යෙදුමෙන් කියවන්න

අස‍්සාද සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 2. 3. 1.

1. 2. 3. 1.

අස‍්සාද සුත‍්තං

අස්සාද සූත්‍රය

73. සාවත්‍ථියං:

73. සැවැත්නුවර:

අස‍්සුතවා භික‍්ඛවෙ, පුථුජ‍්ජනො රූපස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. වෙදනාය අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.

සුතවා ච ඛො භික‍්ඛවෙ, අරියසාවකො රූපස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාතීති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ ආස්වාදත් ආදීනවත් නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාදත් ආදීනවත් නිස්සරණත් ඇති සැටි දනී යි.

1. 2. 3. 2.

1. 2. 3. 2.

පඨම සමුදය සුත‍්තං

පළවැනි සමුදය සූත්‍රය

74. සාවත්‍ථියං:

74. සැවැත්නුවර:

අස‍්සුතවා භික‍්ඛවෙ, පුථුජ‍්ජනො රූපස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානාති.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.

සුතවා ච ඛො භික‍්ඛවෙ, අරියසාවකො රූපස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාතීති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදයත්, අස්තඞ්ගමයත්, ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණයත් ඇතිසැටි දනී යි.

1. 2. 3. 3.

1. 2. 3. 3.

දුතිය සමුදය සුත‍්තං

දෙවැනි සමුදය සූත්‍රය

75. සාවත්‍ථියං:

75. සැවැත්නුවර:

සුතවා භික‍්ඛවෙ, අරියසාවකො රූපස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාතීති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද, ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි දනී යි.