යෙදුමෙන් කියවන්න

අස‍්සද‍්ධමූලකතිකපඤ‍්චකසුත‍්තං

2. 2. 8.

2. 2. 8.

අස‍්සද‍්ධමූලකතිකපඤ‍්චකසුත‍්තං

අස්සද්ධමූලකතිකපඤ්චක සූත්‍රය

242. සාවත්‍ථියං–

242. සැවැත්නුවර–

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අහිරිකා අහිරිකෙහි සද‍්ධිං [සංසන්‍දන‍්ති සමෙන‍්ති.] දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං [සංසන්‍දන‍්ති සමෙන‍්ති.] සද‍්ධා සද‍්ධෙහි සද‍්ධිං [සංසන්‍දන‍්ති සමෙන‍්ති.] හිරිමනා හිරිමනෙහි සද‍්ධිං [සංසන්‍දන‍්ති සමෙන‍්ති.] පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිංසු සමිංසු -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිස‍්සන‍්ති සමෙන‍්ති -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති. අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි සද‍්ධිං -පෙ- අහිරිකා අහිරිකෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- සද‍්ධා සද‍්ධෙහි සද‍්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. (පඨමත‍්තිකං)

මහණෙනි, අයු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් සැසැඳුනහ, එකතු වූහ … මහණෙනි, මතු කල්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … නුවණනැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තික ය යි.)

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි -පෙ- අනොත‍්තාපිනො අනොත‍්තාපීහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං [ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති] සමෙන‍්ති: [අස‍්සද‍්ධං අස‍්සද‍්ධෙහි -පෙ- අනොත‍්තාපිනො අනොත‍්තාපීහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති, සමෙන‍්ති.] (දුතියත‍්තිකං)

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග … පවටබිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පවට බියැත්තෝ පවට බිය ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)

[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති:] අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- [අස‍්සද‍්ධං අස‍්සද‍්ධෙහි -පෙ- අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි -පෙ- පඤ‍්ඤවනෙතෙ පඤ‍්ඤවනෙතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති] සමෙන‍්ති. (තතියත‍්තිකං)

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගතුන් නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු .... සැදැහැත්තෝ සැදැහැතියන් සමග … නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැතියෝ සැදැහැතියන් සමග …උගත්තු උගතුන් සමග … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)

[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති:] අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කුසීතා කුසීතෙහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- ආරද‍්ධවිරියා ආරද‍්ධවිරියෙහි -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- [අස‍්සද‍්ධා -පෙ- කුසීතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- සද‍්ධා -පෙ- ආරද‍්ධවිරියා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. ] (චතුත්‍ථත‍්තිකං)

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … පිරිපුන් වෙර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැතියෝ … කුසීතයෝ … නුවණ නැත්තෝ … සැදැහැතියෝ … පිරිපුන් වෙර ඇතියෝ … නුවණැත්තෝ නුවණැතියන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (සිවුවන තිකය යි.)

[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති.] අස‍්සද‍්ධා අස‍්සද‍්ධෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මුට‍්ඨස‍්සතිනො මුට‍්ඨස‍්සතීහි -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි -පෙ- සද‍්ධා සද‍්ධෙහි -පෙ- උපට‍්ඨිතසතිනො උපට‍්ඨිතසතීහි -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- [අස‍්සද‍්ධා -පෙ- මුට‍්ඨස‍්සතිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- සද‍්ධා -පෙ- උපට‍්ඨිතසතිනො -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.] (පඤ‍්චමත‍්තිකං)

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි අත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනා කල්හි දු … මහණෙනි, දැන් වත්මන්හි දු ... සැදැහැනැත්තෝ … මුළා සිහි ඇත්තෝ … නුවණ නැත්තෝ … සැදැහැත්තෝ … එළඹි සිහි ඇත්තෝ … පැණැත්තෝ පැණැත්තන් සමග සැසැඳෙති එකතු වෙති යි. (පස්වන තිකය යි.)