යෙදුමෙන් කියවන්න

6. සීහොපම සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

6. සීහොපම සුත‍්තවණ‍්ණනා

6. සීහොපම සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සීහොති චත‍්තාරො සීහා – තිණසීහො, කාළසීහො, පණ‍්ඩුසීහො, කෙසරසීහොති. තෙසු තිණසීහො කපොතවණ‍්ණගාවිසදිසො තිණභක‍්ඛො ච හොති. කාළසීහො කාළගාවිසදිසො තිණභක‍්ඛොයෙව. පණ‍්ඩුසීහො පණ‍්ඩුපලාසවණ‍්ණගාවිසදිසො මංසභක‍්ඛො. කෙසරසීහො ලාඛාරසපරිකම‍්මකතෙනෙව මුඛෙන අග‍්ගනඞ‍්ගුට‍්ඨෙන චතූහි ච පාදපරියන‍්තෙහි සමන‍්නාගතො, මත්‍ථකතොපිස‍්ස පට‍්ඨාය ලාඛාතූලිකාය කත්‍වා විය තිස‍්සො රාජියො පිට‍්ඨිමජ‍්ඣෙන ගන‍්ත්‍වා අන‍්තරසත්‍ථිම‍්හි දක‍්ඛිණාවත‍්තා හුත්‍වා ඨිතා, ඛන්‍ධෙ පනස‍්ස සතසහස‍්සග‍්ඝනිකකම‍්බලපරික‍්ඛෙපො විය කෙසරභාරො හොති, අවසෙසට‍්ඨානං පරිසුද‍්ධං සාලිපිට‍්ඨසඞ‍්ඛචුණ‍්ණපිචුවණ‍්ණං හොති. ඉමෙසු චතූසු සීහෙසු අයං කෙසරසීහො ඉධ අධිප‍්පෙතො.

සයවන සූත්‍රයේ “සීහො” යනු සිංහයෝ සතර දෙනෙකි. තිණ සිංහ, කාළසිංහ, පණ්ඩුසිංහ හා කේසරසිංහ වශයෙනි. ඔවුන් අතුරින් තිණ සිංහයා පරෙවියන්ගේ පාට ඇති ගවදෙනක් හා සමානව තණ අනුභව කරන සිංහයායි. කාළ සිංහයා නම් කළු ගවදෙනක් හා සමාන වූ තණ අනුභව කරන්නෙකි. පණ්ඩුසිංහ නම් පලාවන් පැහැ ඇති ගවදෙනක් හා සමවූ මස් කන සත්ත්‍වයෙකි. කේසර සිංහ නම් ලාක්‍ෂා පැහැයෙන් වර්ණවත් කරන ලද්දකු මෙන් මුවින් ද වලිග අගින්ද සිවුපාදයෙන්ද යුක්ත වූවෙකි. ඔහුගේ මස්තකයේ සිට ලාකඩ තෙලිතුඩකින් පාටකලාක් වැනි වූ රේඛා තුනක් පිටමැදින් ගොස් දෙකලවා අතර දක්‍ෂිණාවර්ත වී සිටියි. ඔහුගේ කඳෙහි වනාහි ලක්‍ෂයක් අගනා කම්බිලියක් පෙරවූවාක් මෙන් කේසර සමූහයක් ඇත. ශරීරයේ සෙසු ස්ථාන පිරිසිදු වූ හාල්පිටි, හක්සුණු, පුලුන් මෙන් සුදුපාට වූයේ වෙයි. මේ අතර සිංහයන් අතුරින් මේ කේශර සිංහයාම මෙහිදී අදහස් කරන ලදී.

මිගරාජාති මිගගණස‍්ස රාජා. ආසයාති වසනට‍්ඨානතො සුවණ‍්ණගුහතො වා රජතමණිඵලිකමනොසිලාගුහතො වා නික‍්ඛමතීති වුත‍්තං හොති. නික‍්ඛමමානො පනෙස චතූහි කාරණෙහි නික‍්ඛමති අන්‍ධකාරපීළිතො වා ආලොකත්‍ථාය, උච‍්චාරපස‍්සාවපීළිතො වා තෙසං විස‍්සජ‍්ජනත්‍ථාය, ජිඝච‍්ඡාපීළිතො වා ගොචරත්‍ථාය, සම‍්භවපීළිතො වා අස‍්සද‍්ධම‍්මපටිසෙවනත්‍ථාය. ඉධ පන ගොචරත්‍ථාය නික‍්ඛන‍්තොති අධිප‍්පෙතො.

“මිගරාජා” යනු තිරිසන් සතුන්ගේ රජතුමාය. “ආසයා” යනු වසන ස්ථානයෙනි. රන් ගුහාවකින් හෝ රිදී, මැණික්, ස්ඵටික, රත්සිරියල් ආදී ගුහාවකින් හෝ නික්මුණේ යැයි කියන ලදී. නික්මීම ද සිවු කාරණයකින් සිදුවේ. අන්ධකාරයෙන් පෙලීම නිසා ආලෝකය සොයාගෙන නික්මීම, මලමුත්‍රාදියෙන් පෙලීම නිසා ඒවා බැහැර කිරීමට නික්මීම, බඩසයින් පෙළුණේ ගොදුරු-ආහාර පිණිස නික්මීම සහ ශුක්‍රධාතු කිපීම නිසා මෛථුන ධර්මයෙහි යෙදීම පිණිස නික්මීම යන සතරයි. මෙතැනදී ගොදුරු පිණිස නික්මුණේයැයි දතයුතුය.

