යෙදුමෙන් කියවන්න

5. දසකම‍්මපථසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

5. දසකම‍්මපථසුත‍්තවණ‍්ණනා

5. දසකම්මපථ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ පාණං අතිපාතෙන‍්තීති පාණාතිපාතිනො, පාණඝාතිකාති අත්‍ථො. අදින‍්නං ආදියන‍්තීති අදින‍්නාදායිනො, පරස‍්සහාරිනොති අත්‍ථො. වත්‍ථුකාමෙසු කිලෙසකාමෙන මිච‍්ඡා චරන‍්තීති කාමෙසුමිච‍්ඡාචාරිනො. මුසා වදන‍්තීති මුසාවාදිනො, පරෙසං අත්‍ථභඤ‍්ජකං තුච‍්ඡං අලිකං වාචං භාසිතාරොති අත්‍ථො. පිසුණා වාචා එතෙසන‍්ති පිසුණවාචා. මම‍්මච‍්ඡෙදිකා ඵරුසා වාචා එතෙසන‍්ති ඵරුසවාචා. සම‍්ඵං නිරත්‍ථකං වචනං පලපන‍්තීති සම‍්ඵප‍්පලාපිනො. අභිජ‍්ඣායන‍්තීති අභිජ‍්ඣාලුනො, පරභණ‍්ඩෙ ලුබ‍්භනසීලාති අත්‍ථො. බ්‍යාපන‍්නං පූතිභූතං චිත‍්තමෙතෙසන‍්ති බ්‍යාපන‍්නචිත‍්තා. මිච‍්ඡා පාපිකා විඤ‍්ඤුගරහිතා එතෙසං දිට‍්ඨීති මිච‍්ඡාදිට‍්ඨිකා, කම‍්මපථපරියාපන‍්නාය “නත්‍ථි දින‍්න”න‍්තිආදිවත්‍ථුකාය මිච‍්ඡත‍්තපරියාපන‍්නාය අනිය්‍යානිකදිට‍්ඨියා සමන‍්නාගතාති අත්‍ථො. සම‍්මා සොභනා විඤ‍්ඤුපසත්‍ථා එතෙසං දිට‍්ඨීති සම‍්මාදිට‍්ඨිකා, කම‍්මපථපරියාපන‍්නාය “අත්‍ථි දින‍්න”න‍්තිආදිකාය කම‍්මස‍්සකතදිට‍්ඨියා සම‍්මත‍්තපරියාපන‍්නාය මග‍්ගදිට‍්ඨියා ච සමන‍්නාගතාති අත්‍ථො. ඉදං තාවෙත්‍ථ අනුත‍්තානානං පදානං පදවණ‍්ණනාමත‍්තං.

පස්වන සූත්‍රයේ-“ප්‍රාණය වේගයෙන් හෙළයි” යනු “පාණාතිපාතිනො” නම් වේ. “පරපණ නසයි” යන අර්ථයයි. “නුදුන්දේ ගනියි” යනු “අදින්නා දායිනො” නම් වේ. “අනුන්ගේ දේ ගනියි” යන අර්ථයයි. වස්තු කාමයෙහිත් ක්ලේශ කාමයෙහිත් වැරදි හැසිරීම් ඇත්තේ “කාමෙසු මිචඡාචාරිනො” නම් වේ. බොරු කියයි. රවටයි යනු “මුසාවාදිනො” නමි. අන්‍යයන්ගේ යහපත නසන, හිස්-බොරු, පදනමක් නැති වදන් පවසයි. යන අර්ථයයි. කේලාම් කියයි යනු “පිසුණාවාචා” නමි. “මොවුහු මර්මස්ථාන සිඳ දමන ඵරුෂ වදන් ඇත්තෝය” යනු “ඵරුසා වාචා” නමි. ප්‍රලාප, නිරර්ථක වචන කථා කරන්නෝ “සම්ඵප්පලාපිනො”. දැඩිසේ ලෝභ කරන්නෝ “අභිජ්ඣාලුනො” නම් වේ. “අන්‍යන්ගේ සම්පත් පිළිබඳව එල්බෙන ස්වභාව ඇති” යනු “බ්‍යාපත්ත චිත්තා” නමි. “වැරදි පවිටු නුවණැත්තන් විසින් ගැරහු දෘෂ්ටියක් මොවුන්ට ඇත යනු “මිච්ඡාදිට්ඨිකා” නම් වේ. කර්මපථ ඇතුලත් දානයේ විපාක නැත ආදී වශයෙන් දැක්වූ වැරදි දේ ඇතුලත් නිවණට අයත් නොවන දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. යහපත් වූ ශෝභන වූ නැණවතුන් විසින් පසසන ලද මොවුන්ගේ දෘෂ්ටිය යනු “සම්මාදිට්ඨිකා” නම් වේ. කර්මපථයට ඇතුලත් වූ “දානයේ විපාක ඇත” යනාදී කර්මය පිළිබඳව දැක් වූ දැක්මක් සහිත. “නිවැරදි වූ මාර්ග දෘෂ්ටියෙන් යුක්ත වූ” යන අර්ථයයි. මෙය වනාහී පෙර නො පැවසූ පදයන්ගේ වර්ණනාවක් පමණි.

යො පන තෙසං පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසුමිච‍්ඡාචාරො මුසාවාදො පිසුණවාචා ඵරුසවාචා සම‍්ඵප‍්පලාපො අභිජ‍්ඣා බ්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨීති කණ‍්හපක‍්ඛෙ දසවිධො අත්‍ථො හොති. තත්‍ථ පාණස‍්ස අතිපාතො පාණාතිපාතො, පාණවධො පාණඝාතොති වුත‍්තං හොති. පාණොති චෙත්‍ථ වොහාරතො සත‍්තො, පරමත්‍ථතො ජීවිතින්‍ද්‍රියං. තස‍්මිං පන පාණෙ පාණසඤ‍්ඤිනො ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච‍්ඡානගතාදීසු පාණෙසු ඛුද‍්දකෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාසරීරෙ මහාසාවජ‍්ජො. කස‍්මා? පයොගමහන‍්තතාය, පයොගසමත‍්තෙපි වත්‍ථුමහන‍්තතාය. ගුණවන‍්තෙසු මනුස‍්සාදීසු අප‍්පගුණෙ අප‍්පසාවජ‍්ජො, මහාගුණෙ මහාසාවජ‍්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජො, තිබ‍්බතාය මහාසාවජ‍්ජොති වෙදිතබ‍්බො.

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පුසාණාවාචා, සම්ප්‍රප්ඵලාපය, අභිධ්‍යාව, ව්‍යාපාදය හා මිත්‍යා දෘෂ්ටිය යන මේ අකුසල පක්ෂයේ අර්ථය දශවිධ වේ. එහි ප්‍රාණයාගේ වේගවත් වැටීම ප්‍රාණඝාතයයි. ප්‍රාණයක් වදයක් වීම ප්‍රාණඝාත නම් වේ. “ප්‍රාණ” යනු සම්මුති වශයෙන් සත්ත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්ද්‍රියයි. ඒ ප්‍රාණය යන හැඟීම් ඇති සත්ත්වයා කෙරෙහි ජීවත්වීමේ ශක්තිය සිඳ දමන, උපක්‍රම උපදවන කායවාග් වාරයන්ගෙන් එකකින් පවතින වධකමය චේතනාව ප්‍රාණ ඝාතයයි. සියලු ගුණයන්ගෙන් දුරුවූ එය, තිරිසන්ගත කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්ප සාවද්‍ය වේ. මහා ශරීර ඇති සතුන් කෙරෙහි මහා සාවද්‍ය වේ. කුමක් නිසාද? ප්‍රයෝගයේ මහත් බව නිසයි. වස්තුව විශාල වනවිට ඊට යොදන ප්‍රයෝගය ද මහත් වේ. ගුණවත් සත්පුරුෂයකු නම් මහා සාවද්‍ය වේ. අල්ප ගුණ ඇතෙකු නම් අල්ප සාවද්‍ය වේ. මෙහි දී ශරීරය එක සමාන වුවත් ගුණයන් මත තීරණය වේ. කෙලෙස්, උපක්‍රම ආදියේ මෘදුතාවය නිසාද අල්ප සාවද්‍ය වේ. ඒවායේ තියුණු බැවින් මහාසාවද්‍ය වේ.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති – පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති. ඡ පයොගා සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, ථාවරො, විජ‍්ජාමයො, ඉද‍්ධිමයොති. ඉමස‍්මිං පනත්‍ථෙ විත්‍ථාරියමානෙ අතිප‍්පපඤ‍්චො හොති, තස‍්මා තං න විත්‍ථාරයාම, අඤ‍්ඤඤ‍්ච එවරූපං. අත්‍ථිකෙහි පන සමන‍්තපාසාදිකං විනයට‍්ඨකථං (පාරා· අට‍්ඨ· 172) ඔලොකෙත්‍වා ගහෙතබ‍්බො.

ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු පහකි. ප්‍රාණියෙක් වීම, ප්‍රාණියෙක් බව දැනගැනීම, මරණ සිත, ඊට උපක්‍රමයක් යෙදීම, ඒ උපක්‍රමයෙන් මරණයට පත්වීම යන කරුණු පසයි. මෙහි ප්‍රයෝග සයකි. සියතින් කිරීම, අණකර කරවීම, අත්හැරිමේදී ස්ථාවරව සිටීමේදී, විද්‍යාමය වශයෙන් හා ඍද්ධිමය වශයෙනි. මෙලෙස අර්ථ විස්තර කරන කල්හි අතිශයින් ප්‍රමාද වේ. එනිසා වැඩි විස්තර නොපවසමු. දිගු විස්තර කැමැත්තන් විසින් සමන්තපාසාදිකා විනය අටුවාව බලා කරුණු දැනගත යුතුයි.

අදින‍්නස‍්ස ආදානං අදින‍්නාදානං, පරස‍්සහරණං ථෙය්‍යං චොරිකාති වුත‍්තං හොති. තත්‍ථ අදින‍්නන‍්ති පරපරිග‍්ගහිතං, යත්‍ථ පරො යථාකාමකාරිතං ආපජ‍්ජන‍්තො අදණ‍්ඩාරහො අනුපවජ‍්ජො හොති. තස‍්මිං පන පරපරිග‍්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක‍්කමසමුට‍්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින‍්නාදානං. තං හීනෙ පරසන‍්තකෙ අප‍්පසාවජ‍්ජං, පණීතෙ මහාසාවජ‍්ජං. කස‍්මා? වත්‍ථුපණීතතාය. වත්‍ථුසමත‍්තෙ සති ගුණාධිකානං සන‍්තකෙ වත්‍ථුස‍්මිං මහාසාවජ‍්ජං, තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස‍්ස සන‍්තකෙ වත්‍ථුස‍්මිං අප‍්පසාවජ‍්ජං.

නුදුන් දේ ගැනීම අදින්නාදානයයි. අනුන්ගේ දේ ගැනීම සොරකමකි. එහි “නුදුන් දේ” යනු අනුන් විසින් අල්වාගත්. යම්තැනක් අනුන්ගේ කැමැත්ත ඇතිව දඬුවමකට හෝ දොස් නැගීමකට නොහැකිවේද එබඳු අනුන් අයත් වූ තැන්. අනුන් අයත් වස්තු ඒ බව දැන දැන, සොරසිතින් උපක්‍රම උපදවා ගැනීම, අනුන්ගේ පරිත්‍යාග කිරිමක් නොමැතිව ගැනීම අදින්නාදානයයි. ඒ දෙය අනුන් සතු වූ හීන වූ දෙයක් නම් අල්ප සාවද්‍ය වේ. උසස් දෙයක් නම් මහා සාවද්‍ය වේ. කුමක් නිසාද? වස්තුවේ උසස් බව නිසයි. වස්තු සමාන කල්හි ගුණවැඩි අයගේ වස්තුව ගැනීමෙහි මහා සාවද්‍ය වේ. එහි ගුණ අධික බව සලකා බැලේ. ගුණහීනයන්ගේ අයත් වස්තුවෙහි අල්ප සාවද්‍ය වේ.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති – පරපරිග‍්ගහිතං, පරපරිග‍්ගහිතසඤ‍්ඤිතා, ථෙය්‍යචිත‍්තං, උපක‍්කමො, තෙන හරණන‍්ති. ඡ පයොගා සාහත්‍ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්‍යාවහාරො, පසය‍්හාවහාරො, පටිච‍්ඡන‍්නාවහාරො, පරිකප‍්පාවහාරො, කුසාවහාරොති ඉමෙසං අවහාරානං වසෙන පවත‍්තාති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන සමන‍්තපාසාදිකායං (පාරා· අට‍්ඨ· 92) වුත‍්තො.

මෙහිද සම්පූර්ණ විය යුතු කරුණු පහකි. අනුන් අයත් වස්තුවක් වීම, අනුන් අයත් බව දැන සිටීම, සොරකම් කිරීමේ සිත, උපක්‍රමය, එයින් වස්තුව සොයාගැනීම යන පසයි. ප්‍රයෝග හයකි. ඉහත කී ප්‍රයෝග සයම මෙහිදී යෙදේ. එහිද සුපුරුදු පරිදි සොරසිතින් ගැනීම, බලහත්කාරයෙන් ගැනීම, සැගවී ගැනීම, පරිකල්පනයෙන් - අදහසින් ගැනීම හා සීට්ටු වශයෙන් ගැනීම යන මේ සොරාගැනීම් වශයෙන් පවතියි. මේ සංක්‍ෂිප්ත දැක්වීමයි. මේ සියල්ල සවිස්තරව සමන්තපාසාදිකාවෙහි දැක්වේ.

කාමෙසුමිච‍්ඡාචාරොති එත්‍ථ පන කාමෙසූති මෙථුනසමාචාරෙසු. මිච‍්ඡාචාරොති එකන‍්තනින්‍දිතො ලාමකාචාරො. ලක‍්ඛණතො පන අසද‍්ධම‍්මාධිප‍්පායෙන කායද‍්වාරප‍්පවත‍්තා අගමනීයට‍්ඨානවීතික‍්කමචෙතනා කාමෙසුමිච‍්ඡාචාරො. තත්‍ථ අගමනීයට‍්ඨානං නාම පුරිසානං තාව මාතුරක‍්ඛිතා පිතුරක‍්ඛිතා මාතාපිතුරක‍්ඛිතා භාතුරක‍්ඛිතා භගිනිරක‍්ඛිතා ඤාතිරක‍්ඛිතා ගොත‍්තරක‍්ඛිතා ධම‍්මරක‍්ඛිතා සාරක‍්ඛා සපරිදණ‍්ඩාති මාතුරක‍්ඛිතාදයො දස, ධනක‍්කීතා ඡන්‍දවාසිනී භොගවාසිනී පටවාසිනී ඔදපත‍්තකිනී ඔභතචුම‍්බටා දාසී ච භරියා ච කම‍්මකාරී ච භරියා ච ධජාහටා මුහුත‍්තිකාති එතා ධනක‍්කීතාදයො දසාති වීසති ඉත්‍ථියො. ඉත්‍ථීසු පන ද‍්වින‍්නං සාරක‍්ඛසපරිදණ‍්ඩානං, දසන‍්නඤ‍්ච ධනක‍්කීතාදීනන‍්ති ද‍්වාදසන‍්නං ඉත්‍ථීනං අඤ‍්ඤෙ පුරිසා. ඉදං අගමනීයට‍්ඨානං නාම. සො පනෙස මිච‍්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට‍්ඨානෙ අප‍්පසාවජ‍්ජො, සීලාදිගුණසම‍්පන‍්නෙ මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා – අගමනීයවත්‍ථු, තස‍්මිං සෙවනචිත‍්තං, සෙවනප‍්පයොගො, මග‍්ගෙනමග‍්ගපටිපත‍්තිඅධිවාසනන‍්ති. එකො පයොගො සාහත්‍ථිකො එව.

