චඞ්කමසුත්තං
2. 2. 5.
2. 2. 5.
චඞ්කමසුත්තං
චඞ්කම සූත්‍රය
239. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො මහාමොග්ගල්ලානො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො මහාකස්සපො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො අනුරුද්ධො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො පුණ්ණො මන්තානිපුත්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො උපාලි සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. ආයස්මාපි ඛො ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති. දෙවදත්තොපි ඛො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං භගවතො අවිදූරෙ චඞ්කමති.
239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් මන්තානිපුත් පුණ්ණ තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙති. දෙව්දත් තෙමේ ද බොහෝ මහණුන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කෙරෙයි.
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, සාරිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’ සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ මහාපඤ්ඤා.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ සැරියුත් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු මහපැණැත්තහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, මොග්ගල්ලානං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ මහිද්ධිකා.
මහණෙනි, තෙපි බොහෝ භික්ෂූන් සමග සක්මන් කරණ මුගලන් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු මහත් ඍද්ධි ඇත්තහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, කස්සපං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ ධුතවාදා.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ කසුප් දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහුධුතවාදීහු ය.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, අනුරුද්ධං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ දිබ්බචක්ඛුකා.
මහණෙනි, තෙපි බොහෝ භික්ෂූන් සමග සක්මන් කරණ අනුරුද්ධ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු දිවැස් ඇත්තහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, පුණ්ණං මන්තානිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ ධම්මකථිකා.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ මන්තානීපුත් පුණ්ණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු ධර්මකථිකයහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, උපාලිං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ විනයධරා.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ උපාලි දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු විනයධරයහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, ආනන්දං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ බහුස්සුතා.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ අනඳ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු බහුශ්‍රැතයහ.
පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, දෙවදත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්තන්ති? ‘එවං භන්තෙ’. සබ්බෙ ඛො එතෙ භික්ඛවෙ, භික්ඛූ පාපිච්ඡා.
මහණෙනි, තෙපි බොහෝ මහණුන් සමග සක්මන් කරණ දෙව්දතු දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ සියලු භික්ෂූහු පාපිච්ඡයහ.
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
අතීතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිංසු සමිංසු: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු සමිංසු.
මහණෙනි, අතීත කාලයෙහි දු සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එක් වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එක් වූහ.
අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසොව සත්තා සංසන්දිස්සන්ති සමෙස්සන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති සමෙස්සන්ති.
මහණෙනි, මතු කාලයෙහි දු අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහු ය, එක් වන්නාහු ය. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.
එතරහිපි භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ධාතුසොව සත්තා සංසන්දන්ති සමෙන්ති: හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. කල්යාණාධිමුත්තිකා කල්යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
මහණෙනි, දැන් පවත්නා කල්හි දු අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳෙති, එකතු වෙති: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.