සනිදානසුත්තං
2. 2. 2.
2. 2. 2.
සනිදානසුත්තං
සනිදාන සූත්‍රය
236. සාවත්ථියං–
236. සැවැත්නුවර–
සනිදානං භික්ඛවෙ, උප්පජ්ජති කාමවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති ව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති විහිංසා විතක්කො නො අනිදානං.
මහණෙනි, කාමවිතර්කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. ව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. විහිංසාවිතර්කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
කථඤ්ච භික්ඛවෙ, සනිදානං උප්පජ්ජති කාමවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති ව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති විහිංසාවිතක්කො නො අනිදානං?
මහණෙනි, කෙසේ නම් කාමවිතර්කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, ව්‍යාපාදවිතර්‍කය ප්‍රරත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, විහිංසාවිතර්කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
කාමධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති කාමසඤ්ඤා. කාමසඤ්ඤං පටිච්ච උප්පජ්ජති කාමසංකප්පො. කාමසංකප්පං පටිච්ච උප්පජ්ජති කාමච්ඡන්දො. කාමච්ඡන්දං පටිච්ච උප්පජ්ජති කාමපරිළාහො. කාමපරිළාහං පටිච්ච උප්පජ්ජති කාමපරියෙසනා. කාමපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, කාමධාතුව නිසා කාමසංඥාව උපදී. කාමසංඥාව නිසා කාමසඞ්කල්පය උපදී. කාමසඞ්කල්පය නිසා කාමච්ඡන්දය උපදී. කාමච්ඡන්දය නිසා කාමපරිදාහය උපදී. කාමපරිදාහය නිසා කාමපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, කාමපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
ව්යාපාදධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති ව්යාපාදසඤ්ඤා. ව්යාපාදසඤ්ඤං පටිච්ච උප්පජ්ජති ව්යාපාදසංකප්පො. ව්යාපාදසංකප්පං පටිච්ච උප්පජ්ජති ව්යාපාදච්ඡන්දො. ව්යාපාදච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ව්යාපාදපරිළාහො. ව්යාපාදපරිළාහං පටිච්ච උප්පජ්ජති ව්යාපාදපරියෙසනා. ව්යාපාදපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, ව්‍යාපාදධාතුව නිසා ව්‍යාපාදසංඥාව උපදී. ව්‍යාපාදසංඥාව නිසා ව්‍යාපාදසඞ්කල්පය උපදී. ව්‍යාපාදසඞ්කල්පය නිසා ව්යාපාදච්ඡන්දය උපදී. ව්යාපාදච්ඡන්දය නිසා ව්‍යාපාදපරිදාහය උපදී. ව්‍යාපාදපරිදාහය නිසා ව්‍යාපාදපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, ව්‍යාපාදපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
විහිංසාධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති විහිංසාසඤ්ඤා -පෙ- විහිංසාසංකප්පො -පෙ- විහිංසාඡන්දො -පෙ- විහිංසාපරිළාහො -පෙ- විහිංසාපරියෙසනා -පෙ- විහිංසාපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො අස්සුතවා පුථුජ්ජනො තීහි ඨානෙහි මිච්ඡා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, විහිංසාධාතුව නිසා විහිංසා සංඥාව උපදී … විහිංසාසංකල්පය … විහිංසාඡන්‍දය … විහිංසාපරිදාහය … විහිංසාපර්‍ය්‍යෙෂණාව ... මහණෙනි, විහිංසාපර්‍ය්‍යෙෂණය සොයන නූගත් පුහුදුන් තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් වරදවා පිළිපදී.
සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ආදිත්තං තිණුක්කං සුක්ඛෙ තිණදායෙ නික්ඛිපෙය්ය, නො චෙ හත්ථෙහි ච පාදෙහි ච ඛිප්පමෙව නිබ්බාපෙය්ය. එවං හි භික්ඛවෙ, යෙ තිණකට්ඨනිස්සිතා පාණා, තෙ අනයව්යසනං ආපජ්ජෙය්යුං.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් අවිලගත් තණ හුළක් වියලි තණලැහැබෙක හෙලන්නේ ද, ඉදින් අතින් පයින් වහා නො නිවන්නේ නම් මහණෙනි, මෙසේ තණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත් ද, ඔහු විනාශයට පැමිණෙන්නාහු ය.
එවමෙව ඛො භික්ඛවෙ, යො හි කොචි සමණො වා බ්රාහ්මණො වා උප්පන්නං විසමගතං අකුසලසඤ්ඤං න ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, සො දිට්ඨෙ චෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ උපන්නා වූ විෂම බවට පැමිණි අකුශල සංඥාව වහා ම දුරු නො කෙරේ ද, බැහැර නො කෙරේ ද, අවසන් නො කෙරේ ද, අනුක්රමයෙන් නො ඉපැද්මට නො පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හිත් පීඩා සහිත ව උපායාස සහිත ව පරිදාහ සහිත ව දුකසේ වෙසෙයි. කාබුන් මරණින් මතුත් දුගතිය කැමති විය යුතු යි.
සනිදානං භික්ඛවෙ, උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො නො අනිදානං. සනිදානං උප්පජ්ජති අව්යාපාදවිතක්කො නො අනිදානං. සනිදානං උප්පජ්ජති අවිහිංසාවිතක්කො නො අනිදානං.
මහණෙනි, නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී. අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී. ප්‍රත්‍යය රහිත ව නූපදී.
