උදාන සුත‍්තං
1. 2. 1. 3.
1. 2. 1. 3.
උදාන සුත‍්තං
උදාන සූත්‍රය
55. සාවත්‍ථියං:
55. සැවැත්නුවර:
තත්‍ර ඛො භගවා උදානං උදානෙසි. “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතීති එවං විමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානී”ති.
එසඳ භාග්‍යවතුන්වහන්සේ (මෙ) ප්‍රීතිවාක්‍යය පහළ කළසේක: “ඉදින් මම නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ යි. මෙසේ නිශ්චයට පැමිණෙන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳියි.”
එවං වුත‍්තෙ අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “යථාකථං පන භන‍්තෙ, නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතීති, එවං විමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානී”ති?
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, කෙසේ නම් ‘ඉදින් මම් නො වූයෙම් නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො ද වී නම්, මතු ස්කන්‍ධ පහළ කරන කර්‍ම සංස්කාරයෙක් නො වන්නේ යැ, (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක් නම්) නො වන්නේ’යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
ඉධ භික‍්ඛු, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං. වෙදනං අත‍්තතො සමනුපස‍්සති, වෙදනාවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා වෙදනං, වෙදනාය වා අත‍්තානං. සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, සංඛාරවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා සඞ‍්ඛාරෙ, සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.
මහණ, බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නා, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, ... බුද්ධාදි සත්පුරුෂයින් නො දක්නා, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත, අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් දකියි. ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. වේදනාව ආත්ම විසින් දකියි. ආත්මය වේදනාවත් කොට හෝ ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකියි. සංඥාව ... සංස්කාර ආත්ම විසින් දකියි. ආත්මය සංස්කාර වත් කොට හෝ ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ දකියි. විඥානය ආත්ම විසින් දකියි. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකියි.
සො අනිච‍්චං රූපං, ‘අනිච‍්චං රූප’න‍්ති යථාභූතං නප‍්පජානාති, අනිච‍්චං වෙදනං ‘අනිච‍්චා වෙදනා’ති යථාභූතං නප‍්පජානාති. අනිච‍්චං සඤ‍්ඤං -පෙ- අනිච‍්චෙ සඞ‍්ඛාරෙ ‘අනිච‍්චා සඞ‍්ඛාරා’ති යථාභූතං නප‍්පජානාති, අනිච‍්චං විඤ‍්ඤාණං ‘අනිච‍්චං විඤ‍්ඤාණ’න‍්ති යථාභූතං නප‍්පජානාති.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’ යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍ය’යි ඇති සැටි නො දනියි, අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි ඇති සැටි නො දනියි.
දුක‍්ඛං රූපං ‘දුක‍්ඛං රූප’න‍්ති යථාභූතං නප‍්පජානාති. දුක‍්ඛං වෙදනං ‘දුක‍්ඛා වෙදනා’ති යථාභූතං නප‍්පජානාති. දුක‍්ඛං සඤ‍්ඤං -පෙ- දුක‍්ඛෙ සඞ‍්ඛාරෙ ‘දුක‍්ඛා සඞ‍්ඛාරා’ති යථාභූතං නප‍්පජානාති. දුක‍්ඛං විඤ‍්ඤාණං ‘දුක‍්ඛං විඤ‍්ඤාණන‍්ති’ යථාභූතං නප‍්පජානාති.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ වේදනාව ‘වේදනාව දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ‘සංස්කාර දුකැ’යි තත් වූ පරිදි නො දනියි, දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි තත් වූ පරිදි නො දනියි.
