යෙදුමෙන් කියවන්න

7. ඛජ‍්ජනීය සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

7. ඛජ‍්ජනීය සුත‍්තවණ‍්ණනා

7. ඛජ්ජනීය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පුබ‍්බෙනිවාසන‍්ති න ඉදං අභිඤ‍්ඤාවසෙන අනුස‍්සරණං සන්‍ධාය වුත‍්තං, විපස‍්සනාවසෙන පන පුබ‍්බෙනිවාසං අනුස‍්සරන‍්තෙ සමණබ්‍රාහ‍්මණෙ සන්‍ධායෙතං වුත‍්තං. තෙනෙවාහ – “සබ‍්බෙතෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ අනුස‍්සරන‍්ති, එතෙසං වා අඤ‍්ඤතර”න‍්ති. අභිඤ‍්ඤාවසෙන හි සමනුස‍්සරන‍්තස‍්ස ඛන්‍ධාපි උපාදානක‍්ඛන්‍ධාපි ඛන්‍ධපටිබද‍්ධාපි පණ‍්ණත‍්තිපි ආරම‍්මණං හොතියෙව. රූපංයෙව අනුස‍්සරතීති එවඤ‍්හි අනුස‍්සරන‍්තො න අඤ‍්ඤං කිඤ‍්චි සත‍්තං වා පුග‍්ගලං වා අනුස‍්සරති, අතීතෙ පන නිරුද‍්ධං රූපක‍්ඛන්‍ධමෙව අනුස‍්සරති. වෙදනාදීසුපි එසෙව නයොති.

සත්වන සූත්‍රයේ - “පුබ්බෙනිවාසං” යන මෙය අභිඥා වශයෙන් සිහිකිරීම සඳහා නොකියන ලදී. විදර්ශනා වශයෙන් පූර්වෙනිවාසය (පෙර විසූ කඳපිළිවෙල) සිහිකර ශ්‍රමණ-බ්‍රාහ්මණයන් සඳහා ම කියන ලදී. එනිසා මෙසේ කීහ. “සබ්බෙ තෙ පඤ්චුපාදානක්ඛන්‍ධෙ අනුස්සරන්ති එතෙසං වා අඤ්ඤතරං” යනුවෙනි. (ඒ සියලුම පඤ්චස්කන්‍ධයන් සිහිපත් කරයි. ඒ අතරින් වෙන එකක් හෝ සිහිපත් කරයි.) අභිඥා වශයෙන් සිහිකරන්නහුට ස්කන්‍ධයන් ද උපාදානස්කන්‍ධයන්ද ස්කන්‍ධ හා බැඳුණු ප්‍රඥප්තීන් ද අරමුණු වෙත්මය. “රූපඤ්ඤෙව අනුස්සරති”යි සිහිකරනුයේ අනික් කිසියම් හෝ පුද්ගලයෙක් සිහිපත් නොකරයි. අතීතයේ නිරුද්ධව ගිය රූපස්කන්‍ධයම සිහිපත් කරයි. වේදනාදියෙහි ද මෙම ක්‍රමය ම දතයුතුයි.

සුඤ‍්ඤතාපබ‍්බං නිට‍්ඨිතං.

ශුන්‍ය පර්වය නිමියේය.

ඉදානි සුඤ‍්ඤතාය ලක‍්ඛණං දස‍්සෙතුං කිඤ‍්ච, භික‍්ඛවෙ, රූපං වදෙථාතිආදිමාහ. යථා හි නට‍්ඨං ගොණං පරියෙසමානො පුරිසො ගොගණෙ චරමානෙ රත‍්තං වා කාළං වා බලීබද‍්දං දිස‍්වාපි න එත‍්තකෙනෙව “අයං මය‍්හං ගොණො”ති සන‍්නිට‍්ඨානං කාතුං සක‍්කොති. කස‍්මා? අඤ‍්ඤෙසම‍්පි තාදිසානං අත්‍ථිතාය. සරීරපදෙසෙ පනස‍්ස සත‍්තිසූලාදිලක‍්ඛණං දිස‍්වා “අයං මය‍්හං සන‍්තකො”ති සන‍්නිට‍්ඨානං හොති, එවමෙව සුඤ‍්ඤතාය කථිතායපි යාව සුඤ‍්ඤතාලක‍්ඛණං න කථීයති, තාව සා අකථිතාව හොති, ලක‍්ඛණෙ පන කථිතෙ කථිතා නාම හොති. ගොණො විය හි සුඤ‍්ඤතා, ගොණලක‍්ඛණං විය සුඤ‍්ඤතාලක‍්ඛණං. යථා ගොණලක‍්ඛණෙ අසල‍්ලක‍්ඛිතෙ ගොණො න සුට‍්ඨු සල‍්ලක‍්ඛිතො හොති, තස‍්මිං පන සල‍්ලක‍්ඛිතෙ සො සල‍්ලක‍්ඛිතො නාම හොති, එවමෙව සුඤ‍්ඤතාලක‍්ඛණෙ අකථිතෙ සුඤ‍්ඤතා අකථිතාව හොති, තස‍්මිං පන කථිතෙ සා කථිතා නාම හොතීති සුඤ‍්ඤතාලක‍්ඛණං දස‍්සෙතුං කිඤ‍්ච, භික‍්ඛවෙ, රූපං වදෙථාතිආදිමාහ.

දැන් ශුන්‍යතාවයේ ලක්‍ෂණ දැක්වීමට “කිඤ්ච භික්ඛවෙ රූපං වදෙය්‍යාථ” යනාදිය දෙසූහ. යම්සේ නැතිවූ ගොනෙකු සොයන මිනිසා, ගව සමූහයා අතර හැසිරෙන රතු වූ හෝ කළු වූ හෝ ගොනෙකු දැක මෙපමණකින් ම “මේ මගේ ගොනා” යැයි නිශ්චයට පැමිණේ. මේ අයුරින්ම ශුන්‍යතාව දේශනා කිරීමේදී ශුන්‍ය ලක්‍ෂණ නොපැවසුයේ ද ඒ තාක් ශුන්‍ය කථාව නොදෙසන ලද්දේමය. ශුන්‍ය ලක්‍ෂණ ද පෙන්වූ විට ශුන්‍ය දේශනාව පවසන ලද්දේම වේ. ශුන්‍යතාව ගොනා මෙනි. ගොනා හඳුනා ගන්නා ලක්‍ෂණ ශුන්‍යතාව හඳුනාගන්නා ලක්‍ෂණ මෙනි. යම් සේ ගොනාගේ ලක්‍ෂණ නොසලකා හැරිවිට ගොනා මැනවින් හඳුනා ගැනීමට නොහැකි වන්නේද එසේ ගොනුගේ ලක්‍ෂණ සිහිපත් කර බැලීමෙන් ඌ හඳුනාගත්තේ වේ. මේ අයුරින්ම ශුන්‍යතා ලක්‍ෂණ නොපැවසූ විට ශුන්‍යතාව නොකියන ලද්දේය. එය දේශනා කල කල්හි ශුන්‍යතාව දේශනා කළේ වේ. ශුන්‍යතා ලක්‍ෂණ දැක්වීමට “කිඤ්ච භික්ඛවෙ රූපං වදෙථ” යනාදිය දෙසූහ.

තත්‍ථ කිඤ‍්චාති කාරණපුච‍්ඡා, කෙන කාරණෙන රූපං වදෙථ, කෙන කාරණෙනෙතං රූපං නාමාති අත්‍ථො. රුප‍්පතීති ඛොති එත්‍ථ ඉතීති කාරණුද‍්දෙසො, යස‍්මා රුප‍්පති, තස‍්මා රූපන‍්ති වුච‍්චතීති අත්‍ථො. රුප‍්පතීති කුප‍්පති ඝට‍්ටීයති පීළීයති, භිජ‍්ජතීති අත්‍ථො. සීතෙනපි රුප‍්පතීතිආදීසු සීතෙන තාව රුප‍්පනං ලොකන‍්තරිකනිරයෙ පාකටං.

එහි “කිඤ්ච” යනුවෙන් හේතුව විමසයි. කුමන කරුණකින් රූපය යැයි කියවුද? කුමන කරුණක් නිසා මෙයට “රූපය” යන නම යෙදේද? “රුප්පතීති ඛො” යන මෙහි “ඉති” යනුවෙන් කරුණු දැක්වීමයි. යමකින් විකාරයකට පැමිණේද එය “රූපය” යැයි කියන ලදී යන අර්ථයි. “රුප්පතී” යනු කිපේ. ගැටේ. පෙළේ. බිඳේ යන අර්ථයි. “සීතෙනපි රුප්පති” ආදියෙහි සීතලෙන් වෙනසට - විකාරයට පත්වීම ලෝකන්තරික නිරයෙහි ප්‍රකටය.

