සත්තට්ඨාන සුත‍්තං
1. 2. 1. 5.
1. 2. 1. 5.
සත‍්තට‍්ඨාන සුත‍්තං
සත්තට්ඨාන සූත්‍රය
57. සාවත්‍ථියං:
57. සැවැත්නුවර:
සත‍්තට‍්ඨානකුසලො භික‍්ඛවෙ, භික‍්ඛු තිවිධූපපරික‍්ඛී ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති.
මහණෙනි, සත් තැනෙක දක්‍ෂ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මෙ ධර්‍මවිනයෙහි කළ සැම කිස ඇති, වුසූ බඹසර ඇති උත්තමපුරුෂ යි කියනු ලැබේ.
කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්තට‍්ඨානකුසලො හොති:
මහණෙනි, මහණ කිසෙයින් සත්තට්ඨාන කුසල වේ ය යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු රූපං පජානාති, රූපසමුදයං පජානාති, රූපනිරොධං පජානාති, රූපනිරොධගාමිනිං පටිපදං පජානාති, රූපස‍්ස අස‍්සාදං පජානාති, රූපස‍්ස ආදීනවං පජානාති, රූපස‍්ස නිස‍්සරණං පජානාති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.
වෙදනං පජානාති, වෙදනා සමුදයං පජානාති, වෙදනානිරොධං පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, වෙදනාය අස‍්සාදං පජානාති, වෙදනාය ආදීනවං පජානාති, වෙදනාය නිස‍්සරණං පජානාති.
වේදනාව දනියි, වේදනා සමුදය දනියි, වේදනා නිරෝධය දනියි, වේදනානිරෝධගාමිනීපටිපදාව දනියි, වේදනායෙහි ආස්වාදය දනියි, වේදනායෙහි ආදීනව දනියි, වේදනායෙහි නිශ්ශරණය දනී.
සඤ‍්ඤං පජානාති -පෙ- සඞ‍්ඛාරෙ පජානාති, සඞ‍්ඛාරසමුදයං පජානාති, සඞ‍්ඛාරනිරොධං පජානාති, සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සඞ‍්ඛාරානං අස‍්සාදං පජානාති, සඞ‍්ඛාරානං ආදීනවං පජානාති, සඞ‍්ඛාරානං නිස‍්සරණං පජානාති.
සංඥාව දනියි ... සංස්කාර දනියි, සංස්කාරසමුදය දනියි, සංස්කාරනිරෝධය දනියි, සංස්කාරනිරෝධගාමිනීපටිපදාව දනියි, සංස්කාරයන්ගේ ආස්වාදය දනියි, සංස්කාරයන්ගේ ආදීනව දනියි, සංස්කාරයන්ගේ නිශ්ශරණය දනී.
විඤ‍්ඤාණං පජානාති, විඤ‍්ඤාණසමුදයං පජානාති, විඤ‍්ඤාණනිරොධං පජානාති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති, විඤ‍්ඤාණස‍්ස අස‍්සාදං පජානාති, විඤ‍්ඤාණස‍්ස ආදීනවං පජානාති, විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං පජානාති.
විඥානය දනියි, විඥානසමුදය දනියි, විඥානනිරෝධය දනියි, විඥානනිරෝධගාමිනීපටිපදාව දනියි, විඥානයාගේ ආස්වාදය දනියි, විඥානයාගේ ආදීනව දනියි, විඥානයාගේ නිශ්ශරණය දනී.
කතමඤ‍්ච භික‍්ඛවෙ, රූපං:
මහණෙනි, රූපය කවරෙ යැ:
චත‍්තාරො ච මහාභූතා, චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, රූපං. ආහාරසමුදයා රූපසමුදයො, ආහාරනිරොධා රූපනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො රූපනිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යං රූපං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං අයං රූපස‍්ස අස‍්සාදො. යං රූපං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං රූපස‍්ස ආදීනවො. යො රූපස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං ඉදං රූපස‍්ස නිස‍්සරණං.
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූප ද මහණෙනි, මෙ ‘රූප’ යි කියනු ලැබේ. ආහාර සමුදයයෙන් රූපසමුදය වෙයි. ආහාරනිරෝධයෙන් රූපනිරෝධය වෙයි. මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය ම රූපනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ රූපයාගේ ආස්වාද යි. යම් රූපයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද මෙ රූපයාගේ ආදීනව යි. රූප විෂයෙහි යම් ඡන්‍ද රාගවිනයයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇත් ද මෙ රූපයාගේ නිශ්ශරණ යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපං අභිඤ‍්ඤාය, එවං රූපසමුදයං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං රූපස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය, රූපස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා. යෙ සුපටිපන‍්නා, තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං රූපං අභිඤ‍්ඤාය, එවං රූපසමුදයං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධං අභිඤ‍්ඤාය, එවං රූපනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං රූපස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං රූපස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, මෙසේ රූපසමුදය දැන, මෙසේ රූපනිරෝධය දැන, මෙසේ රූපනිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසේ රූපයාගේ ආස්වාදය දැන, මෙසේ රූපයාගේ ආදීනව දැන, මෙසේ රූපයාගේ නිශ්ශරණය දැන රූපයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණාහු ද, ඔහු මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැත.
