පඨම අරහන‍්ත සුත‍්තං
1. 2. 3. 4.
1. 2. 3. 4.
පඨම අරහන‍්ත සුත‍්තං
පළමුවැනි අරහන්ත සූත්‍රය
76. සාවත්‍ථියං:
76. සැවැත්නුවර:
රූපං භික‍්ඛවෙ, අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අනිච‍්චං. යදනිච‍්චං තං දුක‍්ඛං. යං දුක‍්ඛං තදනත‍්තා. යදනත‍්තා තං “නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා”ති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, රූපය අනිත්‍ය යි, යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්‍ය යි. යමක් අනිත්‍ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ.” යයි මෙසේ තෙල ඇති සැටි සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි. සංස්කාරයෙහි දු කල කිරෙයි. විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි විමුක්තය යන ඥානය වෙයි. ‘ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස අන් කිසෙක් නැත’යි දනියි.
යාවතා භික‍්ඛවෙ, සත‍්තාවාසා, යාවතා භවග‍්ගං, එතෙ අග‍්ගා එතෙ සෙට‍්ඨා ලොකස‍්මිං යදිදං අරහන‍්තො’ති. ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:
මහණෙනි, සත්‍වාවාස යම්තාක් ද, භවාග්‍රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්‍රයහ. මොහු ශ්‍රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතුදු තෙල වදාළ සේක:
1. සුඛිනො වත අරහන‍්තො - තණ‍්හා තෙසං න විජ‍්ජති අස‍්මිමානො සමුච‍්ඡින‍්නො - මොහජාලං පදාලිතං.
1. රහත්හු ඒකාන්තයෙන් (ධ්‍යාන -මාර්‍ග -ඵල සුඛයෙන්) සුඛිතයහ, ඔවුනට තෘෂ්ණායෙක් නැත. නවවිධ අස්මිමානය රහත් මඟ නුවණින් සිඳින ලදී. මෝහ නැමැති දැල පළන ලදී.
2. අනෙජං තෙ අනුප‍්පත‍්තා - චිත‍්තං තෙසං අනාවිලං ලොකෙ අනුපලිත‍්තා තෙ - බ්‍රහ‍්මභූතා අනාසවා.
2. ඔහු, අර්‍හත්ත්‍වයට පැමිණියහ, ඔවුන්ගේ සිත කැළඹීම් රහිත ය, ඔහු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ඇලුණහ, ශ්‍රේෂ්ඨහ, ආශ්‍රව රහිතයහ.
3. පඤ‍්චක‍්ඛන්‍ධෙ පරිඤ‍්ඤාය - සත‍්ත සද‍්ධම‍්මගොචරා පසංසියා සප‍්පුරිසා - පුත‍්තා බුද‍්ධස‍්ස ඔරසා.
3. පස්කඳ ත්‍රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන සිටි ඔහු (සද්ධා - හිරි ආදී) සප්ත සද්ධර්‍ම ගෝචර කොට ඇතියහ. (නුවණැත්තන් විසින්) පැසසිය යුත්තාහ, සත්පුරුෂහ, බුදු රජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයහ.
4. සත‍්තරතනසම‍්පන‍්නා - තීසු සික‍්ඛාසු සික‍්ඛිතා අනුවිචරන‍්ති මහාවීරා - පහීනභයභෙරවා.
4. සප්ත බෝධ්‍යංගරත්නයෙන් යුක්තයහ, ත්‍රිවිධ ශික්‍ෂායෙහි ශික්‍ෂිතයහ, මහාවීර වූ ඔහු ප්‍රහීණ භය භේරව ඇත්තාහු (නිසැක වැ) හැසිරෙති.
5. දසහඞ‍්ගෙහි සම‍්පන‍්නා - මහානාගා සමාහිතා එතෙ ඛො සෙට‍්ඨා ලොකස‍්මිං - තණ‍්හා තෙසං න විජ‍්ජති.
5. (අසේඛසීලක්ඛන්‍ධාදී) දශ අංගයෙකින් යුක්තයහ, මහා නාගයහ, (උපචාර - අර්‍පණා ධ්‍යානයෙන්) සමාහිතයහ, මොහු වනාහි ශ්‍රේෂ්ඨ වෙති, ඔවුනට තෘෂ්ණා නැති.
6. අසෙඛඤාණං උප‍්පන‍්නං - අන‍්තිමොයං සමුස‍්සයො යො සාරො බ්‍රහ‍්මචරියස‍්ස - තස‍්මිං අපරපච‍්චයා.
6. රහත්ඵල නුවණ උපන, මේ අන්තිම ආත්මභවය යි. බ්‍රහ්මචර්‍ය්‍යයාගේ යම් සාරයෙක් ඇත් ද, සාර සංඛ්‍යාත ඒ අරහත් ඵලයෙහි පරප්‍රත්‍යය රහිතයහ. (අන්‍ය උපකාර විරහිත වැ ප්‍රත්‍යක්‍ෂ විසින් මැ පිළිවිද සිටියහ.)
7. විධාසු න විකම‍්පන‍්ති - විප‍්පමුත‍්තා පුනබ‍්භවා දන‍්තභූමිං අනුප‍්පත‍්තා - තෙ ලොකෙ විජිතාවිනො.
7. ත්‍රිවිධ මාන කොටස්හි නො සැලෙති. පුනර්‍භවයෙන් මිදුණාහ, අර්‍හත්ත්‍වයට අනුප්‍රාප්තයහ. ඔහු ලෝකයෙහි (රාගාදිය) දිනා සිටියාහු යි.
8. උද‍්ධං තිරියං අපාචීනං - නන්‍දී තෙසං න විජ‍්ජති නදන‍්ති තෙ සීහනාදං - බුද‍්ධා ලොකෙ අනුත‍්තරා’ති.
8. උඩ - සරස - යට (පස්කඳෙහි හෝ කාලත්‍රයෙහි හෝ භවත්‍රයෙහි හෝ) ඔවුනට තෘෂ්ණායෙක් නැති. අනුත්තර වූ චතුස්සත්‍ය බුද්ධ වූ ඒ රහත්හු ලෝකයෙහි අභීතනාද කරන්නාහ යි.