යෙදුමෙන් කියවන්න

පරියෙසනානත‍්තසුත‍්තං

2. 1. 7.

2. 1. 7.

පරියෙසනානත‍්තසුත‍්තං

පරියෙසනානානත්ත සූත්‍රය

231. සාවත්‍ථියං–

231. සැවැත්නුවර–

ධාතුනානත‍්තං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඞ‍්කප‍්පනානත‍්තං. සඞ‍්කප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං, පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී. සංකල්පනානාත්‍වය නිස ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී.

කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? රූපධාතු -පෙ- ධම‍්මධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ධාතුනානත‍්තං.

මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං, සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඞ‍්කප‍්පනානත‍්තං, සඞ‍්කප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං, ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං, පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තං?

මහණෙනි, කෙසේ නම් ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී ද, සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී ද, සංකල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී ද, ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී ද, පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී ද?

රූපධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසඤ‍්ඤා. රූපසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපසංකප‍්පො. රූපසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපච‍්ඡන්‍දො. රූපච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරිළාහො. රූපපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති රූපපරියෙසනා [සද‍්දධාතුං භික‍්ඛවෙ, පටිච‍්ච] -පෙ- ධම‍්මධාතුං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසඤ‍්ඤා. ධම‍්මසඤ‍්ඤං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මසංකප‍්පො. ධම‍්මසංකප‍්පං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මච‍්ඡන්‍දො. ධම‍්මච‍්ඡන්‍දං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරිළාහො. ධම‍්මපරිළාහං පටිච‍්ච උප‍්පජ‍්ජති ධම‍්මපරියෙසනා.

මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව උපදී. රූපසංඥාව නිසා රූපසංකල්පය උපදී. රූපසංකල්පය නිසා රූපච්ඡන්‍දය උපදී. රූපච්ඡන්‍දය නිසා රූපපරිදාහය උපදී. රූපපරිදාහය නිසා රූපපර්‍ය්‍යෙෂණාව උපදී. මහණෙනි, සද්දධාතුව නිසා … මහණෙනි, ධර්‍මධාතුව නිසා ධර්‍මසංඥාව උපදී. ධර්‍මසංඥාව නිසා ධර්‍මසඞ්කල්පය උපදී. ධර්‍මසඞ්කල්පය නිසා ධර්‍මච්ඡන්‍දය උපදී. ධර්‍මච්ඡන්‍දය නිසා ධර්‍මපරිදාහය උපදී. ධර්‍මපරිදාහය නිසා ධර්‍මපර්‍ය්‍යෙෂණාව උපදී.

එවං ඛො භික‍්ඛවෙ, ධාතුනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සඤ‍්ඤානානත‍්තං. සඤ‍්ඤානානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති සංකප‍්පනානත‍්තං. සංකප‍්පනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති ඡන්‍දනානත‍්තං. ඡන්‍දනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරිළාහනානත‍්තං. පරිළාහනානත‍්තං පටිච‍්ච උප‍්පජ‍්ජති පරියෙසනානානත‍්තන‍්ති.

මහණෙනි, මෙසේ ධාතුනානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සඞ්කල්පනානාත්‍වය උපදී. සඞ්කල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානත්‍වය උපදී. පරිදාහනානත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී යි.