නිරුත‍්තිපථ සුත‍්තං
1. 2. 1. 10.
1. 2. 1. 10.
නිරුත‍්තිපථ සුත‍්තං
නිරුක්තිපථ සූත්‍රය
62. සාවත්‍ථියං:
62. සැවැත්නුවර:
තයො මෙ භික‍්ඛවෙ, නිරුත‍්තිපථා අධිවචනපථා පඤ‍්ඤත‍්තිපථා අසඞ‍්කිණ‍්ණා අසඞ‍්කිණ‍්ණපුබ‍්බා න සඞ‍්කීයන‍්ති, න සඞ‍්කීයිස‍්සන‍්ති අප‍්පතිකුට‍්ඨා සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි.
යම් නිරුක්තිපථ කෙනෙක් බැහැර නො කරන ලද ද, බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු බැහැර නො කරනු ලැබෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද ද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙනෙක් වෙත්.
කතමෙ තයො:
කවර තිදෙනෙකැ යත්:
යං භික‍්ඛවෙ, රූපං අතීතං නිරුද‍්ධං විපරිණතං, ‘අහොසී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අහොසී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘අහොසී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති, න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථි’ති, න තස‍්ස සඞ‍්ඛා ‘භවිස‍්සතී’ති.
මහණෙනි, යම් රූපයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව යි, ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ නම යි. ‘වූයේ ය’ යනු ඒ රූපයාගේ ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව නො වෙයි, ‘වන්නේය’ යනු ඒ රූපයාගේ සංඛ්‍යාව (ගිණීම) නො වේ.
යා වෙදනා අතීතා නිරුද‍්ධා විපරිණතා, ‘අහොසී’ති තස‍්සා සඞ‍්ඛා, ‘අහොසී’ති තස‍්සා සමඤ‍්ඤා, ‘අහොසී’ති තස‍්සා පඤ‍්ඤත‍්ති, න තස‍්සා සඞ‍්ඛා ‘අත්‍ථී’ති. න තස‍්සා සඞ‍්ඛා ‘භවිස‍්සතී’ති.
යම් වේදනාවක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද ‘වූයේ ය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව (ගිණීම) වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ නම වෙයි. ‘වූයේය’ යනු ඒ වේදනාවගේ ප්‍රඥප්තිය වෙයි. ‘ඇත’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු ඒ වේදනාවගේ සංඛ්‍යාව නො වෙයි.
යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා අතීතා, නිරුද‍්ධා, විපරිණතා, ‘අහෙසු’න‍්ති තෙසං සඞ‍්ඛා, ‘අහෙසු’න‍්ති තෙසං සමඤ‍්ඤා, ‘අහෙසු’න‍්ති තෙසං පඤ‍්ඤත‍්ති. න තෙසං සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තෙසං සඞ‍්ඛා ‘භවිස‍්සන‍්තී’ති.
යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූහු’ යනු ඔවුනට සංඛ්‍යා යි. ‘වූහු’ යනු ඔවුනට නම යි ‘වූහු’ යනු ඔවුනට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු ඔවුනට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නාහ’ යනු ඔවුනට සංඛ්‍යා නො වෙයි.
යං විඤ‍්ඤාණං අතීතං නිරුද‍්ධං විපරිණතං, ‘අහොසී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අහොසී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘අහොසී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති. න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති. න තස‍්ස සඞ‍්ඛා ‘භවිස‍්සතී’ති.
යම් විඥානයක් අතීත ද, නිරුද්ධ ද, විපරිණත ද, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වූයේය’ යනු එයට නම යි, ‘වූයේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යාව නො වෙයි, ‘මතු වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි.
යං භික‍්ඛවෙ, රූපං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති, න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං අජාතං අපාතුභූතං ‘භවිස‍්සතී’ති තස‍්ස සඞ‍්ඛා, ‘භවිස‍්සතී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘භවිස‍්සතී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති. න තස‍්ස සඞ‍්ඛා ‘අත්‍ථී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති.
මහණෙනි, යම් රූපයක් අජාත ද අපාතුභූත (පහළ නො වී) ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා යි, ‘වන්නේය’ යනු එයට නම යි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති යි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් අජාත ද අපාතුභූත ද, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘වන්නේය’ යනු එයට නම් වෙයි, ‘වන්නේය’ යනු එයට ප්‍රඥප්ති වෙයි. ‘ඇත’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වේ යයි.
