන්දනාදී කටයුතුවල යෙදුණෝ “සදෙධහි” ශ්‍රද්ධාවන්තයන් හා එක්වෙති. “හිරිමතා” ලජ්ජා ඇත්තේ “හිරිමනෙහි” ලජ්ජා ඇත්තවුන් හා එක්වෙති. “ඔත්නාපිනෝ” පවට බිය ඇත්තෝ “ඔත්තාපීහි” පවට බිය ඇත්තවුන් සමග ද “බහුස්සුතා” බොහෝ ඇසූ පිරූ තැන් ඇති, පෙළදරන, බුදුවදන ආරක්ෂා කරන, ආර්ය වංශය සුරකින පුද්ගලයෝ “බහුස්සුතෙහි” බහුශ්‍රැතයන් සමගද “ආරද්ධවිරියා” පිරිපුන් දැඩි පරාක්‍රමයෙන්, වීර්යයෙන් යුක්ත වූවෝ “ආරද්ධ විරියෙහි” ඇරඹු වීර්ය ඇත්තවුන් සමග ද එක්වෙති. “උපට්ඨිත සතිනො” සියලු කටයුතු කටයුතු කිරිමෙහි සමත් සිහියෙන් යුක්ත වූවෝ “උපට්ඨිත සතීහි” එළඹුණු සිහි ඇත්තවුන් සමග ද “පඤ්ඤාවන්තො” මහා ප්‍රඥාවෙන් වජ්‍ර පර්වතයක් බඳු ඤාණයෙන් යුක්ත වූවෝ “පඤ්ඤාවන්තෙහි” ප්‍රඥා ඇත්තවුන් සමගද ඉතා දුර සිටියත් ඒ ප්‍රඥා සම්පත්තියෙන් “සංසන්දනති. සමෙන්ති” සැසඳෙති. එකට එක්වෙති.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8-12. අස‍්සද‍්ධමූලකතිකපඤ‍්චකසුත‍්තාදිවණ‍්ණනා

8-12. අස්සද්ධමූලකතිකපඤ්චක ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමාදීනි තෙයෙව අස‍්සද‍්ධාදිධම‍්මෙ තිකවසෙන කත්‍වා දෙසිතානි. තත්‍ථ අට‍්ඨමෙ අස‍්සද‍්ධාදිමූලකා කණ‍්හපක‍්ඛසුක‍්කපක‍්ඛවසෙන පඤ‍්ච තිකා වුත‍්තා, නවමෙ අහිරිකමූලකා චත‍්තාරො. දසමෙ අනොත‍්තප‍්පමූලකා තයො, එකාදසමෙ අප‍්පස‍්සුතමූලකා ද‍්වෙ, ද‍්වාදසමෙ කුසීතමූලකො එකො තිකො වුත‍්තොති සබ‍්බෙපි පඤ‍්චසු සුත‍්තන‍්තෙසු පන‍්නරස තිකා හොන‍්ති. පන‍්නරස චෙතෙ සුත‍්තන‍්තාතිපි වදන‍්ති. අයං තිකපෙය්‍යාලො නාම. අට‍්ඨමාදීනි.

අටවන සූත්‍රයේ සිට - ඒ අශ්‍රද්ධාවන්ත ධර්මයන් තුනේ කොටස් ලෙස බෙදා දක්වන ලදී. එහි අටවන සූත්‍රයේ අශ්‍රද්ධා දී මූලික වූ සිත් ඇත්තෝ කලු පක්ෂය, සුදු පක්‍ෂය වශයෙන් තුන් කොටස් පහක් (පංච ත්‍රිකයක්) දේශනා කර ඇත. නවවන සූත්‍රයේ පවට ලැජ්ජා නොවනෝ මුලින් කොටස් සතරකටත්, දසවන සූත්‍රයේ දී පවට බිය ඇත්තෝ මූලිකව තුනේ කොටස් තුනකට බෙදා දක්වන ලදී. එකළොස්වන සූත්‍රයේ අල්පශ්‍රැතයෝ තුනේ කොටස් දෙකකි. දොළොස්වන සූත්‍රයේ කුසීත කම්මැලි බව මූලික කරගත්තෝ එක් ත්‍රිකයකි. මෙසේ සූත්‍ර පසෙහි ම තුනේ කොටස් (ත්‍රික) පහළොවකි. ඇතැම්හු “පසළොස් ත්‍රික සූත්‍ර” යැයි මෙය නම් කරති. මෙය තික පෙය්‍යාල නම් වේ.

දුතියො වග‍්ගො.

දෙවැනි වර්ගයයි.