අනත‍්තං රූපං ‘අනත‍්තං රූප’න‍්ති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං වෙදනං ‘අනත‍්තා වෙදනා’ති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං සඤ‍්ඤං -පෙ- අනත‍්තෙ සඞ‍්ඛාරෙ ‘අනත‍්තා සඞ‍්ඛාරා’ති යථාභූතං නප‍්පජානාති. අනත‍්තං විඤ‍්ඤාණං ‘අනත‍්තං විඤ‍්ඤාණන‍්ති’ යථාභූතං නප‍්පජානාති.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’යි යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ වේදනාව ‘වේදනාව අනාත්ම’යි යථාභූත කොට නො දනියි, අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ‘සංස්කාර අනාත්ම’යි යථාභූත කොට නො දනියි.
සඞ‍්ඛතං රූපං ‘සඞ‍්ඛතං රූප’න‍්ති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං වෙදනං ‘සඞ‍්ඛතා වෙදනා’ති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛතෙ සඞ‍්ඛාරෙ ‘සඞ‍්ඛතා සඞ‍්ඛාරා’ති යථාභූතං නප‍්පජානාති. සඞ‍්ඛතං විඤ‍්ඤාණං ‘සඞ‍්ඛතං විඤ‍්ඤාණ’න‍්ති යථාභූතං නප‍්පජානාති.
සංඛත වූ ප්‍රත්‍යයෝත්පන්න රූපය ‘රූපය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ වේදනාව ‘වේදනාව සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ‘සංස්කාර සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි. සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි තත්ත්‍වාකාරයෙන් නො දනියි.
රූපං විභවිස‍්සතීති යථාභූතං නප‍්පජානාති. වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා විභවිස‍්සන‍්තීති යථාභූතං නප‍්පජානාති. විඤ‍්ඤාණං විභවිස‍්සතීති යථාභූතං නප‍්පජානාති.
රූපය බිඳේ යයි ඇති සැටි නො දනියි, වේදනාව ... සංඥාව ... සංස්කාර බිඳේ යයි ඇති සැටි නො දනියි, විඥානය බිඳේ යයි ඇති සැටි නො දනී.
සුතවා ච ඛො භික‍්ඛූ, අරියසාවකො අරියානං දස‍්සාවී අරියධම‍්මස‍්ස කොවිදො අරියධම‍්මෙ සුවිනීතො සප‍්පුරිසානං දස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස කොවිදො සප‍්පුරිසධම‍්මෙ සුවිනීතො න රූපං අත‍්තතො සමනුපස‍්සති. න රූපවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා රූපං, න රූපස‍්මිං වා අත‍්තානං, න වෙදනං අත‍්තතො සමනුපස‍්සති, න වෙදනාවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා වෙදනං, න වෙදනාය වා අත‍්තානං, න සඤ‍්ඤං -පෙ- න සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. න සංඛාරවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා සඞ‍්ඛාරෙ, න සඞ‍්ඛාරෙසු වා අත‍්තානං. න විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. න විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, න අත‍්තනි වා විඤ‍්ඤාණං, න විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්‍ය්‍යන් දක්නේ ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට විනීත වූයේ, (බුද්ධාදි) සත්පුරුෂයින් දක්නේ සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට විනීත වූයේ රූපය ආත්ම විසින් නො දකියි, ආත්මය රූපවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ නො දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. වේදනාව ආත්ම විසින් නො දකියි, ආත්මය වේදනාවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ නො දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. සංඥාව ආත්ම විසින් නො දකියි ... සංස්කාර ආත්ම විසින් නො දකියි, ආත්මය සංස්කාරවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි සංස්කාරය ඇතැයි හෝ නො දකියි, සංස්කාරයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි. විඥානය ආත්ම විසින් නො දකියි, ආත්මය විඥානවත් කොට හෝ නො දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ නො දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ නො දකියි.
සො අනිච‍්චං රූපං ‘අනිච‍්චං රූපන‍්ති’ යථාභූතං පජානාති. අනිච‍්චං වෙදනං ‘අනිච‍්චා වෙදනාති’ -පෙ- අනිච‍්චං සඤ‍්ඤං -පෙ- අනිච‍්චෙ සඞ‍්ඛාරෙ ‘අනිච‍්චා සඞ‍්ඛාරා’ති -පෙ- අනිච‍්චං විඤ‍්ඤාණං ‘අනිච‍්චං විඤ‍්ඤාණන‍්ති යථාභූතං පජානාති.
