යෙදුමෙන් කියවන්න

අභිනන්‍දන සුත‍්තං

1. 2. 2. 3.

1. 2. 2. 3.

අභිනන්‍දන සුත‍්තං

අභිනන්‍දන සූත්‍රය

65. සාවත්‍ථියං:

65. සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච:

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ ... එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය:

සාධු මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, මට එබඳු දහමක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනවි” යි.

අභිනන්‍දමානො ඛො භික‍්ඛු, බද‍්ධො මාරස‍්ස, අනභිනන්‍දමානො මුත‍්තො පාපිමතො’ති.

“මහණ, තෘෂ්ණාදි විසින් අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ පාපිමත්හුගේ (මරහුගේ) පාශයෙන් මිදුණේ වෙයි.”

අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතා’ති.

“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැ යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ”යි.

යථාකථං පන ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසී’ති?

“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ කෙසේ නම් තෙපි විස්තර විසින් දනිවු දැ?”

රූපං ඛො භන‍්තෙ, අභිනන්‍දමානො බද‍්ධො මාරස‍්ස, අනභිනන්‍දමානො මුත‍්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අභිනන්‍දමානො බද‍්ධො මාරස‍්ස, අනභිනන්‍දමානො මුත‍්තො පාපිමතො. ඉමස‍්ස ඛ‍්වා’හං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමී’ති.

වහන්ස, රූපය, අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම් විස්තර වශයෙන් දනිමි යි.

සාධු සාධු භික‍්ඛු. සාධු ඛො ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි.

මහණ, මනා යැ මනා යැ. මහණ, මා විසින් සැකෙවින් දේශිතධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර ලෙස දනිවු.

රූපං ඛො භික‍්ඛු, අභිනන්‍දමානො බද‍්ධො මාරස‍්ස, අනභිනන්‍දමානො මුත‍්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අභිනන්‍දමානො බද‍්ධො මාරස‍්ස, අනභිනන්‍දමානො මුත‍්තො පාපිමතො. ඉමස‍්ස ඛො භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො’ති.

මහණ, රූපය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය අභිනන්‍දන කරනුයේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, අභිනන්‍දන නො කරනුයේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර ලෙස දතයුතු යි.

අථ ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා -පෙ- භගවන‍්තං පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො සො භික‍්ඛු එකො වූපකට‍්ඨො -පෙ- අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන ... භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වූයේ යි.