යෙදුමෙන් කියවන්න

1. උපයවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. උපය වර්ගය

1. උපය සුත‍්තවණ‍්ණනා

1. උපය සූත්‍ර වර්ණනාව

උපයවග‍්ගස‍්ස පඨමෙ උපයොති තණ‍්හාමානදිට‍්ඨිවසෙන පඤ‍්චක‍්ඛන්‍ධෙ උපගතො. විඤ‍්ඤාණන‍්ති කම‍්මවිඤ‍්ඤාණං. ආපජ‍්ජෙය්‍යාති කම‍්මං ජවාපෙත්‍වා පටිසන්‍ධිආකඩ‍්ඪනසමත්‍ථතාය වුද‍්ධිආදීනි ආපජ‍්ජෙය්‍ය. විඤ‍්ඤාණුපයන‍්ති පදස‍්ස අග‍්ගහණෙ කාරණං වුත‍්තමෙව. වොච‍්ඡිජ‍්ජතාරම‍්මණන‍්ති පටිසන්‍ධිආකඩ‍්ඪනසමත්‍ථතාය අභාවෙන ආරම‍්මණං වොච‍්ඡිජ‍්ජති. පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්සාති කම‍්මවිඤ‍්ඤාණස‍්ස පතිට‍්ඨා න හොති. තදප‍්පතිට‍්ඨිතන‍්ති තං අප‍්පතිට‍්ඨිතං. අනභිසඞ‍්ඛච‍්ච විමුත‍්තන‍්ති පටිසන්‍ධිං අනභිසඞ‍්ඛරිත්‍වා විමුත‍්තං.

උපය වර්ගයේ පළමු සූත්‍රය - “උපයො” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් පංචස්කන්‍ධයට පැමිණි යනුයි. “විඤ්ඤාණං” යනු කර්ම විඥානයයි. “ආපජ්ජෙය්‍ය” යනු කර්මය දක්වා ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ වෘද්ධි ආදියට පැමිණෙන්නේ ය. “විඤ්ඤාණුපයං” යන පදයේ නොගැනීමෙන් හේතුව කියන ලද්දේමය. “වොච්ඡිජ්ජතාරම්මණං” යනු ප්‍රතිසන්‍ධිය ඇදීමට සමත් වූ ශක්තිය නොමැතිවීමෙන් අරමුණු ගැනීම සිඳී-කැඩී යයි යනුයි. “පතිට්ඨා විඤ්ඤාණස්ස” යනු කර්ම විඥානයට පිහිටක් නොවේ යනුයි. “තදප්පතිට්ඨිතං” යනු එය නොපිහිටීමෙනි. “අනභි සංඛච්ච විමුත්තං” යනු ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නොකර මිදුණු යනුයි.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. බීජ සුත‍්තවණ‍්ණනා

2. බීජ සූත්‍ර වර්ණනාව

දුතියෙ බීජජාතානීති බීජානි. මූලබීජන‍්ති වචං වචත‍්තං හලිද‍්දං සිඞ‍්ගිවෙරන‍්ති එවමාදි. ඛන්‍ධබීජන‍්ති අස‍්සත්‍ථො නිග්‍රොධොති එවමාදි. ඵලුබීජන‍්ති උච‍්ඡු වෙළු නළොති එවමාදි. අග‍්ගබීජන‍්ති අජ‍්ජුකං ඵණිජ‍්ජකන‍්ති එවමාදි. බීජබීජන‍්ති සාලිවීහිආදි පුබ‍්බණ‍්ණඤ‍්චෙව මුග‍්ගමාසාදි අපරණ‍්ණඤ‍්ච. අඛණ‍්ඩානීති අභින‍්නානි. භින‍්නකාලතො පට‍්ඨාය බීජං බීජත්‍ථාය න උපකප‍්පති. අපූතිකානීති උදකතෙමනෙන අපූතිකානි. පූතිබීජඤ‍්හි බීජත්‍ථාය න උපකප‍්පති. අවාතාතපහතානීති වාතෙන ච ආතපෙන ච න හතානි, නිරොජතං න පාපිතානි. නිරොජඤ‍්හි කසටං බීජං බීජත්‍ථාය න උපකප‍්පති. සාරාදානීති ගහිතසාරානි පතිට‍්ඨිතසාරානි. නිස‍්සාරඤ‍්හි බීජං බීජත්‍ථාය න උපකප‍්පති. සුඛසයිතානීති චත‍්තාරො මාසෙ කොට‍්ඨෙ පක‍්ඛිත‍්තනියාමෙනෙව සුඛං සයිතානි. පථවීති හෙට‍්ඨා පතිට‍්ඨානපථවී. ආපොති උපරිස‍්නෙහනආපො. චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියොති කම‍්මවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණභූතා රූපාදයො චත‍්තාරො ඛන්‍ධා. තෙ හි ආරම‍්මණවසෙන පතිට‍්ඨාභූතත‍්තා පථවීධාතුසදිසා. නන්‍දිරාගො සිනෙහනට‍්ඨෙන ආපොධාතුසදිසො. විඤ‍්ඤාණං සාහාරන‍්ති සප‍්පච‍්චයං කම‍්මවිඤ‍්ඤාණං. තඤ‍්හි බීජං විය පථවියං ආරම‍්මණපථවියං විරුහති.

දෙවන සූත්‍රයේ - “බීජාජාතානි” යනු බීජයෝය. “මූලබීජං” යනු වදකහ, කහ, ඉඟුරු ආදියයි. “ඛන්‍ධබීජං” යනු ඇසතු-නුග ආදියයි. “එළුබීජං” යනු උක්, උණ, බට ආදියයි. “අග්ගබීජං” යනු කුඹුක්-මුරුවා ගස් ආදිය. “බීජ බීජං” යනු හැල්-වී ආදී පුබ්බන්න ධාන්‍ය හා මු-මෑ ආදී අපරන්න ධාන්‍ය වර්ගයන්ය. “අඛණ්ඩානි” යනු නොබිඳුණා වූ ඒවායි. බිඳුණු කාලයේ පටන් බීජයත්, බීජ සඳහා සුදුසු නොවේ. “අපූතිකානී” යනු ජලය වැටීම් ආදියෙන් නොතෙමුණු ඒවායි. කුණු වූ බීජයන්ද බීජ ලෙස යෙදීමට සුදුසු නොවේ. “අවතාතපහතානි” යනු සුළඟින් ද අව්වෙන් ද නො නැසුණු, ඕජස් නැති බවට පත් නොවූ යනුයි. ඕජස් රහිත කසට බීජයන් ද බීජ ලෙස නොයොදයි. “සාරාදානි” යනු ගන්නා ලද සාරවත් භාවය ඇති. පිහිටි සාරය ඇති යනුයි. නිසරු බීජ, බීජ සංඛ්‍යාවෙහි ලා නොසැලකේ. “සාඛසියිතානි” යනු තුන්-සතර මාසයක් කොටුවෙහි තබා ආරක්‍ෂා කිරීමෙන් සුවසේ තැබූ යනුයි. “පඨවි” යට පිහිටන බැවින් පඨවි නම් වූ, “ආපො” මතුපිට තෙත්කරන වතුර (ජලය). “චතස්සො විඤ්ඤාණට්ඨිතියො” යනු කර්ම විඥානයට ආරම්මණ වූ රූපාදී සිවු ස්කන්‍ධයෝ ය. ඒවායෙහි අරමුණු වශයෙන් පිහිට වූ පඨවි ධාතුව සමාන වූ නන්දි රාගයයි. තෙත් කිරීම්-වැගිරීම් අර්ථයෙන් ආපෝ ධාතුව හා සමාන වූ. “විඤ්ඤාණං සාහාරං” යනු ප්‍රත්‍ය සහිත වූ කර්ම විඥානයයි. එය වනාහී පොළවේ වැඩෙන බීජ මෙන් අරමුණ නැමති පොළවෙහි වැඩේ. (වර්ධනය වේ.)

