යෙදුමෙන් කියවන්න

1-3. අස‍්සාද සුත‍්තාදිවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1-3. අස‍්සාද සුත‍්තාදිවණ‍්ණනා

1-3. අස්සාද ආදි සූත්‍ර වර්ණනා

ඛජ‍්ජනීයවග‍්ගස‍්ස ආදිතො තීසු සුත‍්තෙසු චතුසච‍්චමෙව කථිතං.

ඛජ්ජනීය වර්ගයේ මුල සිට ඇති සූත්‍ර තුනෙහි චතුරාර්ය සත්‍යයම පවසන ලදී.

පඨමාදීනි.

පළමු, දෙවන හා තෙවන සූත්‍රයි.

4. පඨම අරහන‍්ත සුත‍්තවණ‍්ණනා

4. පළමුවැනි අරහන්ත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ යාවතා, භික‍්ඛවෙ, සත‍්තාවාසාති, භික‍්ඛවෙ, යත‍්තකා සත‍්තාවාසා නාම අත්‍ථි. යාවතා භවග‍්ගන‍්ති යත‍්තකං භවග‍්ගං නාම අත්‍ථි. එතෙ අග‍්ගා එතෙ සෙට‍්ඨාති එතෙ අග‍්ගභූතා චෙව සෙට‍්ඨභූතා ච. යදිදං අරහන‍්තොති යෙ ඉමෙ අරහන‍්තො නාම. ඉදම‍්පි සුත‍්තං පුරිමනයෙනෙව උස‍්සදනන්‍දියඤ‍්ච පලොභනීයඤ‍්චාති වෙදිතබ‍්බං.

සිවුවන සූත්‍රයේ - “යාවතා භික්ඛවෙ සත්තාවාසා” යනු මහණෙනි! යම් පමණ “සත්තාවාසයෝ” ඇද්ද යනුයි. “යාවතා භවග්ගං” යනු යම්තාක් භවග්‍රයක් නම් වේද යනුයි. “එතෙ අග්ගා එතෙ සෙට්ඨා” යනු මේවා අතර අග්‍රවූත්, ශ්‍රේෂ්ඨ වූත් යනුයි. “යදිදං අරහන්තො” යනු යම් මේ අර්හත් නම් වූ උතුමෝය. මේ සූත්‍රයේ ද පෙර කී පරිද්දෙන්ම උත්සාහවන්ත කරවීමත්, පෙළඹවීම් ඇතිකිරීම සඳහා දෙසන ලදැයි දත යුතුයි.

අථාපරං එතදවොචාති තදත්‍ථපරිදීපනාහි චෙව විසෙසත්‍ථපරිදීපනාහි ච ගාථාහි එතං “සුඛිනො වත අරහන‍්තො”තිආදිවචනං අවොච. තත්‍ථ සුඛිනොති ඣානසුඛෙන මග‍්ගසුඛෙන ඵලසුඛෙන ච සුඛිතා. තණ‍්හා තෙසං න විජ‍්ජතීති තෙසං අපායදුක‍්ඛජනිකා තණ‍්හා න වජ‍්ජති. එවං තෙ ඉමස‍්සපි තණ‍්හාමූලකස‍්ස අභාවෙන සුඛිතාව. අස‍්මිමානො සමුච‍්ඡින‍්නොති නවවිධො අස‍්මිමානො අරහත‍්තමග‍්ගෙන සමුච‍්ඡින‍්නො. මොහජාලං පදාලිතන‍්ති ඤාණෙන අවිජ‍්ජාජාලං ඵාලිතං.

“අථාපරං එතදවොච” යනු එම අර්ථ දැක්වීමට ම විශේෂයෙන් පැහැදිලි කිරීමට ම “සුඛිනො වත අහන්තො” ආදී මේ ගාථා වදාළ බව දතයුතුයි. එහි “සුඛිනො” යනු ධ්‍යාන සුවයෙන් ද මාර්ග සුවයෙන් ද ඵල සුවයෙන් ද සුවපත් වූ යනුයි. “තණ්හා තෙසං නවිජ්ජතී” ඔවුන්ට අපාදුක් ඇතිකරන තණ්හාව නොපවතියි. මෙසේ ඔවුහු මේ තණ්හාව මූලික වූ සිත්වලින් දුරුවූ හෙයින් සුවපත් සිත් ඇත්තෝම වෙති. “අස්මිමානො” යනු නවවැදෑරුම් අස්මි මානය අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ දැමූ යනුයි. “මොහජාලං පදාලිතං” යනු ඥානයෙන් අවිද්‍යා දැල ඉරා දැමූ යනුයි.

අනෙජන‍්ති එජාසඞ‍්ඛාතාය තණ‍්හාය පහානභූතං අරහත‍්තං. අනුපලිත‍්තාති තණ‍්හාදිට‍්ඨිලෙපෙහි අලිත‍්තා. බ්‍රහ‍්මභූතාති සෙට‍්ඨභූතා. පරිඤ‍්ඤායාති තීහි පරිඤ‍්ඤාහි පරිජානිත්‍වා. සත‍්තසද‍්ධම‍්මගොචරාති සද‍්ධා හිරී ඔත‍්තප‍්පං බාහුසච‍්චං ආරද‍්ධවීරියතා උපට‍්ඨිතස‍්සතිතා පඤ‍්ඤාති ඉමෙ සත‍්ත සද‍්ධම‍්මා ගොචරො එතෙසන‍්ති සත‍්තසද‍්ධම‍්මගොචරා.