කතමා ච භික‍්ඛවෙ, වෙදනා:
මහණෙනි, වේදනා කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, වෙදනාකායා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා, සොතසම‍්ඵස‍්සජා වෙදනා, ඝානසම‍්ඵස‍්සජා වෙදනා, ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා, කායසම‍්ඵස‍්සජා වෙදනා, මනොසම‍්ඵස‍්සජා වෙදනා. අයං වුච‍්චති භික‍්ඛවෙ, වෙදනා. ඵස‍්සසමුදයා වෙදනාසමුදයො, ඵස‍්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වෙදනානිරොධගාමිනී පටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යං වෙදනං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං වෙදනාය අස‍්සාදො. යා වෙදනා අනිච‍්චා දුක‍්ඛා විපරිණාමධම‍්මා, අයං වෙදනාය ආදීනවො. යො වෙදනාය ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං වෙදනාය නිස‍්සරණං.
මහණෙනි, මේ වේදනා සමූහ සයෙකි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, කායසම්ඵස්සයෙන් උපන් වේදනා යැ, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මහණෙනි, මේ වේදනා යි කියනු ලැබේ. ස්පර්‍ශසමුදයයෙන් වේදනාසමුදය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම වේදනානිරෝධගාමිනී පටිපදා ය. එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධි යි. වේදනාව නිසා යම් සුඛයෙක් සොම්නසෙක් උපදනේ ද, මෙ වේදනාව පිළිබඳ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන සැහැවි ඇත් ද, මෙ වේදනාව පිළිබඳ ආදීනව යි. වේදනා පිළිබඳ යම් ඡන්‍දරාග විනයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ වේදනාව පිළිබඳ නිශ්ශරණ යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනං අභිඤ‍්ඤාය, එවං වෙදනාසමුදයං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං වෙදනාය අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං වෙදනාය ආදීනවං අභිඤ‍්ඤාය, එවං වෙදනාය නිස‍්සරණං අභිඤ‍්ඤාය, වෙදනාය නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා. යෙ සුපටිපන‍්නා, තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනායෙහි ආස්වාදය දැන, මෙසේ වේදනායෙහි ආදීනව දැන, මෙසේ වේදනායෙහි නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු සුප්‍රතිපන්න වෙති. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං වෙදනං අභිඤ‍්ඤාය එවං වෙදනාසමුදයං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධං අභිඤ‍්ඤාය, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය. එවං වෙදනාය අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං වෙදනාය ආදීනවං අභිඤ‍්ඤාය, එවං වෙදනාය නිස‍්සරණං අභිඤ‍්ඤාය, වෙදනාය නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා. තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ වේදනාව දැන, මෙසේ වේදනාසමුදය දැන, මෙසේ වේදනානිරෝධය දැන, මෙසේ වේදනානිරෝධගාමිනීපටිපදාව දැන, මෙසේ වේදනාව පිළිබඳ ආස්වාදය දැන, මෙසේ වේදනාව පිළිබඳ ආදීනව දැන, මෙසේ වේදනාව පිළිබඳ නිශ්ශරණය දැන, වේදනාවගේ නිර්වේදයෙන්, විරාගයෙන්, නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට විමුක්ත වෙත් ද, ඔහු සුවිමුක්ත වෙති. යම් කෙනෙක් සුවිමුක්ත ද, ඔහු කේවලී වෙති. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමා ච භික‍්ඛවෙ සඤ‍්ඤා:
මහණෙනි, සංඥා කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ සඤ‍්ඤා: රූපසඤ‍්ඤා, සද‍්දසඤ‍්ඤා, ගන්‍ධසඤ‍්ඤා, රසසඤ‍්ඤා, ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා, ධම‍්මසඤ‍්ඤා. අයං වුච‍්චති භික‍්ඛවෙ, සඤ‍්ඤා -පෙ- වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, මේ සංඥා සමූහ සයෙකි: රූපසංඥා යැ, ශබ්දසංඥා යැ, ගන්‍ධසංඥා යැ, රසසංඥා යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥා යැ, ධර්‍මසංඥා යි. මහණෙනි, මේ ‘සංඥා’ යි කියනු ලැබේ ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරා:
මහණෙනි, සංස්කාර කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ චෙතනාකායා: රූපසඤ‍්චෙතනා, සද‍්දසඤ‍්චෙතනා, ගන්‍ධසඤ‍්චෙතනා, රසසඤ‍්චෙතනා, ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා, ධම‍්මසඤ‍්චෙතනා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ සඞ‍්ඛාරා -පෙ- වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය.