තිණ‍්ණං තිණ‍්ණඤ‍්හි චක‍්කවාළානං අන‍්තරෙ එකෙකො ලොකන‍්තරිකනිරයො නාම හොති අට‍්ඨයොජනසහස‍්සප‍්පමාණො. යස‍්ස නෙව හෙට‍්ඨා පථවී අත්‍ථි, න උපරි චන්‍දිමසූරියදීපමණිආලොකො, නිච‍්චන්‍ධකාරො. තත්‍ථ නිබ‍්බත‍්තසත‍්තානං තිගාවුතො අත‍්තභාවො හොති, තෙ වග‍්ගුලියො විය පබ‍්බතපාදෙ දීඝපුථුලෙහි නඛෙහි ලග‍්ගිත්‍වා අවංසිරා ඔලම‍්බන‍්ති. යදා සංසප‍්පන‍්තා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස හත්‍ථපාසාගතා හොන‍්ති, අථ “භක‍්ඛො නො ලද‍්ධො”ති? මඤ‍්ඤමානා තත්‍ථ බ්‍යාවටා විපරිවත‍්තිත්‍වා ලොකසන්‍ධාරකෙ උදකෙ පතන‍්ති, වාතෙ පහරන‍්තෙපි මධුකඵලානි විය ඡිජ‍්ජිත්‍වා උදකෙ පතන‍්ති, පතිතමත‍්තාව අච‍්චන‍්තඛාරෙ උදකෙ තත‍්තතෙලෙ පතිතපිට‍්ඨපිණ‍්ඩි විය පටපටායමානා විලීයන‍්ති. එවං සීතෙන රුප‍්පනං ලොකන‍්තරිකනිරයෙ පාකටං.

සක්වල තුනක් තුනක් අතර එක් එක් ලෝකාන්තරික නිරය බැගින් ඇත. එය අටදහසක් යොදුන් ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි යට පොළවක් නැත. මත්තෙහි සඳහිරු, පහන්, මැණික් ආදී කිසිදු ආලෝකයක් නැත. නිත්‍ය වූ අඳුර පවතී. එහි උපන් සතුන්ට තුන්ගවුවක් පමණ වූ විශාල සිරුරක් ලැබේ. ඔවුහු වවුලන් මෙන් පර්වත පාදයෙහි දිග-මහත නියවලින් එල්ලී සිටිති. යම්කලෙක ඔවුහු දඟලන්නාහු ඔවුනොවුන්ගේ ශරීර ළංවෙති. එවිට “අපට අනුභව කිරීමට කෑමක් ලැබුණි” යැයි සිතමින් එහි යෙදී සිටීමෙන් ඔවුනොවුන් පෙරලී ලෝකය දරාසිටින ජලයෙහි වැටෙති. සුළඟින් ගසාගෙන ගොස්ද ඇතැම්හු මීඅඹ මෙන් ගිලිහී දියෙහි වැටෙති. වැටුණු මොහොතේම අතිශයින් කැකෑරුණු දියෙහි - රත්කල කබලක වැටුණු පිටිපිඩක් මෙන්න - පට පටා ගාමින් විනාශ වෙති. මෙසේ සීතලෙන් වෙනස්වීම ලෝකාන්ත නරකයෙහි අතිශයින් ප්‍රකටය.

මහිංසකරට‍්ඨාදීසුපි හිමපාතසීතලෙසු පදෙසෙසු එතං පාකටමෙව. තත්‍ථ හි සත‍්තා සීතෙන භින‍්නසරීරා ජීවිතක‍්ඛයම‍්පි පාපුණන‍්ති.

මහිස ආදී රටවල හිම වැටෙන ශීතල ප්‍රදේශවල මෙය ඉතා ප්‍රකටම වේ. එහි සත්ත්‍වයෝ ශීතලෙන් බිඳුණු ශරීර ඇතිව ජීවිතක්‍ෂයට පැමිණෙති.

උණ‍්හෙන රුප‍්පනං අවීචිමහානිරයෙ පාකටං හොති. ජිඝච‍්ඡාය රුප‍්පනං පෙත‍්තිවිසයෙ චෙව දුබ‍්භික‍්ඛකාලෙ ච පාකටං. පිපාසාය රුප‍්පනං කාලකඤ‍්ජිකාදීසු පාකටං. එකො කිර කාලකඤ‍්ජිකඅසුරො පිපාසං අධිවාසෙතුං අසක‍්කොන‍්තො යොජනගම‍්භීරවිත්‍ථාරං මහාගඞ‍්ගං ඔතරි, තස‍්ස ගතගතට‍්ඨානෙ උදකං ඡිජ‍්ජති, ධූමො උග‍්ගච‍්ඡති, තත‍්තෙ පිට‍්ඨිපාසාණෙ චඞ‍්කමනකාලො විය හොති. තස‍්ස උදකසද‍්දං සුත්‍වා ඉතො චිතො ච විචරන‍්තස‍්සෙව රත‍්ති විභායි. අථ නං පාතොව භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා තිංසමත‍්තා පිණ‍්ඩචාරිකභික‍්ඛූ දිස‍්වා “කො නාම ත්‍වං සප‍්පුරිසා”ති? පුච‍්ඡිංසු. “පෙතොහමස‍්මි, භන‍්තෙ”ති. “කිං පරියෙසසී”ති? “පානීයං, භන‍්තෙ”ති. “අයං ගඞ‍්ගා පරිපුණ‍්ණා, කිං ත්‍වං න පස‍්සසී”ති? “න උපකප‍්පති, භන‍්තෙ”ති. තෙන හි ගඞ‍්ගාපිට‍්ඨෙ නිපජ‍්ජ, මුඛෙ තෙ පානීයං ආසිඤ‍්චිස‍්සාමා”ති. සො වාලිකාපුළිනෙ උත‍්තානො නිපජ‍්ජි. භික‍්ඛූ තිංසමත‍්තෙ පත‍්තෙ නීහරිත්‍වා උදකං ආහරිත්‍වා තස‍්ස මුඛෙ ආසිඤ‍්චිංසු. තෙසං තථා කරොන‍්තානංයෙව වෙලා උපකට‍්ඨා ජාතා. තතො “භික‍්ඛාචාරකාලො අම‍්හාකං සප‍්පුරිස, කච‍්චි තෙ අස‍්සාදමත‍්තා ලද‍්ධා”ති ආහංසු. පෙතො “සචෙ මෙ, භන‍්තෙ, තිංසමත‍්තානං අය්‍යානං තිංසපත‍්තෙහි ආසිත‍්තඋදකතො අඩ‍්ඪපසතමත‍්තම‍්පි පරගලං ගතං, පෙතත‍්තභාවතො මොක‍්ඛො මා හොතූ”ති ආහ. එවං පිපාසාය රුප‍්පනං පෙත‍්තිවිසයෙ පාකටං.

උණුසුමින් වන විපර්යාසය අවීචි මහනිරයේ ඉතා ප්‍රකටය. බඩසයින් වන පීඩාව ප්‍රේත ලෝකයෙහිද මනුලොව දුර්භික්‍ෂ කාලවලද ප්‍රකට වේ. පිපාසාවෙන් වෙනස්වීම කාලකඤ්ජක නම් අසුර ලෝකාදියෙහි ප්‍රකටය. එක් කාලකඤ්ජක අසුරයෙක් පිපාසය ඉවසා ගැනීමට නොහැකිව යොදුනක් ගැඹුරු හා පළල් වූ මහ ගඟකට බැස්සේය. එහි ගිය ගිය තැන දිය සිඳී යයි. දුම උඩට නගියි. රත්වූ පිටිගලක සක්මන් කරන්නාක් මෙන් විය. එහි ජල ශබ්දය අසා ඔබි-නොබ හැසිරෙනුයේ රැය ගෙවී ගියේය. එවිට ඔහු උදෑසන පිඬු පිණිස හැසිරෙන තිහක් පමණ වූ භික්‍ෂූන් වහන්සේ ඔහු දැක “සත්පුරුෂය! නුඹ කවරෙක්ද?”යි ඇසූහ. එවිට ඔහු “ස්වාමීනි! මම ප්‍රේතයෙක් වෙමි”යි කීය. “කුමක් සොයන්නේද?” යි ඇසූවිට ඔහු “ස්වාමීනි! පැන්යැ”යි කීය. “මේ ගංගාව පිරී ඇත. කිම නුඹට නොපෙනේද?”යි භික්‍ෂූහු ඇසූවිට; ඔහු “ස්වාමීනි! මට ඊට ළංවිය නොහැක” යි කීය. එවිට කරුණාවන්ත වූ තෙරවරු “එසේනම් නුඹ ගඟ ඉවුරේ දිගාවෙන්න. නුඹගේ මුවෙහි දිය ඉසින්නෙමු”යි කියා ඔහු වැලි තලාවේ උඩුකුරුව හොවා-තිස් දෙනා වහන්සේම ප්‍රාතාවලින් දිය ගෙනවුත් ඔහුගේ මුවෙහි දැමූහ. උන්වහන්සේලා එසේ කරද්දීම කල්වේලා පැමිණියේය. එවිට “සත්පුරුෂය! අපට පිඬු පිණිස කල් පැමිණියේය. නුඹට වතුර බීමෙන් ආශ්වාදයක් පමණවත් ලැබුණේද?”යි ඇසූහ. එවිට ප්‍රේතයා “ස්වාමීනි! ඉදින් ආර්යයන් වහන්සේලා පාත්‍රා තිහකින් දිය ගෙනවුත් මුවෙහි ඉසිනු ලැබුවත් අල්ලකින් අඩක්වත් උගුර වෙත නොගියේය. ප්‍රේතභාවයෙන් මිදීමක් මට නැතැ”යි පැවසීය. මෙසේ පිපාසාවෙන් වෙනස්වීම ප්‍රේත ලෝකයෙහි අතිශය ප්‍රකටය.

