2. අරහත්තවග්ගො අට්ඨකථා
2. අරහන්ත වර්ගය
1. උපාදිය සුත්තවණ්ණනා
1. උපාදිය සූත්‍ර වර්ණනාව
අරහන්තවග්ගස්ස පඨමෙ උපාදියමානොති තණ්හාමානදිට්ඨිවසෙන ගණ්හමානො. බද්ධො මාරස්සාති මාරස්ස පාසෙන බද්ධො නාම. මුත්තො පාපිමතොති පාපිමතො පාසෙන මුත්තො නාම හොති.
අරහන්ත වර්ගයේ පළමු සූත්‍රයේ - “උපාදීයමානො” යනු තණ්හා, මාන, දෘෂ්ටි වශයෙන් ගන්නා ලද යනුයි. “බද්ධො මාරස්ස” යනු මාරයාගේ පාශයෙන් බඳිනා ලද යනුයි. “මුත්තො පාපිමතො” යනු මාරයාගේ පාපියාගේ පාශයෙන් (උගුලෙන්) මිදුණේ නම් වේ.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. මඤ්ඤමාන සුත්තවණ්ණනා
2. මඤ්ඤමාන සූත්‍ර වර්ණනාව
දුතියෙ මඤ්ඤමානොති තණ්හාමානදිට්ඨිමඤ්ඤනාහි මඤ්ඤමානො.
දෙවන සූත්‍රයේ - “මඤ්ඤමානො” යනු තණ්හා-මාන-දෘෂ්ටි යන වැරදි සිතුවිලිවලින් යුක්ත වූයේ යනුයි.
දුතියං.
දෙවැනි සූත්‍රයයි.
3. අභිනන්දන සුත්තවණ්ණනා
3. අභිනන්දන සූත්‍ර වර්ණනාව
තතියෙ අභිනන්දමානොති තණ්හාමානදිට්ඨිඅභිනන්දනාහියෙව අභිනන්දමානො.
තෙවන සූත්‍රයේ - “අභිනන්දමානො” යනු තහා-මාන-දෘෂ්ටි වශයෙන් සතුටුවනුයේ යනුයි.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. අනිච්ච සුත්තවණ්ණනා
4. අනිච්ච සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ඡන්දොති තණ්හාඡන්දො.
සිවුවන සූත්‍රයේ - “ඡන්දො” යනු තණ්හාව නම් වූ කැමැත්තයි.
සිවුවන සූත්‍රයයි.
5-6. දුක්ඛ සුත්තාදිවණ්ණනා
5-6. දුක්ඛ ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමඡට්ඨෙසුපි එසෙව නයො.
පස්වන හා සයවන සූත්‍රවල ද මේ ක්‍රමය ම දතයුතුයි.
පස්වන හා සයවන සූත්‍රයන් ය.
7. අනත්තනිය සුත්තවණ්ණනා
7. අනත්තනිය සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනත්තනියන්ති න අත්තනො සන්තකං, අත්තනො පරික්ඛාරභාවෙන සුඤ්ඤතන්ති අත්ථො.
සත්වන සූත්‍රයේ - “අනත්තනියං” යනු තමාගේ සන්තකයේ-සමීපයේ නොවූ යනුයි. තමාගේ උපකරණයන්හි අභාවයෙන් (නොපැවතීමෙන්) ශුන්‍ය වූ යන අර්ථයි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. රජනීය සුත්තවණ්ණනා
8. රජනීය සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ රජනීයසණ්ඨිතන්ති රජනීයෙන ආකාරෙන සණ්ඨිතං, රාගස්ස පච්චයභාවෙන ඨිතන්ති අත්ථො.
අටවන සූත්‍රයේ - “රජනීය සණ්ඨිතං” යනු ඇලී ගැලී සිටින ද්‍රව්‍යයන් ගේ ආකාරයෙන් පිහිටි යනුයි. “රාගයේ ප්‍රත්‍ය භාවයෙන් පිහිටි” යන අර්ථයි.
අටවන සූත්‍රයයි.
9-10. රාධ සුත්තාදිවණ්ණනා
9-10. රාධ ආදි සූත්‍ර වර්ණනා
නවමදසමානි රාහුලසංයුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානීති.
නවවන හා දසවන සූත්‍ර රාහුල සංයුත්තයේ කියන ලද පරිදි දතයුතුයි.
නවවන හා දසවන සුත්රයත්ය.
අරහන්තවග්ගො සත්තමො (2).
දෙවන අරහන්ත වර්ගයයි.