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. උදාන සුත‍්තවණ‍්ණනා

3. උදාන සූත්‍ර වර්ණනාව

තතියෙ උදානං උදානෙසීති බලවසොමනස‍්සසමුට‍්ඨානං උදානං උදාහරි. කිං නිස‍්සාය පනෙස භගවතො උප‍්පන‍්නොති. සාසනස‍්ස නිය්‍යානිකභාවං. කථං? එවං කිරස‍්ස අහොසි, “තයොමෙ උපනිස‍්සයා – දානූපනිස‍්සයො සීලූපනිස‍්සයො භාවනූපනිස‍්සයො චා”ති. තෙසු දානසීලූපනිස‍්සයා දුබ‍්බලා, භාවනූපනිස‍්සයො බලවා. දානසීලූපනිස‍්සයා හි තයො මග‍්ගෙ ච ඵලානි ච පාපෙන‍්ති, භාවනූපනිස‍්සයො අරහත‍්තං පාපෙති. ඉති දුබ‍්බලූපනිස‍්සයෙ පතිට‍්ඨිතො භික‍්ඛු ඝටෙන‍්තො වායමන‍්තො පඤ‍්චොරම‍්භාගියානි බන්‍ධනානි ඡෙත්‍වා තීණි මග‍්ගඵලානි නිබ‍්බත‍්තෙති, “අහො සාසනං නිය්‍යානික”න‍්ති ආවජ‍්ජෙන‍්තස‍්ස අයං උදපාදි.

තෙවන සූත්‍රයේ - “උදානං උදානෙසි” යනු බලවත් සොම්නස් බව හටගැනීමෙන් ප්‍රීතිවාක්‍යයක් පහළ කල සේක යනුයි. කුමක් නිසා මෙසේ ප්‍රීතියක් බුදුපියාණන්ට ඇති වූ සේක්ද? සසුනේ නෛර්යාණික බව නිසයි. කෙසේද? මෙසේ උන්වහන්සේට සිත්විය. මේ සසුනෙහි මූලාධාරයෝ තුනකි. දානය, සීලය, භාවනාව යන උපනිශ්‍රය සම්පත් තුනයි. ඒ තුන අතුරින් දාන උපනිශ්‍රය සම්පත්තිය දුර්වලය භාවනා උපනිශ්‍රය සම්පත්තිය ප්‍රබලය. දාන හා සීල උපනිශ්‍රය සම්පත් දෙකින් ත්‍රිවිධ මාර්ගයන්ට හා ඵලයන්ට පැමිණේ. භාවනා උපනිශ්‍රය සම්පත්තියෙන් රහත් බවට පත්වේ. මෙසේ දුර්වල උපනිශ්‍රයෙහි පිහිටි භික්‍ෂුව උත්සාහ කරනුයේ වෑයම් කරනුයේ පඤ්ච ඕරම්භාගිය බන්‍ධනයන් සිඳ තුන්මාර්ග ඵල උපදවයි. අහෝ! නෛර්යාණික සසුනේ බලමහිමය පුදුමයි.” ආවර්ජනය කරන්නාට මෙසේ සිත් පහළ වේ.

තත්‍ථ “දුබ‍්බලූපනිස‍්සයෙ ඨත්‍වා ඝටමානො තීණි මග‍්ගඵලානි පාපුණාතී”ති ඉමස‍්සත්‍ථස‍්සාවිභාවනත්‍ථං මිලකත්‍ථෙරස‍්ස වත්‍ථු වෙදිතබ‍්බං –

එහි දුර්වල උපනිශ්‍රයක හිඳ වෑයම් කරන්නාට ත්‍රිවිධ මාර්ග ඵලයන්ට පැමිණේ. මේ අර්ථය දැක්වීමට මිලක්ඛ තෙරුන්ගේ කථාවස්තුව දැක්විය යුතුය.

සො කිර ගිහිකාලෙ පාණාතිපාතකම‍්මෙන ජීවිකං කප‍්පෙන‍්තො අරඤ‍්ඤෙ පාසසතඤ‍්චෙව අදූහලසතඤ‍්ච යොජෙසි. අථෙකදිවසං අඞ‍්ගාරපක‍්කමංසං ඛාදිත්‍වා පාසට‍්ඨානෙසු විචරන‍්තො පිපාසාභිභූතො එකස‍්ස අරඤ‍්ඤවාසිත්‍ථෙරස‍්ස විහාරං ගන‍්ත්‍වා ථෙරස‍්ස චඞ‍්කමන‍්තස‍්ස අවිදූරෙ ඨිතං පානීයඝටං විවරි, හත්‍ථතෙමනමත‍්තම‍්පි උදකං නාද‍්දස. සො කුජ‍්ඣිත්‍වා ආහ – “භික‍්ඛු, භික‍්ඛු තුම‍්හෙ ගහපතිකෙහි දින‍්නං භුඤ‍්ජිත්‍වා භුඤ‍්ජිත්‍වා සුපථ, පානීයඝටෙ අඤ‍්ජලිමත‍්තම‍්පි උදකං න ඨපෙථ, න යුත‍්තමෙත”න‍්ති. ථෙරො “මයා පානීයඝටො පූරෙත්‍වා ඨපිතො, කිං නු ඛො එත”න‍්ති? ගන‍්ත්‍වා ඔලොකෙන‍්තො පරිපුණ‍්ණඝටං දිස‍්වා පානීයසඞ‍්ඛං පූරෙත්‍වා අදාසි. සො ද‍්වත‍්තිසඞ‍්ඛපූරං පිවිත්‍වා චින‍්තෙසි – “එවං පූරිතඝටො නාම මම කම‍්මං ආගම‍්ම තත‍්තකපාලො විය ජාතො. කිං නු ඛො අනාගතෙ අත‍්තභාවෙ භවිස‍්සතී”ති? සංවිග‍්ගචිත‍්තො ධනුං ඡඩ‍්ඩෙත්‍වා, “පබ‍්බාජෙථ මං, භන‍්තෙ”ති ආහ. ථෙරො තචපඤ‍්චකකම‍්මට‍්ඨානං ආචික‍්ඛිත්‍වා තං පබ‍්බාජෙසි.

උන්වහන්සේ ගිහිකල ප්‍රාණඝාතාදී කර්මවලින් ජීවිතය ගෙනයනුයේ කැළයේ උගුල් සීයක්ද මොහොල් සීයක්ද යෙදවූහ. එක්දිනක් අඟුරුවලින් පිළිස්සු මස් කා, උගුල් ඇටවූ තැන්වල හැසිරෙනුයේ දැඩි පිපාසාවක් ඇතිවිය. එක් ආරණ්‍ය තෙර නමක් වසන විහාරයකට ගොස් තෙරුන් සක්මන් කරන තැනට නුදුරෙහි සිට පැන්කළය විවර කළේය. අත් තෙමාගැනීම් පමණවත් දිය ඇතිබවක් නොපෙනුණි. ඔහු කිපී මෙසේ කීය. “මහණ! මහණ! නුඹලා ගහපතියන් විසින් දෙන දේ කමින් නිදාගනිවු. පැන් කළයෙහි ඇඟිල්ලක් පමණවත් ජලය නොතබමු. මෙය සුදුසු නොවේ”යි බැණවැදුණි. තෙරුන් වහන්සේ “මවිසින් දැන් පැන් කළය පුරවා තැබුවෙමි. මොහු කියන්නේ මොනවාද?”යි පවසමින් ගොස් බැලූසේක් පිරුණු කළය දැක දඩයම්කරුට පැන් දෝතක් පුරවා දුන්නේය. ඔහු දෙතුන් දෝතක් පුරවා පැන්බී මෙසේ සිතීය. “මෙසේ දියපිරි කළය පවා මාගේ පාපකර්මයන් පැමිණ රත්වූ කබලක් මෙන් මට වේදනා දෙයි. අනාගතයේදී මගේ ආත්මභාවයට කුමකින් කුමක් වේද?”යි කළකිරීමට පත්ව දුන්න විසිකර “ස්වාමීනි, මා පැවිදි කරන සේක්වා!”යි ඉල්වීය. තෙරුන් වහන්සේ තච පංචක කමටහන කියවා ඔහු පැවිදි කළ සේක.

