යෙදුමෙන් කියවන්න

දුතිය අරහන‍්ත සුත‍්තං

1. 2. 3. 5.

1. 2. 3. 5.

දුතිය අරහන‍්ත සුත‍්තං

දෙවැනි අරහන්ත සූත්‍රය

77. සාවත්‍ථියං:

77. සැවැත්නුවර:

රූපං භික‍්ඛවෙ, අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම”, “නෙසො’හමස‍්මි”, “න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනා අනිච‍්චා -පෙ- සඤ‍්ඤා අනිච‍්චා -පෙ- සඞ‍්ඛාරා අනිච‍්චා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං, “නෙතං මම”, “නෙසො’හමස‍්මි”, “න මෙසො අත‍්තා”ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.

මහණෙනි, රූපය අනිත්‍යයි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ”යයි මෙසේ තෙල තතුසේ සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. වේදනාව අනිත්‍ය ය … සංඥාව අනිත්‍ය ය … සංස්කාර අනිත්‍ය ය … විඥානය අනිත්‍ය යි. යමෙක් අනිත්‍ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමෙක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යයි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.

එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනාහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලෙනුයේ මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන් කිසෙක් නැති යි දනියි.

යාවතා භික‍්ඛවෙ, සත‍්තාවාසා, යාවතා භවග‍්ගං, එතෙ අග‍්ගා, එතෙ සෙට‍්ඨා ලොකස‍්මිං යදිදං අරහන‍්තො’ති.

මහණෙනි, සත්ත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි වදාළ සේක.