ඩංසාදීහි රුප‍්පනං ඩංසමක‍්ඛිකාදිබහුලෙසු පදෙසෙසු පාකටං. එත්‍ථ ච ඩංසාති පිඞ‍්ගලමක‍්ඛිකා. මකසාති මකසාව. වාතාති කුච‍්ඡිවාතපිට‍්ඨිවාතාදිවසෙන වෙදිතබ‍්බා. සරීරස‍්මිඤ‍්හි වාතරොගො උප‍්පජ‍්ජිත්‍වා හත්‍ථපාදපිට‍්ඨිආදීනි භින්‍දති, කාණං කරොති, ඛුජ‍්ජං කරොති, පීඨසප‍්පිං කරොති.

ඩං සාදීන්ගේ වෙනස්වීම ඩැහැ බොන මැසි-මදුරු ආදීන් පිළිබඳ බහුල වූ සෙසු පදයන්හි ප්‍රකටය. මෙහිද “ඩංස” යනු දුඹුරුපාට ඇටමැස්සෝය. “මකසා” යනු මදුරුවෝය. “වාත” යනු කුසෙහි වාතය, පිටෙහි වාතය ආදී ලෙස දතයුතුය. ශරීරයේ වාතරෝගය ඉපිද අත්, පා, පිට ආදිය බිඳී යයි. කණ කරයි. කුදු කරයි. අත්පා කොර වූවන් (පිළුන්) කරයි.

ආතපොති සූරියාතපො. තෙන රුප‍්පනං මරුකන‍්තාරාදීසු පාකටං. එකා කිර ඉත්‍ථී මරුකන‍්තාරෙ රත‍්තිං සත්‍ථතො ඔහීනා දිවා සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ වාලිකාය තප‍්පමානාය පාදෙ ඨපෙතුං අසක‍්කොන‍්තී සීසතො පච‍්ඡිං ඔතාරෙත්‍වා අක‍්කමි. කමෙන පච‍්ඡියා උණ‍්හාභිතත‍්තාය ඨාතුං අසක‍්කොන‍්තී තස‍්සා උපරි සාටකං ඨපෙත්‍වා අක‍්කමි. තස‍්මිම‍්පි සන‍්තත‍්තෙ අත‍්තනො අඞ‍්කෙන ගහිතපුත‍්තකං අධොමුඛං නිපජ‍්ජාපෙත්‍වා කන්‍දන‍්තංයෙව අක‍්කමිත්‍වා සද‍්ධිං තෙන තස‍්මිංයෙව ඨානෙ උණ‍්හාභිතත‍්තා කාලමකාසි.

“ආතපො” යනු සූර්ය රශ්මියයි. ඉන් වන වෙනස්වීම වැලි කාන්තාරාදියේ ප්‍රකටය. එක් ස්ත්‍රියක් වැලි කතරක රාත්‍රියේ තවලමකින් තනිවූවා (මඟහැරී) දාවල සූර්යයා මුදුන් වූ විට රත් වූ වැලිවල පා තැබීමට නොහැකි වන්නී හිසින් පැසගෙන බිම දමා පාගා ගත්තීය. ක්‍රමයෙන් පැසද උණු වී සිටීමට නොහැකි වූවා ඇගේ උතුරු සලුව තබා පාගා ගත්තීය. එය ද රත්වූ විට තමාගේ ඇකයෙන් ගෙන සිටි දරුවා උඩුකුරු කොට හොවා හඬද්දීම ඔහුද පාගාගත්තීය. දරුවා ද රත්වූ විට ඒ සමගම දෙදෙනම උණුසුම් වූවාහු කළුරිය කළෝය.

සරීසපාති යෙ කෙචි දීඝජාතිකා සරන‍්තා ගච‍්ඡන‍්ති. තෙසං සම‍්ඵස‍්සෙන රුප‍්පනං ආසීවිසදට‍්ඨකාදීනං වසෙන වෙදිතබ‍්බං.

“සිරිංසප” යනු යම්කිසි දීර්ඝ ජාතික වූ බඩගා යන සත්තුය. ඔවුන්ගේ ස්පර්ශයෙන් වන වෙනස්වීම - විෂපිරි සර්පාදීන්ගේ දෂ්ටකිරීම් වශයෙන් දතයුතුයි.

ඉති භගවතා යානි ඉමානි සාමඤ‍්ඤපච‍්චත‍්තවසෙන ධම‍්මානං ද‍්වෙ ලක‍්ඛණානි, තෙසු රූපක‍්ඛන්‍ධස‍්ස තාව පච‍්චත‍්තලක‍්ඛණං දස‍්සිතං. රූපක‍්ඛන්‍ධස‍්සෙව හි එතං, න වෙදනාදීනං, තස‍්මා පච‍්චත‍්තලක‍්ඛණන‍්ති වුච‍්චති. අනිච‍්චදුක‍්ඛානත‍්තලක‍්ඛණං පන වෙදනාදීනම‍්පි හොති, තස‍්මා තං සාමඤ‍්ඤලක‍්ඛණන‍්ති වුච‍්චති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ යම් මේ සමාන වූ සහ වෙන් වෙන් වූ ධර්මයන්ගේ ලක්‍ෂණ දෙකින් ඒ රූප ස්කන්‍ධයෙහි වෙන් වෙන් වූ ලක්‍ෂණ දක්වන ලදී. මෙය රූපස්කන්‍ධයෙහි පමණි. වේදනාදීන්ගේ නොවේ. එනිසා පුද්ගලයන්ට වෙන් වෙන් වශයෙන් අයත් ලක්‍ෂණයැයි කියයි. අනිත්‍ය-දුක්ඛ-අනාත්ම ලක්‍ෂණ වනාහී වේදනාදියෙහි ද වේ. එනිසා එය සමාන වූ ලක්‍ෂණයන් යැයි කියයි.

කිඤ‍්ච, භික‍්ඛවෙ, වෙදනං වදෙථාතිආදීසු පුරිමසදිසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. යං පන පුරිමෙන අසදිසං, තස‍්සායං විභාවනා – සුඛම‍්පි වෙදයතීති සුඛං ආරම‍්මණං වෙදෙති අනුභවති. පරතො පදද‍්වයෙපි එසෙව නයො. කථං පනෙතං ආරම‍්මණං සුඛං දුක‍්ඛං අදුක‍්ඛමසුඛං නාම ජාතන‍්ති? සුඛාදීනං පච‍්චයතො. ස‍්වායමත්‍ථො “යස‍්මා ච ඛො, මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක‍්කන‍්ත”න‍්ති ඉමස‍්මිං මහාලිසුත‍්තෙ (සං· නි· 3.60) ආගතොයෙව. වෙදයතීති එත්‍ථ ච වෙදනාව වෙදයති, න අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා. වෙදනා හි වෙදයිතලක‍්ඛණා, තස‍්මා වත්‍ථාරම‍්මණං පටිච‍්ච වෙදනාව වෙදයතීති. එවමිධ භගවා වෙදනායපි පච‍්චත‍්තලක‍්ඛණමෙව භාජෙත්‍වා දස‍්සෙසි.