“කාමයෙහි වරදවා හැසිරීම” යන මෙහි - “කාමයෙහි” යනු ලිංගික හැසිරීමයි. “වැරදි හැසිරීම” යනු ඒකාන්තයෙන් නින්දිත වූ ළාමක හැසිරීමකි. ලක්ෂණ වශයෙන් අසනත්ධර්මයේ අදහසින් කායද්වාරයේ පවතින, නොයා යුතු තැන් සොයන සිත - කාමයෙහි වැරදි හැසිරීමයි. එහි “නොයායුතු තැන” නම් පුරුෂයන්ගේ ආරක්ෂාව ඇති, මව ආරක්ෂා කරන, පියා ආරක්ෂා කරන, මාපිය දෙපලම ආරක්ෂා කරන, සෝයුරා රකින, සෝයුරිය රකින, ගෝත්‍රයෙන් ආරක්ෂා වන, ධර්මයෙන් ආරක්ෂා වන, රැකවලින් ආරක්ෂා වන සහ පරිදණ්ඩ සහිත යනාදී ලෙස ස්ත්‍රීහු දසදෙනෙකි. මිලදීගත් දාසිය, කැමැත්තෙන් වසන්නිය, භෝග වාසිනිය, පටවාසිනිය, ඕදපත්තකිනිය, දරණුවේ සැගවුණිය, දාසී භාර්යාව, කම්මකාරි භාර්යාව, කොඩිගත් තැනැත්තිය, නැකැත් කියන්නිය යනාදී දසදෙනෙක් ද වෙති. මේ ස්ත්‍රීන් විසිදෙන අතුරින් පසුව කී දසදෙනා සහ ආරක්ෂා කරන හා පරිදණ්ඩ සහිත යන දෙදෙන සහිත දොළොස් ස්ත්‍රීහු වෙත වෙනත් පුරුෂයකු නොයායුතු වේ. එය නොයායුතු තැනයි. වැරදි හැසිරීම් සහිත සීලාදී ගුණ ඇති නොයායුතු තැන්වලට යෑම - අල්ප සාවද්‍ය වේ. සීලාදී ගුණ සම්පන්න නම් මහා සාවද්‍ය වේ. එහි උපකරණ සතරකි. නොයායුතු වස්තුව සේවනය කිරීමේ සිත, ඇසුරට ප්‍රයෝග කිරීම, මගින් මගට යෑමේ පිළිවෙත, එය ඉවසීම යනු ඒ හතරයි. මෙහි ප්‍රයෝග එකකි. සියතින් තමාම කිරීමයි.

මුසාති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජනකො වචීපයොගො කායප‍්පයොගො වා, විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදනකායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා, මුසාවාදො. අපරො නයො – මුසාති අභූතං අතච‍්ඡං වත්‍ථු. වාදොති තස‍්ස භූතතො තච‍්ඡතො විඤ‍්ඤාපනං. ලක‍්ඛණතො පන අතථං වත්‍ථුං තථතො පරං විඤ‍්ඤාපෙතුකාමස‍්ස තථාවිඤ‍්ඤත‍්තිසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්‍ථං භඤ‍්ජති, තස‍්ස අප‍්පතාය අප‍්පසාවජ‍්ජො, මහන‍්තතාය මහාසාවජ‍්ජො. අපි ච ගහට‍්ඨානං අත‍්තනො සන‍්තකං අදාතුකාමතාය නත්‍ථීතිආදිනයප‍්පවත‍්තො අප‍්පසාවජ‍්ජො, සක‍්ඛිනා හුත්‍වා අත්‍ථභඤ‍්ජනත්‍ථං වුත‍්තො මහාසාවජ‍්ජො. පබ‍්බජිතානං අප‍්පකම‍්පි තෙලං වා සප‍්පිං වා ලභිත්‍වා හසාධිප‍්පායෙන “අජ‍්ජ ගාමෙ තෙලං නදී මඤ‍්ඤෙ සන්‍දතී”ති පූරණකථානයෙන පවත‍්තො අප‍්පසාවජ‍්ජො, අදිට‍්ඨංයෙව පන “දිට‍්ඨ”න‍්තිආදිනා නයෙන වදන‍්තානං මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා හොන‍්ති – අතථං වත්‍ථු, විසංවාදනචිත‍්තං, තජ‍්ජො වායාමො, පරස‍්ස තදත්‍ථවිජානනන‍්ති. එකො පයොගො සාහත්‍ථිකොව. සො කායෙන වා කායපටිබද‍්ධෙන වා වාචාය වා පරවිසංවාදකකිරියාකරණෙ දට‍්ඨබ‍්බො. තාය චෙ කිරියාය පරො තමත්‍ථං ජානාති, අයං කිරියාසමුට‍්ඨාපිකචෙතනාක‍්ඛණෙයෙව මුසාවාදකම‍්මුනා බජ‍්ඣති.

බොරුකීම - මුලාව පෙරටු කරගත් යහපත බිඳදමන කාය-වාග් ප්‍රයෝගය මුසාවාදයයි. රැවටීමේ අදහසින් අනුන් මුලාකිරීමට යෙදු කාය වාග් ප්‍රයෝගයෙහි උපන් සිත මුසාවාදයයි. තවත් ක්‍රමයක් මෙසේය. “මුසා” යනු අසත්‍ය, පදනමක් නැති වස්තුවයි. “වාද” යනු එහි සත්‍ය බවක් පදනමක් පෙන්වීමයි. ලක්‍ෂණ වශයෙන් අසත්‍ය දෙයක් සත්‍ය ලෙස අනුන්ට පෙන්වනු, දන්වනු කැමති පුද්ගලයාගේ එසේ දැනුම්දීම උපදවන සිත මුසාවාදයයි. එය යම් අල්ප වූ අර්ථයක්-යහපතක් බිඳියිද එය අල්ප සාවද්‍ය වේ. මහත් වූ දෙයක් විනාශ කිරීම මහාසාවද්‍ය වේ. තවද ගිහියන්ගේ තමා සන්තකව “නොදෙන කැමැත්තක් නැතැ”යි ඇති වස්තු කෙරෙහි අල්ප සාවද්‍ය වේ. පැවිද්දන්ට අල්ප වූ තෙල් ගිතෙල් ආදියක් ලැබ කවටකම් අදහසින්, “අද ගමේ තෙල් ගගක් ගලන්නේ යැයි සිතමි” ආදී ලෙස පිරවීමේ අදහසින් පවතින කථාව අල්ප සාවද්‍ය වේ. “නොදුටු දෙයක් දකිමි” යි පැවසීම මහාසාවද්‍ය වේ. මෙහි සම්පූර්ණ වියයුතු කරුණු 4කි. අසත්‍ය වූ වස්තුවක් වීම, අනුන් රැවටීමේ සිත, ඊට කරන ප්‍රයෝගය හා ඇසූ පුද්ගලයා පිළිගෙන රැවටී දුකට පත්වීම යනු ඒ හතරයි. මෙහි “තමා විසින්ම කිරීම” (සාහත්ථික) නම් එකම ප්‍රයෝගයක් ඇත. එය කයින්, කයේ බැඳුණු දෙයකින්, වදනින් ආදියෙන් රැවටීම කළ හැකිය. එම ක්‍රියාවන්ගෙන් අදාළ පුද්ගලයා අර්ථය දැනගනියි. මේ ක්‍රියාව (කාය වාග්) පහළ වූ ක්ෂණයෙහිම මුසාවාද කර්මය සිදුවී එය බැඳී පසුපස එයි.

