යෙදුමෙන් කියවන්න

මඤ‍්ඤමාන සුත‍්තං

1. 2. 2. 2.

1. 2. 2. 2.

මඤ‍්ඤමාන සුත‍්තං

මඤ්ඤමාන සූත්‍රය

64. සාවත්‍ථියං:

64 සැවැත්නුවර:

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. -පෙ- භගවන‍්තං එතදවොච:

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:

සාධු මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු -පෙ- පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

“වහන්ස, ... (මම්) නිවන් කරා යොමු කළ සිතැති වැ වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු දහමක් සැකෙවින් දෙසන සේක් නම් මැනවි” යි.

මඤ‍්ඤමානො ඛො භික‍්ඛු, බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො’ති.

මහණ, තෘෂ්ණා - මාන - දෘෂ්ටි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි.

අඤ‍්ඤාතං භගවා, අඤ‍්ඤාතං සුගතා’ති.

භාග්‍යවතුන් වහන්ස, දන්නා ලදැයි, සුගතයන් වහන්ස, දන්නා ලදැ යි.

යථාකථං පන ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසීති?

මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි කිසෙයින් විස්තර විසින් දනිවු දැ යි?

රූපං ඛො භන‍්තෙ, මඤ‍්ඤමානො බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං මඤ‍්ඤමානො බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො. ඉමස‍්ස ඛ‍්වාහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, රූපය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, මඤ්ඤනා විසින් නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් මම විස්තර වශයෙන් දනිමි යි.

සාධු සාධු භික‍්ඛු, සාධු ඛො ත්‍වං භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාසි. රූපං ඛො භික‍්ඛු, මඤ‍්ඤමානො බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං මඤ‍්ඤමානො බද‍්ධො මාරස‍්ස, අමඤ‍්ඤමානො මුත‍්තො පාපිමතො. ඉමස‍්ස ඛො භික‍්ඛු, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බො’ති.

මහණ, මැනවි මැනවි. මහණ, මා විසින් සැකෙවින් දේශනා කළ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් තෙපි විස්තර විසින් දනිවු නම් ඒ මනා යි. මහණ, රූපය තෘෂ්ණාදි මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය මඤ්ඤනා විසින් හඟනේ මාරපාශයෙන් බැඳුනේ වෙයි, නො හඟනේ මාරපාශයෙන් මිදුණේ වෙයි. මහණ මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථ මෙසෙයින් විස්තර වශයෙන් දත යුතු.

අථ ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා -පෙ- භගවන‍්තං පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො සො භික‍්ඛු එකො වූපකට‍්ඨො -පෙ- අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට නික්මැ ගියේ යැ. ඉක්බිති ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වැ ... එ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.