විජම‍්භතීති සුවණ‍්ණතලෙ වා රජතමණිඵලිකමනොසිලාතලානං වා අඤ‍්ඤතරස‍්මිං ද‍්වෙ පච‍්ඡිමපාදෙ සමං පතිට‍්ඨාපෙත්‍වා පුරිමපාදෙ පුරතො පසාරෙත්‍වා සරීරස‍්ස පච‍්ඡාභාගං ආකඩ‍්ඪිත්‍වා පුරිමභාගං අභිහරිත්‍වා පිට‍්ඨිං නාමෙත්‍වා ගීවං උක‍්ඛිපිත්‍වා අසනිසද‍්දං කරොන‍්තො විය නාසපුටානි පොථෙත්‍වා සරීරලග‍්ගං රජං විධුනන‍්තො විජම‍්භති. විජම‍්භනභූමියඤ‍්ච පන තරුණවච‍්ඡකො විය අපරාපරං ජවති. ජවතො පනස‍්ස සරීරං අන්‍ධකාරෙ පරිබ‍්භමන‍්තං අලාතං විය ඛායති.

“විජම්භති” යනු රන් තලයක හෝ රිදී- මැණික්-ස්ඵටික-රත්සිරියල් තලයක හෝ යන කිසියම් තලයක පසු පාදෙක සමව පිහිටුවාගෙන, පෙර පාදෙක ඉදිරියට දිගුකර, සිරුරේ පසුභාගය ඇඳ - පෙරභාගය ඉදිරියට ගෙනවුත්, පිට නමා-ගෙල ඔසවා හෙනහඬක් ගසන්නාක් මෙන් නාස්පුට ගසාදමා ශරීරයේ ඇලී ඇති දූවිලි කම්පා කරවමින් (ඉවත් කරමින්) ශරීරය ගසා දමයි යනුයි. එසේ සිරුර ගසාදමන බිමෙහි ද තරුණ වසු පැටවකු මෙන් එහෙ මෙහෙ දුවයි. දුවනු යේ ද ඔහුගේ ශරීරය අඳුරෙහි කැරකෙන ගිනිපෙනෙල්ලක් මෙන් වැටහේ.

අනුවිලොකෙතීති කස‍්මා අනුවිලොකෙති? පරානුද‍්දයතාය. තස‍්මිං කිර සීහනාදං නදන‍්තෙ පපාතාවාටාදීසු විසමට‍්ඨානෙසු චරන‍්තා හත්‍ථිගොකණ‍්ණමහිංසාදයො පාණා පපාතෙපි ආවාටෙපි පතන‍්ති, තෙසං අනුද‍්දයාය අනුවිලොකෙති. කිං පනස‍්ස ලුද‍්දකම‍්මස‍්ස පරමංසඛාදිනො අනුද‍්දයා නාම අත්‍ථීති? ආම අත්‍ථි. තථා හෙස “කිං මෙ බහූහි ඝාතිතෙහී”ති? අත‍්තනො ගොචරත්‍ථායපි ඛුද‍්දකෙ පාණෙ න ගණ‍්හාති, එවං අනුද‍්දයං කරොති. වුත‍්තම‍්පිචෙතං – “මාහං ඛො ඛුද‍්දකෙ පාණෙ විසමගතෙ සඞ‍්ඝාතං ආපාදෙසි”න‍්ති (අ· නි· 10.21).

“අනුවිලොකෙති” කුමක් නිසා පරික්‍ෂා කර බලන්නේ ද? යනුයි. පරහට අනුග්‍රහ පිණිසයි. ඒ සිංහනාදය පවත්වන කල්හි ප්‍රපාත-ආවාටයන්හි විසමතැන්හි හැසිරෙන ඇත්-ගෝන-මීහරක් ආදී ප්‍රාණීහු එම ප්‍රපාතයේම ආවාටයේම වැටෙති. ඔවුන්ට අනුග්‍රහ පිණිස (එසේ නොවැටීම සඳහා) පරීක්‍ෂා කර බලයි. කිම මේ දඩයම් කරමින් සත්ත්‍ව මාංසයෙන් යැපෙන මොහුට කරුණාවක් තිබේද? එය ඇත. “මෙසේ කලබලවීමෙන් බොහෝ දෙනෙකු මරණයට පත්කිරීමෙන් මාහට ඇති ප්‍රයෝජනය කුමක්ද?” තමාගේ ගොදුර සඳහා කුඩා සතෙකු නොගැනීමද සිංහයාගේ සිරිතකි. මෙසේ සෙසු සතුන් කෙරෙහි අනුකම්පා කරයි. මෙය කියන ලදී. “කුඩා වූ විෂම ස්ථානවලට පැමිණි ප්‍රාණීහු විනාශයට නොපැමිණේවා!”යි යනුවෙන්.

සීහනාදං නදතීති තික‍්ඛත‍්තුං තාව අභීතනාදං නදති. එවඤ‍්ච පනස‍්ස විජම‍්භනභූමියං ඨත්‍වා නදන‍්තස‍්ස සද‍්දො සමන‍්තා තියොජනපදෙසං එකනින‍්නාදං කරොති, තමස‍්ස නින‍්නාදං සුත්‍වා තියොජනබ‍්භන‍්තරගතා ද‍්විපදචතුප‍්පදගණා යථාඨානෙ ඨාතුං න සක‍්කොන‍්ති.

“සිංහනාදං නදති” යනු තෙවරක්ම සිංහනාද පවත්වයි යනුයි. මෙසේ වැජඹෙන භූමියක සිට නාද කරන්නහුගේ ශබ්දය හාත්පස තුන් යොදුනක් පමණ ප්‍රදේශය එකනින්නාද කරයි. ඔහුගේ ඒ ශබ්දය අසා තුන් යොදුනක් තුල සිටි දෙපා සිවුපා සමූහයා හුන් තැන සිටීමට අසමත් වෙති.