යං භික‍්ඛවෙ, රූපං ජාතං පාතුභූතං, ‘අත්‍ථී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අත්‍ථී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘අත්‍ථී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති, න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති, න තස‍්ස සඞ‍්ඛා ‘භවිස‍්සතී’ති. යා වෙදනා -පෙ- යා සඤ‍්ඤා -පෙ- යෙ සඞ‍්ඛාරා -පෙ- යං විඤ‍්ඤාණං ජාතං පාතුභූතං, ‘අත්‍ථී’ති තස‍්ස සඞ‍්ඛා, ‘අත්‍ථී’ති තස‍්ස සමඤ‍්ඤා, ‘අත්‍ථී’ති තස‍්ස පඤ‍්ඤත‍්ති. න තස‍්ස සඞ‍්ඛා ‘අහොසී’ති න තස‍්ස සඞ‍්ඛා ‘භවිස‍්සතී’ති.
මහණෙනි, යම් රූපයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා යි, ‘ඇත’ යනු එයට නම යි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති යි. ‘වූයේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි, ‘වන්නේය’ යනු එයට සංඛ්‍යා නො වෙයි. යම් වේදනාවක් ... යම් සංඥාවක් ... යම් සංස්කාර කෙනෙක් ... යම් විඥානයක් ජාත ද පාතුභූත ද, ‘ඇත’ යනු එයට සංඛ්‍යා වෙයි, ‘ඇත’ යනු එයට නම් වෙයි, ‘ඇත’ යනු එයට ප්‍රඥප්ති වේ යයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො නිරුත‍්තිපථා, අධිවචනපථා, පඤ‍්ඤත‍්තිපථා, අසඞ‍්කිණ‍්ණා අසඞ‍්කිණ‍්ණපුබ‍්බා, න සඞ‍්කීයන‍්ති, න සඞ‍්කීයිස‍්සන‍්ති, අප‍්පතිකුට‍්ඨා, සමණෙහි බ්‍රාහ‍්මණෙහි විඤ‍්ඤූහි.
මහණෙනි, යම් නිරුක්ති මාර්‍ග කෙනෙක් බැහැර නො කරන ලද ද , බැහැර නො කළ විරූ ද, දැනුදු බැහැර නො කරනු ලැබෙත් ද, මතුදු නො ද බැහැර කෙරෙත් ද, නුවණැති මහණ බමුණන් විසින් පිළිකෙව් නො කරන ලද මේ නිරුක්තිපථ - අධිවචනපථ - ප්‍රඥප්තිපථ තිදෙන වෙතැයි.
යෙපි තෙ භික‍්ඛවෙ, අහෙසුං උක‍්කලා වස‍්සභඤ‍්ඤා, අහෙතුකවාදා අකිරියවාදා නත්‍ථිකවාදා, තෙපිමෙ තයො නිරුත‍්තිපථෙ අධිවචනපථෙ පඤ‍්ඤත‍්තිපථෙ න ගරහිතබ‍්බං න පටික‍්කොසිතබ‍්බං මඤ‍්ඤිංසු. තං කිස‍්ස හෙතු: නින්‍දාබ්‍යාරොසඋපාරම‍්භභයා’ති.
මහණෙනි, උක්කල දනවු වැසි අහේතුකවාදී අක්‍රියවාදී නාස්තිකවාදී වස්ස භඤ්ඤ නම් යම් දෘෂ්ටිගතිකයෝ වූවාහු ද, උහු දු මේ නිරුක්ති මාර්‍ග අධිවචන මාර්‍ග ප්‍රඥප්ති මාර්‍ගයෝ තිදෙන ගැරහියයුතු කොට, පිළිකෙව් කොට නො සිතූහ. එ කවර හෙයින් යත්: නින්‍දා - ඝට්ටන - දෝෂා රෝපණ - අපවාද බියෙන් යැ යි.
උපයවග‍්ගො පඨමො
පළමුවැනි උපයවර්‍ග යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
උපයො බීජං උදානං උපාදානපරිවට‍්ටඤ‍්ච සත‍්තට‍්ඨානං බුද‍්ධො පඤ‍්චවග‍්ගි මහාලි ආදිත‍්තො නිරුත‍්තිපථෙනචාති.
උපය සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවට්ට සූත්‍රය, සත්තට්ඨාන සූත්‍රය, බුද්ධ සූත්‍රය, පඤ්ච වග්ගිය සූත්‍රය, මහාලි සූත්‍රය, ආදිත්ත සූත්‍රය, නිරුක්තිපථ සූත්‍රය සමඟ උපය වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.