යෙදුමෙන් කියවන්න

1-2. අසමාහිතසුත‍්තාදිවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1-2. අසමාහිතසුත‍්තාදිවණ‍්ණනා

1-2. අසමාහිත ආදි සූත්‍ර වර්ණනා

ඉතො පරෙසු පඨමං අස‍්සද‍්ධාදිපඤ‍්චකවසෙන වුත‍්තං, තථා දුතියං. පඨමෙ පන අසමාහිතපදං චතුත්‍ථං, දුතියෙ දුස‍්සීලපදං. එවං වුච‍්චමානෙ බුජ‍්ඣනකපුග‍්ගලානං අජ‍්ඣාසයෙන හි එතානි වුත‍්තානි. එත්‍ථ අසමාහිතාති උපචාරප‍්පනාසමාධිරහිතා. දුස‍්සීලාති නිස‍්සීලා. පඨමදුතියානි.

ඉන් අනතුරුව එන පළමු සූත්‍රයේ - අශ්‍රද්ධාව ආදී කරුණු පංචක වශයෙන් කියන ලදී. දෙවන සූත්‍රයේ ද එසේමය. පළමු උපචාර අර්පණාදී සමාධි රහිත වූ අසමාහිත පද සතරකි. දෙවැනි සූත්‍රයේ දුස්සීල පදය ද යෙදේ. මෙම සූත්‍ර අවබෝධ කරගන්නා වූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් මෙලෙස සූත්‍ර දෙකක් දේශනා කරන ලදී. මෙහි “අසමාහිත” යනු උපචාර අර්පණාදී සමධියෙන් තොර වූ යනුයි. “දුස්සීලා” යනු සිල්නැති බවයි.

3-4. පඤ‍්චසික‍්ඛාපදසුත‍්තාදිවණ‍්ණනා

3-4. පඤ්චසික්ඛාපද ආදි සූත්‍ර වර්ණනා

තතියං පඤ‍්චකම‍්මපථවසෙන බුජ‍්ඣනකානං අජ‍්ඣාසයවසෙන වුත‍්තං, චතුත්‍ථං සත‍්තකම‍්මපථවසෙන, පඤ‍්චමං දසකම‍්මපථවසෙන. තත්‍ථ තතියෙ සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨායිනොති සුරාමෙරයසඞ‍්ඛාතං මජ‍්ජං යාය පමාදචෙතනාය පිවන‍්ති, සා “සුරාමෙරයමජ‍්ජප‍්පමාදො”ති වුච‍්චති, තස‍්මිං තිට‍්ඨන‍්තීති සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨායිනො. අයං තාවෙත්‍ථ අසාධාරණපදස‍්ස අත්‍ථො.

තෙවන සූත්‍රය - පස් කර්මපථ වශයෙන් අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදී. සතරවන සූත්‍රය සත් කර්මපථ වශයෙන් දේශිතය. පස්වන සූත්‍රය දශ කර්මපථ වශයෙන් දෙසන ලදී. එහි තෙවැනි සූත්‍රයේ “සුරාමේරය මජ්ජපමාදට්ඨායිනො” යනු “රහමෙර” නම් වූ මදයට ප්‍රමාදයට හේතු වූ මත්වීමේ සිතෙන් පානය කරති. එය මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙර යැ”යි කියනු ලැබේ. එහි යෙදුනෝ “රහමෙර පානය කරනෝ” නම් වෙති. අමුතු පදයකට ඇත්තේ මෙම පදය පමණි. සෙසු පදයන්හි අර්ථ ඉතා ප්‍රකටය.