අසමාහිතසුත්තං
2. 3. 1.
2. 3. 1.
අසමාහිතසුත්තං
අසමාහිත සූත්රය
247. සාවත්ථියං–
247. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති: අහිරිකා අහිරිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- අසමාහිතා අසමාහිතෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … අසමාහිත (උපචාර-අපර්ණා සමාධි රහිත)යෝ අසමාහිතයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- සමාහිතා සමාහිතෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සමාහිතයෝ සමාහිතයන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 2.
2. 3. 2.
දුස්සීලසුත්තං
දුස්සීල සූත්රය
248. සාවත්ථියං–
248. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: අස්සද්ධා අස්සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අහිරිකා අහිරිකෙහි සද්ධිං -පෙ- අනොත්තාපිනො අනොත්තාපීහි සද්ධිං -පෙ- දුස්සීලා දුස්සීලෙහි සද්ධිං -පෙ- දුප්පඤ්ඤා දුප්පඤ්ඤෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: සැදැහැ නැත්තෝ සැදැහැ නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තවුන් සමග … පවට බිය නැත්තෝ පවට බිය නැත්තවුන් සමග … දුස්සීලයෝ දුස්සසීලයන් සමග … දුෂ්ප්රාඥයෝ දුෂ්ප්රාඥයන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සද්ධා සද්ධෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. හිරිමනා හිරිමනෙහි සද්ධිං -පෙ- ඔත්තාපිනො ඔත්තාපීහි සද්ධිං -පෙ- සීලවන්තො සීලවන්තෙහි සද්ධිං -පෙ- පඤ්ඤවන්තො පඤ්ඤවන්තෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
සැදැහැත්තෝ සැදැහැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තවුන් සමග … පාපභීරුකයෝ පාපභීරුකයන් සමග … සිල්වත්තු සිල්වතුන් සමග … පැණැත්තෝ පැණැත්තවුන් සමග සැසැඳෙති, එකතු වෙති යි.
2. 3. 3.
2. 3. 3.
පඤ්චසික්ඛාපදසුත්තං
පඤ්චසික්ඛාපද සූත්රය
249. සාවත්ථියං–
249. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති. පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදායිනො අදින්නාදායීහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරයො කාමෙසු මිච්ඡාචාරීහි සද්ධිං -පෙ- මුසාවාදිනො මුසාවාදීහි සද්ධිං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනො සුරාමෙරයමජ්ජපමාදට්ඨායීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන්ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කරන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදානා පටිවිරතා අදින්නාදානා පටිවිරතෙහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතෙහි සද්ධිං -පෙ- මුසාවාදා පටිවිරතා මුසාවාදා පටිවිරතෙහි සද්ධිං -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවෝ අන්සතු දෑ ගැන්මෙන් වෙන් වූවන් සමග … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවන් සමග … මුසවා බිණුමෙන් වෙන් වූවෝ මුසවා බිණුමෙන් වෙන් වූවන් සමග … පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවෝ පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පානය කිරීමෙන් වෙන් වූවන් සමග සැසැඳෙති, එකතු වෙතී යි.
2. 3. 4.
2. 3. 4.
සත්තකම්මපථසුත්තං
සත්තකම්මපථ සූත්රය
250. සාවත්ථියං–
250. සැවැත්නුවර–
ධාතුසොව භික්ඛවෙ, සත්තා සංසන්දන්ති සමෙන්ති: පාණාතිපාතිනො පාණාතිපාතීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති. අදින්නාදායිනො අදින්නාදායීහි සද්ධිං -පෙ- කාමෙසු මිච්ඡාචාරිනො කාමෙසු මිච්ඡාචාරීහි සද්ධිං -පෙ- මුසාවාදිනො මුසාවාදීහි සද්ධිං -පෙ- පිසුණවාචා පිසුණවාචෙහි සද්ධිං -පෙ- ඵරුසවාචා ඵරුසවාචෙහි සද්ධිං -පෙ- සම්ඵප්පලාපිනො සම්ඵප්පලාපීහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.
මහණෙනි, සත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අන්සතු දැ ගන්නෝ අන්සතු දැ ගන්නවුන් සමග … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නවුන් සමග … මුසවා බණන්නෝ මුසවා බණන්නවුන් සමග … පිසුණුබස් බණන්නෝ පිසුණුබස් බණන්නවුන් සමග … පරොස්බස් බණන්නෝ පරොස්බස් බණන්නවුන් සමග … හිස්බස් බණන්නෝ හිස්බස් බණන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
පාණාතිපාතා පටිවිරතා -පෙ- අදින්නාදානා පටිවිරතා -පෙ- කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා -පෙ- මුසාවාදා පටිවිරතා -පෙ- පිසුණාය වාචාය පටිවිරතා -පෙ- ඵරුසාය වාචාය පටිවිරතා -පෙ- සම්ඵප්පලාපා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්තීති.
පණිවායෙන් වෙන් වූවෝ … අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ … පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ හිස්බස් බිණුමෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්. එකතු වෙති යි.