තස‍්ස සමණධම‍්මං කරොන‍්තස‍්ස බහූනං මිගසූකරානං මාරිතට‍්ඨානං පාසඅදූහලානඤ‍්ච යොජිතට‍්ඨානං උපට‍්ඨාති. තං අනුස‍්සරතො සරීරෙ දාහො උප‍්පජ‍්ජති, කූටගොණො විය කම‍්මට‍්ඨානම‍්පි වීථිං න පටිපජ‍්ජති. සො “කිං කරිස‍්සාමි භික‍්ඛුභාවෙනා”ති ? අනභිරතියා පීළිතො ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා ආහ – “න සක‍්කොමි, භන‍්තෙ, සමණධම‍්මං කාතු”න‍්ති. අථ නං ථෙරො “හත්‍ථකම‍්මං කරොහී”ති ආහ. සො “සාධු, භන‍්තෙ”ති වත්‍වා උදුම‍්බරාදයො අල‍්ලරුක‍්ඛෙ ඡින්‍දිත්‍වා මහන‍්තං රාසිං කත්‍වා, “ඉදානි කිං කරොමී”ති පුච‍්ඡි? ඣාපෙහි නන‍්ති. සො චතූසු දිසාසු අග‍්ගිං දත්‍වා ඣාපෙතුං අසක‍්කොන‍්තො, “භන‍්තෙ, න සක‍්කොමී”ති ආහ. ථෙරො “තෙන හි අපෙහී”ති පථවිං ද‍්විධා කත්‍වා අවීචිතො ඛජ‍්ජොපනකමත‍්තං අග‍්ගිං නීහරිත්‍වා තත්‍ථ පක‍්ඛිපි. සො තාව මහන‍්තං රාසිං සුක‍්ඛපණ‍්ණං විය ඛණෙන ඣාපෙසි. අථස‍්ස ථෙරො අවීචිං දස‍්සෙත්‍වා, “සචෙ විබ‍්භමිස‍්සසි, එත්‍ථ පච‍්චිස‍්සසී”ති සංවෙගං ජනෙසි. සො අවීචිදස‍්සනතො පට‍්ඨාය පවෙධමානො “නිය්‍යානිකං, භන‍්තෙ, බුද‍්ධසාසන”න‍්ති පුච‍්ඡි, ආමාවුසොති. භන‍්තෙ, බුද‍්ධසාසනස‍්ස නිය්‍යානිකත‍්තෙ සති මිලකො අත‍්තමොක‍්ඛං කරිස‍්සති, මා චින‍්තයිත්‍ථාති. තතො පට‍්ඨාය සමණධම‍්මං කරොති ඝටෙති, තස‍්ස වත‍්තපටිවත‍්තං පූරෙති, නිද‍්දාය බාධයමානාය තින‍්තං පලාලං සීසෙ ඨපෙත්‍වා පාදෙ සොණ‍්ඩියං ඔතාරෙත්‍වා නිසීදති. සො එකදිවසං පානීයං පරිස‍්සාවෙත්‍වා ඝටං ඌරුම‍්හි ඨපෙත්‍වා උදකමණිකානං පච‍්ඡෙදං ආගමයමානො අට‍්ඨාසි. අථ ඛො ථෙරො සාමණෙරස‍්ස ඉමං උද‍්දෙසං දෙති –

ඔහු මහණදම් පුරනවිට බොහෝ මුව ඌරෝ මැරූ තැන්වල උගුල්-මොහොල් ආදී යොදන ලද ආයුධ සිහිවේ. එය සිහිකරන උන්වහන්සේගේ සිරුරින් ඩාබිඳු වැගිරේ. කුළු ගොනෙක් මෙන් කමටහනෙහි සිත නොපිහිටයි. ඔහු “දැන් මේ මහණකමින් කුමක් කරන්නෙම්ද?”යි පැවිද්දෙහි නො ඇලුණු සිත් ඇතිව වේදනාවෙන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් වැඳ “ස්වාමීනි! මම මහණදම් කිරීමට අසමත් වෙමි”යි පැවසීය. එවිට ඔහුට “දැන් හස්ත කර්මාන්ත කරව”යි තෙරුන් වහන්සේ පැවසූහ. ඔහු “ස්වාමීනි! මැනව” යි කියා ඉඹුල් ආදී අමු ගස් සිඳ ගොඩ ගසා “දැන් කුමක් කරම්ද?”යි ඇසීය. “ඒවා දවන්න”යි තෙරහු වදාළහ. ඔහු හතරවටින්ම අමු ඉඹුල් දරගොඩ දැවීමට උත්සාහ කර අසමත් වී තෙරුන්ට ඒ බව දැන්වීය. තෙරුන් වහන්සේ එවිට “එසේනම් ඉවත්වෙන්න”යි පවසා මහපොළව දෙබෑ කර අවීචියෙන් කණාමැදිරියෙක් පමණ වූ ගිනි සිලුවක් රැගෙන ඒ ඉඹුල් දරගොඩට දැමූහ. එවිට ක්‍ෂණයකින් වියලි කොළ ගොඩක් මෙන් දරගොඩ දැවී ගියේය. තෙරුන් වහන්සේ පාපී භික්‍ෂුවට අවීචියේ බරපතලකම පෙන්වා “ඉදින් සිවුරු හැරයන්නේ නම් මෙහි පැසෙන්නේයැ”යි සංවේග ඉපිදවීය. එම පවිටු භික්‍ෂුව අවීචිය දැකීමේ පටන් කම්පාවූයේ “ස්වාමීනි! බුදුසසුන නෛර්යාණිකද?”යි විමසීය. “ඇවැත්නි, එසේය.” “ස්වාමීනි! යහපති. බුදුසසුන සසරින් නිදහස ගෙන දෙන්නක් නම් මිලක්ඛය! ආත්ම මෝක්‍ෂය කරන්නේය. සිවුරු හැරීම ගැන නොසිතව”යි එතැන් පටන් මහණදම් පුරයි. වෑයම් කරයි. වත්පිළිවෙත් කරයි. නිදිමතින් බාධා ඇතිකරන විට තෙත් වූ පිදුරු මිටියක් හිස තබාගෙන පා ගල් පොකුණක දමා හිඳියි. ඔහු එක්දිනක් පැන් පෙරා, කළය කලවයෙහි තබාගෙන, දිය දමන මහසැළියේ දිය බිඳී බිඳී යෑම බලමින් සිටියේය. එවිටම තෙරුන් වහන්සේ එම සාමණේරයාට ඇසෙන සේ මේ ගාථාව පැවසූහ.

“උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො සඤ්ඤතස්ස ච ධම්මජීවිනො අප්පමත්තස්ස යසොභිවඩ්ඪතී”

“උට‍්ඨානවතො සතීමතො, සුචිකම‍්මස‍්ස නිසම‍්මකාරිනො; සඤ‍්ඤතස‍්ස ධම‍්මජීවිනො, අප‍්පමත‍්තස‍්ස යසොභිවඩ‍්ඪතී”ති. (ධ· ප· 24);

“නොපසුබට විරියෙන් - හා එළඹසිටි සිහියෙන් නිදොස් වූ කිරියෙන් - හික්මුණු කය වචනයෙන්. දිවිගෙවන දැහැමින් - නොපමා බැවින් යුතු වූ ඒ තැනැත්තහුගේ - යස රැස වැඩේ හැමදා”

සො චතුප‍්පදිකම‍්පි තං ගාථං අත‍්තනියෙව උපනෙසි – “උට‍්ඨානවතා නාම මාදිසෙන භවිතබ‍්බං. සතිමතාපි මාදිසෙනෙව…පෙ… අප‍්පමත‍්තෙනපි මාදිසෙනෙව භවිතබ‍්බ”න‍්ති. එවං තං ගාථං අත‍්තනි උපනෙත්‍වා තස‍්මිංයෙව පදවාරෙ ඨිතො පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි ඡින්‍දිත්‍වා අනාගාමිඵලෙ පතිට‍්ඨාය හට‍්ඨතුට‍්ඨො –

උන්වහන්සේ මේ ගාථාවේ පද සතර තමා කෙරෙහිම ආරෝපණය කරගත්හ. උත්සාහවන්තයා (උට්ඨානවතො) නම් මා වැන්නකු විය යුතුයි. සිහිය ඇත්තා ආදී වශයෙන් අප්‍රමාදී පුද්ගලයා දක්වා කීවේත් මා සඳහාමය. මෙසේ ඒ ගාථාවේ අර්ථය තමාට ම පැවසුවක් ලෙස සලකා තමාට ම අවවාද දෙමින්, එම අවවාදයන්හිම පිහිටි සේක්, පසක් වූ ඕරම්භාගිය සංයෝජන සිඳදමා අනාගාමී ඵලයෙහි පිහිටි සේක. ඉන් හටගත් සතුට ඇත්තේ,

අලලං පළාල පුඤ්ජාභං සීසෙනාදාය චංකමිං පත්තොස්මි තතියං ඨානං, එත්‍ථ මෙ නත්‍ථි සංසයො

“අල‍්ලං පලාලපුඤ‍්ජාහං, සීසෙනාදාය චඞ‍්කමිං; පත‍්තොස‍්මි තතියං ඨානං, එත්‍ථ මෙ නත්‍ථි සංසයො”ති. –

“තෙත් වූ පිදුරු මිටියක් විසින් ගෙන මම හැසුරුනෙමි. පත් වූයෙමි තෙවැනි තැනට - නොමැත කිසිදු සැකයක් මට.”

ඉමං උදානගාථං ආහ.

යන මේ ප්‍රීති වාක්‍ය පහළ කළ සේක.

එවං දුබ‍්බලූපනිස‍්සයෙ ඨිතො ඝටෙන‍්තො වායමන‍්තො පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි ඡින්‍දිත්‍වා තීණි මග‍්ගඵලානි නිබ‍්බත‍්තෙති. තෙනාහ භගවා – “නො චස‍්සං, නො ච මෙ සියා, නාභවිස‍්ස, න මෙ භවිස‍්සතීති එවං අධිමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍ය ඔරම‍්භාගියානි සංයොජනානී”ති.

මෙසේ දුර්වල උපනිශ්‍රයෙහි පිහිටා ගැටෙමින්-වෑයම් කරමින් පහක් ඕරම්භාගිය සංයෝජන සිඳ දමයි. ත්‍රිවිධ මගඵල උපදවයි. එනිසා බුදුහු මෙසේ වදාළහ. “මම පෙර නොවීම් නම් මට අතීත කර්ම රැස්කිරීම් නොවීම් නම් මතු ස්කන්‍ධ පහළ කිරීමක් මට නැත. මෙසේ නිශ්චයට පැමිණි භික්‍ෂුව ඕරම්භාගිය සංයෝජනයන් සිඳින්නේය.”

තත්‍ථ නො චස‍්සං, නො ච මෙ සියාති සචෙ අහං න භවෙය්‍යං, මම පරික‍්ඛාරොපි න භවෙය්‍ය. සචෙ වා පන මෙ අතීතෙ කම‍්මාභිසඞ‍්ඛාරො නාභවිස‍්ස, ඉදං මෙ එතරහි ඛන්‍ධපඤ‍්චකං න භවෙය්‍ය. නාභවිස‍්ස, න මෙ භවිස‍්සතීති ඉදානි පන තථා පරක‍්කමිස‍්සාමි, යථා මෙ ආයතිං ඛන්‍ධාභිනිබ‍්බත‍්තකො කම‍්මසඞ‍්ඛාරො න භවිස‍්සති, තස‍්මිං අසති ආයතිං පටිසන්‍ධි නාම න මෙ භවිස‍්සති. එවං අධිමුච‍්චමානොති එවං අධිමුච‍්චන‍්තො භික‍්ඛු දුබ‍්බලූපනිස‍්සයෙ ඨිතො පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි ඡින්‍දෙය්‍ය.

එහි “නො ච මෙ සියා” යනු ඉදින් මම නොවන්නේ නම්; ඉදින් මට ඉක්ම වූ කර්මාභිසංස්කාරයන් නොවූයෙම් නම් මේ මගේ දැන් පවතින ස්කන්‍ධ පංචකය (පස) නොවන්නේය යනුයි. “න භවිස්සති ත මෙ භවිස්සති” යනු දැන් එසේ උත්සාහ කරන්නෙමි. යම්සේ මට අනාගත ස්කන්‍ධ උපදවන කර්ම රැස්කිරීම් නොවන්නේ ද එය ඇතිකල්හි මට අනාගත ප්‍රතිසන්‍ධියක් නම් නොවන්නේය යනුයි. “එවං විමුච්චමානො” යනු මෙසේ ස්ථිර සේ පිහිටන භික්‍ෂුව දුර්වල උපනිශ්‍රයෙහි පිහිටියේ පංච ඕරම්භාගිය සංයෝජනයන් සිඳින්නේය යනුයි.

එවං වුත‍්තෙති එවං සාසනස‍්ස නිය්‍යානිකභාවං ආවජ‍්ජෙන‍්තෙන භගවතා ඉමස‍්මිං උදානෙ වුත‍්තෙ. රූපං විභවිස‍්සතීති රූපං භිජ‍්ජිස‍්සති. රූපස‍්ස විභවාති විභවදස‍්සනෙන සහවිපස‍්සනෙන. සහවිපස‍්සනකා හි චත‍්තාරො මග‍්ගා රූපාදීනං විභවදස‍්සනං නාම. තං සන්‍ධායෙතං වුත‍්තං. එවං අධිමුච‍්චමානො, භන‍්තෙ, භික‍්ඛු ඡින්‍දෙය්‍යාති, භන‍්තෙ, එවං අධිමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යෙව පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි. කස‍්මා න ඡින්‍දිස‍්සතීති?

“එවං වුත්තෙ” යනු මෙසේ සසුනේ ඇති සසරින් මිදීම ගෙනදෙන බව සිහිපත් කරන බුදුරජාණන් වහන්සේ විසින් මේ උදානය පහළකල කල්හිය. “රූපං භවිස්සති” යනු රූපය බිඳෙන්නේය යනුයි. “රූපස්ස විභවා” යනු භව විනාශය දැකීමෙන් සහ විදර්ශනා වැඩීමෙන්, විදසුන් සහිතව සිවුමග රූපාදීන්ගේ බිඳීයාම දැක්වීමයි. ඒ සඳහා මෙය කියන ලදී. “එවං විමුච්චමානො භන්තෙ භික්ඛූ ජින්‍දෙය්‍ය” ස්වාමීනි මෙසේ ස්ථිරව පිහිටි භික්‍ෂුව පස් ඕරම්භාගිය සංයෝජන සිඳින්නේමය. කුමක් නිසා නොසිඳෙන්නේ ද?

ඉදානි උපරි මග‍්ගඵලං පුච‍්ඡන‍්තො කථං පන, භන‍්තෙතිආදිමාහ. තත්‍ථ අනන‍්තරාති ද‍්වෙ අනන‍්තරානි ආසන‍්නානන‍්තරඤ‍්ච දූරානන‍්තරඤ‍්ච. විපස‍්සනා මග‍්ගස‍්ස ආසන‍්නානන‍්තරං නාම, ඵලස‍්ස දූරානන‍්තරං නාම. තං සන්‍ධාය “කථං පන, භන‍්තෙ, ජානතො කථං පස‍්සතො විපස‍්සනානන‍්තරා ‘ආසවානං ඛයො’ති සඞ‍්ඛං ගතං අරහත‍්තඵලං හොතී”ති පුච‍්ඡති. අතසිතායෙති අතසිතබ‍්බෙ අභායිතබ‍්බෙ ඨානම‍්හි. තාසං ආපජ‍්ජතීති භයං ආපජ‍්ජති. තාසො හෙසොති යා එසා “නො චස‍්සං, නො ච මෙ සියා”ති එවං පවත‍්තා දුබ‍්බලවිපස‍්සනා, සා යස‍්මා අත‍්තසිනෙහං පරියාදාතුං න සක‍්කොති, තස‍්මා අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස තාසො නාම හොති. සො හි “ඉදානාහං උච‍්ඡිජ‍්ජිස‍්සාමි, න දානි කිඤ‍්චි භවිස‍්සාමී”ති අත‍්තානං පපාතෙ පතන‍්තං විය පස‍්සති අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො විය.