පිසුණවාචාතිආදීසු යාය වාචාය, යස‍්ස තං වාචං භාසති, තස‍්ස හදයෙ අත‍්තනො පියභාවං, පරස‍්ස ච සුඤ‍්ඤභාවං කරොති, සා පිසුණවාචා. යාය පන අත‍්තානම‍්පි පරම‍්පි ඵරුසං කරොති, යා වාචා සයම‍්පි ඵරුසා, නෙව කණ‍්ණසුඛා න හදයඞ‍්ගමා, අයං ඵරුසවාචා. යෙන පන සම‍්ඵං පලපති නිරත්‍ථකං, සො සම‍්ඵප‍්පලාපො. තෙසං මූලභූතා චෙතනාපි පිසුණවාචාදිනාමමෙව ලභති. සා එව ච ඉධ අධිප‍්පෙතාති.

යම් වදනකින් අනිකකුගේ වචනයක් ප්‍රකාශවේද, එය අසන්නාගේ සිතින් තමා කෙරේ ප්‍රියතාවයකුත් අනිකා කෙරෙහි ශුන්‍ය භාවයකුත් (වෛරයක් වැනි) ඇතිකරයි ද එය “පිසුණාවාචා” නම් වේ. යම් වචනයක් පවසනවිට කියන්නාත්-අසන්නාත්, පරුෂ-රෞද්‍ර බවට පත්වේද වදන ද ස්වභාවයෙන් පරුෂ ද කණට අප්‍රිය වේද හෘදයංගම නොවේද ඒ “ඵරුසා වාචා” නම් වේ. යමකු විසින් හිස්වූවක් කියයිද නිරර්ථක දෙයක් කියයිද එය සම්ප්‍රප්ඵලාපයයි. “සම්ඵප්පලාපා”. මේ ක්‍රියා කරන්නන්ගේ චේතනාවද “පිසුණාවාච” යනාදී නාමයන් ම ලබයි. එම චේතනාව ම මෙහිදී අදහස් විය.

තත්‍ථ සංකිලිට‍්ඨචිත‍්තස‍්ස පරෙසං වා භෙදාය, අත‍්තනො පියකම්‍යතාය වා කායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා පිසුණවාචා. සා යස‍්ස භෙදං කරොති, තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා. තස‍්සා චත‍්තාරො සම‍්භාරා – භින්‍දිතබ‍්බො පරො, ඉති ඉමෙ නානා භවිස‍්සන‍්ති, විනා භවිස‍්සන‍්තීති භෙදපුරෙක‍්ඛාරතා, ඉති අහං පියො භවිස‍්සාමි විස‍්සාසිකොති පියකම්‍යතා වා, තජ‍්ජො වායාමො, තස‍්ස තදත්‍ථවිජානනන‍්ති.

එහි කිලිටි සිතින් අනුන් බිඳවීමටත්, තමා ප්‍රියවීමටත්, කාය-වාග් ප්‍රයෝගයෙන් හටගත් චේතනාව “පිසුණාවාචා” නම් වේ. ඉන් අල්ප ගුණ ඇත්තෙකු භේද කරයි නම් “අල්ප සාවද්‍ය” වේ. මහත් ගුණ ඇත්තකු නම් “මහා සාවද්‍ය” වේ. එහි සම්පූර්ණ විය යුතු කරුණු හතරකි. අනුන් බිඳලීමේ අදහස - “මොවහු වෙනස් වෙත්වා, වෙන්ව සිටිත්වා” යන භේද කිරීමේ අදහස, “මමම ප්‍රිය වෙමි.-විශ්වාසයට යමි” යන සිත, ඊට උත්සාහ කිරීම, ඔහුගේ අදහස දැනගෙන භේදවීම යන සතරයි.

පරස‍්ස මම‍්මච‍්ඡෙදකකායවචීපයොගසමුට‍්ඨාපිකා එකන‍්තඵරුසචෙතනා ඵරුසවාචා. තස‍්සා ආවිභාවත්‍ථමිදං වත්‍ථු –

අන්‍යයන්ගේ මර්මස්ථාන සිඳීමට සමත් කාය-වාග් ප්‍රයෝගයෙන් හටගත්, ඒකාන්ත පරුෂ වූ චේතනාව “ඵරුසාවාචා” නම් වේ. එහි අර්ථ මැනවින් වටහා ගැනීමට මේ කථා වස්තුව සුදුසු ය.

එකො කිර දාරකො මාතු වචනං අනාදියිත්‍වා අරඤ‍්ඤං ගච‍්ඡති. මාතා තං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තී, “චණ‍්ඩා තං මහිංසී අනුබන්‍ධතූ”ති අක‍්කොසි. අථස‍්ස තථෙව අරඤ‍්ඤෙ මහිංසී උට‍්ඨාසි. දාරකො, “යං මම මාතා මුඛෙන කථෙසි, තං මා හොතු, යං චිත‍්තෙන චින‍්තෙසි, තං හොතූ”ති සච‍්චකිරියං අකාසි. මහිංසී තත්‍ථෙව බද‍්ධා විය අට‍්ඨාසි. එවං මම‍්මච‍්ඡෙදකොපි පයොගො චිත‍්තසණ‍්හතාය ඵරුසවාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත‍්තකෙ එවං වදන‍්ති – “චොරා වො ඛණ‍්ඩාඛණ‍්ඩිකං කරොන‍්තූ”ති, උප‍්පලපත‍්තම‍්පි ච නෙසං උපරි පතන‍්තං න ඉච‍්ඡන‍්ති. ආචරියුපජ‍්ඣායා ච කදාචි නිස‍්සිතකෙ එවං වදන‍්ති – “කිං ඉමෙ අහිරිකා අනොත‍්තප‍්පිනො චරන‍්ති, නිද‍්ධමථ නෙ”ති. අථ ච නෙසං ආගමාධිගමසම‍්පත‍්තිං ඉච‍්ඡන‍්ති. යථා ච චිත‍්තසණ‍්හතාය ඵරුසවාචා න හොති, එවං වචනසණ‍්හතාය අඵරුසවාචාපි න හොති. න හි මාරාපෙතුකාමස‍්ස “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසවාචා හොති. චිත‍්තඵරුසතාය පනෙසා ඵරුසවාචාව. සා යං සන්‍ධාය පවත‍්තිතා, තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා. තස‍්සා තයො සම‍්භාරා – අක‍්කොසිතබ‍්බො පරො, කුපිතචිත‍්තං, අක‍්කොසනාති.

