යෙදුමෙන් කියවන්න

හීනාධිමුත‍්තික සුත‍්තං

2. 2. 4.

2. 2. 4.

හීනාධිමුත‍්තික සුත‍්තං

හීනාධිමුත්තික සූත්‍රය

238. සාවත්‍ථියං–

238. සැවැත්නුවර–

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත් ලාමක අදහස් ඇති සත්ත්‍වයෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිංසු සමිංසු. හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු. කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිංසු සමිංසු.

මහණෙනි, ඉකුත් කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳුනහ, එකතු වූහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳුනහ, එකතු වුහ.

අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති. හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති. කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දිස‍්සන‍්ති සමෙස‍්සන‍්ති.

මහණෙනි, මතු කාලයෙහි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙන්නාහ, එකතු වන්නාහ: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙන්නාහ, එකතු වන්නාහ.

එතරහි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ධාතුසොව සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: හීනාධිමුත‍්තිකා හීනාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. කල්‍යාණාධිමුත‍්තිකා කල්‍යාණාධිමුත‍්තිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.

මහණෙනි, දැන් පවත්නා කල්හි ද සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: ලාමක අදහස් ඇත්තෝ ලාමක අදහස් ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. කලණ අදහස් ඇත්තෝ කලණ අදහස් ඇත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.