“කිඤ්ච භික්ඛවෙ වෙදනං වදෙථ” ආදියෙහි පෙරදී කියන ලද පරිදිම දතයුතුයි. යමක් මුලදී කියූ දෙයට අසමාන වේද එහි මේ ප්‍රකට කිරීමයි. “සුඛම්පි වෙදීයති” යනු සැප අරමුණ විඳියි. අනුභව කරයි යනුයි. සෙසු පද දෙකෙහිද මේ ක්‍රමයමයි. මේ අරමුණ කෙසේනම් සැපය, දුකය, දුකසැප දෙකම ඇති මැදහත්බවය යන නම් උපදීද? සැප ආදී ප්‍රත්‍ය වශයෙනි. එහි මේ අර්ථයයි. “මාතලිය! යම්හෙයකින් රූපය සුවයක් වේද, සැපය අනුව වැටේද, සුව ගෙනදෙයිද” යනුවෙන් මහාලී සූත්‍රයෙහි මෙය සඳහන් වූයේය. “වෙදීයති” යන මෙහි වේදනාවම විඳියි. අනික් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ වේදනාවෙන් විඳීම් ලක්‍ෂණයක් නැත. එනිසා වස්තු ආරම්මණයක් නිසා වේදනාවම විඳගනීයැයි මෙසේ මෙතැන්හි භාග්‍යවතුන් වහන්සේ වේදනාව ද වෙන් වෙන් වූ ලක්‍ෂණ වශයෙන් බෙදා දැක්වූ සේක.

නීලම‍්පි සඤ‍්ජානාතීති නීලපුප‍්ඵෙ වා වත්‍ථෙ වා පරිකම‍්මං කත්‍වා උපචාරං වා අප‍්පනං වා පාපෙන‍්තො සඤ‍්ජානාති. අයඤ‍්හි සඤ‍්ඤා නාම පරිකම‍්මසඤ‍්ඤාපි උපචාරසඤ‍්ඤාපි අප‍්පනාසඤ‍්ඤාපි වට‍්ටති, නීලං නීලන‍්ති උප‍්පජ‍්ජනසඤ‍්ඤාපි වට‍්ටතියෙව. පීතකාදීසුපි එසෙව නයො. ඉධාපි භගවා සඤ‍්ජානනලක‍්ඛණාය සඤ‍්ඤාය පච‍්චත‍්තලක‍්ඛණමෙව භාජෙත්‍වා දස‍්සෙසි.

“නීලම්පි සඤ්ජානාති” යනු නිල් මල් හෝ වස්ත්‍ර හෝ පරිකර්ම කර - උපචාරයකට හෝ අර්පණාවකට හෝ පැමිණෙමින් එය හඳුනාගනියි යනුයි. මෙය සංඥා නම් වේ. පරිකර්ම සංඥාවද උපචාර සංඥාවද අර්පණා සංඥාව ද මෙහි සුදුසුමය. පීත (කහ) වර්ණ සංඥාදියේද මේ ක්‍රමයමය. මෙහිද භාග්‍යවතුන් වහන්සේ හැඳිනගැනීමේ ලක්‍ෂණ සහිත සංඥාවෙන් වෙන් වෙන් වූ ලක්‍ෂණ බෙදා දැක්වූ සේක.

රූපං රූපත‍්තාය සඞ‍්ඛතමභිසඞ‍්ඛරොන‍්තීති යථා යාගුමෙව යාගුත‍්තාය, පූවමෙව පූවත‍්තාය පචති නාම, එවං පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතභාවෙන සඞ‍්ඛතන‍්ති ලද‍්ධනාමං රූපමෙව රූපත‍්තාය යථා අභිසඞ‍්ඛතං රූපං නාම හොති, තථත‍්තාය රූපභාවාය අභිසඞ‍්ඛරොති ආයූහති සම‍්පිණ‍්ඩෙති, නිප‍්ඵාදෙතීති අත්‍ථො. වෙදනාදීසුපි එසෙව නයො. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – අත‍්තනා සහ ජායමානං රූපං සම‍්පයුත‍්තෙ ච වෙදනාදයො ධම‍්මෙ අභිසඞ‍්ඛරොති නිබ‍්බත‍්තෙතීති. ඉධාපි භගවා චෙතයිතලක‍්ඛණස‍්ස සඞ‍්ඛාරස‍්ස පච‍්චත‍්තලක‍්ඛණමෙව භාජෙත්‍වා දස‍්සෙසි.

“රූපං රූපත්‍ථාය සංඛත මභි සංඛරොති” යනු යසේ කැඳම, කැඳ සඳහා කැවුම්ම, කැඳ සඳහා පිසයි නම් වේ. මෙසේ ප්‍රත්‍යයන් සමග පැමිණ කළ බැවින් (හේතු ප්‍රත්‍ය එක්වී සෑදුණු බැවින්) ‘සංඛත’ යන ලබන ලද නම් ඇති රූපයමය. රූපය සඳහා යම් සේ අභිසංස්කරණය කරන ලද්දේ රූපය නම් වේ. එසේ ඒ සඳහා, රූපබව පිණිස රූප රැස්කරයි. උත්සාහ කරයි. සම්පිණ්ඩනය කරයි. නිෂ්පාදනය කරයි. වේදනාදියේ ද මේ ක්‍රමයමයි. මේ පැවසුයේ සංක්‍ෂිප්ත වශයෙනි. තමා සමග උපදින රූපය හා එක්ව යෙදුණු වේදනාදිය ධම අභිසංස්කරණය කරයි. උපදවයි. මෙහිද භාග්‍යවතුන් වහන්සේ විඳීම් ලක්‍ෂණ සහිත සංස්කාරයන්ගේ වෙන් වෙන්වූ ලක්‍ෂණ ම බෙදා දැක්වූ සේක.

අම‍්බිලම‍්පි විජානාතීති අම‍්බඅම‍්බාටකමාතුලුඞ‍්ගාදිඅම‍්බිලං “අම‍්බිල”න‍්ති විජානාති. එසෙව නයො සබ‍්බපදෙසු. අපි චෙත්‍ථ තිත‍්තකන‍්ති නිම‍්බපටොලාදිනානප‍්පකාරං කටුකන‍්ති පිප‍්පලිමරිචාදිනානප‍්පකාරං. මධුරන‍්ති සප‍්පිඵාණිතාදිනානප‍්පකාරං. ඛාරිකන‍්ති වාතිඞ‍්ගණනාළිකෙර චතුරස‍්සවල‍්ලිවෙත‍්තඞ‍්කුරාදිනානප‍්පකාරං. අඛාරිකන‍්ති යං වා තං වා ඵලජාතං කාරපණ‍්ණාදිමිස‍්සකපණ‍්ණං. ලොණිකන‍්ති ලොණයාගුලොණමච‍්ඡලොණභත‍්තාදිනානප‍්පකාරං. අලොණිකන‍්තිඅලොණයාගුඅලොණමච‍්ඡඅලොණභත‍්තාදිනානප‍්පකාරං. තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චතීති යස‍්මා ඉමං අම‍්බිලාදිභෙදං අඤ‍්ඤමඤ‍්ඤවිසිට‍්ඨෙන අම‍්බිලාදිභාවෙන ජානාති, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චතීති. එවමිධාපි භගවා විජානනලක‍්ඛණස‍්ස විඤ‍්ඤාණස‍්ස පච‍්චත‍්තලක‍්ඛණමෙව භාජෙත්‍වා දස‍්සෙසි.

“අම්බිලම්පි විජානාති” යනු අඹ, ඇඹරැල්ල, නාරන් ආදී ඇඹුල් දේ ඇඹුල් ලෙස දැනගනියි යනුයි. සෙසු පදයන්හිද මෙම ක්‍රමයමයි. තවද මෙහි “තිත්තකං” යනු කොහොඹ, පතෝලාදී නානාප්‍රකාර දේය. “මධුරකං” යනු ගිතෙල්, පැණි ආදී නානාප්‍රකාර දෙයයි. “ඛාරිකං” යනු වම්බටු, බෙරු, කරඹ, පුහුල්, වේවැල් ආදී නානාප්‍රකාර දේය. “අඛාරිකං” යනු යම් ඒ ගෙඩි හටගන්නා කරකොළ ආදී මිශ්‍ර වූ කොළය. “ලොණිකං” යනු ලුණු කැඳ-ලුණු මාළු - ලුණු බත් ආදී නානාවිධ දේය. “තස්මා විඤ්ඤාණන්ති වුච්චති” යනු යම්හෙයකින් මේ ඇඹුල් ආදී භේදයන් ඔවුනොවුන්ට විශිෂ්ට වූ ඇඹුල් ආදී කරුණුවලින් දැනගනියිද එහෙයින් ‘විඤ්ඤාණය’ යැයි කියයි. මෙසේ මෙහිද භාග්‍යවතුන් වහන්සේ දැනගැනීම් ලක්‍ෂණ වූ විඥානයේ වෙන් වෙන් වූ ලක්‍ෂණම බෙදා දැක්වූ සේක.