ගොචරාය පක‍්කමතීති ආහාරත්‍ථාය ගච‍්ඡති. කථං? සො හි විජම‍්භනභූමියං ඨත්‍වා දක‍්ඛිණතො වා වාමතො වා උප‍්පතන‍්තො උසභමත‍්තං ඨානං ගණ‍්හාති, උද‍්ධං උප‍්පතන‍්තො චත‍්තාරිපි අට‍්ඨපි උසභානි උප‍්පතති, සමට‍්ඨානෙ උජුකං පක‍්ඛන්‍දන‍්තො සොළසඋසභමත‍්තම‍්පි වීසතිඋසභමත‍්තම‍්පි ඨානං පක‍්ඛන්‍දති, ථලා වා පබ‍්බතා වා පක‍්ඛන්‍දන‍්තො සට‍්ඨිඋසභමත‍්තම‍්පි අසීතිඋසභමත‍්තම‍්පි ඨානං පක‍්ඛන්‍දති, අන‍්තරාමග‍්ගෙ රුක‍්ඛං වා පබ‍්බතං වා දිස‍්වා තං පරිහරන‍්තො වාමතො වා දක‍්ඛිණතො වා, උසභමත‍්තම‍්පි අපක‍්කමති. තතියං පන සීහනාදං නදිත්‍වා තෙනෙව සද‍්ධිං තියොජනෙ ඨානෙ පඤ‍්ඤායති. තියොජනං ගන‍්ත්‍වා නිවත‍්තිත්‍වා ඨිතො අත‍්තනොව නාදස‍්ස අනුනාදං සුණාති. එවං සීඝෙන ජවෙන පක‍්කමතීති.

“ගොචරාය පක්කමති” යනු ආහාර සඳහා යයි යනුයි. කෙසේද? ඔහු වැජඹි භූමියේ සිට දකුණට හෝ වමට උඩපනිනුයේ වෘෂභයෙක් පමණ උසතැන් පනියි. ඉන් අනතුරුව උඩ පනිනවිට උසභ සතරක් හෝ අටක් වූ හෝ උස පනියි. සමතැන්හි ඍජුව පැන දුවනවිට දාසයක් හෝ විස්සක් වූ උසභ ප්‍රමාණයක දුර පැන දුවයි. ගොඩබිමක හෝ පර්වතයක සිට පැන දුවනවිට උසභ සැටක් හෝ උසභ අසූවක් පමණ තැන් පනියි. අතරමග ගසක් හෝ පර්වතයක් දැක, එය වට වමට හෝ දකුණට කැරකෙමින් උසභයක් පමණ තැන් ඉක්මවයි. තෙවැනිවර සිංහනාද කර, ඒ සමගම තුන්යොදුන් පමණ තැන් පෙනී යයි. එම යොදුන් තුන ගෙවා ගොස් නැවතී තමාගේම නාදයේ, අනුනාදය අසයි. මෙවැනි වේගවත් ජවයකින් ඔහු පැන දුවයි.

යෙභුය්‍යෙනාති පායෙන. භයං සංවෙගං සන‍්තාසන‍්ති සබ‍්බං චිත‍්තුත්‍රාසස‍්සෙව නාමං. සීහස‍්ස හි සද‍්දං සුත්‍වා බහූ සත‍්තා භායන‍්ති, අප‍්පකා න භායන‍්ති. කෙ පන තෙති? සමසීහො හත්‍ථාජානීයො අස‍්සාජානීයො උසභාජානීයො පුරිසාජානීයො ඛීණාසවොති. කස‍්මා පනෙතෙ න භායන‍්තීති? සමසීහො නාම “ජාතිගොත‍්තකුලසූරභාවෙහි සමානොස‍්මී”ති න භායති, හත්‍ථාජානීයාදයො අත‍්තනො සක‍්කායදිට‍්ඨිබලවතාය න භායන‍්ති, ඛීණාසවො සක‍්කායදිට‍්ඨිපහීනත‍්තා න භායති.

“යෙභුය්‍යෙන” යනු බොහෝ සෙයින් යනුයි. “භයං සන්තාසං සංවෙගං” යන මේ සියල්ල සිත්තේ තැතිගැනීම පිණිස වූ නාමයන්ය. සිංහයාගේ ශබ්දය අසා බොහෝ සත්ත්‍වයෝ භයවෙති. අල්ප වූ දෙනෙක් බිය නොවෙති. ඔවුහු කවරහුද? ඊට සමාන වූ සිංහයා, අජානීය අශ්වයා, අජානීය හස්තියා, අජානීය පුරුෂයා, රහතන් වහන්සේ. මොවුහු කුමක් නිසා බිය නොවෙත්ද? සමාන වූ සිංහයා නම් ජාති, ගෝත්‍ර, කුල, ශුර භාවයන්ගෙන් සමාන වේයැයි බිය නොවේ. අජානීය හස්ති ආදී සත්ත්‍වයෝ තමාගේ සක්කාය දෘෂ්ටිය බලවත් හෙයින් (තමාගේ යැයි දැඩිව ගැනීම) බිය නොවෙති. රහතන් වහන්සේ සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කළ බැවින් බියනොවන සේක.

බිලාසයාති බිලෙ සයන‍්තා බිලවාසිනො අහිනකුලගොධාදයො. දකාසයාති උදකවාසිනො මච‍්ඡකච‍්ඡපාදයො. වනාසයාති වනවාසිනො හත්‍ථිඅස‍්සගොකණ‍්ණමිගාදයො. පවිසන‍්තීති “ඉදානි ආගන‍්ත්‍වා ගණ‍්හිස‍්සතී”ති මග‍්ගං ඔලොකෙන‍්තාව පවිසන‍්ති. දළ‍්හෙහීති ථිරෙහි. වරත‍්තෙහීති චම‍්මරජ‍්ජූහි. මහිද‍්ධිකොතිආදීසු විජම‍්භනභූමියං ඨත්‍වා දක‍්ඛිණපස‍්සාදීහි උසභමත‍්තං, උජුකං වීසතිඋසභමත‍්තාදිලඞ‍්ඝනවසෙන මහිද‍්ධිකතා, සෙසමිගානං අධිපතිභාවෙන මහෙසක‍්ඛතා, සමන‍්තා තියොජනෙ සද‍්දං සුත්‍වා පලායන‍්තානං වසෙන මහානුභාවතා වෙදිතබ‍්බා.