හේ අනිත්‍ය වූ රූපය ‘රූපය අනිත්‍ය’යි තත් වූ පරිදි දනියි, අනිත්‍ය වූ වේදනාව ‘වේදනාව අනිත්‍ය’යි ... අනිත්‍ය වූ සංඥාව ... අනිත්‍ය වූ සංස්කාර ‘සංස්කාර අනිත්‍යහ’යි ... අනිත්‍ය වූ විඥානය ‘විඥානය අනිත්‍ය’යි තත්වූ පරිදි දනී.
දුක‍්ඛං රූපං ‘දුක‍්ඛං රූපන‍්ති’ යථාභූතං පජානාති. දුක‍්ඛං වෙදනං -පෙ- දුක‍්ඛං සඤ‍්ඤං -පෙ- දුක‍්ඛෙ සඞ‍්ඛාරෙ -පෙ- දුක‍්ඛං විඤ‍්ඤාණං ‘දුක‍්ඛං විඤ‍්ඤාණන‍්ති’ යථාභූතං පජානාති.
දුක් වූ රූපය ‘රූපය දුකැ’යි ඇති සැටි දනියි, දුක් වූ වේදනාව ... දුක් වූ සංඥාව ... දුක් වූ සංස්කාර ... දුක් වූ විඥානය ‘විඥානය දුකැ’යි ඇති සැටි දනියි.
අනත‍්තං රූපං ‘අනත‍්තං රූපන‍්ති’ යථාභූතං පජානාති. අනත‍්තං වෙදනං -පෙ- අනත‍්තං සඤ‍්ඤං -පෙ- අනත‍්තෙ සඞ‍්ඛාරෙ -පෙ- අනත‍්තං විඤ‍්ඤාණං ‘අනත‍්තං විඤ‍්ඤාණන‍්ති’ යථාභූතං පජානාති.
අනාත්ම වූ රූපය ‘රූපය අනාත්ම’ යයි ඇතිසැටි දනියි, අනාත්ම වූ වේදනාව ... අනාත්ම වූ සංඥාව ... අනාත්ම වූ සංස්කාර ... අනාත්ම වූ විඥානය ‘විඥානය අනාත්ම’ යයි ඇති සැටි දනියි.
සඞ‍්ඛතං රූපං ‘සඞ‍්ඛතං රූපන‍්ති’ යථාභූතං පජානාති. සඞ‍්ඛතං වෙදනං -පෙ- සඞ‍්ඛතං සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛතෙ සඞ‍්ඛාරෙ -පෙ- සඞ‍්ඛතං විඤ‍්ඤාණං ‘සඞ‍්ඛතං විඤ‍්ඤාණන‍්ති’ යථාභූතං පජානාති.
සංඛත වූ රූපය ‘රූපය සංඛත’ යයි යථාභූත කොට දනියි, සංඛත වූ වේදනාව ... සංඛත වූ සංඥාව ... සංඛත වූ සංස්කාර ... සංඛත වූ විඥානය ‘විඥානය සංඛත’ යයි යථාභූත කොට දනියි.
රූපං විභවිස‍්සතීති යථාභූතං පජානාති. වෙදනා විභවිස‍්සතීති -පෙ- සඤ‍්ඤා විභවිස‍්සතීති -පෙ- සඞ‍්ඛාරා විභවිස‍්සන‍්තීති -පෙ- විඤ‍්ඤාණං විභවිස‍්සතීති යථාභූතං පජානාති.
රූපය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනියි, වේදනාව බිඳේ යයි ... සංඥාව බිඳේ යයි ... සංස්කාර බිඳේ යයි ... විඥානය බිඳේ යයි තත්ත්‍වාකාරයෙන් දනී.