යස‍්මා පන ආරම‍්මණස‍්ස ආකාරසණ‍්ඨානගහණවසෙන සඤ‍්ඤා පාකටා හොති, තස‍්මා සා චක‍්ඛුද‍්වාරෙ විභත‍්තා. යස‍්මා විනාපි ආකාරසණ‍්ඨානා ආරම‍්මණස‍්ස පච‍්චත‍්තභෙදගහණවසෙන විඤ‍්ඤාණං පාකටං හොති, තස‍්මා තං ජිව‍්හාද‍්වාරෙ විභත‍්තං. ඉමෙසං පන සඤ‍්ඤාවිඤ‍්ඤාණපඤ‍්ඤානං අසම‍්මොහතො සභාවසල‍්ලක‍්ඛණත්‍ථං සඤ‍්ජානාති, විජානාති, පජානාතීති එත්‍ථ විසෙසා වෙදිතබ‍්බා. තත්‍ථ උපසග‍්ගමත‍්තමෙව විසෙසො, ජානාතීති පදං පන අවිසෙසො. තස‍්සපි ජානනට‍්ඨෙන විසෙසො වෙදිතබ‍්බො. සඤ‍්ඤා හි නීලාදිවසෙන ආරම‍්මණසඤ‍්ජානනමත‍්තමෙව, අනිච‍්චං දුක‍්ඛමනත‍්තාති ලක‍්ඛණපටිවෙධං පාපෙතුං න සක‍්කොති. විඤ‍්ඤාණං නීලාදිවසෙන ආරම‍්මණඤ‍්චෙව ජානාති, අනිච‍්චාදිවසෙන ලක‍්ඛණපටිවෙධඤ‍්ච පාපෙති, උස‍්සක‍්කිත්‍වා පන මග‍්ගපාතුභාවං පාපෙතුං න සක‍්කොති. පඤ‍්ඤා නීලාදිවසෙන ආරම‍්මණම‍්පි ජානාති, අනිච‍්චාදිවසෙන ලක‍්ඛණපටිවෙධම‍්පි පාපෙති, උස‍්සක‍්කිත්‍වා මග‍්ගපාතුභාවම‍්පි පාපෙති.

යම් අරමුණක ආකාරය - පෙනීම - ගැනීම වශයෙන් සංඥාව ප්‍රකට වේ. එහෙයින් ඒ චක්‍ෂුද්වාරය බෙදන ලදී. යම්හෙයකින් ආකාර-පෙනීම ආදී අරමුණුවල පවතින භේද ගැනීම් වශයෙන් විඥානය ප්‍රකට වේ. එනිසා එය ජිව්හාද්වාරයේ බෙදා දක්වන ලදී. මේ සංඥා, විඥාන හා ප්‍රඥා වශයෙන් මුළා නොවීම් වශයේ ස්වභාවය, ලක්‍ෂණ සහිතව දැනගනියි. අවබෝධ කරගනියි. විශේෂයෙන් දැනගනියි. මෙහි විශේෂය දතයුතුයි. මෙහි විශේෂය නම් උපසර්ගය පමණකි. “ජානාති” (දැනගනියි) යන පදයෙහි විශේෂයක් නැත. එහි දැනගැනීම් අර්ථයෙන් විශේෂත්වය දතයුතුයි. නීලාදී අරමුණ හඳුනාගැනීම් පමණකි. අනිත්‍යය, දුකය, අනාත්මයැයි ලක්‍ෂණ අවබෝධ කරගැනීමට නොහැකි වේ. විඥානය නීලාදී වශයෙන් අරමුණ ම දැනගනියි. අනිත්‍යාදි වශයෙන් ලක්‍ෂණ අවබෝධ කරගැනීමටද පැමිණෙයි. උත්සාහ කර, මාර්ගය පහළ කරගැනීමටද නොහැකි වේ. ප්‍රඥාව නීලාදී වශයෙන් අරමුණ ද දැනගනියි. අනිත්‍යාදී වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධයටද පැමිණේ. උත්සාහ කර, ආර්ය මාර්ගාවබෝධයට ද පැමිණේ.

යථා හි හෙරඤ‍්ඤිකඵලකෙ කහාපණරාසිම‍්හි කතෙ අජාතබුද‍්ධිදාරකො ගාමිකපුරිසො මහාහෙරඤ‍්ඤිකොති තීසු ජනෙසු ඔලොකෙත්‍වා ඨිතෙසු අජාතබුද‍්ධිදාරකො කහාපණානං චිත‍්තවිචිත‍්තචතුරස‍්සමණ‍්ඩලාදිභාවමෙව ජානාති, “ඉදං මනුස‍්සානං උපභොගපරිභොගං රතනසම‍්මත”න‍්ති න ජානාති. ගාමිකපුරිසො චිත‍්තාදිභාවඤ‍්ච ජානාති, මනුස‍්සානං උපභොගපරිභොගරතනසම‍්මතභාවඤ‍්ච, “අයං කූටො, අයං ඡෙකො, අයං කරටො, අයං සණ‍්හො”ති න ජානාති. මහාහෙරඤ‍්ඤිකො චිත‍්තාදිභාවම‍්පි රතනසම‍්මතභාවම‍්පි කූටාදිභාවම‍්පි ජානාති. ජානන‍්තො ච පන රූපං දිස‍්වාපි සද‍්දං සුත්‍වාපි ගන්‍ධං ඝායිත්‍වාපි රසං සායිත්‍වාපි හත්‍ථෙන ගරුලහුභාවං උපධාරෙත්‍වාපි “අසුකගාමෙ කතො”තිපි ජානාති, “අසුකනිගමෙ අසුකනගරෙ අසුකපබ‍්බතච‍්ඡායාය අසුකනදීතීරෙ කතො”තිපි, “අසුකාචරියෙන කතො”තිපි ජානාති. එවමෙව සඤ‍්ඤා අජාතබුද‍්ධිදාරකස‍්ස කහාපණදස‍්සනං විය නීලාදිවසෙන ආරම‍්මණමත‍්තමෙව ජානාති. විඤ‍්ඤාණං ගාමිකපුරිසස‍්ස කහාපණදස‍්සනං විය නීලාදිවසෙන ආරම‍්මණම‍්පි ජානාති, අනිච‍්චාදිවසෙන ලක‍්ඛණපටිවෙධම‍්පි පාපෙති. පඤ‍්ඤා මහාහෙරඤ‍්ඤිකස‍්ස කහාපණදස‍්සනං විය නීලාදිවසෙන ආරම‍්මණම‍්පි ජානාති, අනිච‍්චාදිවසෙන ලක‍්ඛණපටිවෙධම‍්පි පාපෙති, උස‍්සක‍්කිත්‍වා මග‍්ගපාතුභාවම‍්පි පාපෙති.

යම්සේ රන් පුවරුවක කහවනු රැසක් කළ කල්හි නූපන් බුද්ධි ඇති දරුවා, ගැමි පුරුෂයා, මහා රන්කරුවා යන තිදෙන එය බලා සිටි විට බුද්ධි නැති දරුවා කහවණුවල විසිතුරු බව චතුරස්‍ර හා රවුම් ආදී ආකාරයම බලා දැනගනියි. මෙය මිනිසුන්ගේ උපභෝග-පරිභෝග රත්න සම්මතයකියි නොදනියි. ගැමි පුරුෂයා විසිතුරු බව ද දකියි. එමෙන් ම මිනිසුන්ගේ සැපසම්පත් ගෙනදෙන සම්මත වූ රත්නයකැයි දත් නමුත් “මේ බොරු කහවණුවකි”, “මේ ඡේකයකි”, “මේ කරටකයකි”, “මේ සණ්හයකි”යි ඒ කහවණුවේ වර්ගය නොදනියි. මිල පමණක් (අගය) දනියි. මහා රන්කරුවා විසිතුරු ආදී ලක්‍ෂණ ද රත්න සම්මත අගය ද කුටාදී භාවයන් ද දැනගනියි. දැනගැනීමත් රූපය දැක, ශබ්දය අසා, සුවඳ ආඝ්‍රාණය කර, රස විඳ, අතින් තද-මෘදුබව සලකා අසුවල් ගමේ කරන ලදී ආදි වශයෙන් ද දැනගනියි. අසුවල් නියම්ගමෙහි, අසුවල් නගරයේ, අසුවල් පර්වත ඡායාවෙහි, අසුවල් නදී තීරයේ සිටින අසුවල් ආචාර්යයා විසින් කරන ලදැයි ද දැනගනියි. මේ අයුරින්ම සංඥාව බුද්ධිය නැති දරුවා කහවණුව බැලීම මෙන් නිල් ආදී ලෙස අරමුණ පමණක්ම දැනගනියි. විඤ්ඤාණය ගැමි පුරුෂයාගේ කහවණුව දැකීම මෙන් නිල් ආදී ලෙස අරමුණද දැනගනියි. අනිත්‍යාදී වශයෙන් ලක්‍ෂණයන්ගේ අවබෝධය ද ලබයි. ප්‍රඥාව මහා රන්කරුවා කහවනුව දකින්නාක් මෙනි. නිල් ආදී ලෙස අරමුණ හැඳිනගනියි. අනිත්‍යාදී ලක්‍ෂණයන්ට එය පත්වන බවද දැනගනියි. උත්සාහ කර මාර්ග ඵලයන්ට ද පැමිණේ.