“බිලාසයා” යනු බිලයෙහි නිදන - බිලයෙහි වෙසෙන්නෝය. සර්ප, මුගටි, තලගොයි ආදීහු. “දකාසයා” යනු ජලයෙහි වසන මත්ස්‍ය-කැසිබු ආදීහුය. “වනාසයා” යනු වනයේ වෙසෙන ඇත්, අස්, ගෝන, මුවාදීහුය. “පවිසන්ති” යනු දැන් පැමිණ අප අල්ලා ගත්තේයැයි මගබලමින්ම පිවිසෙති යනුයි. “දළ්හෙහි” යනු ස්ථිර වූ දැඩි වූ යනුයි “වරත්තෙහි” යනු හම් රැහැනින්ය. “මහිද්ධිකො” ආදියෙහි වැජඹි (කිලිපෙලූ) බිමෙහි සිට දකුණු ආදී දිශාවකට උසභයක් පමණද ඍජුව උසභ විස්සක් පමණ ද පැනීම් වශයෙන් මහත් වූ සෘද්ධි ඇති, සෙසු මෘගයන්ට අධිපති බව නිසා මහේශාක්‍ය බවද, හාත්පස තුන්යොදුන් පමණ ප්‍රදේශයේ සත්ත්‍වයෝ හඬ අසා පලායෑම් වශයෙන් මහානුභාව සම්පන්නතාවයද දතයුතුයි.

එවමෙව ඛොති භගවා තෙසු තෙසු සුත‍්තෙසු තථා තථා අත‍්තානං කථෙසි. “සීහොති ඛො, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති (අ· නි· 5.99; 10.21) ඉමස‍්මිං තාව සුත‍්තෙ සීහසදිසං අත‍්තානං කථෙසි. “භිසක‍්කො සල‍්ලකත‍්තොති ඛො, සුනක‍්ඛත‍්ත, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (ම· නි· 3.65) ඉමස‍්මිං වෙජ‍්ජසදිසං. “බ්‍රාහ‍්මණොති, භික‍්ඛවෙ, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (අ· නි· 8.85) ඉමස‍්මිං බ්‍රාහ‍්මණසදිසං. “පුරිසො මග‍්ගකුසලොති ඛො, තිස‍්ස, තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (සං· නි· 3.84) ඉමස‍්මිං මග‍්ගදෙසකපුරිසසදිසං. “රාජාහමස‍්මි සෙලා”ති (සු· නි· 559) ඉමස‍්මිං රාජසදිසං. “සීහොති ඛො තථාගතස‍්සෙතං අධිවචන”න‍්ති (අ· නි· 5.99; 10.21) ඉමස‍්මිං පන සුත‍්තෙ සීහසදිසමෙව කත්‍වා අත‍්තානං කථෙන‍්තො එවමාහ.

“එවමෙව ඛො” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සූත්‍රයන්හි ඒ ඒ අයුරින් තමන්වහන්සේ දක්වන සේක. “මහණෙනි! සීහ යනු බුදුරජාණන් වහන්සේට යෙදෙන තවත් නාමයකි.” මෙම සූත්‍රයේ දී ද සිංහයා හා තමන් වහන්සේ සමාන කරන සේක. “සුනක්ඛත්තය! වෛද්‍යවරයා, ශල්‍ය වෛද්‍යවරයා යනු තථාගතයන් වහන්සේටම යෙදෙන තවත් නාමයකි.” මෙහි බුදුහු වෛද්‍යවරයෙකුට සමාන වූහ. “මහණ! බ්‍රාහ්මණ යනුද තථාගතයන්ට යෙදෙන තවත් නාමයකි.” මෙහිදී බ්‍රාහ්මණයකුට සමාන කෙරුණි. “තිස්සය! මාර්ගයෙහි දක්‍ෂ පුරුෂයා යනු තථාගතයන්ට ම යෙදෙන තවත් නාමයකි.” මෙහිදී මාර්ගය දක්වන පුරුෂයකු හා සමාන වූහ. “සේලය! මම රජවෙමි” මෙහිදී රජකු හා සමවූහ. “මහණෙනි! සීහ යනු තථාගතයන්ට ම යෙදෙන තවත් නාමයකි” යනුවෙන් මේ සූත්‍රයේදී තමන් වහන්සේ සිංහයකු හා සමාන කර දක්වන සේක් මෙසේ දැක්වූහ.

තත්‍රායං සදිසතා – සීහස‍්ස කඤ‍්චනගුහාදීසු වසනකාලො විය හි තථාගතස‍්ස දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරස‍්ස අපරිමිතකාලං පාරමියො පූරෙත්‍වා පච‍්ඡිමභවෙ පටිසන්‍ධිග‍්ගහණෙන චෙව මාතුකුච‍්ඡිතො නික‍්ඛමනෙන ච දසසහස‍්සිලොකධාතුං කම‍්පෙත්‍වා වුද‍්ධිමන්‍වාය දිබ‍්බසම‍්පත‍්තිසදිසං සම‍්පත‍්තිං අනුභවමානස‍්ස තීසු පාසාදෙසු නිවාසකාලො දට‍්ඨබ‍්බො.

එහි මේ සමානකර දැක්වීමයි. - සිංහයාගේ රන්ගුහාදියෙහි වසන අවස්ථාව මෙන් තථාගතයන් වහන්සේ දීපංකර පාදමූලයේ සිට කළ ප්‍රාර්ථනා ඇතිසේක්, අප්‍රමාණ වූ කාලයක් පාරමීපුරා - අවසන් ආත්ම භාවයෙහි ප්‍රතිසන්‍ධි ග්‍රහණයෙන් (පිළිසිඳ ගැනීමෙන්) මෙන් ම මවුකුසින් බිහිවීමෙන්ද දසදහසක් ලෝධාතුව කම්පා කරවමින්, අභිවෘද්ධියට පැමිණ දිවැ සැපත් හා සමාන වූ සම්පත් අනුභව කරන සේක් ත්‍රිවිධ ප්‍රාසාදයන්හි විසූ කාලය දතයුතුයි.