සො රූපස‍්ස විභවා, වෙදනාය විභවා, සඤ‍්ඤාය විභවා, සඞ‍්ඛාරානං විභවා, විඤ‍්ඤාණස‍්ස විභවා, එවං ඛො භික‍්ඛු “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතී”ති, එවං විමුච‍්චමානො භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානීති?
මහණ, මෙසේ හේ රූපයාගේ විභවදර්‍ශනයෙන්, වේදනාවගේ විභවදර්‍ශනයෙන්, සංඥාවගේ විභවදර්‍ශනයෙන්, සංස්කාරයන්ගේ විභවදර්‍ශනයෙන්, විඥානයාගේ විභවදර්‍ශනයෙන් “ඉදින් මම නො වූයෙම් නම්, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මට මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ. (එය නැති කල්හි) මට (මතු ප්‍රතිසන්‍ධියක්) නො වන්නේ”යි මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳුනේ දැයි?
එවං විමුච‍්චමානො භන‍්තෙ, භික‍්ඛු ඡින්‍දෙය්‍යොරම‍්භාගියානි සංයොජනානීති.
වහන්ස, මෙසේ හදහන මහණ ඕරම්භාගිය සංයෝජන සිඳින්නේ මැයි.
“කථං පන භන‍්තෙ, ජානතො කථං පන පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතී”ති?
වහන්ස, කෙසේ දන්නාහට කෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය සංඛ්‍යාත අර්‍හත්ඵලය වේ ද?
ඉධ භික‍්ඛු, අස‍්සුතවා පුථුජ‍්ජනො අතසිතායෙ ඨානෙ තාසං ආපජ‍්ජති. තාසො හෙසො භික‍්ඛු, අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස “නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සති, න මෙ භවිස‍්සතී’ති.
මහණ, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ත්‍රස්ත (භය) නො වියයුතු කරුණෙහි ත්‍රාසයට පැමිණෙයි. මහණ, “ඉදින්, මම් නො වූයෙම් නම්, මට, අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ, අශ්‍රැතවත් පෘථග්ජනහට ත්‍රාසයෙකි.
සුතවා ච ඛො භික‍්ඛු, අරියසාවකො අතසිතායෙ ඨානෙ න තාසං ආපජ‍්ජති. න හෙසො භික‍්ඛු, තාසො සුතවතො අරියසාවකස‍්ස නො චස‍්සං, නො ච මෙ සියා, න භවිස‍්සති. න මෙ භවිස‍්සතීති.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ත්‍රාස නො කළ යුතු කරුණෙහි ත්‍රාසයට නො පැමිණෙයි, මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට “ඉදින් මම නො වී නම්, මට අතීත කර්‍මාභිසංස්කාරයෙක් නො වී නම්, මතු ස්කන්‍ධ පහළකරන කර්‍මසංස්කාරයෙක් නො වන්නේයැ, (එය නැති කල්හි) මට මතු ප්‍රතිසන්‍ධියක් නො වන්නේ යැ” යන තෙලෙ ත්‍රාසයෙක් නො වෙයි.
රූපුපයං වා භික‍්ඛු, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය, රූපාරම‍්මණං රූපප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං, වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය. වෙදනූපයං වා භික‍්ඛු, -පෙ- සඤ‍්ඤූපයං වා භික‍්ඛු, -පෙ- සඞ‍්ඛාරූපයං වා භික‍්ඛු, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨෙය්‍ය, සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරප‍්පතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජෙය්‍ය.
මහණ, රූපයට පැමිණ සිටුනා කර්‍මවිඥානය රූපය අරමුණු කොට රූපය පිහිට කොට සිටුනේ යැ, තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි. මහණ, වේදනාවට හෝ පැමිණි ... මහණ, සංඥාවට හෝ පැමිණි, මහණ, සංස්කාරයනට හෝ පැමිණි සිටුනා කර්‍මවිඥානය සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටු නේ යැ. තෘෂ්ණායෙන් තෙත් වූයේ වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙයි.
