උපාදාන පරිවත‍්ත සුත‍්තං
1. 2. 1. 4.
1. 2. 1. 4.
උපාදාන පරිවත‍්ත සුත‍්තං
උපාදාන පරිවත්ත සූත්‍රය
56. සාවත්‍ථියං:
56. සැවැත්නුවර:
පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච: සෙය්‍යථීදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. යාවකීවඤ‍්චාහං භික‍්ඛවෙ, ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ චතුපරිවත‍්තං යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං, නෙව තාවාහං භික‍්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං
මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥෝපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, යම්තාක් මම මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒ තාක් මම අභිසම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ
සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. යතො ච ඛොහං භික‍්ඛවෙ, ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ චතුපරිවත‍්තං යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං.
සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා නො කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක පටන් මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් චතුෂ්පරිවර්‍ත වශයෙන් ඇතිසැටි අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම සම්බුද්ධයෙමි යි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි ප්‍රතිඥා කෙළෙමි.
කථං චතුපරිවත‍්තං:
චතුෂ්පරිවර්‍තය කෙසේ යැ:
රූපං අබ‍්භඤ‍්ඤාසිං, රූපසමුදයං අබ‍්භඤ‍්ඤාසිං, රූපනිරොධං අබ‍්භඤ‍්ඤාසිං, රූපනිරොධගාමිනිං පටිපදං අබ‍්භඤ‍්ඤාසිං. වෙදනං අබ‍්භඤ‍්ඤාසිං, -පෙ- සඤ‍්ඤං අබ‍්භඤ‍්ඤාසිං, -පෙ- සඞ‍්ඛාරෙ අබ‍්භඤ‍්ඤාසිං, -පෙ- විඤ‍්ඤාණං අබ‍්භඤ‍්ඤාසිං, විඤ‍්ඤාණසමුදයං අබ‍්භඤ‍්ඤාසිං, විඤ‍්ඤාණනිරොධං අබ‍්භඤ‍්ඤාසිං, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අබ‍්භඤ‍්ඤාසිං.
රූපය අවබෝධ කෙළෙමි, රූපසමුදය අවබෝධ කෙළෙමි, රූපනිරෝධය අවබෝධ කෙළෙමි, රූපනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි. වේදනාව අවබෝධ කෙළෙමි ... සංඥාව අවබෝධ කෙළෙමි ... සංස්කාර අවබෝධ කෙළෙමි ... විඥානය අවබෝධ කෙළෙමි, විඥානසමුදය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධය අවබෝධ කෙළෙමි, විඥානනිරෝධගාමිනීපටිපදාව අවබෝධ කෙළෙමි.
කතමඤ‍්ච භික‍්ඛවෙ, රූපං:
මහණෙනි, රූපය කවරෙ යැ:
චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, රූපං. ආහාරසමුදයා රූපසමුදයො, ආහාරනිරොධා රූපනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො රූපනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි.
සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද, මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම රූපනිරෝධගාමිනීපටිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්සඞ්කල්ප, සම්‍යග්වචන ය, සම්‍යග්කර්‍මාන්ත ය, සම්‍යගාජීව ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යග්ස්මෘති ය, සම්‍යක්සමාධි යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපං අභිඤ‍්ඤාය එවං රූපසමුදයං අභිඤ‍්ඤාය එවං රූපනිරොධං අභිඤ‍්ඤාය එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා, යෙ සුපටිපන‍්නා, තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් වෙත් වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුපිළිපන්හ, යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, උහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපං අභිඤ‍්ඤාය එවං රූප සමුදයං අභිඤ‍්ඤාය එවං රූප නිරොධං අභිඤ‍්ඤාය එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය, රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො, වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූපසමුදය දැන, රූපනිරෝධය දැන, රූපනිරෝධගාමිනීපටිපදාව දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදානය නො කොට (තණ්හාදී වශයෙන් අලවා නො ගෙන) මිදුණාහු වෙත් ද, ඔහු සුවිමුත්තයහ. යම් කෙනෙක් සුවිමුත්ත ද, ඔහු කේවලීහ (කළ සියලුකිස ඇතියහ). යම් කෙනෙක් කේවලී ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් (කරුණක්) නැත.
