ගිඤ‍්ජකාවසථසුත‍්තං
2. 2. 3.
2. 2. 3.
ගිඤ‍්ජකාවසථසුත‍්තං
ගිඤ්ජකාවසථ සූත්‍රය
237. එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
237. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතික ගම්හි ගිඤ්ජකාවසථයෙහි (=ගැඩොලින් කළ ගෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤා, උප‍්පජ‍්ජති දිට‍්ඨි, උප‍්පජ‍්ජති විතක‍්කොති.
මහණෙනි, ධාතු (අධ්‍යාශය) නිසා සංඥාව උපදී, දෘෂ්ටිය උපදී, විතර්‍කය උපදී යි.
එවං වුත‍්තෙ ආයස‍්මා කච‍්චානො භගවන‍්තං එතදවොච: “යායං භන‍්තෙ, දිට‍්ඨි අසම‍්මාසම‍්බුද‍්ධෙසු සම‍්මා සම‍්බුද‍්ධාති. අයං නු ඛො භන‍්තෙ දිට‍්ඨි කිං පටිච‍්ච පඤ‍්ඤායතී”ති?
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කච්චාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: වහන්ස, සම්මාසම්බුදු නො වන්නවුන් කෙරෙහි ‘සම්මාසම්බුදුහු’ යන යම් මේ දෘෂ්ටියෙක් වේ ද, වහන්ස, මේ දෘෂ්ටිය කුමක් නිසා පැණේ දැ යි?
මහති ඛො එසා කච‍්චාන, ධාතු යදිදං අවිජ‍්ජාධාතු. හීනං කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති හීනා සඤ‍්ඤා, හීනා දිට‍්ඨි, හීනො විතක‍්කො, හීනා චෙතනා, හීනා පත්‍ථනා, හීනො පණිධි, හීනො පුග‍්ගලො, හීනා වාචා. හීනං ආචික‍්ඛති, දෙසෙති, පඤ‍්ඤපෙති, පට‍්ඨපෙති, විවරති, විභජති, උත‍්තානීකරොති. හීනා තස‍්ස උප‍්පත‍්තීති වදාමි.
කච්චාන, යම් මේ අවිද්‍යාධාතුවෙක් වේ ද, මේ ධාතුව මහත් ය කච්චාන හීනාධ්‍යාශය නිසා හීන සංඥාව උපදී. හීන දෘෂ්ටිය, හීන විතර්‍කය හීන චේතනාව, හීන ප්‍රාර්‍ත්‍ථනාව, හීන ප්‍රණිධිය, හීන පුද්ගලයා, හීන වචන උපදී, හීන වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම හීන ය යි කියමි.
මජ‍්ඣිමං කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති මජ‍්ඣිමා සඤ‍්ඤා, මජ‍්ඣිමා දිට‍්ඨි, මජ‍්ඣිමො විතක‍්කො, මජ‍්ඣිමා චෙතනා, මජ‍්ඣිමා පත්‍ථනා, මජ‍්ඣිමො පණිධි, මජ‍්ඣිමො පුග‍්ගලො, මජ‍්ඣිමා වාචා. මජ‍්ඣිමං ආචික‍්ඛති, දෙසෙති, පඤ‍්ඤපෙති, පට‍්ඨපෙති, විවරති, විභජති, උත‍්තානීකරොති. මජ‍්ඣිමා තස‍්ස උප‍්පත‍්තීති වදාමි.
කච්චාන, මධ්‍යම අධ්‍යාශය නිසා මධ්‍යම සංඥාව උපදී, මධ්‍යම දෘෂ්ටිය, මධ්‍යම විතර්‍කය, මධ්‍යම චේතනාව මධ්‍යම ප්‍රාර්‍ත්‍ථනාව, මධ්‍යම ප්‍රණිධිය, මධ්‍යම පුද්ගලයා, මධ්‍යම වචන උපදී. මධ්‍යම වූවක් කියයි, දේශනා කරයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම මධ්‍යම ය යි කියමි.
පණීතං කච‍්චාන, ධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති පණීතා සඤ‍්ඤා, පණීතා දිට‍්ඨි, පණීතො විතක‍්කො, පණීතා චෙතනා, පණීතා පත්‍ථනා, පණීතො පණිධි, පණීතො පුග‍්ගලො, පණීතා වාචා. පණීතං ආචික‍්ඛති, දෙසෙති, පඤ‍්ඤාපෙති, පට‍්ඨපෙති, විවරති, විභජති, උත‍්තානීකරොති. පණීතා තස‍්ස උප‍්පත‍්තීති වදාමීති.
කච්චාන ප්‍රණීතාධ්‍යාශය නිසා ප්‍රණීත සංඥාව උපදී. ප්‍රණීත දෘෂ්ටිය, ප්‍රණීත විතර්‍කය, ප්‍රණීත චේතනාව, ප්‍රණීත ප්‍රාර්‍ත්‍ථනාව, ප්‍රණීත ප්‍රණිධිය, ප්‍රණීත පුද්ගලයා, ප්‍රණීත වචන උපදී. ප්‍රණීත වූවක් කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවෘත කෙරෙයි, බෙදෙයි, උඩුහුරු කෙරෙයි. ඔහුගේ ඉපැද්ම ප්‍රණීත ය යි කියමි යි.