සගාථසුත්තං
2. 2. 6.
2. 2. 6.
සගාථසුත්තං
සගාථා සූත්‍රය
240. සාවත්ථියං–
240. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති: එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳෙති, එකතු වෙති: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කාලයෙහි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. මහණෙනි, දැන් වත්මන්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
සෙය්යථාපි භික්ඛවෙ, ගූථො ගූථෙන සංසන්දති සමෙති. මුත්තං මුත්තෙන සංසන්දති සමෙති. ඛෙළො ඛෙලෙන සංසන්දති සමෙති. පුබ්බො පුබ්බෙන සංසන්දති සමෙති. ලොහිතං ලොහිතෙන සංසන්දති සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති. -පෙ- අතීතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, යම් සේ මල මල සමග සැසැඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමග සැසැඳේ ද, එකතු වේ ද; කෙල කෙල සමග සැසැඳේ ද, එකතු වේ ද; පූයාව පූයාව සමග සැසැඳේ ද, එකතු වේ ද; ලේ ලේ සමග සැසැඳේ ද, එකතු වේ ද; මහණෙනි, එසෙයින් ම සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති, … මහණෙනි, අයු කල්හි දු … මහණෙනි, මතු කාලයෙහි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලමු අදහස් ඇත්තෝ ලමු අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වූහ. මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති: කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
සෙය්යථාපි භික්ඛවෙ, ඛීරං ඛීරෙන සංසන්දති සමෙති. තෙලං තෙලෙන සංසන්දති සමෙති. සප්පි සප්පිනා සංසන්දති සමෙති. මධු මධුනා සංසන්දති සමෙති. ඵාණිතං ඵාණිතෙන සංසන්දති සමෙති. එවමෙව ඛො භික්ඛවෙ, ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අතීතම්පි භික්ඛවෙ අද්ධානං -පෙ- අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං -පෙ- එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, යම් සේ කිරි කිරි සමග සැසැඳේ ද, එකතු වේ ද, තෙල් තෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමග සැසැඳේ ද, එකතු වේ ද, මී මී සමග සැසැඳේ ද; එකතු වේ ද, පැණි පැණි සමග සැසැඳේ ද, එකතු වේ ද, මහණෙනි, එසෙයින් ම සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, ඉකුත් කල්හි දු … මහණෙනි, මතු කල්හි දු … මහණෙනි, දැන් වත්මන් කල්හි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති.
ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු දු මෙය වදාළ සේක:
සංසග්ගා වනථො ජාතො අසංසග්ගෙන ඡිජ්ජති, පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ.
ඇල්මෙන් කෙලෙස්වනය හටගත්තේ ය, නො ඇල්මෙන් සිඳෙයි. කුඩා දරකඩකට නැගී (සිටියහු) මහමුහුදෙහි යම් සේ කිඳෙන්නේ ද,
එවං කුසීතමාගම්ම සාධු ජීවිපි සීදති, තස්මා නං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං,
එසෙයින් ම පිරිසුදු දිවි ඇත්තේ ද මැලි පිඟුලා වෙත පැමිණ කිඳෙයි. (පිරිහෙයි) එහෙයින් වීර්‍ය්‍ය නැති ඒ මැලි පුඟුලා දුරු කරන්නේ ය.
පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහා වසෙ’ති.
ප්රකර්ෂ විවේක ඇති ආර්‍ය්‍ය වූ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති පටන් ගත වීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරණසුලු පණ්ඩිතයන් සමග නිරතුරු එක් ව වෙසෙන්නේ යි.