යෙදුමෙන් කියවන්න

දසකම‍්මපථසුත‍්තං

2. 3. 5.

2. 3. 5.

දසකම‍්මපථසුත‍්තං

දසකම්මපථ සූත්‍රය

251. සාවත්‍ථියං–

251. සැවැත්නුවර–

ධාතුසොව භික‍්ඛවෙ, සත‍්තා සංසන්‍දන‍්ති සමෙන‍්ති: පාණාතිපාතිනො පාණාතිපාතීහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අදින‍්නාදායිනො -පෙ- කාමෙසු මිච‍්ඡාචාරිනො -පෙ- මුසාවාදිනො -පෙ- පිසුණවාචා -පෙ- ඵරුසවාචා -පෙ- සම‍්ඵප‍්පලාපිනො -පෙ- අභිජ‍්ඣාලුනො අභිජ‍්ඣාලූහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. බ්‍යාපන‍්නචිත‍්තා බ්‍යාපන‍්නචිත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති.

මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: පරපණ නසන්නෝ පරපණ නසන්නවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. මෙරමා සතු දැ ගන්නෝ … කාමයන්හි වරදවා හැසිරෙන්නෝ … මුසවා බණන්නෝ … පිසුණුබස් බණන්නෝ … පරොස්බස් බණන්නෝ … හිස්බස් බණන්නෝ … දැඩිලොබ බහුල කොට ඇත්තෝ දැඩිලොබ බහුල කොට ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. ව්‍යාපාදයට පැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් මිසදිටුවෝ මිසදිටුවන් සමග සැසැඳෙත්, එකතු වෙත්.

පාණාතිපාතා පටිවිරතා පාණාතිපාතා පටිවිරතෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අදින‍්නාදානා පටිවිරතා -පෙ- කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා -පෙ- මුසාවාදා පටිවිරතා -පෙ- පිසුණාය වාචාය පටිවිරතා -පෙ- ඵරුසාය වාචාය පටිවිරතා -පෙ- සම‍්ඵප‍්පලාපා පටිවිරතා -පෙ- අනභිජ‍්ඣාලුනො අනභිජ‍්ඣාලූහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. අබ්‍යාපන‍්නචිත‍්තා අබ්‍යාපන‍්නචිත‍්තෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්ති. සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකෙහි සද‍්ධිං සංසන්‍දන‍්ති සමෙන‍්තීති.

පණිවාසයෙන් වෙන් වූවෝ පණිවායෙන් වෙන් වූවන් සමග සැසැඳෙත්, එකතු වෙත්. අයිනාදනින් වෙන් වූවෝ … කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන් වූවෝ … මුසවායෙන් වෙන් වූවෝ ... පිසුණුබසින් වෙන් වූවෝ … පරොස්බසින් වෙන් වූවෝ … හිස්බස් බිණුමෙන් වෙන් වූවෝ … අභිධ්‍යාව බහුල කොට නැත්තෝ අභිධ්‍යාව බහුල කොට නැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත් … ව්‍යාපාදයට නොපැමිණි සිතැත්තෝ ව්‍යාපාදයට නො පැමිණි සිතැත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සමිදිටුවෝ සමිදිටුවන් සමග සැසැඳෙති, එකතු වෙති යි.