කතමා ච භික‍්ඛවෙ, වෙදනා:
මහණෙනි, වේදනාව කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, වෙදනාකායා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. අයං වුච‍්චති භික‍්ඛවෙ, වෙදනා. ඵස‍්සසමුදයා වෙදනාසමුදයො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්‍ෂුෂ්ස්පර්ශයෙන් උපන් වේදනා යැ, ශ්‍රෝතස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ඝ්‍රාණස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, ජිහ්වාස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, කායස්පර්‍ශයෙන් උපන් වේදනා යැ, මනස්ස්පර්‍ශයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශ සමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්මාධි යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනං අභිඤ‍්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ‍්ඤාය එවං වෙදනානිරොධං අභිඤ‍්ඤාය එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය වෙදනාය නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා. යෙ සුපටිපන‍්නා, තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන වේදනාවගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනං අභිඤ‍්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ‍්ඤාය එවං වෙදනානිරොධං අභිඤ‍්ඤාය එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය වෙදනාය නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා, යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො, යෙ කෙවලිනො, වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, වේදනාසමුදය දැන, වේදනානිරෝධය දැන, වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, වේදනාව පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුත්ත වූවාහු ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමා ච භික‍්ඛවෙ, සඤ‍්ඤා:
මහණෙනි, සංඥා කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, සඤ‍්ඤාකායා: රූපසඤ‍්ඤා, සද‍්දසඤ‍්ඤා, ගන්‍ධසඤ‍්ඤා, රසසඤ‍්ඤා, ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා, ධම‍්මසඤ‍්ඤා. අයං වුච‍්චති භික‍්ඛවෙ, සඤ‍්ඤා. ඵස‍්සසමුදයා සඤ‍්ඤාසමුදයො, ඵස‍්සනිරොධා සඤ‍්ඤානිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඤ‍්ඤානිරොධගාමිනී පටිපදා: සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
මහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ: ස්පර්‍ශසමුදයයෙන් සංඥාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
යෙහි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං සඤ‍්ඤං අභිඤ‍්ඤාය -පෙ- වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ සංඥාව දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරා:
මහණෙනි, සංස්කාර කවරහු යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, චෙතනාකායා: රූපසඤ‍්චෙතනා, සද‍්දසඤ‍්චෙතනා, ගන්‍ධසඤ‍්චෙතනා, රසසඤ‍්චෙතනා, ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා, ධම‍්මසඤ‍්චෙතනා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. ඵස‍්සසමුදයා සඞ‍්ඛාරසමුදයො, ඵස‍්සනිරොධා සඞ‍්ඛාරනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ඛාරනිරොධගාමිනී පටිපදා: සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
මහණෙනි, මේ චේතනාරාශී සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ, ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු සංස්කාර යි කියනු ලැබෙත්. ස්පර්‍ශ සමුදයෙන් සංස්කාරසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං සඞ‍්ඛාරෙ අභිඤ‍්ඤාය -පෙ- වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ සංස්කාර දැන ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමඤ‍්ච භික‍්ඛවෙ, විඤ‍්ඤාණං:
මහණෙනි, විඥානය කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, විඤ‍්ඤාණකායා: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, විඤ‍්ඤාණං. නාමරූපසමුදයා විඤ‍්ඤාණසමුදයො, නාමරූපනිරොධා විඤ‍්ඤාණනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො විඤ‍්ඤාණනිරොධගාමිනී පටිපදා: සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
මහණෙනි, මේ විඥාන රාශි සයෙකි: (එනම්) චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝවිඥාන යි. මහණෙනි, මෙ විඥාන යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥානසමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම විඥානනිරෝධගාමිනී ප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං විඤ‍්ඤාණං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණසමුදයං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා. යෙ සුපටිපන‍්නා තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ මොනොවට පිළිපන්නාහු වෙති. යම් කෙනෙක් සුපිළිපන් වෙත් ද, ඔහු මේ ධර්‍මවිනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං විඤ‍්ඤාණං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණසමුදයං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනායාති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ විඥානය දැන, මෙසේ විඥානසමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් අලවා නො ගෙන මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුමුත්ත ද, ඔහු කේවලීහ, යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැති යි වදාළසේක.