දැන් මතු මගඵල විමසන සේක්, “කථං පන භන්තෙ” යනාදිය වදාළහ. එහි “අනන්තරා” යනු අන්තර දෙකකි. විදර්ශනා මාර්ගයට ආසන්න වූ අනන්තරය (අතරක් නැති) සහ ඵලයට දුර වූ අනන්තරය යනුවෙනි. ඒ සඳහා “ස්වාමීනි! කෙසේ දන්නා තැනැත්තාට කෙසේ දකින තැනැත්තාට විදර්ශනාවට අනතුරුව “ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීම” නම් වූ අර්හත්ඵලය වන්නේද?”යි විචාරයි. “අතසිතායෙ” යනු ත්‍රස්ත නොවිය යුතු තැන, බිය නොවිය යුතු තැන යනුයි. “තාසං ආපජ්ජති” යනු බියට තැති ගැනීමට පැමිණේ යනුයි. “තාසො හෙසා” යනු යම් ඒ “ඉදින් මම් නොවීම් නම් මට අතීත කර්ම රැස්කිරීමක් නොවීනම්” යනුවෙන් පවතින දුර්වල විදර්ශනාවයි. දුර්වල විදර්ශනාව වනාහී යම් හෙයකින් ආත්ම ස්නේහය සම්පූර්ණයෙන් ගැනීමට නොහැකි වන්නේද? එහෙයින් අශ්‍රැතවත් පුහුදුන් පුද්ගලයාට ත්‍රාසය ඇතිවේ. ඔහු වනාහී “දැන් මම සිඳෙන්නේය. මතු කිසිවක් නොවන්නේය.” යනුවෙන් එක්තරා බමුණෙක් මෙන් තමා ප්‍රපාතයේ වැටෙන්නෙක් මෙන් දකියි.

ලොහපාසාදස‍්ස කිර හෙට‍්ඨා තිපිටකචූළනාගත්‍ථෙරො තිලක‍්ඛණාහතං ධම‍්මං පරිවත‍්තෙති. අථ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස එකමන‍්තෙ ඨත්‍වා ධම‍්මං සුණන‍්තස‍්ස සඞ‍්ඛාරා සුඤ‍්ඤතො උපට‍්ඨහිංසු. සො පපාතෙ පතන‍්තො විය හුත්‍වා විවටද‍්වාරෙන තතො පලායිත්‍වා ගෙහං පවිසිත්‍වා, පුත‍්තං උරෙ සයාපෙත්‍වා, “තාත, සක්‍යසමයං ආවජ‍්ජෙන‍්තො මනම‍්හි නට‍්ඨො”ති ආහ.

ලෝවාමහ ප්‍රාසාදයේ යට මහලක සිට ත්‍රිපිටක චූලනාග ස්ථවිරයෝ ත්‍රිලක්‍ෂණයන්ගෙන් යුක්ත ධර්මය සිංහලට නැගූහ. ඉක්බිති එක්තරා බමුණෙක් එකත්පසෙක සිට එම ධර්මය අසන්නේ සංස්කාරයන් ශුන්‍ය වශයෙන් වැටහුණි. ඔහු ප්‍රපාතයෙන් වැටුනකු මෙන් වී, හැර තිබූ දොරින් තම ගෙදරට පලාගොස්, තම පුතු උරෙහි නිදිකරවා “පුතේ! ශාක්‍යයන් වහන්සේගේ දහම සිහිකරන්නා වූ මම නැසුනෙමි”යි කීවේය.

න හෙසො භික‍්ඛු තාසොති එසා එවං පවත‍්තා බලවවිපස‍්සනා සුතවතො අරියසාවකස‍්ස න තාසො නාම හොති. න හි තස‍්ස එවං හොති “අහං උච‍්ඡිජ‍්ජිස‍්සාමී”ති වා “විනස‍්සිස‍්සාමී”ති වාති. එවං පන හොති “සඞ‍්ඛාරාව උප‍්පජ‍්ජන‍්ති, සඞ‍්ඛාරාව නිරුජ‍්ඣන‍්තී”ති.

“න හෙසා භික්ඛූ තාසො” යනු මෙසේ පවතින බලවත් වූ විදර්ශනාව නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ත්‍රාසයක්-බියක් නොමැත. ඔහුට මෙසේ නොසිතේ. “මම සිඳින්නෙම් හෝ වැනසෙන්නෙම් හෝ මැනවි” යනුවෙන් නොසිතෙයි. ඔහුට “සංස්කාරයෝම උපදිති. සංස්කාරයෝම නැතිවෙති” යි යන හැඟීම ඇතිවේ.

තතියං.

තෙවන සුත්‍රයයි.

4. උපාදාන පරිවත‍්ත සුත‍්තවණ‍්ණනා

4. උපාදාන පරිවත්ත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ චතුපරිවට‍්ටන‍්ති එකෙකස‍්මිං ඛන්‍ධෙ චතුන‍්නං පරිවට‍්ටනවසෙන. රූපං අබ‍්භඤ‍්ඤාසින‍්ති රූපං දුක‍්ඛසච‍්චන‍්ති අභිඤ‍්ඤාසිං. එවං සබ‍්බපදෙසු චතුසච‍්චවසෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. ආහාරසමුදයාති එත්‍ථ සච‍්ඡන්‍දරාගො කබළීකාරාහාරො ආහාරො නාම. පටිපන‍්නාති සීලතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා පටිපන‍්නා හොන‍්ති. ගාධන‍්තීති පතිට‍්ඨහන‍්ති. එත‍්තාවතා සෙක‍්ඛභූමිං කථෙත්‍වා ඉදානි අසෙක‍්ඛභූමිං කථෙන‍්තො යෙ ච ඛො කෙචි, භික‍්ඛවෙතිආදිමාහ. සුවිමුත‍්තාති අරහත‍්තඵලවිමුත‍්තියා සුට‍්ඨු විමුත‍්තා. කෙවලිනොති සකලිනො කතසබ‍්බකිච‍්චා. වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනායාති යෙන තෙ අවසිට‍්ඨෙන වට‍්ටෙන පඤ‍්ඤාපෙය්‍යුං, තං නෙසං වට‍්ටං නත්‍ථි පඤ‍්ඤාපනාය. අථ වා වට‍්ටන‍්ති කාරණං, පඤ‍්ඤාපනාය කාරණං නත්‍ථීති. එත‍්තාවතා අසෙක‍්ඛභූමිවාරො කථිතො.

සිවුවන සූත්‍රයේ - “චතුපරිවත්තං” යනු එක් එක් ස්කන්‍ධයක් සතර සතර බැගින් වූ පෙරලීම් වශයෙනි. “රූපං අබ්භඤ්ඤාසිං” යනු රූපය දුක්ඛ සත්‍යයයැයි අවබෝධ කළෙමි යනුයි. මෙසේ සියලු පදයන්හි චතුරාර්ය සත්‍ය වශයෙන් අර්ථය දතයුතුයි. “ආහාර සමුදයා” යනු මෙහි ස්වච්ඡන්‍ද රාග සහිත වූ කබලිංකාර ආහාරය ‘ආහාරය’ නම් වේ. “පටිපන්නා” යනු සීලයේ පටන් අර්හත් මාර්ගය දක්වා පිළිපන්නෝ වෙති යනුයි. “ගාධන්ත” යනු පිහිටුවති. මෙපමණකින් සේඛ භූමිය දක්වා, දැන් අසේඛ භූමිය දේශනා කරන සේක් - “යෙ ච ඛො කෙචි භික්ඛවෙ” යනාදිය දෙසූහ. “සුවිමුත්තා” යනු අර්හත් ඵල විමුක්තියෙන් වහා මිදුණු යනුයි. “කෙවලිනො” යනු කටයුතු නිමවූ යනුයි. කරන ලද සියලු කටයුතු ඇති. “වට්ටං තෙසං නත්‍ථි පඤ්ඤාපනාය” යනු ඔවුන්ට ඉතිරි වූ සසර පැවැත්මක් දැක්වීමට නොහැක. ඔවුහු සසර පැවැත්ම සිඳ දමන ලදැයි යන අර්ථයයි. නැතහොත් වර්තයක්, පැවැත්මක් යැයි දැක්විය කරුණක් ඔවුන්ට නැත. මෙපමණකින් අසේඛ භූමිවාරය කියන ලදී.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. සත‍්තට‍්ඨාන සුත‍්තවණ‍්ණනා