එක් දරුවෙක් මවගේ වචනය නො අසා කැලයට යයි. මව ඔහු නැවැත්වීමට නොහැකි වූවා - “එම්බල, අකීකරු දරුව! තා මීහරක් දෙනක් ලුහුබඳීවා!”යි කියා කෑ ගෑවාය. කැලයේ ඈතට ගිය ඔහු පසුපස මව කී ලෙසම මීගව දෙනක් එළවාගෙන ආවාය. එවිට දරුවා “මගේ මවගේ මුවින් පිට වූ දෙය ඉටුනොවේවා! ඇගේ හදවතින් පැතූ දෙයම ඉටුවේවා!”යි සත්‍යක්‍රියා කළේය. මීදෙන එහිම අල්ලා බැන්දාක් මෙන් නතර වූවාය. මෙසේ මර්මස්ථාන බිඳලන වචනයක් වුවත් සිතේ එරුෂ බවක් නොමැතිව කියන්නේ ද එය පරුෂ වදනක් නොවේ. මවුපියවරු කිසිදිනෙක සිය දූ පුතුන්ට “සොරු නුඹලා කඩකඩ කෙරෙත්වා!යි නොකියති. නොසිතති. උපුල්පතක් පවා ඔවුන් මත වැටීම නො ඉවසති. ආචාර්ය උපාධ්‍යායයෝ ද කිසිදිනෙක තමා යටතේ වෙසෙන සාමණේරවරුන්ට මෙසේ කියති. “කිම මෙසේ ලැජ්ජා නැතුව, බිය නැතුව මෙලෙස හැසිරෙවුද? මෙතැනින් ඉවත්ව යවු” යනුවෙන් මෙසේ වදනින් කියුවත් සිතින් සාමණේරවරුන්ගේ මාර්ගාධිගමනය ම, සැපතට කැමති වෙති. යසේ සිතේ මෘදුභාවය ඇතිව කියූ වදන ඵරුෂ වචනයක් නොවන්නේද එලෙසින්ම වචනයේ මෘදු මොලොක් වූ සිතේ ඵරුෂ වූ ප්‍රිය වචනය ද ප්‍රියවචනයක් නොවේ. යමෙක් මරණු කැමති සිතින් “මෙහි සුවසේ සැතපෙව”යි යන වදන් කීම පරුෂ වචනයකි. සිතේ ඇති පරුෂ බව නිසා එය ඵරුෂ වචනයක් වේ. යම් පරුෂ වචනයකට ලක්වූ පුද්ගලයා තුල අල්ප ගුණ වේනම් එය අල්ප සාවද්‍ය වේ. මහත්වූ ගුණ ඇත්තෙකුට පැවසූයේ නම් මහා සාවද්‍ය වේ. මෙහිදී සම්පූර්ණ වියයුතු කරුණු තුනකි. “අන්‍යයකුට අක්‍රෝශ කළයුතු වීම, කෝප සිත, අක්‍රෝශ කිරීම යන කරුණු තුනයි.

අනත්‍ථවිඤ‍්ඤාපිකා කායවචීපයොගසමුට‍්ඨාපිකා අකුසලචෙතනා සම‍්ඵප‍්පලාපො. සො ආසෙවනමන්‍දතාය අප‍්පසාවජ‍්ජො, ආසෙවනමහන‍්තතාය මහාසාවජ‍්ජො. තස‍්ස ද‍්වෙ සම‍්භාරා – භාරතයුද‍්ධ-සීතාහරණාදි-නිරත්‍ථකකථා-පුරෙක‍්ඛාරතා, තථාරූපීකථාකථනඤ‍්චාති.

අනර්ථය අවබෝධ කරවන වාග් ප්‍රයෝගයෙන් හටගත් අකුසල චේතනාව සම්ප්‍රප්ඵලාඵයයි. එය අල්පව ඇසුරු කිරීමෙන් අල්ප සාවද්‍ය වේ. මහසේ එහි යෙදීම මහා සාවද්‍ය වේ. මෙහිදී සම්පූර්ණ වියයුතු කරුණු දෙකකි. භාරත යුද්ධ-සීතා පැහැරගැනීම් ආදී නිරර්ථක කථා පෙරටුකරගත් කථා කීම හා ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම.

අභිජ‍්ඣායතීති අභිජ‍්ඣා. පරභණ‍්ඩාභිමුඛී හුත්‍වා තන‍්නින‍්නතාය පවත‍්තතීති අත්‍ථො. සා “අහො වතිදං මමස‍්සා”ති එවං පරභණ‍්ඩාභිජ‍්ඣායනලක‍්ඛණා අදින‍්නාදානං විය අප‍්පසාවජ‍්ජා මහාසාවජ‍්ජා ච. තස‍්සා ද‍්වෙ සම‍්භාරා පරභණ‍්ඩං අත‍්තනො පරිණාමනඤ‍්ච. පරභණ‍්ඩවත්‍ථුකෙ හි ලොභෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති, යාව න “අහො වතිදං මමස‍්සා”ති අත‍්තනො පරිණාමෙතීති.

“දැඩිසේ ලෝභ කිරීම” - “අභිජ්ඣා” නම් වේ. අනුන්ගේ භාණ්ඩවලට ආශාවෙන් ඒවා තමා සතු වේවායි පවතින කැමැත්ත. “අනේ මෙය මට වේවා”යි අනුන්ගේ බඩු පිළිබඳ දැඩි ලෝභ කිරීම මෙහි ඇති ලක්‍ෂණයයි. අදින්නාදානාදියේ මෙන් මෙය ද අල්පසාවද්‍ය හා මහා සාවද්‍ය වේ. මෙහිදී සම්පූර්ණ විය යුතු කරුණු දෙකකි. අන්‍යයන් සතු භාණ්ඩයක් පැවතීමත්, එය තමා සතු කරගැනීමත් ය. අන්‍ය දේපල පිළිබඳ දැඩි තණ්හාව ඇතිවී යම්තාක් “අනේ මට සම්පත් අයත් වේවා!”යි තමා අයත් කර නොගනියිද ඒතාක් කර්මපථය භේද නොවේ.

හිතසුඛං බ්‍යාපාදයතීති, බ්‍යාපාදො. සො පරවිනාසාය මනොපදොසලක‍්ඛණො. ඵරුසවාචා විය අප‍්පසාවජ‍්ජො මහාසාවජ‍්ජො ච. තස‍්ස ද‍්වෙ සම‍්භාරා පරසත‍්තො ච, තස‍්ස ච විනාසචින‍්තා. පරසත‍්තවත්‍ථුකෙ හි කොධෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති, යාව න “අහො වතායං උච‍්ඡිජ‍්ජෙය්‍ය විනස‍්සෙය්‍යා”ති තස‍්ස විනාසං චින‍්තෙති.

හිත සුවපත් ගතියට ද්වේෂ කිරීම ව්‍යාපාදයයි. එය අනුන් වැනසීමට කැමති ලක්ෂණයයි. ඵරුස වචනය මෙන් මෙය ද අල්ප සාවද්‍ය හා මහා සාවද්‍ය වේ. එහි සම්පූර්ණ විය යුතු කරුණු දෙකකි. වෙනත් සත්ත්වයකු සිටීමත් ඔහු විනාශ කරන සිතත්ය. වෙනත් සත්ත්වයකු පිළිබඳ ක්‍රෝධය උපන් කල්හි යම්තාක් කල් “අනේ මොහු විනාශ වන්නේ නම් සිඳී යන්නේ නම් යෙහෙකි” යනුවෙන් විනාශය නොපතන්ද ඒ දක්වා කර්මපථ භේදය නොවේ.

යථාභුච‍්චගහණාභාවෙන මිච‍්ඡා පස‍්සතීති මිච‍්ඡාදිට‍්ඨි. සා “නත්‍ථි දින‍්න”න‍්තිආදිනා නයෙන විපරීතදස‍්සනලක‍්ඛණා සම‍්ඵප‍්පලාපො විය අප‍්පසාවජ‍්ජා මහාසාවජ‍්ජා ච. අපි ච අනියතා අප‍්පසාවජ‍්ජා, නියතා මහාසාවජ‍්ජා. තස‍්සා ද‍්වෙ සම‍්භාරා – වත්‍ථුනො ච ගහිතාකාරවිපරීතතා යථා ච නං ගණ‍්හාති, තථාභාවෙන තස‍්සා උපට‍්ඨානන‍්ති.