යො භික‍්ඛු, එවං වදෙය්‍ය: අහමඤ‍්ඤත්‍ර රූපා, අඤ‍්ඤත්‍ර වෙදනාය, අඤ‍්ඤත්‍ර සඤ‍්ඤාය, අඤ‍්ඤත්‍ර සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණස‍්ස ආගතිං වා ගතිං වා චුතිං වා උප‍්පත‍්තිං වා වුද‍්ධිං වා විරූළ‍්හිං වා වෙපුල‍්ලං වා පඤ‍්ඤාපෙස‍්සාමීති නෙතං ඨානං විජ‍්ජති.
මහණ යමෙක් මෙසේ කියා නම්: (කිසේ යැ) “මම රූපය තබා, වේදනාව තබා, සංඥාව තබා, සංස්කාර තබා, විඥානයාගේ ඊම් හෝ යෑම හෝ චුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්‍වය හෝ පනවමි” යි තෙල කරුණ විද්‍යමාන නො වේ.
රූපධාතුයා චෙ භික‍්ඛු, භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. වෙදනාධාතුයා චෙ භික‍්ඛු, භික‍්ඛුනො -පෙ- සඤ‍්ඤාධාතුයා චෙ භික‍්ඛු, භික‍්ඛුනො -පෙ- සඞ‍්ඛාරධාතුයා චෙ භික‍්ඛු, භික‍්ඛුනො -පෙ- විඤ‍්ඤාණධාතුයා චෙ භික‍්ඛු, භික‍්ඛුනො රාගො පහීනො හොති. රාගස‍්ස පහානා වොච‍්ඡිජ‍්ජතාරම‍්මණං පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. තදප‍්පතිට‍්ඨිතං විඤ‍්ඤාණං අවිරූළ‍්හං අනභිසඞ‍්ඛච‍්ච විමුත‍්තං. විමුත‍්තත‍්තා ඨිතං. ඨිතත‍්තා සන‍්තුසිතං. සන‍්තුසිතත‍්තා න පරිතස‍්සති. අපරිතස‍්සං පච‍්චත‍්තං යෙව පරිනිබ‍්බායති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාති. එවං ඛො භික‍්ඛු, ජානතො එවං පස‍්සතො අනන‍්තරා ආසවානං ඛයො හොතීති.
මහණ, ඉදින් රූපධාතුව පිළිබඳ භික්‍ෂුහට රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි, මහණ, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංඥාධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ ... මහණ, ඉදින් මහණහට විඥානධාතුව පිළිබඳ රාගය ප්‍රහීණ වේ ද, රාගප්‍රහාණයෙන් අරමුණ සිඳෙයි, විඥානයට ප්‍රතිෂ්ඨා නො වෙයි. ප්‍රතිෂ්ඨා රහිත ඒ විඥානය අනභිවෘද්ධියට අවිරූඪියට අවිපුලත්‍වයට පැමිණියේ ප්‍රතිසන්‍ධිය සකස් නො කොට (සසරින්) මිදුණේ වෙයි. මිදුණු හෙයින් ස්ථිත වෙයි, ස්ථිත හෙයින් සන්තුෂ්ට වෙයි, සන්තුෂ්ට හෙයින් ත්‍රාසයට නො පැමිණෙයි, ත්‍රාසයට නො පැමිණෙනුයේ තෙමේ ම පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වියැ, මග බඹසර වැස නිමවන ලදි. කරණී කරන ලද, මෙ අර්‍හත්‍වය පිණිස අන්කිසෙක් නැතැයි දැන ගනියි. මහණ, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට විදර්‍ශනාවට අනතුරු වැ ආශ්‍රවක්‍ෂය (අර්‍හත්‍වය) වේ යයි (වදාළ සේකි).