5. සත්තට්ඨාන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සත‍්තට‍්ඨානකුසලොති සත‍්තසු ඔකාසෙසු ඡෙකො. වුසිතවාති වුසිතවාසො. උත‍්තමපුරිසොති සෙට‍්ඨපුරිසො. සෙසමෙත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඉදං පන සුත‍්තං උස‍්සදනන්‍දියඤ‍්චෙව පලොභනීයඤ‍්චාති වෙදිතබ‍්බං. යථා හි රාජා විජිතසඞ‍්ගාමො සඞ‍්ගාමෙ විජයිනො යොධෙ උච‍්චට‍්ඨානෙ ඨපෙත්‍වා තෙසං සක‍්කාරං කරොති. කිං කාරණා? එතෙසං සක‍්කාරං දිස‍්වා සෙසාපි සූරා භවිතුං මඤ‍්ඤිස‍්සන‍්තීති, එවමෙව භගවා අප‍්පමෙය්‍යං කාලං පාරමියො පූරෙත්‍වා මහාබොධිමණ‍්ඩෙ කිලෙසමාරවිජයං කත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො සාවත්‍ථියං ජෙතවනමහාවිහාරෙ නිසීදිත්‍වා ඉමං සුත‍්තං දෙසෙන‍්තො ඛීණාසවෙ උක‍්ඛිපිත්‍වා ථොමෙසි වණ‍්ණෙසි. කිං කාරණා? එවං අවසෙසා සෙක‍්ඛපුග‍්ගලා අරහත‍්තඵලං පත‍්තබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තීති. එවමෙතං සුත‍්තං ඛීණාසවානං උක‍්ඛිපිත්‍වා පසංසිතත‍්තා උස‍්සදනන්‍දියං, සෙක‍්ඛානං පලොභිතත‍්තා පලොභනීයන‍්ති වෙදිතබ‍්බං.

පස්වන සූත්‍රයේ “සත්තට්ඨානකුසලො” යනු සත්වැදෑරුම් අවකාශයන්හි දක්‍ෂ වූ යනුයි. “වුසිතවා” යනු විසූ බඹසර ඇති යනුයි. “උත්තම පුරිසො” යනු ශ්‍රේෂ්ඨ පුරුෂයායි. සෙසු පදයන්ගේ විස්තර පෙර පැවසූ පරිදි දතයුතුයි. මේ සූත්‍රය වනාහී උත්සාහවත් කරන්නක් මෙන් ද පෙළඹවීම් ඇති කරන්නක් ලෙස ද දතයුතුයි. යම්සේ විජිත සංග්‍රාමය ජයගත් රජතුමා යෝධයන්ට උසස් තනතුරු දී ඔවුන්ට සත්කාර කරයි. කුමන කරුණක් නිසාද? මෙම සත්කාර දුටු සෙසු ජනයා ද ශූරයන් වීමට සිතන බැවිනි. ඊට උත්සාහවත් වන බැවිනි. මේ අයුරින්ම භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ කාලයක් පාරමී පුරා, මහබෝ මැඩදී කෙලෙස් මරුන් පරදා, සර්වඥත්ත්‍වයට පත්වූ සේක්, සැවැත්නුවර ජේතවන මහාවිහාරයෙහි වැඩහිඳිමින් මේ සූත්‍රය දේශනා කළ සේක. එහිදී රහතන් වහන්සේලා ඔසවා ස්තුති කළ සේක. වර්ණනා කළ සේක. කුමන කරුණක් නිසා ද? මෙසේ අවශේෂ පුද්ගලයෝද අර්හත්ඵලය ලබාගැනීමට යොමුවන උත්සාහවත් වන බැවිනි. මේ අයුරින් මේ සූත්‍රය රහතුන් වහන්සේ ඔසවා තබමින් ප්‍රශංසා කරන බැවින් උත්සාහවත් කරති. සේඛයන් පොළඹවන බැවින් (රහත්ඵලය ලබාගැනීමට) පෙළඹවීම් ඇතිකරන්නක් ද වේ යැයි දතයුතුයි.

එවං ඛො, භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්තට‍්ඨානකුසලො හොතීති එත‍්තාවතා චෙත්‍ථ මග‍්ගඵලපච‍්චවෙක‍්ඛණවසෙන දෙසනං නිට‍්ඨපෙත්‍වාපි පුන කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු තිවිධූපපරික‍්ඛී හොතීති ඉදං “ඛීණාසවො යස‍්මිං ආරම‍්මණෙ සතතවිහාරෙන විහරති, තං සත‍්තො වා පුග‍්ගලො වා න හොති, ධාතුආදිමත‍්තමෙව පන හොතී”ති එවං ඛීණාසවස‍්ස සතතවිහාරඤ‍්ච, “ඉමෙසු ධම‍්මෙසු කම‍්මං කත්‍වා අයං ආගතො”ති ආගමනීයපටිපදඤ‍්ච දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ ධාතුසො උපපරික‍්ඛතීති ධාතුසභාවෙන පස‍්සති ඔලොකෙති. සෙසපදද‍්වයෙපි එසෙව නයො.

“එවං භික්ඛවෙ භික්ඛූ සත්තට්ඨාන කුසලො හොති” යනු මෙපමණකින් මෙහි මාර්ගඵල ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් දේශනාව නිමවා නැවත යනුයි. “කථඤ්ච භික්ඛවෙ භික්ඛූ තිවිධූපපරික්ඛී හොති” යනු මේ රහතන් වහන්සේ යම් අරමුණක නිරන්තරව සිත පිහිටුවාගෙන වෙසේ නම් “එය සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් නොවේ. ධාතු ආදියේ පැවැත්ම පමණක් වේ” යැයි යනුවෙන් රහතන් වහන්සේ නිරන්තර විහරණයෙන් “මේ ධර්මයන්හි කර්මකොට මොහු පැමිණියේයැ” යි. පැමිණියා වූ පිළිවෙල ද දැක්වීමට කියන ලදී. එහි “ධාතුසො උපපරික්ඛති” යනු ධාතු ස්වභාවයෙන් බලයි. දකියි යනුයි. සෙසු දෙපදයෙහි අර්ථද මේ ක්‍රමයෙන්ම දතයුතුයි.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. සම‍්බුද‍්ධ සුත‍්තවණ‍්ණනා

6. සම්බුද්ධ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කො අධිප‍්පයාසොති කො අධිකපයොගො. අනුප‍්පන‍්නස‍්සාති ඉමඤ‍්හි මග‍්ගං කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධො උප‍්පාදෙසි, අන‍්තරා අඤ‍්ඤො සත්‍ථා උප‍්පාදෙතුං නාසක‍්ඛි, ඉති භගවා අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා නාම. නගරොපමස‍්මිඤ‍්හි අවළඤ‍්ජනට‍්ඨානෙසු පුරාණමග‍්ගො ජාතො, ඉධ අවත‍්තමානට‍්ඨෙන අනුප‍්පන‍්නමග‍්ගො නාම. අසඤ‍්ජාතස‍්සාති තස‍්සෙව වෙවචනං. අනක‍්ඛාතස‍්සාති අකථිතස‍්ස. මග‍්ගං ජානාතීති මග‍්ගඤ‍්ඤූ. මග‍්ගං විදිතං පාකටං අකාසීති මග‍්ගවිදූ. මග‍්ගෙ ච අමග‍්ගෙ ච කොවිදොති මග‍්ගකොවිදො. මග‍්ගානුගාති මග‍්ගං අනුගච‍්ඡන‍්තා. පච‍්ඡා සමන‍්නාගතාති අහං පඨමං ගතො, සාවකා පච‍්ඡා සමන‍්නාගතා.