සීහස‍්ස කඤ‍්චනගුහාදිතො නික‍්ඛන‍්තකාලො විය තථාගතස‍්ස එකූනතිංසෙ සංවච‍්ඡරෙ විවටෙන ද‍්වාරෙන කණ‍්ඩකං ආරුය‍්හ ඡන‍්නසහායස‍්ස නික‍්ඛමිත්‍වා තීණි රජ‍්ජානි අතික‍්කමිත්‍වා අනොමානදීතීරෙ බ්‍රහ‍්මුනා දින‍්නානි කාසායානි පරිදහිත්‍වා පබ‍්බජිතස‍්ස සත‍්තමෙ දිවසෙ රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ පිණ‍්ඩාය චරිත්‍වා පණ‍්ඩවගිරිපබ‍්භාරෙ කතභත‍්තකිච‍්චස‍්ස සම‍්මාසම‍්බොධිං පත්‍වා, පඨමමෙව මගධරට‍්ඨං ආගමනත්‍ථාය යාව රඤ‍්ඤො පටිඤ‍්ඤාදානකාලො.

සිංහයාගේ රන්ගුහාවෙන් නික්මෙන අවස්ථාව මෙන් තථාගතයන් වහන්සේට විසිනව නව වසරේදී විවෘත වූ ද්වාරයෙන් කන්ථක අසුපිට නැගී ඡන්න නම් සහායකයා සමග නික්ම, ත්‍රිවිධ රාජ්‍යයන් ඉක්මවා අනෝමා නම් නදීතෙරදී මහාබ්‍රහ්මයා විසින් දුන් කසාවත් හැඳ පොරවා පැවිදි වූ සත්වැනි දින රජගහනුවර පිඬු පිණිස හැසිර, පණ්ඩව පර්වත ප්‍රාන්තයේ කරන ලද බත් කිස ඇති සේක් - සම්මා සම්බුද්ධත්වයට පැමිණ පළමුවම මගධයට වැඩම කිරීම සඳහා රජුට පොරොන්දු වූ අවස්ථාව දක්වා වූ සිදුවීම් දතයුතුයි.

සීහස‍්ස විජම‍්භනකාලො විය තථාගතස‍්ස දින‍්නපටිඤ‍්ඤස‍්ස ආළාරකාලාමඋපසඞ‍්කමනං ආදිං කත්‍වා යාව සුජාතාය දින‍්නපායාසස‍්ස එකූනපණ‍්ණාසාය පිණ‍්ඩෙහි පරිභුත‍්තකාලො වෙදිතබ‍්බො.

සිංහයා කිළිපොලා සිරුර ගසා දැමූ අවස්ථාව මෙන් තථාගතයන් වහන්සේ දෙන ලද ප්‍රතිඥා ඇතිව, ආළාරකාලාම වෙත පැමිණීමේ සිට සුජාතාවගේ කිරිපිඬු දානය හා එය පිඬු හතළිස් නවයකට වැළඳීම දක්වා වූ කාලය දතයුතුයි.

සීහස‍්ස කෙසරවිධුනනං විය සායන‍්හසමයෙ සොත‍්තියෙන දින‍්නා අට‍්ඨ තිණමුට‍්ඨියො ගහෙත්‍වා දසසහස‍්සචක‍්කවාළදෙවතාහි ථොමියමානස‍්ස ගන්‍ධාදීහි පූජියමානස‍්ස තික‍්ඛත‍්තුං බොධිං පදක‍්ඛිණං කත්‍වා බොධිමණ‍්ඩං ආරුය‍්හ චුද‍්දසහත්‍ථුබ‍්බෙධෙ ඨානෙ තිණසන්‍ථරං සන්‍ථරිත්‍වා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය නිසින‍්නස‍්ස තංඛණංයෙව මාරබලං විධමිත්‍වා තීසු යාමෙසු තිස‍්සො විජ‍්ජා විසොධෙත්‍වා අනුලොමපටිලොමං පටිච‍්චසමුප‍්පාදමහාසමුද‍්දං යමකඤාණමන්‍ථනෙන මන්‍ථෙන‍්තස‍්ස සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙ පටිවිද‍්ධෙ තදනුභාවෙන දසසහස‍්සිලොකධාතුකම‍්පනං වෙදිතබ‍්බං.

සිංහයාගේ කේශර කම්පාකිරීම මෙන් සවස් යාමෙහි සොත්‍ථිය විසින් දුන් කුසතණ මිටි අට රැගෙන, දසදහසක් සක්වල දේවතාවන් විසින් තුති ගී ගයමින් ගඳමල් ආදියෙන් පුදනු ලබනසේක්, තෙවරක් බෝමැඩ පැදකුණු කර - බෝධි මණ්ඩපයට පැන නැගී රියන් දාහතරක් උස තැනෙක්හි තණ ඇතිරිය අතුරා චතුරංග සමන්නාගත වූ වීර්යය අධිෂ්ඨාන කොට සිටිසේක් එකෙණෙහිම මාර බලය විධ්වංසනය කර - ත්‍රිවිධ යාමයෙහි ත්‍රිවිද්‍යාවන් පිරිසිදු කර - අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය නැමති මහා සාගරය, උභය ඥාන නම් දණ්ඩෙන් මථනය කරන්නාහු සර්වඥ ඥානය අවබෝධ කරගත් සේක් - එහි ආනුභාවයෙන් දසදහසක් ලෝකධාතුව කම්පාකිරිම දතයුතුයි.