“අනෙජං” යනු “ඒජා” නම් වූ තණ්හාව ප්‍රහාණය කිරීමෙන් ලැබුණු රහත් බවයි. “අනුපලිත්තා” යනු තණ්හා-දෘෂ්ටි ආලේපයෙන් ආලේපිත යනුයි. “බ්‍රහ්මභූතා” යනු ශ්‍රේෂ්ඨ වූ යනුයි. “පරිඤ්ඤාය” යනු ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මනාව දැනගෙන යනුයි.

සත‍්තරතනසම‍්පන‍්නාති සත‍්තහි බොජ‍්ඣඞ‍්ගරතනෙහි සමන‍්නාගතා. අනුවිචරන‍්තීති ලොකියමහාජනාපි අනුවිචරන‍්තියෙව. ඉධ පන ඛීණාසවානං නිරාසඞ‍්කචාරො නාම ගහිතො. තෙනෙවාහ “පහීනභයභෙරවා”ති. තත්‍ථ භයං භයමෙව, භෙරවං බලවභයං. දසහඞ‍්ගෙහි සම‍්පන‍්නාති අසෙක‍්ඛෙහි දසහි අඞ‍්ගෙහි සමන‍්නාගතා. මහානාගාති චතූහි කාරණෙහි මහානාගා. සමාහිතාති උපචාරප‍්පනාහි සමාහිතා. තණ‍්හා තෙසං න විජ‍්ජතීති “ඌනො ලොකො අතිත‍්තො තණ‍්හාදාසොති ඛො, මහාරාජ, තෙන භගවතා”ති (ම· නි· 2.305) එවං වුත‍්තා දාසකාරිකා තණ‍්හාපි තෙසං නත්‍ථි. ඉමිනා ඛීණාසවානං භුජිස‍්සභාවං දස‍්සෙති.

“සත්ත සද්ධම්මගොචරා” යනු ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, බහුශ්‍රැත බව, පටන්ගත් වීර්ය ඇති බව, එළඹි සිහිය, ප්‍රඥාව යන මේ සත්වැදෑරුම් ධර්මයන් අවබෝධ කරගත්තෝ “සත්ත සද්ධම්ම ගෝචරා” නම් වෙති. “සත්තරතන සම්පන්නා” යනු සත් වැදෑරුම් වූ බොජ්ඣංග රත්නයන්ගෙන් යුක්ත වූ යනුයි. “අනුවිචරන්ති” යනු ලෞකික මහජනතාව ද නිසැකව හැසිරෙත්මය යනුයි. මෙහි වනාහී රහතන් වහන්සේලාගේ සැක-බිය නොමැති හැසිරීමම අදහස් කරන ලදී. එනිසා මෙසේ වදාළහ. “පහීනභය භෙරවා” යනුවෙනි. එහි - “භයං” යනු බියවීමයි. “භේරවං” යනු ප්‍රබල ලෙස බියවීමයි. “දස භංගෙහි සම්පන්නා” යනු අසේක වූ දස අංගයන්ගෙන් යුක්ත වූ යනුයි. “මහානාගා” යනු සිවුවිධ කාරණයන්ගෙන් මහා නාගයන් වූ යනුයි. “සමාහිතා” යනු උපචාර, අර්පණා ආදියෙන් යුක්ත වූ යනුයි. “තණ්හා තෙසං තවිජජතී” යනු “මහරජ! ලෝකයා සතුටු වීමෙන් හීනය. සතුටට සෑහීමකට පත් නොවන්නෝ ය. තණ්හාවෙහි දාසයෝ යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ බැවින්”. මෙසේ කියන ලද දාස කම්කරු ආදීන් මෙන් තණ්හාවක් ඔවුන්ට නැත. මෙසේ ක්‍ෂීණාශ්‍රව රහතුන්ගේ දාසත්‍වයෙන් මිදීම දක්වයි.

අසෙඛඤාණන‍්ති අරහත‍්තඵලඤාණං. අන‍්තිමොයං සමුස‍්සයොති පච‍්ඡිමො අයං අත‍්තභාවො. යො සාරො බ්‍රහ‍්මචරියස‍්සාති සාරො නාම ඵලං. තස‍්මිං අපරපච‍්චයාති තස‍්මිං අරියඵලෙ, න අඤ‍්ඤං පත‍්තියායන‍්ති, පච‍්චක‍්ඛතොව පටිවිජ‍්ඣිත්‍වා ඨිතා. විධාසු න විකම‍්පන‍්තීති තීසු මානකොට‍්ඨාසෙසු න විකම‍්පන‍්ති. දන‍්තභූමින‍්ති අරහත‍්තං. විජිතාවිනොති රාගාදයො විජෙත්‍වා ඨිතා.