සො පන නෙසං විසෙසො දුප‍්පටිවිජ‍්ඣො. තෙනාහ ආයස‍්මා නාගසෙනො –

එය වනාහී ඔවුන්ගේ විශේෂය අවබෝධ කරගැනීම අපහසුය. එනිසා නාගසේන හිමියෝ මෙසේ වදාළහ.

“දුක‍්කරං, මහාරාජ, භගවතා කතන‍්ති. කිං, භන‍්තෙ නාගසෙන, භගවතා දුක‍්කරං කතන‍්ති? දුක‍්කරං, මහාරාජ, භගවතා කතං, ඉමෙසං අරූපීනං චිත‍්තචෙතසිකානං ධම‍්මානං එකාරම‍්මණෙ වත‍්තමානානං වවත්‍ථානං අක‍්ඛාතං ‘අයං ඵස‍්සො, අයං වෙදනා, අයං සඤ‍්ඤා, අයං චෙතනා, ඉදං චිත‍්ත’”න‍්ති (මි· ප· 2.7.16).

“මහරජ! භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද්දේ දුෂ්කර කටයුත්තකි.” මිළිඳු රජු “ස්වාමීනි! නාගසේනයන් වහන්ස! භාග්‍යවතුන් වහන්සේ කවර දුෂ්කර කටයුත්තක් කරන ලද්දේද?” “මහරජ! භාග්‍යවතුන් වහන්සේ කරන ලද්ද ඉතා දුෂ්කරය. යම් බඳු අරූපී චිත්ත චෛතසික ධර්මයන්ගේ එක අරමුණේ පවතින වෙන්කර දැක්වීම් “මේ ස්පර්ශයයි. මේ වේදනාවයි. මේ සංඥාවයි. මේ චේතනාවයි. මේ සිතයි.” යනුවෙන් දේශනා කරන ලදසේක් ද,

යථා හි තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ‍්ඩකතෙලං වසාතෙලන‍්ති ඉමානි පඤ‍්ච තෙලානි එකචාටියං පක‍්ඛිපිත්‍වා දිවසං යමකමන්‍ථෙ හි මන්‍ථෙත්‍වා තතො “ඉදං තිලතෙලං, ඉදං සාසපතෙල”න‍්ති එකෙකස‍්ස පාටියෙක‍්කං උද‍්ධරණං නාම දුක‍්කරං, ඉදං තතො දුක‍්කරතරං. භගවා පන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස සුප‍්පටිවිද‍්ධත‍්තා ධම‍්මිස‍්සරො ධම‍්මරාජා ඉමෙසං අරූපීනං ධම‍්මානං එකාරම‍්මණෙ වත‍්තමානානං වවත්‍ථානං අකාසි. පඤ‍්චන‍්නං මහානදීනං සමුද‍්දං පවිට‍්ඨට‍්ඨානෙ “ඉදං ගඞ‍්ගාය උදකං, ඉදං යමුනායා”ති එවං පාටියෙක‍්කං උදකුද‍්ධරණෙනාපි අයමත්‍ථො වෙදිතබ‍්බො.

එය තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වසාතෙල් යන මේ පස් තෙල් එක පාත්‍රයක දමා, දවසක් ම කළවම් කර, ඉන්පසු මෙය තලතෙලයි. මේ අබතෙලයි. ආදී වශයෙන් එක් එක් තෙල වෙන වෙනම ගෙන දැක්වීම මෙන් දුෂ්කර ක්‍රියාවකි. භාග්‍යවත් වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජන් වූ බුදුපියාණන් වහන්සේ සර්වඥ ඥානයාගේ මනා අවබෝධයෙන් මේ අරූපී ධර්මයන් එක් අරමුණක පවතින බවට ව්‍යවස්ථාපනය කරන ලදහ. පංච මහා නදීහු මුහුදට පිවිසෙන කල්හි මේ ගංගානම් ගඟේ ජලයයි. මේ යමුනා ගඟේ ජලයයි යනුවෙන් වෙන් වෙන්ව ජලය වෙන්කර දැක්වීම මෙන් මෙහි අර්ථ දතයුතුයි.

ඉති පඨමපබ‍්බෙන සුඤ‍්ඤතං, දුතියෙන සුඤ‍්ඤතාලක‍්ඛණන‍්ති ද‍්වීහි පබ‍්බෙහි අනත‍්තලක‍්ඛණං කථෙත්‍වා ඉදානි දුක‍්ඛලක‍්ඛණං දස‍්සෙතුං තත්‍ර, භික‍්ඛවෙතිආදිමාහ.

මෙසේ ප්‍රථම කොටසින් ශුන්‍යතාවද දෙවන කොටසින් ශුන්‍යතා ලක්‍ෂණද යනුවෙන් මේ දෙකොටසින්ම අනිත්‍ය ලක්‍ෂණය දේශනා කළ බුදුපියාණෝ දැන් දුක්ඛ ලක්‍ෂණය දැක්වීමට “තත්‍ර භික්ඛවෙ” යනාදිය දෙසූහ.

තත්‍ථ ඛජ‍්ජාමීති න රූපං සුනඛො විය මංසං ලුඤ‍්චිත්‍වා ලුඤ‍්චිත්‍වා ඛාදති, යථා පන කිලිට‍්ඨවත්‍ථනිවත්‍ථො තතොනිදානං පීළං සන්‍ධාය “ඛාදති මං වත්‍ථ”න‍්ති භණති, එවමිදම‍්පි පීළං උප‍්පාදෙන‍්තං ඛාදති නාමාති වෙදිතබ‍්බං. පටිපන‍්නො හොතීති සීලං ආදිං කත්‍වා යාව අරහත‍්තමග‍්ගා පටිපන‍්නො හොති. යො පනෙත්‍ථ බලවඤාණො තික‍්ඛබුද‍්ධි ඤාණුත‍්තරො යොගාවචරො පධානභූමියං වායමන‍්තො ඛාණුනා වා කණ‍්ටකෙන වා විද‍්ධො ආවුධෙන වා පහටො බ්‍යග‍්ඝාදීහි වා ගහෙත්‍වා ඛජ‍්ජමානො තං වෙදනං අබ‍්බොහාරිකං කත්‍වා මූලකම‍්මට‍්ඨානං සම‍්මසන‍්තො අරහත‍්තමෙව ගණ‍්හාති, අයං වෙදනාය නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො නාම වුච‍්චති පීතමල‍්ලත්‍ථෙරො විය කුටුම‍්බියපුත‍්තමහාතිස‍්සත්‍ථෙරො විය වත‍්තනිඅටවියං තිංසමත‍්තානං භික‍්ඛූනං අඤ‍්ඤතරො බ්‍යග‍්ඝමුඛෙ නිපන‍්නභික‍්ඛු විය කණ‍්ටකෙන විද‍්ධත්‍ථෙරො විය ච.

එහි “ඛජ්ජාමි” යනු රූපය බල්ලෙකු මෙන් මස් උදුර-උදුරා නොකයි. යම්සේ කිලිටි වස්ත්‍ර හැඳ ඒ හේතුවෙන් පීඩාව සඳහා කයි. වස්ත්‍ර නොකයි. මෙසේ පීඩාව ඉපිදවීම් “කයි” නම් වේයැයි දතයුතුයි. “පටිපන්නො හොති” යනු සීලය මුල්කරගෙන අර්හත් මාර්ගය දක්වාම පිළිපන්නේ වේ යනුයි. යමෙක් මෙහි බලවත් ප්‍රඥා ඇතිව, තියුණු ප්‍රඥා ඇතිව, බුද්ධි ඥානයන්ගෙන් උතුම් වූ යෝගාවචරයෙක්ව ප්‍රධන් භූමියෙහි වෑයම් කරනුයේ හුල්, කටු ආදියකින් විදීමෙන් හෝ ආයුධයකින් ගැසීමෙන් හෝ ව්‍යාඝ්‍රාදීන් රැගෙන ගොස් කෑමෙන් හෝ ඇතිවන ඒ වේදනාව අමතක කර දමා මුල් කමටහනම සිහිකරනුයේ රහත්ඵලයම අවබෝධ කරගනියි. මෙය වේදනාවෙන් කලකිරීමට-නිරෝධයට පිළිපන්නාහු නම් වේ. පීතිමල්ල තෙරුන් මෙන්, කුටුම්බිය පුත්‍ර මහා තෙරුන් මෙන්, කැලෑ මාර්ගයෙහි තිහක් පමණ භික්‍ෂූහු අතරින් එක්තරා ව්‍යාඝ්‍ර මුවෙහි හොත්තා වූ භික්‍ෂුව මෙන්, කටුවෙන් විදිනු ලැබූ තෙරුන් මෙන්. (වේදනාවම උපකාර කරගෙන රහත් විය යුතු.)