තත්වූ පරිද්දෙන් ගැනීමක් නොමැති හෙයින් “වැරදි ලෙස දකියි” යනු මිත්‍යාදෘෂ්ඨියයි. එහි “දානයේ විපාක නැත” යනාදී වශයෙන් පවතින විපරීත ලක්ෂණයයි. මෙහි අල්ප හා මහා සාවද්‍ය වීම සම්පප්ඵලාපයේ කියූ ලෙස දතයුතුයි. නියමක් නොවූ විට අල්ප සාවද්‍ය වේ. නියමිත පැනවීමක් නම් මහා සාවද්‍ය වේ. මෙය සම්පූර්ණ වීමට ද අවශ්‍ය වන කරුණු දෙකකි. වස්තුවත් (කාරණයක්) එය පිළිගන්නා ආකාරයේ විපරීත බවත් යන දෙකයි. ඔහු පිළිගන්නා (වස්තුව) ආකාරයෙන් ම ඔහුට කරුණු අවබෝධ වේ.

ඉමෙසං පන දසන‍්නං අකුසලකම‍්මපථානං ධම‍්මතො කොට‍්ඨාසතො ආරම‍්මණතො වෙදනාතො මූලතොති පඤ‍්චහාකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථ ධම‍්මතොති එතෙසු හි පටිපාටියා සත‍්ත චෙතනාධම‍්මාව හොන‍්ති, අභිජ‍්ඣාදයො තිස‍්සො චෙතනාසම‍්පයුත‍්තා. කොට‍්ඨාසතොති පටිපාටියා සත‍්ත, මිච‍්ඡාදිට‍්ඨි චාති ඉමෙ අට‍්ඨ කම‍්මපථා එව හොන‍්ති, නො මූලානි, අභිජ‍්ඣාබ්‍යාපාදා කම‍්මපථා චෙව මූලානි ච. අභිජ‍්ඣා හි මූලං පත්‍වා ලොභො අකුසලමූලං හොති, බ්‍යාපාදො දොසො අකුසලමූලං.

මේ දශ අකුශල කර්මපථ ධර්ම වශයෙන්, කොට්ඨාශ වශයෙන්, ආරම්මණ වශයෙන්, වේදනා වශයෙන් හා මූල වශයෙන් යන පස් ආකාරයෙන් විනිශ්චය දතයුතුයි. එහි - ධර්ම වශයෙන් පිළිවෙලින් සප්ත චේතනා ධර්ම වේ. අභිධ්‍යාදී ත්‍රිවිධ චේනාවන්ගෙන් යුක්තය. කොට්ඨාශ වශයෙන් යනු පිළිවෙලින් සප්ත මිථ්‍යා දෘෂ්ටියයි. යන මුල් නොවූ අටවැදෑරුම් කමපථයෝ ම වෙති. අභිධ්‍යාව, ව්‍යපාදය යන කර්මපථයෝ ම මෙහිදී මූලික වෙති. අභිධ්‍යාව දස අකුශල ලෝභ අකුශල මූලයකි. ව්‍යාපාදය ද්වේෂ අකුශල මූලයකි. මිත්‍යාදෘෂ්ටිය මෝහ අකුශල මූලයකි.

ආරම‍්මණතොති පාණාතිපාතො ජීවිතින්‍ද්‍රියාරම‍්මණතො සඞ‍්ඛාරාරම‍්මණො හොති, අදින‍්නාදානං සත‍්තාරම‍්මණං වා සඞ‍්ඛාරාරම‍්මණං වා, මිච‍්ඡාචාරො ඵොට‍්ඨබ‍්බවසෙන සඞ‍්ඛාරාරම‍්මණොව, සත‍්තාරම‍්මණොතිපි එකෙ. මුසාවාදො සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා, තථා පිසුණවාචා. ඵරුසවාචා සත‍්තාරම‍්මණාව. සම‍්ඵප‍්පලාපො දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතවසෙන සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා, තථා අභිජ‍්ඣා. බ්‍යාපාදො සත‍්තාරම‍්මණොව. මිච‍්ඡාදිට‍්ඨි තෙභූමකධම‍්මවසෙන සඞ‍්ඛාරාරම‍්මණා.

ආරම්මණ වශයෙන් - ප්‍රාණඝාතය ජීවිතින්ද්‍රිය ආරම්මණයක් හෝ සංස්කාර ආරම්මණයක් වේ. අදින්නාදානය සප්තාරම්මණයක් හෝ සංස්කාරාරම්මණයක් වේ. මිත්‍යාචාරය ස්පර්ශ වශයෙන් සංස්කාරාරම්මණයක් මය. ඇතැම්හු සප්තාරම්මණයෙකැයි පවසති. මුසාවාදය සප්තාරම්මණයක් හෝ සංස්කාරාරම්මණයක් වේ. එසේම පිසුනාවාචයත්, ඵරුෂාවාචයත් සප්තාරම්මණම වේ. සම්ප්‍රප්ඵලාපය දුටු-ඇසූ-ගෑවුණු ලෙස දැනගැනීම් වශයෙන් සප්තාරම්මණයක් හෝ සංකාරාරම්මණයක් වේ. අභිධ්‍යාව ද එසේමය. ව්‍යාපාදයෙහි සප්තාරම්මණය පමණක් ඇත. මිත්‍යා දෘෂ්ටිය ත්‍රෛභූමික ධර්ම වශයෙන් සංස්කාරාරම්මණයක් වේ.

වෙදනාතොති පාණාතිපාතො දුක‍්ඛවෙදනො හොති. කිඤ‍්චාපි හි රාජානො චොරං දිස‍්වා හසමානාපි “ගච‍්ඡථ නං ඝාතෙථා”ති වදන‍්ති, සන‍්නිට‍්ඨාපකචෙතනා පන නෙසං දුක‍්ඛසම‍්පයුත‍්තාව හොති. අදින‍්නාදානං තිවෙදනං, මිච‍්ඡාචාරො සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනො, සන‍්නිට‍්ඨාපකචිත‍්තෙ පන මජ‍්ඣත‍්තවෙදනො න හොති. මුසාවාදො තිවෙදනො, තථා පිසුණවාචා ඵරුසවාචා දුක‍්ඛවෙදනා, සම‍්ඵප‍්පලාපො තිවෙදනො, අභිජ‍්ඣා සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනා, තථා මිච‍්ඡාදිට‍්ඨි. බ්‍යාපාදො දුක‍්ඛවෙදනො.

වේදනා වශයෙන් යනු ප්‍රාණඝාතයෙන් දුක් වේදනාව වේ. රජවරු සොරෙකු දැක සිනාසෙමින් වුවත් - “යවු. මොහු මරව”යි කියති. ඔවුන්ගේ අධිෂ්ඨාන චේතනාව දුකින් යුක්තමය. අදින්නාදානයේ ද වේදනා තුනකි. [missing here] ඵරුෂ වචනයෙහි දුක් වේදනාව ඇත. සම්පප්ඵලාපයෙහි වේදනා තුනකි. අභිධ්‍යාවෙහි සුඛ හා මධ්‍යස්ථ ලෙස වේදනා දෙකකි. මිත්‍යා දෘෂ්ටියෙහි ද එසේය. ව්‍යාපාදයේ දුක් වේදනාව පමණක් ඇත.

මූලතොති පාණාතිපාතො දොසමොහවසෙන ද‍්විමූලකො හොති, අදින‍්නාදානං දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා, මිච‍්ඡාචාරො ලොභමොහවසෙන. මුසාවාදො දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා, තථා පිසුණවාචා සම‍්ඵප‍්පලාපො ච. ඵරුසවාචා දොසමොහවසෙන, අභිජ‍්ඣා මොහවසෙන එකමූලා, තථා බ්‍යාපාදො. මිච‍්ඡාදිට‍්ඨි ලොභමොහවසෙන ද‍්විමූලාති.

