යෙදුමෙන් කියවන්න

උපය සුත‍්තං

1. 2. 1. 1.

1. 2. 1. 1.

උපය සුත‍්තං

උපය සූත්‍රය

53. සාවත්‍ථියං:

53. සැවැත්නුවර:

උපයො භික‍්ඛවෙ, අවිමුත‍්තො, අනුපයො විමුත‍්තො. රූපුපයං වා භික‍්ඛවෙ, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය, රූපාරම‍්මණං රූපප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය. වෙදනූපයං වා භික‍්ඛවෙ -පෙ- සඤ‍්ඤූපයං වා භික‍්ඛවෙ -පෙ- සඞ‍්ඛාරූපයං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය, සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය.

මහණෙනි, උපය (තෘෂ්ණා - දෘෂ්ටි - මාන) සහිත වූයේ, සසරින් නො මිදුණේ වෙයි. උපය රහිත වූයේ මිදුණේ වෙයි. (තෘෂ්ණා - දෘෂ්ටි - මාන විසින්) රූපයට හෝ එළැඹ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනෝපය හෝ ... සංඥෝපය හෝ ... මහණෙනි, සංස්කාරෝපය හෝ එළඹ සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ යැ. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියව විපුලත්‍වයට පැමිණෙයි.

යො භික‍්ඛවෙ, එවං වදෙය්‍ය: අහමඤ‍්ඤත්‍ර රූපා අඤ‍්ඤත්‍ර වෙදනාය අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණස‍්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප‍්පත‍්තිං වා වුද‍්ධිං වා විරූළ‍්හිං වා වෙපුල‍්ලං වා පඤ‍්ඤාපෙස‍්සාමීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ:) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

රූපධාතුයා චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං, පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. වෙදනාධාතුයා චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- සඤ‍්ඤාධාතුයා චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො -පෙ- සඞ‍්ඛාරධාතුයා චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. විඤ‍්ඤාණධාතුයා චෙ භික‍්ඛවෙ, රාගො පහීනො හොති, රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. තදප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං අනභිසඞ‍්ඛච‍්ච විමුත‍්තං, විමුත‍්තත‍්තා ඨිතං. ඨිතත‍්තා සන‍්තුසිතං. සන‍්තුසිතත‍්තා න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තං යෙව පරිනිබ‍්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතීති.

මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් වේදනාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංඥාධාතුව පිළිබඳ වූ, මහණහුගේ ... මහණෙනි, ඉදින් සංස්කාරධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. මහණෙනි, ඉදින් විඥානධාතුව පිළිබඳ වූ, මහණහුගේ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයාගේ ප්‍රතිෂ්ඨායෙක් නො වෙයි. නො පිහිටි ඒ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි. විමුක්ත හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි. සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම නිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලදී, තෙල අනුපාදා පරිනිර්‍වාණය පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දනී යි.