අහිරිකමූලකතිකචතුක‍්කසුත‍්තං
2. 2. 9.
2. 2. 9.
අහිරිකමූලකතිකචතුක‍්කසුත‍්තං
අහිරිකමූලකතිකචතුක්ක සූත්‍රය
243. සාවත්‍ථියං–
243. සැවැත්නුවර–
ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: අහිරිකා අහිරිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අනොත‍්තාපිනො අනොත‍්තාපීහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද‍්ධිං -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි [භික‍්ඛවෙ, අද‍්ධානං] -පෙ- අනාගතම‍්පි [භික‍්ඛවෙ, අද‍්ධානං] -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- අහිරිකා -පෙ- අනොත‍්තප‍්පිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති. (පඨමත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … පවට බිය නැතියෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පවට බිය ඇතියෝ … පැණැතියෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (පළමුවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති:] අහිරිකා අහිරිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද‍්ධිං -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- [අහිරිකා -පෙ- අප‍්පස‍්සුතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- හිරිමනා -පෙ- බහුස‍්සුතා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. (දුතියත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. නූගත්තු නූගතුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … උගත්තු උගතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … නූගත්තෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … උගත්තෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (දෙවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති:] අහිරිකා අහිරිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කුසීතා කුසීතෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද‍්ධිං -පෙ- ආරද‍්ධවිරියා ආරද‍්ධවිරියෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- [අහිරිකා -පෙ- කුසීතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- හිරිමනා -පෙ- ආරද‍්ධවිරියා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.] (තතියත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … නුවණ නැත්තෝ නුවණ නැත්තවුන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … කුසීතයෝ … නුවණ නැතියෝ … ලජ්ජා ඇතියෝ … පරිපුන් වැර ඇතියෝ … පැණැතියෝ පැණැත්තන් සමග සැසැඳෙත්, එකතු වෙත්.] (තෙවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති:] අහිරිකා අහිරිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මුට‍්ඨස‍්සතිනො මුට‍්ඨස‍්සතීහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- හිරිමනා හිරිමනෙහි සද‍්ධිං -පෙ- උපට‍්ඨිතසතිනො උපට‍්ඨිතසතීහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- අහිරිකා -පෙ- මුට‍්ඨස‍්සතිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- හිරිමනා -පෙ- උපට‍්ඨිතසතිනො -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.] (චතුත්‍ථතතිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග ... සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … [ලජ්ජා නැතියෝ … සිහි නැතියෝ … ලජ්ජා ඇතියෝ … සිහි ඇතියෝ … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.] (සිවුවන තිකය යි.)