මූල වශයෙන් ප්‍රාණඝාතයෙහි දෝස-මෝහ වශයෙන් මූල දෙකකි. අදින්නාදානයේ දෝස මෝහ ලෙස හෝ ලෝභ-මෝහ ලෙස මූල දෙකකි. මිත්‍යචාරයෙහි ලෝභ-මෝහ වශයෙන් මූල දෙකකි. පිසුනාවාචයෙහිත් සම්ප්‍රප්ඵලාපයෙහිත් එසේම ය. පරුෂ වචනයේ දෝස-මෝහ වශයෙන් මූල දෙකකි. අභිධ්‍යාවෙහි මෝහ වශයෙන් එකම මූලයකි. ව්‍යාපාදත් එසේම වේ. මිත්‍යා දෘෂ්ටියෙහි ලෝභ-මෝහ වශයෙන් මූල දෙකකි.

පාණාතිපාතා පටිවිරතාතිආදීසු පාණාතිපාතාදයො වුත‍්තත්‍ථා එව. යාය පන විරතියා එතෙ පටිවිරතා නාම හොන‍්ති, සා භෙදතො තිවිධා හොති සම‍්පත‍්තවිරති සමාදානවිරති සමුච‍්ඡෙදවිරතීති. තත්‍ථ අසමාදින‍්නසික‍්ඛාපදානං අත‍්තනො ජාතිවයබාහුසච‍්චාදීනි පච‍්චවෙක‍්ඛිත්‍වා “අයුත‍්තං අම‍්හාකං එවරූපං කාතු”න‍්ති සම‍්පත‍්තං වත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සම‍්පත‍්තවිරතීති වෙදිතබ‍්බා සීහළදීපෙ චක‍්කනඋපාසකස‍්ස විය.

“පාණාතිපාතා පටිවිරතා” යනු ප්‍රාණඝාත කිරීම් ආදිය ඉහත පැවැසූ හෙයින් ඒවයින් වැලකීම “පටිවිරතා” නම් වේ. විරතියෙහි (වැලකීමෙහි) කොටස් තුනකි. සම්පත්ත විරතිය, සමාදාන විරතිය හා සමුච්ඡේද විරති යනුවෙනි. එහි සමාදන් වූ ශික්ෂාපදයක් ද තම ජාතිය, වයස, බහුශ්‍රැත බව ආදියත් සිහිකර කර. “මෙලෙස කිරීම අපට නුසුදුසුය”යි පැමිණි වස්තුව නො ඉක්මවන්නන්ට උපදින විරතිය, “සම්පන්න විරතිය” නම් වේ. සිංහල දීපයේ චක්කන උපාසකයාට මෙනි.

තස‍්ස කිර දහරකාලෙයෙව මාතු රොගො උප‍්පජ‍්ජි. වෙජ‍්ජෙන ච “අල‍්ලසසකමංසං ලද‍්ධුං වට‍්ටතී”ති වුත‍්තං. තතො චක‍්කනස‍්ස භාතා “ගච‍්ඡ තාත ඛෙත‍්තං ආහිණ‍්ඩාහී”ති චක‍්කනං පෙසෙසි. සො තත්‍ථ ගතො. තස‍්මිඤ‍්ච සමයෙ එකො සසො තරුණසස‍්සං ඛාදිතුං ආගතො හොති. සො තං දිස‍්වා වෙගෙන ධාවන‍්තො වල‍්ලියා බද‍්ධො “කිරි කිරී”ති සද‍්දමකාසි. චක‍්කනො තෙන සද‍්දෙන ගන‍්ත්‍වා තං ගහෙත්‍වා චින‍්තෙසි “මාතු භෙසජ‍්ජං කරොමී”ති. පුන චින‍්තෙසි – “න මෙතං පතිරූපං, ය‍්වාහං මාතු ජීවිතකාරණා පරං ජීවිතා වොරොපෙය්‍ය”න‍්ති. අථ නං “ගච‍්ඡ අරඤ‍්ඤෙ සසෙහි සද‍්ධිං තිණොදකං පරිභුඤ‍්ජා”ති මුඤ‍්චි. භාතරා ච “කිං තාත සසො ලද‍්ධො”ති? පුච‍්ඡිතො තං පවත‍්තිං ආචික‍්ඛි. තතො නං භාතා පරිභාසි. සො මාතු සන‍්තිකං ගන‍්ත්‍වා, “යතොහං ජාතො, නාභිජානාමි සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙතා”ති සච‍්චං වත්‍වා අට‍්ඨාසි, තාවදෙව චස‍්ස මාතා අරොගා අහොසි.

ඔහු ළමා කාලයේදී ම මවට රෝගයක් ඇතිවිය. වෛද්‍යවරයා විසින් “අමු හාවකුගේ මස් ලැබුනොත් හොඳයැ”යි කියන ලදී. එවිට චක්කනගේ සෝයුරා “දරුව! යන්න. කුඹුරු ලැහැබෙහි ඇවිද බලන්න”යි කියා චක්කන එහි යැවීය. චක්කන කුඹුරට ගොස් බලාසිටින විට එක් හාවෙකු ළපටි ගොයම් කෑමට කුඹුරට බැස සිටියේය. ඌ චක්කන දැක වේගයෙන් දුවන්නේ වැලකින් බැඳුණි. කිරි කිරි ශබ්දයෙන් හැඬුවේය. චක්කන එම ශබ්දය අනුව අවුත් හාවා රැගෙන “මවට බෙහෙත් කරමි”යි සිතුවේය. නැවත තමා ගැන සිහිපත්ව “මගේ මවගේ ජීවත්වීම පිණිස තව කෙනෙකුගේ ජීවිතය පැහැර ගැනීම මාහට තරම් නොවේ. එය මට නොගැලපේ. නුසුදුසු ක්‍රියාවකි. එනිසා නුඹ බේරී පලායව! කැළයේ හාවුන් සමග තණදිය වළඳව!”යි කියා සෙනෙහසින් හාවා මුදාහැරියේය. නිවසට පැමිණි චක්කන දුටු සෝයුරා, “කිම ද දරුව! හාවෙකු ලැබුනේ ද?”යි චක්කනගෙන් විමසීය. චක්කන සිදුවූ පුවත කීවේය. කෝපයට පත් සෝයුරා චක්කනට දෝෂාරෝපණය කළේය. දුක්ඛිත සිතින් මව සමීපයට ගිය චක්කන, “මම උපන් තැන් පටන් දැන දැන සතෙකුගේ ජීවිතය විනාශ නොකළෙමි. ඒ සත්‍ය බලයෙන් මගේ මව සුවපත් වේවා!”යි සත්‍යක්‍රියා කළේය. එකෙණෙහිම මව සුවපත් වූවාය.

සමාදින‍්නසික‍්ඛාපදානං පන සික‍්ඛාපදසමාදානෙ ච තතුත‍්තරි ච අත‍්තනො ජීවිතං පරිච‍්චජිත්‍වා වත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සමාදානවිරතීති වෙදිතබ‍්බා, උත‍්තරවඩ‍්ඪමානපබ‍්බතවාසීඋපාසකස‍්ස විය.

සමාදන් වූ ශික්ෂාපදයන්ගේ ගුණබල සිහිකර, ශික්ෂාපද සමාදානය ම තම ජීවිතයටත් වඩා අගනා බව සලකා, දිවි ගියත් සිල්පද ආරක්‍ෂා කරන්නන්ට උපදින විරතිය “සමාදාන විරති” නම් වේ. අන්තර වර්ධමාන පර්වත වැසි උපාසකයා මෙනි.

