යෙදුමෙන් කියවන්න

බීජ සුත‍්තං

1. 2. 1. 2.

1. 2. 1. 2.

බීජ සුත‍්තං

බීජ සූත්‍රය

54. සාවත්‍ථියං:

54. සැවැත්නුවර:

පඤ‍්චමානි භික‍්ඛවෙ, බීජජාතානි. කතමානි පඤ‍්ච: මූලබීජං ඛන්‍ධබීජං ඵළුබීජං අග‍්ගබීජං බීජබීජඤ‍්ඤෙව පඤ‍්චමං. ඉමානි චස‍්සු භික‍්ඛවෙ පඤ‍්ච බීජජාතානි අඛණ‍්ඩානි අපූතිකානි අවාතාතපහතානි සාරාදායීනි සුඛසයිතානි පඨවී ච නාස‍්ස ආපො ච නාස‍්ස අපි නු ඉමානි භික‍්ඛවෙ පඤ‍්ච බීජජාතානි වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍යුන‍්ති.

මහණෙනි, මේ බීජයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මූලබීජ යැ, ස්කන්‍ධ බීජ යැ, ඵලු (පුරුක්) බීජ යැ, අග්‍රබීජ යැ, පස්වැනි වූ බීජබීජ ය දැයි. මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණා හු, කුණු නො වූවාහු, අවු-සුළඟින් නො පහළාහු, පිහිටි සාරය ඇත්තාහු සුඛසයිත වූවාහු වෙත් ද, පිහිටන පොළොව ද නො වේ නම්, තෙත් කරන ජලය ද නො වේ නම්, මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ මැයි.

ඉමානි චස‍්සු භික‍්ඛවෙ, පඤ‍්ච බීජජාතානි ඛණ‍්ඩානි පූතිකානි වාතාතපහතානි අසාරාදායිනී න සුඛසයිතානි පඨවී ච අස‍්ස, ආපො ච අස‍්ස, අපි නු ඉමානි භික‍්ඛවෙ, පඤ‍්ච බීජජාතානි වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍යුන‍්ති?

මහණෙනි, මේ පඤ්ච බීජයෝ කැඩී ගියාහු, කුණු වූවාහු, අවු-සුළඟින් පහළාහු, සාරාදායී නො වූවාහු, සුඛසයිත නො වූවාහු වෙත් ද, පොළොව ද ඇත්නම් ජලය ද ඇත්නම් මහණෙනි, මේ පඤ්ච බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො වේ ම යැ.

ඉමානි චස‍්සු භික‍්ඛවෙ, පඤ‍්ච බීජජාතානි අඛණ‍්ඩානි අපූතිකානි සාරාදායිනී සුඛසයිතානි පඨවී ච අස‍්ස, ආපො ච අස‍්ස, අපි නු ඉමානි පඤ‍්ච බීජජාතානි වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍යුන‍්ති.

මහණෙනි, මේ පඤ්ච බීජයෝ නො කැඩුණාහු, කුණු නො වූවාහු, සාරය ගෙන දෙන්නාහු, සුඛසයිත වූවාහු වෙත් ද, පොළොව ද, ජලය ද ඇත් ද, (එසඳ) මේ පඤ්ච බීජයෝ වැඩීමට වෙසෙසින් නැඟීමට විපුලභාවයට පැමිණෙත් ද?

එවං භන‍්තෙ,

වහන්ස, එසේ යැ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පඨවීධාතු එවං චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො දට‍්ඨබ‍්බා. සෙය්‍යථාපි භික‍්ඛවෙ ආපොධාතු එවං නන්‍දිරාගො දට‍්ඨබ‍්බො. සෙය්‍යථාපි භික‍්ඛවෙ පඤ‍්ච බීජජාතානි එවං විඤ‍්ඤාණං සාහාරං දට‍්ඨබ‍්බං.

මහණෙනි, පෘථිවිධාතුව යම්සේ ද, එසෙයින් චතුර් විඥාන ස්ථිතීහු දතයුත්තාහ. මහණෙනි, ආපෝධාතුව යම්සේ ද, එසෙයින් නන්‍දිරාගය දතයුතුය. මහණෙනි, පඤ්ච බීජයෝ යම්සේ ද, එසෙයින් ප්‍රත්‍යය සහිත කර්‍මවිඥානය දත යුතු යි.

රූපුපයං භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය. රූපාරම‍්මණං රූපප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය. වෙදනූපයං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං -පෙ- සඤ‍්ඤූපයං වා භික‍්ඛවෙ -පෙ- සඞ‍්ඛාරූපයං වා භික‍්ඛවෙ විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය.

මහණෙනි, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ ද, නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, වේදනාවට හෝ පැමිණි ... මහණෙනි, සංඥාවට හෝ පැමිණි ... මහණෙනි, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේ ද, තෘෂ්ණායෙන් තෙත්වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.

යො භික‍්ඛවෙ එවං වදෙය්‍ය අහමඤ‍්ඤත්‍ර රූපා අඤ‍්ඤත්‍ර වෙදනාය අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණස‍්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප‍්පත‍්තිං වා වුද‍්ධිං වා විරූළ‍්හිං වා වෙපුල‍්ලං වා පඤ‍්ඤාපෙස‍්සාමීති නෙතං ඨානං විජ‍්ජති.

මහණෙනි, යමෙක් “මම රූපය හැර, වේදනාව හැර, සංඥාව හැර සංස්කාරයන් හැර කර්‍මවිඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩීම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නෙමි” යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

රූපධාතුයා චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. වෙදනාධාතුයා චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො -පෙ- සඤ‍්ඤාධාතුයා චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො -පෙ- සඞ‍්ඛාරධාතුයා චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො -පෙ- විඤ‍්ඤාණධාතුයා චෙ භික‍්ඛවෙ භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. තදප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං අනභිසඞ‍්ඛච‍්ච විමුත‍්තං විමුත‍්තත‍්තා ඨිතං. ඨිතත‍්තා සන‍්තුසිතං, සන‍්තුසිතත‍්තා න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තං යෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

මහණෙනි, ඉදින් රූපධාතුව පිළිබඳ රාගය මහණහට ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. මහණෙනි, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණෙනි, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි. කර්‍මවිඥානයාගෙන් පිහිටීමෙක් නො වෙයි. නො පිහිටි එ විඥානය විරූඪියට නො පැමිණියේ ප්‍රතිසන්‍ධිය අභිසංස්කරණය නො කොට මිදුණේ වෙයි, විමුක්ත හෙයින් ස්ථිති වෙයි, ස්ථිති හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රස්ත නො වෙයි, ත්‍රස්ත නො වන්නේ තමා කෙරෙහි ම පිරිනිවෙ යි. ජාතිය ක්‍ෂය වී යැ, බඹසර වැස නිමවිණැ, කරණී කරන ලද, තෙල අනුපාදාපරිනිර්‍වාණය පිණිස කළ යුතු අන්කිසෙක් නැති යි නුවණින් දනි යි.