සීහස‍්ස චතුද‍්දිසාවිලොකනං විය පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස සත‍්තසත‍්තාහං බොධිමණ‍්ඩෙ විහරිත්‍වා පරිභුත‍්තමධුපිණ‍්ඩිකාහාරස‍්ස අජපාලනිග්‍රොධමූලෙ මහාබ්‍රහ‍්මුනො ධම‍්මදෙසනායාචනං පටිග‍්ගහෙත්‍වා තත්‍ථ විහරන‍්තස‍්ස එකාදසමෙ දිවසෙ “ස‍්වෙ ආසාළ‍්හිපුණ‍්ණමා භවිස‍්සතී”ති පච‍්චූසසමයෙ “කස‍්ස නු ඛො අහං පඨමං ධම‍්මං දෙසෙය්‍ය”න‍්ති? ආළාරුදකානං කාලඞ‍්කතභාවං ඤත්‍වා ධම‍්මදෙසනත්‍ථාය පඤ‍්චවග‍්ගියානං ඔලොකනං දට‍්ඨබ‍්බං.

සිංහයාගේ සිවුදිසාව බැලීම මෙන් අවබෝධ කරගත් සර්වඥ ඥානයෙන් යුක්තව සත් සති බෝමැඩ සමීපයෙහි ගතකොට, වැළඳු මීපිඬු ආහාරය ඇතිව - අජපල් නුගරුක් මුලදී මහබඹුගේ ධර්මදේශනාව සඳහා වූ ඇරයුම පිළිගෙන වැඩවසන සේක් එකොළොස්වන දිනයේ හෙට ඇසළ පුන්පෝදින වන්නේයැයි දැන ඉතා අළුයම් වේලෙහි “මම පළමුව දම්දෙසනුයේ කාටද?”යි බලන සේක් - ආළාරකාලාම හා උද්දකරාමපුත්‍රාදීන්ගේ කළුරිය කළ බව දැන දම්දෙසුම සඳහා පස්වග තවුසන් තෝරාගැනීම දතයුතුයි.

සීහස‍්ස ගොචරත්‍ථාය තියොජනං ගමනකාලො විය අත‍්තනො පත‍්තචීවරමාදාය “පඤ‍්චවග‍්ගියානං ධම‍්මචක‍්කං පවත‍්තෙස‍්සාමී”ති පච‍්ඡාභත‍්තෙ අජපාලනිග්‍රොධතො වුට‍්ඨිතස‍්ස අට‍්ඨාරසයොජනමග‍්ගං ගමනකාලො.

සිංහයා ගොදුරු පිණිස තුන්යොදුන් මග ගමන් කළාක් මෙන් තමන් වහන්සේගේ පාසිවුරු ගෙන “පස්වග තවුසන්ට දම්සක් පවත්වන්නෙමි”යි පසුබත් කල, අජපල් නුගරුක මුලින් නැගිට අටළොස් යොදුන් මගගෙවා වැඩමකිරීම දතයුතුයි.

සීහනාදකාලො විය තථාගතස‍්ස අට‍්ඨාරසයොජනමග‍්ගං ගන‍්ත්‍වා පඤ‍්චවග‍්ගියෙ සඤ‍්ඤාපෙත්‍වා අචලපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස දසහි චක‍්කවාළසහස‍්සෙහි සන‍්නිපතිතෙන දෙවගණෙන පරිවුතස‍්ස “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තා පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා”තිආදිනා (සං· නි· 5.1081; මහාව· 13) නයෙන ධම‍්මචක‍්කප‍්පවත‍්තනකාලො වෙදිතබ‍්බො.

සිංහනාද පැවැත්වූ අවස්ථාව මෙන් තථාගතයන් වහන්සේ අටළොස් යොදුන් මග ගෙවා ගොස් පස්වග තවුසන්ට දන්වා නොසෙල්වෙන ආසනයෙන් වැඩහිඳ දසදහසක් සක්වලින් රැස්වූ දිව්‍ය සමූහයා පිරිවරාගෙන “මහණෙනි! මේ අන්ත දෙක පැවිද්දකු විසින් සේවනය නොකල යුතුයි...” ආදී වශයෙන් ධර්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම දතයුතුයි.

ඉමස‍්මිඤ‍්ච පන පදෙ දෙසියමානෙ තථාගතසීහස‍්ස ධම‍්මඝොසො හෙට‍්ඨා අවීචිං උපරි භවග‍්ගං ගහෙත්‍වා දසසහස‍්සිලොකධාතුං පටිච‍්ඡාදෙසි.

මේ පදය දෙසනු ලබන කල්හි තථාගත නම් සිංහරාජයාගේ ධර්මඝෝෂාව යටින් අවීචිය දක්වාත් උඩින් භවාග්‍රය දක්වාත් පැතිර දස දහසක් ලෝකධාතුව වසාගත්තේය.

සීහස‍්ස සද‍්දෙන ඛුද‍්දකපාණානං සන‍්තාසං ආපජ‍්ජනකාලො විය තථාගතස‍්ස තීණි ලක‍්ඛණානි දීපෙත්‍වා චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි සට‍්ඨියා ච නයසහස‍්සෙහි විභජිත්‍වා ධම‍්මං කථෙන‍්තස‍්ස දීඝායුකදෙවතානං ඤාණසන‍්තාසස‍්ස උප‍්පත‍්තිකාලො වෙදිතබ‍්බො.

සිංහ නාදයෙන් කුඩා සතුන්ට බියජනක සන්ත්‍රාසයක් පැමිණි අවස්ථාව මෙන් තථාගතයන් වහන්සේ ත්‍රිවිධ ලක්‍ෂණ දක්වා - චතුරාර්ය සත්‍යයන් දහසය ආකාරයකින් සැටදහසක් න්‍යාය වශයෙන් බෙදා දක්වා ධර්මය දේශනා කරනු ලබන කල්හි දීර්ඝායුෂ ඇති දෙවියන්ගේ ඥාන සන්ත්‍රාසයේ පහළවීම් අවස්ථාව දතයුතුයි.

යදාති යස‍්මිං කාලෙ. තථාගතොති අට‍්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක‍්ඛණං ආගතොති තථාගතො, තථධම‍්මෙ යාථාවතො අභිසම‍්බුද‍්ධොති තථාගතො, තථදස‍්සිතාය තථාගතො, තථාවාදිතාය තථාගතො, තථාකාරිතාය තථාගතො. අභිභවනට‍්ඨෙන තථාගතොති. තෙසං විත්‍ථාරො බ්‍රහ‍්මජාලවණ‍්ණනායම‍්පි (දී· නි· අට‍්ඨ· 1.7) මූලපරියායවණ‍්ණනායම‍්පි (ම· නි· අට‍්ඨ· 1.12) වුත‍්තොයෙව. ලොකෙති සත‍්තලොකෙ. උප‍්පජ‍්ජතීති අභිනීහාරතො පට‍්ඨාය යාව බොධිපල‍්ලඞ‍්කා වා අරහත‍්තමග‍්ගඤාණා වා උප‍්පජ‍්ජති නාම, අරහත‍්තඵලෙ පන පත‍්තෙ උප‍්පන‍්නො නාම. අරහං සම‍්මාසම‍්බුද‍්ධොතිආදීනි විසුද‍්ධිමග‍්ගෙ බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ විත්‍ථාරිතානි.

“යදා” යනු යම්කලෙකයි. “තථාගතො” යනු අට කරුණකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වන සේක යනුයි. “එසේ ආවේය” යන අරුතින් තථාගත වේ. ‘එසේ ගියේය’ යන අරුතින් තථාගත නම් වේ. තථ ලක්‍ෂණය පැමිණියේ නුයි තථාගත නම් වේ. තථ ධර්මයෙහි සත්‍යාකාරයෙන්ම සියල්ල අවබෝධ කරන ලදැයි තථාගත නම් වේ. තථ ලක්‍ෂණය දක්වන ලද බැවින් තථාගත නම් වේ. එසේ කියන ලද බැවින් තථාගත නම් වේ. එසේ කරන ලද බැවින් තථාගත නම් වේ. සෙසු පුද්ගලයන් අභිභවනය කරන ලද අර්ථයෙන් තථාගත නම් වේ. මෙය විස්තර වශයෙන් බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවේද මූලපරියාය සූත්‍ර වර්ණනාවේද දක්වන ලද්දේමය. “ලෝකෙ” යනු සත්ත්‍ව ලෝකයයි. “උපපජ්ජති” යනු ප්‍රාර්ථනා කිරීමේ පටන් බෝමැඩ මුලදී අර්හත් මාර්ගඥානය උපදියි නම් වේ. “අරහං සම්මා සම්බුද්ධො” යනාදිය විසුද්ධිමාර්ගයේ බුද්ධානුස්සති නිර්දේශයේ විස්තර කරන ලදී.

ඉති රූපන‍්ති ඉදං රූපං එත‍්තකං රූපං, න ඉතො භිය්‍යො රූපං අත්‍ථීති. එත‍්තාවතා සභාවතො සරසතො පරියන‍්තතො පරිච‍්ඡෙදතො පරිච‍්ඡින්‍දනතො යාවතා චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූපං, තං සබ‍්බං දස‍්සිතං හොති. ඉති රූපස‍්ස සමුදයොති අයං රූපස‍්ස සමුදයො නාම. එත‍්තාවතා හි “ආහාරසමුදයො රූපසමුදයො”තිආදි සබ‍්බං දස‍්සිතං හොති. ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමොති අයං රූපස‍්ස අත්‍ථඞ‍්ගමො. ඉමිනාපි “ආහාරනිරොධා රූපනිරොධො”තිආදි සබ‍්බං දස‍්සිතං හොති. ඉති වෙදනාතිආදීසුපි එසෙව නයො.

“ඉතිරූපං” යනු මෙය රූපයයි. රූපය මෙපමණයි. මෙයින් වැඩි රූපයක් නැත යනුයි. මෙපමණකින් ස්වභාව වශයෙනුත්, සරස් වශයෙන්, හාත්පසින් වෙන්කර දැක්වීම් වශයෙන් - පෙරලීම් වශයෙන් - සතරමහා භූතයන්ද සිවුමහා භූත උපාදාන කරගත්තා වූද රූපය යන ඒ සියල්ල දක්වන ලදී. “ඉති රූපස්ස සමුදයො” යනු මෙය රූපයේ ඇතිවීම යනුයි. මෙපමණකින් ආහාර ඇතිවීමෙන් රූපය ඇතිවේ ආදී සියල්ල දක්වන ලදී. “ඉති රූපස්ස අත්‍ථගමො” යනු මෙය රූපයේ අස්තංගමයයි. නැතිවීමයි. මෙහිදීද ආහාර නැතිවීමෙන් රූපය නැතිවන ආකාරය දක්වන ලදී. “ඉති වෙදනා” ආදියෙහිද මේ ක්‍රමයම දතයුතුයි.

වණ‍්ණවන‍්තොති සරීරවණ‍්ණෙන වණ‍්ණවන‍්තො. ධම‍්මදෙසනං සුත්‍වාති ඉමං පඤ‍්චසු ඛන්‍ධෙසු පණ‍්ණාසලක‍්ඛණපටිමණ‍්ඩිතං තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා. යෙභුය්‍යෙනාති ඉධ කෙ ඨපෙති? අරියසාවකෙ දෙවෙ. තෙසඤ‍්හි ඛීණාසවත‍්තා චිත‍්තුත්‍රාසභයම‍්පි න උප‍්පජ‍්ජති, සංවිග‍්ගස‍්ස යොනිසො පධානෙන පත‍්තබ‍්බං පත‍්තතාය ඤාණසංවෙගොපි. ඉතරෙසං පන දෙවානං “තාසො හෙසො භික‍්ඛූ”ති අනිච‍්චතං මනසිකරොන‍්තානං චිත‍්තුත්‍රාසභයම‍්පි, බලවවිපස‍්සනාකාලෙ ඤාණභයම‍්පි උප‍්පජ‍්ජති. භොති ධම‍්මාලපනමත‍්තමෙතං. සක‍්කායපරියාපන‍්නාති පඤ‍්චක‍්ඛන්‍ධපරියාපන‍්නා. ඉති තෙසං සම‍්මාසම‍්බුද‍්ධෙ වට‍්ටදොසං දස‍්සෙත්‍වා තිලක‍්ඛණාහතං කත්‍වා ධම‍්මං දෙසෙන‍්තෙ ඤාණභයං නාම ඔක‍්කමති.

“වණ්ණවන්තො” යනු ශරීර වර්ණයෙන් වර්ණවත් වූ යනුයි. “ධම්මදෙසනං සුත්‍වා” යනු මේ පංචස්කන්‍ධයෙහි පසලොස් ලක්‍ෂණයන්ගෙන් අලංකාර වූ තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා යනුයි. “යෙභුය්‍යෙන” යනු මේ ලෝකය අත්හැර ආර්ය ශ්‍රාවක වූ දෙවිවරු යනුයි. ඔවුන්ට වනාහී ආශ්‍රවයන් සිඳලූ බැවින් සිතේ තැති ගැනීමක් පවා නූපදියි. කළකිරුණු තැනැත්තාට ද නුවණින් පැමිණිය යුතු ඉහළම තැනට පැමිණි බැවින් ඥාන සංවේගයන් නොපවතියි. සෙසු දෙවිවරුන්ට “මේ භික්‍ෂුව බියවිය” යැයි අනිත්‍යතාව මෙනෙහි කරන්නන්ට සිතේ තැති ගැනීමක්, භයක් ද බලවත් විදර්ශනාව පවතින කාලයෙහි ඥානභයක් ද නූපදියි. “භො” යනු ධර්මයට ඇමතීමක් පමණි. “සක්කාය පරියාපන්නා” යනු පංචස්කන්‍ධයේ ඇතුළත් අන්තර්ගත යනුයි. මෙසේ ඔවුන්ගේ සසර පැවැතුම් දෝෂ දැක්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිලක්‍ෂණයන් ගෙනහැර දක්වා - ධර්මදේශනා කරන කල්හි ඥානභයට බැසගනිත්.

අභිඤ‍්ඤායාති ජානිත්‍වා. ධම‍්මචක‍්කන‍්ති පටිවෙධඤාණම‍්පි දෙසනාඤාණම‍්පි. පටිවෙධඤාණං නාම යෙන ඤාණෙන බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නො චත‍්තාරි සච‍්චානි සොළසහාකාරෙහි සට‍්ඨියා ච නයසහස‍්සෙහි පටිවිජ‍්ඣි. දෙසනාඤාණං නාම යෙන ඤාණෙන තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං ධම‍්මචක‍්කං පවත‍්තෙසි. උභයම‍්පි තං දසබලස‍්ස උරෙ ජාතඤාණමෙව. තෙසු ඉධ දෙසනාඤාණං ගහෙතබ‍්බං. තං පනෙස යාව අට‍්ඨාරසහි බ්‍රහ‍්මකොටීහි සද‍්ධිං අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස සොතාපත‍්තිඵලං උප‍්පජ‍්ජති, තාව පවත‍්තෙති නාම. තස‍්මිං උප‍්පන‍්නෙ පවත‍්තිතං නාම හොතීති වෙදිතබ‍්බං. අප‍්පටිපුග‍්ගලොති සදිසපුග‍්ගලරහිතො. යසස‍්සිනොති පරිවාරසම‍්පන‍්නා. තාදිනොති ලාභාලාභාදීහි එකසදිසස‍්ස.

“අභිඤ්ඤාය” යනු දැනගෙන යනුයි. “ධම්මචක්කං” යනු ප්‍රතිවේධ ඥාන වශයෙන් හා දේශනා ඥාන වශයෙනි. ප්‍රතිවේධ ඥානය නම් - යම් ක්‍ෂණයකින් බෝධි පල්ලංකයෙහි හුන්සේක් චතුරාර්ය සත්‍යයන් සොළොස් ආකාරයකින් හා සැටදහසක් න්‍යායාකාරයෙන් අවබෝධ කරගත් සේක් ද එයයි. දේශනා ඥානය නම් - යම් ඥානයකින් තිපරිවට්ට ද්වාදසාකාරයෙන් ධර්මචක්‍රය පැවැත්වූ සේක්ද එම ඥානයයි. මෙම ඥාන දෙකම දසබලයන් වහන්සේගේ හදවතෙහි ම හටගත් උතුම් ඥානයන්මය. එම දෙකින් මෙහිදී දේශනා ඥානය ම ගතයුතුයි. එය වනාහි අටළොස් කෙළක් මහා බ්‍රහ්මයන් සමග අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් සෝවාන් ඵලයෙහි පිහිටීම දක්වා මේ දේශනාව පවත්වයි” නම් වේ. සෝවාන් ඵලයට පත්වූ විටම මේ දේශනාව “පැවැත්වූයේය” නම් වේ. “අප්පටිපුග්ගලො” යනු සමාන වූ පුද්ගලයෙක් නැති යනුයි. “යස්සිනො” යනු පිරිවරාගත් - පිරිවරින් යුක්ත යනුයි. “තාදිනො” යනු ලාභයේදීත් අලාභයේදීත් එකසමාන වූ පැවැත්මයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.