සයවන සූත්‍රයේ “කො අධිප්පායො” යනු අධික වූ ප්‍රයෝග කවරේද යනුයි. “අනුප්පන්නස්ස” මේ මාර්ගය කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපිදවූහ. අනතුරුව වෙනත් ශාස්තෲවරයෙකුට ඉපිදවීමට නොහැකි විය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නූපන් මාර්ගය උපදවන්නාහු නම් වෙති. නගරයට සමාන වූ පරිහරණය නොකරන තැනක පිහිටි පැරණි මාර්ගයක් ඇතිවිය. එහි නොපවතින අර්ථයෙන් “නො ඉපදුණු මාර්ගය” නම් වේ. “අසඤ්ජාතස්ස” යනු ඊටම සමාන වදනකි. “අනක්ඛා තස්ස” යනු නොකියන ලද යනුයි. මාර්ගය දන්නේය යනු “මග්ගඤ්ඤු” නම් වේ. මාර්ගය දන්නා ලදී. ප්‍රකට කළේය යන අරුතින් “මග්ගවිදු” නම් වේ. මාර්ගයෙහිද අමාර්ගයෙහිද (මග නොමග දෙකෙහිම) දක්‍ෂ වූ යනු “මග්ගකොවිදො” නම් වේ. “මග්ගානුගා” යනු මාර්ගය අනුව යන්නා වූය. “පච්ඡාසමන්නාගතා” යනු මම පළමුව ගියේ ශ්‍රාවකයෝ පසුව යෙදී ගමන් කරති. වාසය කරති යනුයි.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. පඤ‍්චවග‍්ගිය සුත‍්තවණ‍්ණනා

7. පඤ්චවග්ගිය සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ පඤ‍්චවග‍්ගියෙති අඤ‍්ඤාසි කොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරාදිකෙ පඤ‍්ච ජනෙ පුරාණුපට‍්ඨාකෙ. ආමන‍්තෙසීති ආසාළ‍්හිපුණ‍්ණමදිවසෙ ධම‍්මචක‍්කප‍්පවත‍්තනතො පට‍්ඨාය අනුක‍්කමෙන සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතෙ “ඉදානි නෙසං ආසවක‍්ඛයාය ධම‍්මං දෙසෙස‍්සාමී”ති පඤ‍්චමියං පක‍්ඛස‍්ස ආමන‍්තෙසි. එතදවොචාති එතං “රූපං, භික‍්ඛවෙ, අනත‍්තා”තිආදිනයප‍්පවත‍්තං අනත‍්තලක‍්ඛණසුත‍්තං අවොච. තත්‍ථ අනත‍්තාති පුබ‍්බෙ වුත‍්තෙහි චතූහි කාරණෙහි අනත‍්තා. තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙති ඉදං කස‍්මා ආරද‍්ධං? එත‍්තකෙන ඨානෙන අනත‍්තලක‍්ඛණමෙව කථිතං, න අනිච‍්චදුක‍්ඛලක‍්ඛණානි, ඉදානි තානි දස‍්සෙත්‍වා සමොධානෙත්‍වා තීණිපි ලක‍්ඛණානි දස‍්සෙතුං ඉදමාරද‍්ධන‍්ති වෙදිතබ‍්බං. තස‍්මාති යස‍්මා ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා දුක‍්ඛා අනත‍්තා, තස‍්මා. යංකිඤ‍්චි රූපන‍්තිආදීසු විත්‍ථාරකථා විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ ඛන්‍ධනිද‍්දෙසෙ වුත‍්තාව. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තානුසාරෙනෙව වෙදිතබ‍්බං. ඉමස‍්මිං පන සුත‍්තෙ අනත‍්තලක‍්ඛණමෙව කථිතන‍්ති.

සත්වන සූත්‍රයේ - “පඤ්චවග්ගියෙ” යනු “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” ආදී පැරණි උපස්ථායකයන් වූ තෙරවරු පස්දෙනා වහන්සේ. “ආමන්තෙසි” යනු ඇසළ පුන් පොහෝදින දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පැවැත්වීමේ සිට අනුක්‍රමයෙන් සෝවාන් ඵලයෙහි පිහිටි කල්හි, දැන් මොවුන්ට ආශ්‍රවක්‍ෂය පිණිස ධර්මයක් දේශනා කරන්නෙමි”යි පස්වැනි දිනයෙහි එම භික්‍ෂූන් ඇමතු සේක. “එතදවොච” යනු මේ “මහණෙනි! රූපය අනාත්මය” ආදී වශයෙන් පැවැත්වූ අනන්ත ලක්ඛණ සූත්‍රය දේශනා කළ සේක යනුයි. එහි “අනත්තා” යනු පූර්වයෙන් පැවසූ සිවු කාරණයන්ගෙන් අනාත්මීය වේ යනුයි. “තං කිං මඤ්ඤථ භික්ඛවෙ” යන මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? මේ ස්ථානය දක්වා අනත්ත ලක්ඛණ සූත්‍රය දේශනා කරන ලදී. අනිත්‍ය-දුක්ඛ ලක්‍ෂණයන් නොවේ. දැන් ඒ අනිත්‍ය-දුක්ඛාදී ත්‍රිවිධ ලක්‍ෂණයම ගලපා දැක්වීමට මෙය ආරම්භ කරන ලදැයි දතයුතුයි. “තස්මා” යනු යම් හෙයකින් මේ පඤ්චස්කන්‍ධය ම අනිත්‍යය, දුක් සහගත හා අනාත්ම වූවක් වන්නේද එහෙයිනි. “යං කිඤ්චිරූපං” ආදියෙහි විස්තර කථාව විසුද්ධි මාර්ගයේ ප්‍රඥාභාවනාධිකාරයෙහි ඛන්‍ධ නිර්දේශයේ දැක්වේ. එය සෑමතැනම පවසා ඇති අයුරින් දතයුතුයි. මේ සූත්‍රයෙහි වනාහී අනන්ත ලක්‍ෂණය ම කියන ලදී.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. මහාලි සුත‍්තවණ‍්ණනා

8. මහාලි සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ එකන‍්තදුක‍්ඛන‍්තිආදීනි ධාතුසංයුත‍්තෙ වුත‍්තනයානෙව.

අටවන සූත්‍රයේ - “එකන්ත දුක්ඛං” ආදිය ධාතු සංයුත්තයේ කියූ ක්‍රමයෙන් දතයුතුයි.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9. ආදිත‍්ත සුත‍්තවණ‍්ණනා

9. ආදිත්ත සූත්‍ර වර්ණනාව

නවමෙ ආදිත‍්තන‍්ති එකාදසහි අග‍්ගීහි ආදිත‍්තං පජ‍්ජලිතං. ඉති ද‍්වීසුපි ඉමෙසු සුත‍්තෙසු දුක‍්ඛලක‍්ඛණමෙව කථිතං.

නවවන සූත්‍රයේ - “ආදිත්තං” යනු එකොළොස් ගින්නකින් දැවෙන, ඇවිලගත්. මෙසේ මේ සූත්‍ර දෙකෙහිම “දුක්ඛ” ලක්‍ෂණය ම කියන ලදී.

නවමං.

නවවන සූත්‍රය යි.

10. නිරුත‍්තිපථ සුත‍්තවණ‍්ණනා

10. නිරුක්තිපථ සූත්‍ර වර්ණනාව

දසමෙ නිරුත‍්තියොව නිරුත‍්තිපථා, අථ වා නිරුත‍්තියො ච තා නිරුත‍්තිවසෙන විඤ‍්ඤාතබ‍්බානං අත්‍ථානං පථත‍්තා පථා චාති නිරුත‍්තිපථා. සෙසපදද‍්වයෙපි එසෙව නයො. තීණිපි චෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙවාති වෙදිතබ‍්බානි. අසංකිණ‍්ණාති අවිජහිතා, “කො ඉමෙහි අත්‍ථො”ති වත්‍වා අඡඩ‍්ඩිතා. අසංකිණ‍්ණපුබ‍්බාති අතීතෙපි න ජහිතපුබ‍්බා. න සංකීයන‍්තීති එතරහිපි “කිමෙතෙහී”ති න ඡඩ‍්ඩීයන‍්ති. න සංකීයිස‍්සන‍්තීති අනාගතෙපි න ඡඩ‍්ඩීයිස‍්සන‍්ති. අප‍්පටිකුට‍්ඨාති අප‍්පටිබාහිතා. අතීතන‍්ති අත‍්තනො සභාවං භඞ‍්ගමෙව වා අතික‍්කන‍්තං. නිරුද‍්ධන‍්ති දෙසන‍්තරං අසඞ‍්කමිත්‍වා තත්‍ථෙව නිරුද‍්ධං වූපසන‍්තං. විපරිණතන‍්ති විපරිණාමං ගතං නට‍්ඨං. අජාතන‍්ති අනුප‍්පන‍්නං. අපාතුභූතන‍්ති අපාකටීභූතං.

දසවන සූත්‍රයේ - නිරුත්තිය ම “නිරුත්තිපථා” නැතහොත් - නිරුත්තිය ද ඒ නිරුත්ති වශයෙන් දැන්විය යුතු අර්ථයන්ගේ මාර්ගය බැවින් “පථ” යැයි “නිරුත්තිපථා” නම් වේ. සෙසු දෙපදය ද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. මේ පද තුනම අන්‍යෝන්‍ය වශයෙන් සමාන වචනයැයි දතයුතුයි. “අසංකිණ්ණා” යනු දුරු නොකළ, මේවායේ අර්ථ කවරේද? යි කියා අත්නොහළ යනුයි. “අසංකිණ්ණපුබ්බා” යනු අතීතයෙහිත් අත්නොහල විරූය. “නසංකීයන්ති” යනු මේවායින් කවර වැඩක්ද?යි අත් නොහරිති යනුයි. “න සංකියිස්සන්ති” යනු අනාගතයේද අත් නොහරින්නේය යනුයි. “අප්පතිකුට්ඨා” යනු නො වළක්වන ලද - ප්‍රතික්‍ෂේප නොකරන ලද යනුයි. “අතීතං” යනු තමාගේ ස්වභාවය භංග වූයේ ම යැයි ඉක්මවා ගිය යනුයි. “නිරුද්ධං” යනු වෙනත් දේශයකට නොයා එතැනම නිරුද්ධ වූ - සංසිඳුණු යනුයි. “විපරිණතං” යනු පරිණාමයට, වෙනස්වීමට ගිය, විනාශ වූ යනුයි. “අජාතං” යනු නූපන්නා වූ යනුයි. “අපාතුභුතං” යනු අප්‍රකට වූ යනුයි.

උක‍්කලාති උක‍්කලජනපදවාසිනො. වස‍්සභඤ‍්ඤාති වස‍්සො ච භඤ‍්ඤො ච. ද‍්වෙපි හි තෙ මූලදිට‍්ඨිගතිකා. අහෙතුකවාදාතිආදීසු “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො”ති ගහිතත‍්තා අහෙතුකවාදා. “කරොතො න කරීයති පාප”න‍්ති ගහිතත‍්තා අකිරියවාදා. “නත්‍ථි දින‍්න”න‍්තිආදිගහණතො නත්‍ථිකවාදා. තත්‍ථ ඉමෙ ද‍්වෙ ජනා, තිස‍්සො දිට‍්ඨියො, කිං එකෙකස‍්ස දියඩ‍්ඪා හොතීති? න තථා, යථා පන එකො භික‍්ඛු පටිපාටියා චත‍්තාරිපි ඣානානි නිබ‍්බත‍්තෙති, එවමෙත්‍ථ එකෙකො තිස‍්සොපි දිට‍්ඨියො නිබ‍්බත‍්තෙසීති වෙදිතබ‍්බො. “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො”ති පුනප‍්පුනං ආවජ‍්ජෙන‍්තස‍්ස ආහරන‍්තස‍්ස අභිනන්‍දන‍්තස‍්ස අස‍්සාදෙන‍්තස‍්ස මග‍්ගදස‍්සනං විය හොති. සො මිච‍්ඡත‍්තනියාමං ඔක‍්කමති, සො එකන‍්තකාළකොති වුච‍්චති. යථා පන අහෙතුකදිට‍්ඨියං, එවං “කරොතො න කරීයති පාපං, නත්‍ථි දින‍්න”න‍්ති ඉමෙසුපි ඨානෙසු මිච‍්ඡත‍්තනියාමං ඔක‍්කමති.

“උක්කලා” යනු උක්කල ජනපදවාසීහුය. “වසභඤ්ඤා” වස්සද භඤ්ඤ ද, ඒ දෙදෙන ම මූල දෘෂ්ටිගතිකයෝය - අහේතුකවාදී ආදියයි. හේතුවක්, ප්‍රත්‍යයක් නැතැයි ගත් බැවින් “අහේතුකවාදා” නම් වේ. කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. නොකලත් ප්‍රතිඵලයක් නැතැයි පාපී අදහස් ගත් බැවින් “අකිරියවාදා” නම් වේ. “දුන් දේහි විපාක නැත. ඵලයක් නැතැ”යි ආදී වශයෙන් ගන්නා ලද්දේ “නත්‍ථිකවාදා” නම් වේ. එහි මේ පුද්ගලයෝ දෙදෙනාට දෘෂ්ටි තුනක් විය. කිම එක් අයෙකුට දෘෂ්ටි එකහමාර බැගින් වූයේද? නැත. යම්සේ එක් භික්‍ෂුවක් පිළිවෙලින් සතර ධ්‍යානයන් උපදවන්නේ ද, ඒ අයුරින්ම එක් එක් පුද්ගලයා මේ ත්‍රිවිධ දෘෂ්ටිම ඉපිදවීයැයි දතයුතුයි. “හේතුවක්-ප්‍රත්‍යයක් නැතැ”යි නැවත නැවත සිහි කරන්නාට, ගෙනෙන්නාට, සතුටු වන්නාට, ආශ්වාදනය කරන්නාට මාර්ග දර්ශනය මෙන් වැටහේ. ඔහු බොරු නියාමයන්ට බැස ගනියි. ඔහු “ඒකාන්තකාළකයෙකි”යි කියයි. යම්සේ අහේතුක දෘෂ්ටියෙන් මෙසේ කරනුයේ පවු නොකරන්නේය. දුන් දෙයෙහි විපාක නැතැයි යන මේ තැන්හි මිසදිටු පිළිගැනීම්වලට බැසගනියි.

න ගරහිතබ‍්බං නප‍්පටික‍්කොසිතබ‍්බං අමඤ‍්ඤිංසූති එත්‍ථ “යදෙතං අතීතං නාම, නයිදං අතීතං, ඉදමස‍්ස අනාගතං වා පච‍්චුප‍්පන‍්නං වා”ති වදන‍්තො ගරහති නාම. තත්‍ථ දොසං දස‍්සෙත්‍වා “කිං ඉමිනා ගරහිතෙනා”ති? වදන‍්තො පටික‍්කොසති නාම. ඉමෙ පන නිරුත‍්තිපථෙ තෙපි අච‍්චන‍්තකාළකා දිට‍්ඨිගතිකා න ගරහිතබ‍්බෙ න පටික‍්කොසිතබ‍්බෙ මඤ‍්ඤිංසු. අතීතං පන අතීතමෙව, අනාගතං අනාගතමෙව, පච‍්චුප‍්පන‍්නං පච‍්චුප‍්පන‍්නමෙව කථයිංසු. නින්‍දාඝට‍්ටනබ්‍යාරොසඋපාරම‍්භභයාති විඤ‍්ඤූනං සන‍්තිකා නින්‍දාභයෙන ච ඝට‍්ටනභයෙන ච දොසාරොපනභයෙන ච උපාරම‍්භභයෙන ච.

“න ගරහිතබ්බං ත පටික්කොසිතබ්බං මඤ්ඤිසු” යනු මෙහි ඉදින් අතීතයක් නම් නැත. අතීතයක් නොවූ මොහුට අනාගතයක් හෝ වර්තමානයක් හෝ වන්නේ දැයි කියමින් ගරහයි. එහි දොස් දක්වමින් “මොහුට ගැරහීමෙන් කවර වැඩක්ද?”යි කීම නම් ප්‍රතික්‍ෂේප කිරීමකි. මේ නිරුක්ති මාර්ගයෙහි ඒ අත්‍යන්තකාළක වූ දෘෂ්ටි පිළිගත්තො නොගැරහිය යුතු ප්‍රතික්‍ෂේප නොකළ යුතුයැයි සිතූහ. අතීතය ඉක්ම ගියේමය. අනාගතය තවම නොපැමිණියේ ය. වත්මන දැන් පවතින්නේ යැයි කීහ. “නින්‍දා බ්‍යාරොස උපාරම්භභයා” යනු නැණවතුන්ගේ සමීපයේ නින්දා කිරීමේ බියෙන් ද ගැටීම් බියෙන් ද දෝෂ දැක්වීම් බියෙන් ද දෝෂාරෝපණ බියෙන් ද එම වාදයන් නොගැරහූහ යනුයි.

ඉති ඉමස‍්මිං සුත‍්තෙ චතුභූමිකඛන්‍ධානං පණ‍්ණත‍්ති කථිතාති.

මෙසේ මෙම සූත්‍රයෙහි සිවු භූමික ස්කන්‍ධයන්ගේ පැනවීම කියන ලදී.

දසමං.

දසවන සූත්‍රයයි.

උපයවග‍්ගො ඡට‍්ඨො.

පළමු උපය වර්ගය නිමාවට පත්විය.