ද‍්වාදසසු කිර භික‍්ඛූසු ඝණ‍්ටිං පහරිත්‍වා අරඤ‍්ඤෙ පධානමනුයුඤ‍්ජන‍්තෙසු එකො සූරියෙ අත්‍ථඞ‍්ගතමත‍්තෙයෙව ඝණ‍්ටිං පහරිත්‍වා චඞ‍්කමං ඔරුය‍්හ චඞ‍්කමන‍්තො තිරියං නිම‍්මථෙන‍්තො තිණපටිච‍්ඡන‍්නං කණ‍්ටකං අක‍්කමි. කණ‍්ටකො පිට‍්ඨිපාදෙන නික‍්ඛන‍්තො. තත‍්තඵාලෙන විනිවිද‍්ධකාලො විය වෙදනා වත‍්තති. ථෙරො චින‍්තෙසි – “කිං ඉමං කණ‍්ටකං උද‍්ධරාමි, උදාහු පකතියා විජ‍්ඣිත්‍වා ඨිතකණ‍්ටක”න‍්ති? තස‍්ස එවමහොසි – “ඉමිනා කණ‍්ටකෙන විද‍්ධත‍්තා නිරයාදීසු භයං නාම නත්‍ථි, පකතියා විජ‍්ඣිත්‍වා ඨිතකණ‍්ටකංයෙවා”ති. සො තං වෙදනං අබ‍්බොහාරිකං කත්‍වා සබ‍්බරත‍්තිං චඞ‍්කමිත්‍වා විභාතාය රත‍්තියා අඤ‍්ඤස‍්ස සඤ‍්ඤං අදාසි. සො ආගන‍්ත්‍වා “කිං, භන‍්තෙ”ති පුච‍්ඡි? “කණ‍්ටකෙනම‍්හි, ආවුසො, විද‍්ධො”ති. “කාය වෙලාය, භන‍්තෙ”ති? “සායමෙව, ආවුසො”ති. “කස‍්මා න අම‍්හෙ පක‍්කොසිත්‍ථ, කණ‍්ටකං උද‍්ධරිත්‍වා තත්‍ථ තෙලම‍්පි සිඤ‍්චෙය්‍යාමා”ති? “පකතියා විජ‍්ඣිත්‍වා ඨිතකණ‍්ටකමෙව උද‍්ධරිතුං වායමිම‍්හා, ආවුසො”ති. “සක‍්කුණිත්‍ථ, භන‍්තෙ, උද‍්ධරිතු”න‍්ති. “එකදෙසමත‍්තෙන මෙ, ආවුසො, උද‍්ධටො”ති. සෙසවත්‍ථූනි දීඝමජ‍්ඣිමට‍්ඨකථාසු (දී· නි· අට‍්ඨ· 2.373; ම· නි· අට‍්ඨ· 1.106) සතිපට‍්ඨානසුත‍්තනිද‍්දෙසෙ විත්‍ථාරිතානෙව.

දොළොසක් භික්‍ෂූහු ගෙඩිය ගසා කැළයෙහි භාවනා කරන්නාහු එක් තෙරනමක් ඉර බැසයද්දීම ගෙඩිය ගසා, සක්මනට බැස සක්මන් කරන සේක්, හරහට තණ ගොමුවක් මඩිනු ලැබූයේ සැගවුණු කටුවක් ඇමිණුනේය. කටුව යටිපතුලින් නික්මී එය පැලී විනිවිද ගියාක් මෙන් වේදනාව පවතියි. තෙරුන් වහන්සේ මෙසේ සිතු සේක. “කිම මේ කටුව ගලවා දමමිද? නැතිනම් ස්වභාවයෙන්ම විද සිටි කටුවක්ද?” උන්වහන්සේට මෙසේ සිතුණු සේක. මේ කටුවෙන් විදින ලද බැවින් නිරයාදියෙහි වාසයක් නම් නැත. ස්වභාවයෙන්ම විදගෙන සිටි කටුවක්මය”යි උන්වහන්සේ ඒ වේදනාව දුරුකර මුළුරෑම සක්මන් කර රෑ පහවූ කල්හි වෙනත් භික්‍ෂුවකට සංඥාවක් දුන් සේක. ඔහු අවුත් “ස්වාමීනි! කිම්ද?”යි ඇසීය. “ඇවැත්නි! මගේ කකුල කටුවකින් විදින ලදී.” “කුමන වේලාවකදී විදින ලද්දේද?” “ඇවැත්නි! සවස් යාමයෙහිය.” “ස්වාමීනි! කුමක් නිසා අපට කථා නොකළෙහිද? කටුව උදුරා එහි තෙල් ඉසින්නෙමු”යි පැවසු විට “ඇවැත්නි! ස්වභාවයෙන් විද සිටි කටුව ම උදුරා දැමීමට වෑයම් කළෙමි”යි තෙරහු පැවසූහ. “ස්වාමීනි! උදුරා දැමීමට හැකිවීද?” “ඇවැත්නි! එක් කොටසක් පමණක් උදුරා දමන ලදී” යැයි තෙරහු පැවසූහ. සෙසු කථාවස්තු දීඝ, මජ්ඣිම අටුවාවන්හි එන සතිපට්ඨාන සූත්‍ර නිර්දේශයේ විස්තර කරන ලද්දේමය.

තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙති කස‍්මා ආරද‍්ධං? ඉමස‍්මිං පබ‍්බෙ දුක‍්ඛලක‍්ඛණමෙව කථිතං, න අනිච‍්චලක‍්ඛණං. තං දස‍්සෙතුං ඉදමාරද‍්ධං. තීණි ලක‍්ඛණානි සමොධානෙත්‍වා දස‍්සෙතුම‍්පි ආරද‍්ධමෙව. අපචිනාති නො ආචිනාතීති වට‍්ටං විනාසෙති, නෙව චිනාති. පජහති න උපාදියතීති තදෙව විස‍්සජ‍්ජෙති, න ගණ‍්හාති. විසිනෙති න උස‍්සිනෙතීති විකිරති න සම‍්පිණ‍්ඩෙති. විධූපෙති න සන්‍ධූපෙතීති නිබ‍්බාපෙති න ජාලාපෙති.

“තං කිං මඤ්ඤථ භික්ඛවෙ” යන්න කුමක් නිසා ඇරඹූ සේක්ද? මේ කොටසෙහි දුක්ඛ ලක්‍ෂණයම කියන ලදී. අනිත්‍ය ලක්‍ෂණය දැක්වීමට නොවේ. එය දැක්වීමට මෙසේ මෙය අරඹන ලදී. ත්‍රිවිධ ලක්‍ෂණ එක්කර දැක්වීමට අරඹන ලද්දේමය. “අපවිණාති, නො ආචිණාති” යනු සංසාරික පැවැත්ම විනාශ කරයි. රැස් නොකරත්මය යනුයි. “පජහති නො උපාදීයති” යනු එයම දුරුකර විසුරුවයි. නොගනියි යනුයි. “විසිනෙති නො උස්සිනෙති” යනු විසුරුවයි. බිඳහෙළයි. එක්රැස් නොකරයි යනුයි. (සම්පිණ්ඩනය නොකරයි) “විධූපෙති නො සන්‍ධූපෙති” යනු නිවාදමයි. නොදල්වයි යනුයි.

එවං පස‍්සං, භික‍්ඛවෙති ඉදං කස‍්මා ආරද‍්ධං? වට‍්ටං විනාසෙත්‍වා ඨිතං මහාඛීණාසවං දස‍්සෙස‍්සාමීති ආරද‍්ධං. එත‍්තකෙන වා ඨානෙන විපස‍්සනා කථිතා, ඉදානි සහ විපස‍්සනාය චත‍්තාරො මග‍්ගෙ දස‍්සෙතුං ඉදං ආරද‍්ධං. අථ වා එත‍්තකෙන ඨානෙන පඨමමග‍්ගො කථිතො, ඉදානි සහ විපස‍්සනාය තයො මග‍්ගෙ දස‍්සෙතුං ඉදමාරද‍්ධං. එත‍්තකෙන වා ඨානෙන තීණි මග‍්ගානි කථිතානි, ඉදානි සහ විපස‍්සනාය අරහත‍්තමග‍්ගං දස‍්සෙතුම‍්පි ඉදං ආරද‍්ධමෙව.