සො කිර අම‍්බරියවිහාරවාසීපිඞ‍්ගලබුද‍්ධරක‍්ඛිතත්‍ථෙරස‍්ස සන‍්තිකෙ සික‍්ඛාපදානි ගහෙත්‍වා ඛෙත‍්තං කසති. අථස‍්ස ගොණො නට‍්ඨො, සො තං ගවෙසන‍්තො උත‍්තරවඩ‍්ඪමානපබ‍්බතං ආරුහි, තත්‍ර නං මහාසප‍්පො අග‍්ගහෙසි. සො චින‍්තෙසි – “ඉමාය තිඛිණාය වාසියා සීසං ඡින්‍දාමී”ති. පුන චින‍්තෙසි – “න මෙතං පතිරූපං, ය‍්වාහං භාවනීයස‍්ස ගරුනො සන‍්තිකෙ සික‍්ඛාපදං ගහෙත්‍වා භින්‍දෙය්‍ය”න‍්ති. එවං යාවතතියං චින‍්තෙත්‍වා – “ජීවිතං පරිච‍්චජාමි, න සික‍්ඛාපද”න‍්ති අංසෙ ඨපිතං තිඛිණදණ‍්ඩවාසිං අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙසි. තාවදෙව මහාවාළො නං මුඤ‍්චිත්‍වා අගමාසීති.

ඔහු අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්ඛිත තෙරුන්ගෙන් ශික්ෂාපද සමාදන්ව කුඹුරක් සීසායි. එවිට ඔහුගේ ගොනෙක් නැති විය. ඔහු ඒ ගොනා සොයා යනුයේ අන්තර වඩ්ඪමාන පර්වතයට නැගුණි. එහිදී ඔහු මහා සර්පයකු විසින් අල්ලා ගන්නා ලදී. එවිට ඔහු “මේ තියුණු වෑයෙන් සර්ප හිස සිඳිමි”යි සිතීය. එවිට ම ඔහුට “ඒ මම ගරුකටයුතු තෙරුන් වෙතින් සිකපද සමාදන් වීමි. එය බිඳීම මට තරම් නොවේ” යන කල්පනාව ඇතිවිය. මෙසේ තෙවරක් ම සිතා “දිවි ගිය ද සිකපද නොකඩමි”යි ඉනේ ගසාගෙන සිටි තියුණු වෑය කැළයට විසි කළේය. එවිට ඒ මහා සර්පයා ඔහු අත්හැර ඉවත ගියේය.

අරියමග‍්ගසම‍්පයුත‍්තා පන විරති සමුච‍්ඡෙදවිරතීති වෙදිතබ‍්බා, යස‍්සා උප‍්පත‍්තිතො පභුති පාණං ඝාතෙස‍්සාමීති අරියපුග‍්ගලානං චිත‍්තම‍්පි න උප‍්පජ‍්ජතීති.

ආර්ය මාර්ගයෙන් යුක්ත වූ විරතිය “සමුච්ඡද විරති”, නම් වේ. යමකුට උපතේ සිට “පරපණ නොසමි”යි සිතක් නොම වේද, ඒ ආර්යයන්ගේ ම විරතිය මෙහිදී අදහස් විය.

යථා ච අකුසලානං, එවං ඉමෙසම‍්පි කුසලකම‍්මපථානං ධම‍්මතො කොට‍්ඨාසතො ආරම‍්මණතො වෙදනාතො මූලතොති පඤ‍්චහාකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථ ධම‍්මතොති එතෙසු හි පටිපාටියා සත‍්ත චෙතනාපි වට‍්ටන‍්ති විරතියොපි, අන‍්තෙ තයො චෙතනාසම‍්පයුත‍්තාව.

දශ අකුශල මෙන්ම දශ අකුශල කර්මපථද, කොට්ඨාශ, ආරම්මණ, වේදනා, මූල යන පස් ආකාරයෙන් විනිශ්චය කළ යුතුයි. ධර්ම වශයෙන් මෙහි පිළිවෙලින් සප්ත චේනාවන් ද විරති ද යෙදීම සුදුසු වේ. කෙළවර තුනෙහි ද (අන්තිම තුනේ) එතන ම යෙදුන්මය.

කොට‍්ඨාසතොති පටිපාටියා සත‍්ත කම‍්මපථා එව, න මූලානි, අන‍්තෙ තයො කම‍්මපථා චෙව මූලානි ච. අනභිජ‍්ඣා හි මූලං පත්‍වා අලොභො කුසලමූලං හොති, අබ්‍යාපාදො අදොසො කුසලමූලං, සම‍්මාදිට‍්ඨි අමොහො කුසලමූලං.

කොට්ඨාශ වශයෙන් - පිළිවෙලින් මුල් සත කර්මපථයන් ම වේ. මුල් නැත. අවසන් තුන කර්මපථ ද මූලයන් ද වෙයි. අනභිධ්‍යාවෙහි මූලයට පැමිණි අලෝභය කුසල මූලයක් වේ. අව්‍යාපදයෙහි මූලය වූ අදොසය කුසල මූලයකි. සම්මා දෘෂ්ටිය, අමෝහයේ කුසල මූලයකි.

ආරම‍්මණතොති පාණාතිපාතාදීනං. ආරම‍්මණානෙව එතෙසං ආරම‍්මණානි. වීතික‍්කමිතබ‍්බවත්‍ථුතොයෙව හි විරති නාම හොති. යථා පන නිබ‍්බානාරම‍්මණො අරියමග‍්ගො කිලෙසෙ පජහති, එවං ජීවිතින්‍ද්‍රියාදිආරම‍්මණාපෙතෙ කම‍්මපථා පාණාතිපාතාදීනි දුස‍්සීල්‍යානි පජහන‍්තීති වෙදිතබ‍්බා.

ආරම්මණ වශයෙන් - ප්‍රාණ ඝාතාදියේ අරමුණුම මේවායෙහි ද අරමුණු වේ. ඉක්මවිය යුතු වස්තුවම “විරති” නම් වේ. යම්සේ නිර්වාණාරමණය ආර්ය මාර්ගයේ ඇති කෙලෙස් දුරුකරයි ද එලෙසින් ම ජීවිතින්ද්‍රිය ආදී කොට ඇති අරමුණුවලින් මේ කර්මපථයන්හි ප්‍රාණඝාතාදී දුශ්ශීලයන් දුරු කරන්නේ යැයි දතයුතුයි.

වෙදනාතොති සබ‍්බෙ සුඛවෙදනා වා හොන‍්ති මජ‍්ඣත‍්තවෙදනා වා. කුසලං පත්‍වා හි දුක‍්ඛවෙදනා නාම නත්‍ථි.

වේදනා වශයෙන්-සියල්ලෙහි ම සුඛ වේදනාව හා මධ්‍යස්ථ වේදනාවම පවතියි. කුසලයට පැමිණි දුක්වේදනාවක් නම් නැත.

මූලතොති පටිපාටියා සත‍්ත ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස අලොභඅදොසඅමොහවසෙන තිමූලා හොන‍්ති, ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස ද‍්විමූලා. අනභිජ‍්ඣා ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස ද‍්විමූලා හොති, ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන එකමූලා. අලොභො පන අත‍්තනාව අත‍්තනො මූලං න හොති. අබ්‍යාපාදෙපි එසෙව නයො. සම‍්මාදිට‍්ඨි අලොභඅදොසවසෙන ද‍්විමූලාවාති. තතියාදීනි.

මූල වශයෙන් පිළිවෙලින් මුල් සතෙහි සම්ප්‍රයුක්ත සිතින් වැලකෙන්නහුට අලෝභ, අදෝස, අමෝහ වශයෙන් ත්‍රිවිධ මූලයෝම වෙති. ඥාණ විප්‍රයුක්ත සිතින් වැලකෙන්නහුට මූල දෙකක් වේ. අනභිධ්‍යාවෙහි ඤාණ සම්ප්‍රයුක්ත සිතින් වැලකෙන්නහුට මුල් දෙකකි. ඤාණවිප්‍රයුක්ත සිතින් වැලකෙන්නහුට එක් මූලයකි. අලෝභය තමා ම තමාට මූලයක් නොවේ. අව්‍යාපාදයෙහිද මේ ක්‍රමයමයි. සම්මා දිට්ඨිය අලෝභ-අදෝස වශයෙන් මූල දෙකක් ම වේ.

පස්වන සූත්‍රයයි.