උපාදිය සුත්තං
1. 2. 2. 1.
1. 2. 2. 1.
උපාදිය සුත්තං
උපාදිය සූත්‍රය
63. සාවත්ථියං:
63. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
එ සමයෙහි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.
“වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කෙරෙම් ද, මට එබඳු ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් දෙසනසේක් නම් මැනැවි” යි.
උපාදියමානො ඛො භික්ඛු, බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො’ති.
“මහණ, තෘෂ්ණා-දෘෂ්ටි-මාන විසින් දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙ යි, දැඩි වැ නො ගන්නේ මිදුණේ වේ” යයි.
අඤ්ඤාතං භගවා, අඤ්ඤාතං සුගතා’ති.
“භාග්‍යවතුන් වහන්ස, දන්නා ලද යැ, සුගතයන් වහන්ස, දන්නා ලදැ” යි.
යථාකථං පන ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසීති?
“මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය කිසෙයින් තෙපි විස්තර විසින් දනිවු දැ” යි.
රූපං ඛො භන්තෙ, උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. වෙදනං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. විඤ්ඤාණං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛ්වාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
වහන්ස, රූපය (තණ්හා – මාන – දිට්ඨි විසින්) දැඩි වැ ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, දැඩි වැ නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, වේදනාව උපාදාන විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, උපාදාන විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි, සංඥාව ... සංස්කාර උපාදාන විසින් ගන්නේ බැඳුණේ වෙයි, නො ගන්නේ මිදුණේ වෙයි. විඥානය උපාදාන විසින් ගන්නේ මෘත්‍යුපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මෘත්‍යුපාශයෙන් මිදුණේ වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් භාෂිත මේ ධර්මයාගේ අර්ත්ථය විස්තර වශයෙන් මම මෙසේ දනිමි යි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාසි. රූපං ඛො භික්ඛු, උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං උපාදියමානො බද්ධො මාරස්ස, අනුපාදියමානො මුත්තො පාපිමතො. ඉමස්ස ඛො භික්ඛු, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
මහණ, මැනැවි, මැනැවි. මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්මයාගේ අර්ත්ථය තෙපි විස්තර විසින් දනිවු. මහණ, රූපය තණ්හාදි විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, තණ්හාදී විසින් නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය තණ්හාදී විසින් ගන්නේ මාරපාශයෙන් බැඳුණේ වෙයි, නො ගන්නේ මාරපාශයෙන් මිදුණේ වේ. මහණ, මා විසින් සැකෙවින් භාෂිත මේ ධර්මයාගේ අර්ත්ථය මෙසේ විස්තර වශයෙන් දතයුතු.
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යැ.
අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
ඉක්බිති ඒ මහණ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වාස කරනුයේ නො බෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මොනොවට ගිහිගෙන් නික් මැ බුදුසසුන්හි පැවිදි වෙත් ද , මගබඹසර අවසනැ වූ ඒ උතුම් අර්හත්වය මේ අත්බැව්හි මැ තමන් මැ මගනුවණින් දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්ෂය විය, මගබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන්කිසෙක් නැතැ” යි දත්තේය. ඒ මහණ රහතුන් වහන්සේ අතර අන්‍යතරයෙක් වූයේ යි.