“එවං පස්සං භික්ඛවෙ” යන්න කුමක් නිසා ඇරඹියේද? සසර පැවැත්ම විනාශකර සිටි රහතන් වහන්සේ දක්වන්නෙමි’යි අරඹන ලදී. මෙපමණ වූ තැන්හි විදර්ශනාව කියන ලදී. දැන් විදර්ශනාව සහිත සිවුමාර්ගය දැක්වීමට මෙසේ අරඹන ලදී. නැතිනම් මෙපමණ වේලාවක් පළමු මාර්ගය විස්තර කරන ලදී. දැන් විදර්ශනාව සමග ත්‍රිවිධ මාර්ගයන් දැක්වීමට මෙය අරඹන ලදී. මේ ස්ථානය දක්වා ත්‍රිවිධ මාර්ගයන් විස්තර කරන ලදී. දැන් විදර්ශනාව සමග අර්හත් මාර්ගය දැක්වීමට මෙය අරඹන ලද්දේමය.

සපජාපතිකාති සද‍්ධිං පජාපතිනා දෙවරාජෙන. ආරකාව නමස‍්සන‍්තීති දූරතොව නමස‍්සන‍්ති, දූරෙපි ඨිතං නමස‍්සන‍්තියෙව ආයස‍්මන‍්තං නීතත්‍ථෙරං විය.

“සපජාපතිකා” යනු ප්‍රජාපතී දෙව්රජ සමග “ආරකාව නමස්සන්තී” යනු දුරදීම නමස්කාර කරති යනුයි. දුරද සිට නමස්කාර කරත්මය. ආයුෂ්මත් නීල තෙරුන්ට මෙනි.

ථෙරො කිර පුප‍්ඵච‍්ඡඩ‍්ඩකකුලතො නික‍්ඛම‍්ම පබ‍්බජිතො, ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පත්‍වා චින‍්තෙසි – “අහං අජ‍්ජෙව පබ‍්බජිතො අජ‍්ජෙව මෙ පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පත‍්තං, චතුපච‍්චයසන‍්තොසභාවනාරාමමණ‍්ඩිතං මහාඅරියවංසපටිපදං පූරෙස‍්සාමී”ති. සො පංසුකූලත්‍ථාය සාවත්‍ථිං පවිසිත්‍වා චොළකං පරියෙසන‍්තො විචරි. අථෙකො මහාබ්‍රහ‍්මා සමාපත‍්තිතො වුට‍්ඨාය මනුස‍්සපථං ඔලොකෙන‍්තො ථෙරං දිස‍්වා – “අජ‍්ජෙව පබ‍්බජිත්‍වා අජ‍්ජෙව ඛුරග‍්ගෙ අරහත‍්තං පත්‍වා මහාඅරියවංසපටිපදං පූරෙතුං චොළකං පරියෙසතී”ති අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානො අට‍්ඨාසි. තමඤ‍්ඤො මහාබ්‍රහ‍්මා දිස‍්වා “කං නමස‍්සසී”ති? පුච‍්ඡි. නීතත්‍ථෙරං නමස‍්සාමීති. කිං කාරණාති? අජ‍්ජෙව පබ‍්බජිත්‍වා අජ‍්ජෙව ඛුරග‍්ගෙ අරහත‍්තං පත්‍වා මහාඅරියවංසපටිපදං පූරෙතුං චොළකං පරියෙසතීති. සොපි නං නමස‍්සමානො අට‍්ඨාසි. අථඤ‍්ඤො, අථඤ‍්ඤොති සත‍්තසතා මහාබ්‍රහ‍්මානො නමස‍්සමානා අට‍්ඨංසු. තෙන වුත‍්තං –

ඒ තෙරුන් වහන්සේ කසල ඉවත්කරන කුලයේ ඉපිද, ඉන් නික්ම පැවිදි වූහ. කෙස් බාද්දීම රහත් වී මෙසේ සිතූහ. “මම අදම පැවිදි වීමි. අදම මගේ පැවිදි කිස මස්තක ප්‍රාප්ත විය. සිවුපසයෙන්ම සතුටු වෙමින් භාවනාදියෙන් අලංකාර වූ මහා ආර්යවංශික ප්‍රතිපදාව පුරන්නෙමි”යි සිතූ උන්වහන්සේ සැවැත්නුවරට පාංශුකූල වස්ත්‍රයක් සොයමින් වැඩියහ. එවිට එක් මහාබ්‍රහ්මයෙක් සමවතින් නැගිට, මිනිස් ලොව දෙස බලනුයේ තෙරුන් දැක “මොහු අදම පැවිදි විය. අදම හිසකේ කපද්දීම රහත්බවට පත්ව මහා ආර්යවංශ ප්‍රතිපදාව පිරීමට රෙදිකඩක් සොයන්නේය”යි ඇඳිලිබැඳ වැඳගෙන සිටියේය. ඒ දුටු වෙනත් මහා බ්‍රහ්මයකුද “කාහට වඳින්නෙහිද?”යි ඇසීය. “නීල තෙරුන් වහන්සේට නමස්කාර කරමි.” “කුමන කරුණක් නිසා වඳින්නේද?” “එතුමා අදම පැවිදිව අදම කෙස් කපද්දී රහත්ව, මහා අරියවංස ප්‍රතිපදාව පිරීමට රෙදිකඩක් සොයන්නේය.” පැවසූවිට ඒ මහාබ්‍රහ්මයාද නමස්කාර කරමින් සිටියේය. තවත් කෙනෙක්, තවත් කෙනෙක් වශයෙන් මෙසේම සත්සීයක් මහා බ්‍රහ්මයෝ ඒ තෙරුන්ට නමස්කාර කරමින් සිටියහ. එනිසා කියන ලදී.

තා දෙවතා සත්තසතා උළාරා බ්‍රහ්මා විමානා අභිනික්ඛමිත්‍වා ඛීණාසවො ගණ්හති පංසුකූලං

තා දෙවතා සත්ත සතා උළාරා බ්‍රහ්මා විමා නා අභිනික්ඛ මිත්‍වා නීලං නමස්සන්ති පසන්නචිත්තා ඛීණාසවා කයිරති පංසුකූලං

“තා දෙවතා සත‍්තසතා උළාරා, බ්‍රහ‍්මා විමානා අභිනික‍්ඛමිත්‍වා; නීතං නමස‍්සන‍්ති පසන‍්නචිත‍්තා, ‘ඛීණාසවො ගණ‍්හති පංසුකූලං’”.

“සත්සියයක් වූ ඒ දෙවියෝ මහත්වූ බ්‍රහ්ම විමානයෙන් නික්ම අවුත් පැහැදුණු සිත් ඇතිව රහතන් වහන්සේ ‘පාංශුකූලයක් ගනියි’ කියා නීල තෙරුන්ට වඳිති.”

“තා දෙවතා සත‍්තසතා උළාරා, බ්‍රහ‍්මා විමානා අභිනික‍්ඛමිත්‍වා; නීතං නමස‍්සන‍්ති පසන‍්නචිත‍්තා, ‘ඛීණාසවො කයිරති පංසුකූලං’”.

“සත්සියයක් වූ ඒ දෙවියෝ මහත්වූ බ්‍රහ්ම විමානයෙන් නික්ම අවුත් පැහැදුණු සිත් ඇතිව “ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ පාංශුකූල සිවුරක් කරයි’ යනුවෙන් නීල තෙරුන්ට වඳිමින් සිටිති.”

“‘ඛීණාසවො ධොවති පංසුකූලං’; ‘ඛීණාසවො රජති පංසුකූලං’; ‘ඛීණාසවො පාරුපති පංසකූල’”න‍්ති.

පංසුකුලය සෝදයි. එහි පඬු පොවයි. එය පොරවයි යනාදී වශයෙන් පවසමින් වඳිමින් සිටිති.

ඉති භගවා ඉමස‍්මිං සුත‍්තෙ දෙසනං තීහි භවෙහි විනිවත‍්තෙත්‍වා අරහත‍්තස‍්ස කූටං ගණ‍්හි. දෙසනාපරියොසානෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ත්‍රිවිධ භවයන්ගෙන් දුරුකර රහත්බවෙහිම මස්තකය (මුඛ්‍යාර්ථය) ගන්නා ලදී. දේශනාව අවසානයේ පන්සීයක් භික්‍ෂූහු රහත්බැව්හි පිහිටි සේක.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.