යෙදුමෙන් කියවන්න

කුසීතමූලකතිකෙකසුත‍්තං

2. 2. 12.

2. 2. 12.

කුසීතමූලකතිකෙකසුත‍්තං

කුසීතමූලකතිකෙක සූත්‍රය

246. සාවත්‍ථියං–

246. සැවැත්නුවර–

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: කුසීතා කුසීතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මුට‍්ඨස‍්සතිනො මුට‍්ඨස‍්සතීහි සද‍්ධිං -පෙ- දුප‍්පඤ‍්ඤා දුප‍්පඤ‍්ඤෙහි සද‍්ධිං -පෙ- ආරද‍්ධවිරියා ආරද‍්ධවිරියෙහි සද‍්ධිං -පෙ- උපට‍්ඨිතසතිනො උපට‍්ඨිතසතීහි සද‍්ධිං -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අතීතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- අනාගතම‍්පි භික‍්ඛවෙ, අද‍්ධානං -පෙ- එතරහිපි භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං -පෙ- කුසීතා -පෙ- මුට‍්ඨස‍්සතිනො -පෙ- දුප‍්පඤ‍්ඤා -පෙ- ආරද‍්ධවිරියා -පෙ- උපට‍්ඨිතසතිනො -පෙ- පඤ‍්ඤවන‍්තො පඤ‍්ඤවන‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.

මහණෙනි, සත්ත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: කුසීතයෝ කුසීතයන් සමග සැසැඳෙත්. එකතු වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තවුන් සමග … නුවණ නැත්තෝ නුවණ නැතවුන් සමග … පිරිපුන් වැර ඇත්තෝ පිරිපුන් වැර ඇත්තවුන් සමග … එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තවුන් සමග ... පැණැතියෝ පැණැත්තවුන් සමඟ සැසැඳෙති, එකතු වෙති. මහණෙනි, අතීතයෙහිදු … මහණෙනි, අනාගතයෙහි දු … මහණෙනි, දැන් වත්මන් හි දු … කුසීතයෝ … සිහි නැතියෝ … නුවණ නැතියෝ … පිරිපුන් වැර ඇතියෝ … සිහි ඇතියෝ … පණැතියෝ පණැත්තන් සමග සැසැඳෙති, එකතු වෙති.

සත‍්තධාතුවග‍්ගො දුතියො.

සත්තධාතු වර්‍ගය දෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

සත‍්තධාතු සනිදානං ගිඤ‍්ජකාවසථෙන ච, හීනාධිමුත‍්ති චඞ‍්කමං සගාථාස‍්සද‍්ධ සත‍්තමං. අස‍්සද‍්ධමූලකා පඤ‍්ච චත‍්තාරි අහිරිකමූලකා,අනොත‍්තාපමූලකා තීණි දුවෙ අප‍්පස‍්සුතෙන චකුසීතං එකකං වුත‍්තං සුත‍්තන‍්තා තීණි පඤ‍්චකාති

සත්තධාතු, සනිදාන සූත්‍ර සහ ගිඤ්ජකාවසථ, හීනාධිමුත්ති, වඞ්කම, සගාථ සූත්‍ර ද, සත්වැනි අස්සධ සූත්‍රය ද, අස්සද්ධමූලකතික පස ද, අහිරිකමූලකතික සතර ද, අනොත්තාපමූලකතික තුණ ද, අප්පස්සුතමූලකතික දෙක ද, කුසීතමුලකතික එක ද යන තික දැක්වෙන සූත්‍ර පස දැ යි මෙසේ සූත්‍රාන්ත (දොළොසෙක්) ද, තික පසළොසෙක් ද වදාරණ ලදි.