යෙදුමෙන් කියවන්න

බාහිරධාතුනානත‍්තසුත‍්තං

2. 1. 6.

2. 1. 6.

බාහිරධාතුනානත‍්තසුත‍්තං

බාහිරධාතුනානත්ත සූත්‍රය

230. සාවත්‍ථියං–

230. සැවැත්නුවර–

ධාතුනානත‍්තං ඛො භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි. තං සුණාථ -පෙ- භාසිස‍්සාමි. කතමඤ‍්ච භික‍්ඛවෙ, ධාතුනානත‍්තං? රූපධාතු සද‍්දධාතු ගන්‍ධධාතු රසධාතු ඵොට‍්ඨබ‍්බධාතු ධම‍්මධාතු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, ධාතුනානත‍්තන‍්ති.

මහණෙනි, තොපට ධාතුනානාත්‍වය දේශනා කරන්නෙමි. එය අසවු දේශනා කරන්නෙමි. මහණෙනි, ධාතුනානාත්‍වය කවරේ ද යත්: රූපධාතු ය, සද්දධාතු ය, ගන්‍ධධාතු ය, රසධාතු ය, ඵොට්ඨබ්බධාතු ය, ධම්මධාතු යි. මහණෙනි, මෙය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ.