යෙදුමෙන් කියවන්න

සීහොපම සුත‍්තං

1. 2. 3. 6.

1. 2. 3. 6.

සීහොපම සුත‍්තං

සීහෝපම සූත්‍රය

78. සාවත්‍ථියං:

78. සැවැත්නුවර:

සීහො භික‍්ඛවෙ, මිගරාජා සායන‍්හසමයං ආසයා නික‍්ඛමති, ආසයා නික‍්ඛමිත්‍වා විජම‍්භති, විජම‍්භිත්‍වා සමන‍්තා චතුද‍්දිසා අනුවිලොකෙති, සමන‍්තා චතුද‍්දිසා අනුවිලොකෙත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදති, තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති.

මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසයෙන් නික්මැ වැජඹෙයි. වැජැඹැ හාත්පස සතරදික් පරීක්‍ෂා කොට බලයි. හාත්පස සතරදික් බලා තෙවටක් සිහනද කෙරෙයි. තෙවටක් සිහනද කොට ගොදුරු පිණිස යයි.

යෙ කෙචි භික‍්ඛවෙ, තිරච‍්ඡානගතා පාණා සීහස‍්ස මිගරඤ‍්ඤො නදතො සද‍්දං සුණන‍්ති, යෙභුය්‍යෙන භයං සන‍්තාසං සංවෙගං ආපජ‍්ජන‍්ති, බිලං බිලාසයා පවිසන‍්ති, දකං දකාසයා පවිසන‍්ති, වනං වනාසයා පවිසන‍්ති, ආකාසං පක‍්ඛිනො භජන‍්ති. යෙපි තෙ භික‍්ඛවෙ, රඤ‍්ඤො නාගා ගාමනිගමරාජධානීසු දළ‍්හෙහි වරත‍්තෙහි බද‍්ධා, තෙපි තානි බන්‍ධනානි සඤ‍්ඡින්‍දිත්‍වා සම‍්පදාළෙත්‍වා භීතා මුත‍්තකරීසං චජමානා යෙන වා තෙන වා පලායන‍්ති. එවං මහිද‍්ධිකො ඛො භික‍්ඛවෙ, සීහො මිගරාජා තිරච‍්ඡානගතානං පාණානං එවං මහෙසක‍්ඛො එවං මහානුභාවො.

මහණෙනි, යම්කිසි තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් නාද කරන සිංහමෘගරාජයාගේ ශබ්දය අසද්ද, ඔහු බෙහෙවින් භයට සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙත්. බිලයෙහි වෙසෙන සත්හු බිලයට වදිති. දියෙහි වෙසෙන සත්හු දියට වදිති. වනය වාස කොට ඇති සත්හු වනයට වදිති. පක්‍ෂීහු අහස භජනය කෙරෙත්. මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දෘඪවරපටින් බැඳුනු රජුට අයත් යම් මැ හස්තීහු ඇද්ද ඔහු දු ඒ බන්‍ධනයන් සිඳැ ගෙන බිඳැ ගෙන බියපත් වූවාහු මලමූ හෙළමින් යම් ඒ තැනෙක පලා යෙත්. මහණෙනි, මෘගරාජන් වූ සිංහ තිරිසන් ගිය සතුන් අතරින් මෙබඳු මහත් ඍද්ධි ඇතියෙකැ, මෙබඳු මහේශාක්‍යයෙකැ, මෙබඳු මහත් අනුභාව ඇතියෙකි.

එවමෙව ඛො භික‍්ඛවෙ, යදා තථාගතො ලොකෙ උප‍්පජ‍්ජති අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා. සො ධම‍්මං දෙසෙති: ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො.

මහණෙනි, එ පරිදි මැ යම් කලෙක අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍යයසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාසේක් ද, ඔහු දහම් දෙසත්: “රූපය මෙතෙකැ, රූපසමුදය මෙතෙකැ, රූපයාගේ අත්‍ථඞ්ගමය මෙතෙකි. වේදනාව මෙතෙකැ ... සංඥාව මෙතෙකැ … සංස්කාර මෙතෙකැ ... විඥාන මෙතෙකැ විඥාන සමුදය මෙතෙකැ, විඥාන අත්‍ථඞ්ගමය මෙතෙකි. (මෙසේ දෙසත්).

යෙපි තෙ භික‍්ඛවෙ, දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා උච‍්චෙසු විමානෙසු චිරට‍්ඨිතිකා, තෙපි තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා යෙභුය්‍යෙන භයං සන‍්තාසං සංවෙගං ආපජ‍්ජන‍්ති. අනිච‍්චාව කිර භො මයං සමානා නිච‍්චම‍්හාති අමඤ‍්ඤිම‍්හ. අද‍්ධුවාව කිර භො මයං සමානා ධුවම‍්හාති අමඤ‍්ඤිම‍්හ. අසස‍්සතාව කිර භො මයං සමානා සස‍්සතම‍්හාති අමඤ‍්ඤිම‍්හ. මයං’පි කිර භො අනිච‍්චා අද‍්ධුවා අසස‍්සතා සක‍්කායපරියාපන‍්නාති.

මහණෙනි, දීර්‍ඝායුෂ්ක වූ වර්‍ණවත් වූ සුඛබහුල වූ උස්විමන්හි චිරස්ථායී වැ සිටුනා යම් දෙවිකෙනෙක් ඇද්ද, උහුදු තථාගතයන්ගේ දම්දෙසුම් අසා බෙහෙවින් බියව සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙති: “භවත්නි, අපි අනිත්‍ය වූවමෝ නිත්‍යම්හ යි සිතුම්හ. අපි අධ්‍රැව වූවමෝ ධ්‍රැවයම්හ යි සිතුම්හ. භවත්නි, අපි අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වනාහි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අශාස්වතයම්හ, සත්කාය පරියාපන්නයම්හ” යි (සංවේගදනවත්).

එවං මහිද‍්ධිකො ඛො භික‍්ඛවෙ, තථාගතො සදෙවකස‍්ස ලොකස‍්ස එවං මහෙසක‍්ඛො එවං මහානුභාවොති. ඉදමවොච භගවා ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:

මහණෙනි, තථාගතයෝ සදේවක ලෝකයාට මෙසේ මහත් ඍද්ධි ඇතියහ, මෙසේ මහේශාක්‍යයහ, මෙසේ මහානුභාවයහ යි භගවත්හු තෙල වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලිත් ශාස්තෲන් වහන්සේ තදන්‍ය වූ තෙල ගාපෙළ ද වදාළහ:

යදා බුද‍්ධො අභිඤ‍්ඤාය ධම‍්මචක‍්කං පවත‍්තයි සදෙවකස‍්ස ලොකස‍්ස සත්‍ථා අප‍්පටිපුග‍්ගලො.

1. දෙවියන් සහිත ලෝකයාට ශාස්තෘ වූ අප්‍රතිපුද්ගල වූ සර්‍වඥයන් වහන්සේ යම් කලෙක විශිෂ්ටඥානයෙන් දැන ධර්‍මචක්‍රය පවත්වාලු සේක් ද,

සක‍්කායඤ‍්ච නිරොධඤ‍්ච සක‍්කායස‍්ස ච සම‍්භවං අරියං චට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දුක‍්ඛූපසමගාමිනං.

2. සක්කාය (පඤ්චස්කන්‍ධය) හා නිරෝධය හා සත්කාය සම්භවය හා දුක් සන්හිඳුවන අරිඅටගිමග හා (දෙසත් ද),

යෙපි දීඝායුකා දෙවා වණ‍්ණවන‍්තො යසස‍්සිනො භීතා සන‍්තාසමාපාදුං සීහස‍්සෙවිතරෙ මිගා.

3. වර්‍ණවත් යශස්වී වූ දීර්‍ඝායුෂ්ක වූ යම් දෙවිකෙනෙක් ඇද්ද, (ඔහු හැම) සිංහයාගේ නාද අසා ඉතර මෘගයන් බියපත්වන්නාක් සෙයින් භීත වැ (මෙසේ) සන්ත්‍රාසයට පැමිණියහ.

අවීතිවත‍්තා සක‍්කායං අනිච‍්චා කිර භො මයං සුත්‍වා අරහතො වාක්‍යං විප‍්පමුත‍්තස‍්ස තාදිනොති.

4. භවත්නි, අපි සක්කායය පැන නො ගියම්හ, අනිත්‍යයම්හ යි විප්‍රමුක්ත වූ තාදී ගුණ ඇති අර්‍හත් වූ බුදුන්ගේ වාක්‍යය අසා දතුම්හ යි.