“අසෙඛඤාණං” යනු අර්හත් ඵල ඥානයයි. “අන්තිමොයං සමුස්සයො” යනු මේ ආත්මභාවය අවසාන ම එක වේ යනුයි. “යොසාරො බ්‍රහ්ම චරියස්ස” යනු සාරය නම් ඵලයයි. රහත් බවයි. “තස්මිං අපර පච්චයා” යනු ඒ ආර්ය ඵලයෙහි තවත් පැමිණිය යුතු දෙයක් නැතැයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන-අවබෝධ කරගෙන සිටි. “විධාසු නවිකම්පන්ති” යනු තුනක් වූ මාන කොටස්වල නො සැලෙති. කම්පා නොවෙති යනුයි. “දන්තභූමිං” යනු රහත් බවයි. “විජිතාවිනො” යනු රාගාදිය දුරුකර සිටි යනුයි.

උද‍්ධන‍්තිආදීසු උද‍්ධං වුච‍්චති කෙසමත්‍ථකො, අපාචීනං පාදතලං, තිරියං වෙමජ‍්ඣං. උද‍්ධං වා අතීතං, අපාචීනං අනාගතං, තිරියං පච‍්චුප‍්පන‍්නං. උද‍්ධං වා වුච‍්චති දෙවලොකො, අපාචීනං අපායලොකො, තිරියං මනුස‍්සලොකො. නන්‍දී තෙසං න විජ‍්ජතීති එතෙසු ඨානෙසු සඞ‍්ඛෙපතො වා අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු ඛන්‍ධෙසු තෙසං තණ‍්හා නත්‍ථි. ඉධ වට‍්ටමූලකතණ‍්හාය අභාවො දස‍්සිතො. බුද‍්ධාති චතුන‍්නං සච‍්චානං බුද‍්ධත‍්තා බුද‍්ධා.

“උද්ධං” යනාදියේ උඩ යනු සිරුරේ මුදුනෙහිම වූ කෙස් ය. “අපාචීනං” යටම වූ පා තලයයි. “තිරියං” යනු මැද ප්‍රදේශයයි. උඩට ම නොගිය. යටම වූ පා තලයට නොපැමිණි. “උද්ධං” යනු අතීතයයි. “අපාචීතං” යනු අනාගතයයි. “තිරියං” යනු වර්තමානයයි. “උද්ධං” යනු දේව ලෝකාදියයි. “අපාචීනං” යනු අපායාදීලෝකයන්ය. “තිරියං” යනු මිනිස්ලොවයි. “නන්‍දිතෙසං න විජ්ජතී” මේ ස්ථානයන්හි සංක්‍ෂිප්ත වශයෙන් හෝ අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධයන්හි ඔවුන්ට (රහතුන්ට) තණ්හාවක් නැත. මෙහි සසර පැවැත්මට මූලික වූ තණ්හාවෙහි නොපැවැත්ම - අභාවය දක්වන ලදී. “බුද්ධා” යනු චතුරාර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කරගත් බැවින් “බුද්ධ” නම් වූ යනුයි.

ඉදං පනෙත්‍ථ සීහනාදසමොධානං – “විමුත‍්තිසුඛෙනම‍්හා සුඛිතා, දුක‍්ඛජනිකා නො තණ‍්හා පහීනා, පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා, දාසකාරිකතණ‍්හා චෙව වට‍්ටමූලිකතණ‍්හා ච පහීනා, අනුත‍්තරම‍්හා අසදිසා, චතුන‍්නං සච‍්චානං බුද‍්ධත‍්තා බුද‍්ධා”ති භවපිට‍්ඨෙ ඨත්‍වා අභීතනාදසඞ‍්ඛාතං සීහනාදං නදන‍්ති ඛීණාසවාති.

මෙහි වනාහී සිංහනාදයන්ගේ එක්කර දැක්වීමයි. “අප විමුත්ති සුවයෙන් සුවපත් වූවෝ ම ය. දුක් ජනනය නො කරන්නෝය. අපගේ තණ්හාව ප්‍රහීණය. පස්කඳ පිරිසිඳ දැනගත්හ. අපි දාසත්වයට පත්වන තණ්හාවෙන් මෙන්ම සසර පැවැත්මට මූලික වූ තව ද ප්‍රහීන කර උතුම් ශ්‍රේෂ්ඨයෝ වූයෙමු. අසමානයෝ වෙමු. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් බැවින් “බුද්ධ” නම් වූයෙමු” යැයි භවාග්‍රයෙහි සිට අභීත නාදය නම් වූ සිංහනාදය රහතන් වහන්සේ විසින් පවත්වනු ලැබෙත්.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. දුතිය අරහන‍්ත සුත‍්තවණ‍්ණනා

5. දෙවැනි අරහන්ත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමං විනා ගාථාහි සුද‍්ධිකමෙව කත්‍වා කථියමානං බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තං.

පස්වන සූත්‍රයේ - ගාථාවන්ගෙන් තොරව, ඉතා පිරිසිදු කර අවබෝධ කරගත්තවුන්ගේ අදහස් පරිදි මෙම සූත්‍රය දේශනා කරන ලද සේක.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.