අස්සද්ධසුත්තං
2. 2. 7.
2. 2. 7.
අස්සද්ධසුත්තං
අස්සද්ධ සූත්රය
241. සාවත්ථියං–
241. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කුසීතා කුසීතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු: අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. කුසීතා කුසීතෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං සංසන්දිංසු සමිංසු. දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
මහණෙනි, අයු කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳුනහ, එකතු වූහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නූගතුන් නූගතුන් සමග සැසැඳුනහ, එකතු වූහ. කුසීතයෝ කුසීතයන් සමග සැසැඳුනහ, එකතු වූහ. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ.
අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
මහණෙනි, මතු කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් මැ සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ, පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගතුන් නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළාසිහි ඇත්තෝ මුළාසිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අප්පස්සුතා අප්පස්සුතෙහි සද්ධිං -පෙ- කුසීතා කුසීතෙහි සද්ධිං -පෙ- මුට්ඨස්සතිනො මුට්ඨස්සතීහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග ... පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග ... නූගත්තු නූගතුන් සමග ... කුසීතයෝ කුසීතයන් සමග ... මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග ... නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: සද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. බහුස්සුතා බහුස්සුතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. ආරද්ධවිරියා ආරද්ධවිරියෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. උපට්ඨිතසතිනො උපට්ඨිතසතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. උගත්තු උගතුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පිරිපුන් වීර්ය්ය ඇත්තෝ පිරිපුන් වීර්ය්ය ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: සද්ධා සද්ධෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් පවත්නා කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.