අනොත‍්තාපමූලකතිකත‍්තයසුත‍්තං
2. 2. 10.
2. 2. 10.
අනොත‍්තාපමූලකතිකත‍්තයසුත‍්තං
අනොත්තප්පමූලකතිකත්තය සූත්‍රය
244. සාවත්‍ථියං–
244. සැවැත්නුවර–
ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති. අනොත‍්තාපිනො අනොත‍්තාපීහි සද‍්ධිං -පෙ- අප‍්පස‍්සුතා අප‍්පස‍්සුතෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි සද‍්ධිං -පෙ- බහුස‍්සුතා බහුස‍්සුතෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං [අනොත‍්තාපිනො -පෙ- අප‍්පස‍්සුතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- ඔත‍්තාපිනො -පෙ- බහුස‍්සුතා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.] (පඨමත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … අල්පශ්‍රැතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇතියෝ … බහුශ්‍රැතයෝ … නුවණැත්තෝ නුවණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (පළමුවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති, සමෙන‍්ති:] අනොත‍්තාපිනො අනොත‍්තාපීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කුසීතා කුසීතෙහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි සද‍්ධිං -පෙ- ආරද‍්ධවිරියා ආරද‍්ධවිරියෙහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- අනොත‍්තාපිනො -පෙ- කුසීතා -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- ඔත‍්තාපිනො -පෙ- ආරද‍්ධවිරියා -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.] (දුතියත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කුසීතයෝ කුසීතයන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වෙර ඇත්තවුන් සමග … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … කුසීතයෝ … දුෂ්ප්‍රාඥයෝ … පාපභිරුකයෝ … පිරිපුන් වැර ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (දෙවන තිකය යි.)
[ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති, සමෙන‍්ති:] අනොත‍්තාපිනො අනොත‍්තාපීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මුට‍්ඨස‍්සතිනො මුට‍්ඨස‍්සතීහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- ඔත‍්තාපිනො ඔත‍්තාපීහි සද‍්ධිං -පෙ- උපට‍්ඨිතසතිනො උපට‍්ඨිතසතීහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං [අනොත‍්තාපිනො -පෙ- මුට‍්ඨස‍්සතිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- ඔත‍්තාපිනො -පෙ- උපට‍්ඨිතසතිනො -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.] (තතියත‍්තිකං)
මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … දුෂ්ප්‍රාඥයෝ දුෂ්ප්‍රාඥයන් සමග … පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මහණෙනි, අයුකල්හි දු … මහණෙනි, අනාකල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු … පවට බිය නැතියෝ … සිහි නැතියෝ … දුෂ්ප්‍රාඥයෝ … පවට බිය ඇත්තෝ … සිහි ඇත්තෝ … ප්‍රාඥයෝ ප්‍රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්. (තෙවන තිකය යි.)