කථඤ්ච භික්ඛවෙ, සනිදානං උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති අව්යාපාදවිතක්කො නො අනිදානං, සනිදානං උප්පජ්ජති අවිහිංසාවිතක්කො නො අනිදානං?
මහණෙනි, කෙසේ නම් නෛෂ්ක්‍රම්‍යවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අව්‍යාපාදවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද, අවිහිංසාවිතර්‍කය ප්‍රත්‍යය සහිත ව උපදී ද, ප්‍රත්‍යය රහිත ව නූපදී ද?
නෙක්ඛම්මධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මසඤ්ඤා. නෙක්ඛම්මසඤ්ඤං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මසංකප්පො. නෙක්ඛම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මච්ඡන්දො. නෙක්ඛම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මපරිළාහො. නෙක්ඛම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති නෙක්ඛම්මපරියෙසනා. නෙක්ඛම්මපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, නෛෂ්ක්රම්යධාතුව නිසා නෛෂ්ක්‍රම්‍යසංඥාව උපදී. නෛෂ්ක්‍රම්‍යසංඥාව නිසා නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය උපදී. නෛෂ්ක්‍රම්‍යසඞ්කල්පය නිසා නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය උපදී. නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දය නිසා නෛෂ්ක්රම්යපරිදාහය උපදී. නෛෂ්ක්‍රම්‍ය පරිදාහය නිසා නෛෂ්ක්රම්යපර්ය්යෙෂණාව උපදී. නෛෂ්ක්රම්යපර්ය්යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් මනසින් යන තුන් කරුණින් මනා සේ පිළිපදී.
අව්යාපාදධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති අව්යාපාදසඤ්ඤා -පෙ- අව්යාපාදසංකප්පො -පෙ- අව්යාපාදච්ඡන්දො -පෙ- අව්යාපාදපරිළාහො -පෙ- අව්යාපාදපරියෙසනා -පෙ- අව්යාපාදපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, අව්‍යාපාදධාතුව නිසා අව්‍යාපාදසංඥාව උපදී ... අව්යාපාදසංකල්පය … අව්යාපාදච්ඡන්දය … අව්යාපාදපරිදාහය … අව්යාපාදපර්ය්යෙෂණාව … මහණෙනි, අව්යාපාදපර්ය්යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
අවිහිංසාධාතුං භික්ඛවෙ, පටිච්ච උප්පජ්ජති අවිහිංසාසඤ්ඤා. අවිහිංසාසඤ්ඤං පටිච්ච උප්පජ්ජති අවිහිංසාසංකප්පො. අවිහිංසාසංකප්පං පටිච්ච උප්පජ්ජති අවිහිංසාඡන්දො. අවිහිංසාඡන්දං පටිච්ච උප්පජ්ජති අවිහිංසාපරිළාහො. අවිහිංසාපරිළාහං පටිච්ච උප්පජ්ජති අවිහිංසාපරියෙසනා. අවිහිංසාපරියෙසනං භික්ඛවෙ, පරියෙසමානො සුතවා අරියසාවකො තීහි ඨානෙහි සම්මා පටිපජ්ජති: කායෙන වාචාය මනසා.
මහණෙනි, අවිහිංසාධාතුව නිසා අවිහිංසාසංඥාව උපදී. අවිහිංසාසංඥාව නිසා අවිහිංසාසඞ්කල්පය උපදී. අවිහිංසාසඞ්කල්පය නිසා අවිහිංසාඡන්‍දය උපදී. අවිහිංසාඡන්‍දය නිසා අවිහිංසාපරිදාහය උපදී. අවිහිංසාපරිදාහය නිසා අවිහිංසාපර්‍ය්‍යෙෂණය උපදී. මහණෙනි, අවිහිංසාපර්‍ය්‍යෙෂණය කරණ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ කයින් වචනයෙන් සිතින් යන තුන් කරුණින් මැනවින් පිළිපදී.
සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ආදිත්තං තිණුක්කං සුක්ඛෙ තිණදායෙ නික්ඛිපෙය්ය, තමෙනං හත්ථෙහි ච පාදෙහි ච ඛිප්පමෙව නිබ්බාපෙය්ය, එවං හි භික්ඛවෙ, යෙ තිණකට්ඨනිස්සිතා පාණා, තෙ න අනයව්යසනං ආපජ්ජෙය්යුං.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගිනි ගත් තණහුලක් වියලිතණලැහැබෙක බහා ලන්නේ ද, ඒ මේ තණහුළ අතින් පයින් වහා ම නිවන්නේ ද, මහණෙනි, මෙසේ තෘණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු විනාශයට නො පැමිණෙන්නාහු ය.
එවමෙව ඛො භික්ඛවෙ, යො හි කොචි සමණො වා බ්රාහ්මණො වා උප්පන්නං විසමගතං අකුසලසඤ්ඤං ඛිප්පමෙව පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති, සො දිට්ඨෙ චෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස ච භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛාති.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ විෂමබවට පැමිණි උපන් අකුශලසංඥාව වහා ම දුරු කෙරේ ද, බැහැර කෙරේ ද, මුලුසුන් කෙරේ ද, නැවත නො හටගන්නා බවට පමුණුවා ද, හෙතෙමේ මේ අත්බැව්හි ද පීඩා රහිත ව ආයාස රහිත ව පරිදාහ රහිත ව සුවසේ වෙසෙයි කාබුන් මරණින් මතු ද සුගතිය කැමති විය යුතු යි.