මහණෙනි, මේ චේතනා සමූහ සයෙකි: රූපසඤ්චේතනා යැ, ශබ්දසඤ්චේතනා යැ, ගන්‍ධසඤ්චේතනා යැ, රසසඤ්චේතනා යැ ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනා යැ, ධර්‍මසඤ්චේතනා යි. මහණෙනි, මොහු ‘සංස්කාර’ යි කියනු ලැබෙත්. ... ඔවුනට පැනවීමට වර්‍තයෙක් නැත.
කතමඤ‍්ච භික‍්ඛවෙ, විඤ‍්ඤාණං:
මහණෙනි, විඥානය කවර යැ:
ඡයිමෙ භික‍්ඛවෙ, විඤ‍්ඤාණකායා: චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, විඤ‍්ඤාණං. නාමරූපසමුදයා විඤ‍්ඤාණසමුදයො, නාමරූපනිරොධා විඤ‍්ඤාණනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො විඤ‍්ඤාණනිරොධගාමිනීපටිපදා, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි. යං විඤ‍්ඤාණං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං, අයං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො. යං විඤ‍්ඤාණං අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, අයං විඤ‍්ඤාණස‍්ස ආදීනවො. යො විඤ‍්ඤාණස‍්මිං ඡන්‍දරාගවිනයො ඡන්‍දරාගප‍්පහානං, ඉදං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං.
මහණෙනි, මේ විඥාන සමූහ සයෙකි: චක්ඛුවිඤ්ඤාණ යැ ... මනෝවිඤ්ඤාණ යි. මහණෙනි, මෙ ‘විඥාන’ යි කියනු ලැබේ. නාමරූප සමුදයෙන් විඥාන සමුදය වෙයි. නාමරූපනිරෝධයෙන් විඥාන නිරෝධය වෙයි. මේ අරිඅටඟි මග ම විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යි: එ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටිය ... සම්‍යක්සමාධි යි. විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මෙ විඥානයාගේ ආස්වාද යි. යම් විඥානයක් අනිත්‍ය ද දුක් ද පෙරළෙන සැහැවි ඇත් ද, මෙ විඥානයාගේ ආදීනව යි. විඥාන විෂයෙහි යම් ඡන්‍දරාග විනයයෙක් ඡන්‍දරාග ප්‍රහාණයෙක් ඇත් ද, මෙ විඥානයාගේ නිශ්ශරණ යි.
යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං විඤ‍්ඤාණං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණසමුදයං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නා, තෙ සුපටිපන‍්නා. යෙ සුපටිපන‍්නා, තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ගාධන‍්ති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥාන නිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනීප්‍රතිපදාව දැන, මෙසේ විඥානයාගේ ආස්වාදය දැන, මෙසේ විඥානයාගේ ආදීනව දැන, මෙසේ විඥානයාගේ නිශ්ශරණය දැන, විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නාහු වෙත් ද, ඔහු තුමූ සුප්‍රතිපන්නයහ. යම් කෙනෙක් සුප්‍රතිපන්න ද, ඔහු මේ ශාසනයෙහි පිහිටා සිටිත්.
යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා එවං විඤ‍්ඤාණං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණසමුදයං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස අස‍්සාදං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස ආදීනවං අභිඤ‍්ඤාය, එවං විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං අභිඤ‍්ඤාය විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තා, තෙ සුවිමුත‍්තා. යෙ සුවිමුත‍්තා, තෙ කෙවලිනො. යෙ කෙවලිනො වට‍්ටං තෙසං නත්‍ථි පඤ‍්ඤාපනාය. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සත‍්තට‍්ඨානකුසලො හොති.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි මෙසේ විඥානය දැන, මෙසේ විඥාන සමුදය දැන, මෙසේ විඥානනිරෝධය දැන, මෙසේ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දැන, මෙසෙයින් විඥානයාගේ ආස්වාදය දැන, මෙසෙයින් විඥානයාගේ ආදීනව දැන, මෙසෙයින් විඥානයාගේ නිශ්ශරණය දැන, විඥාන පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි උපාදාන විසින් දැඩිව නො ගෙන මිදුණාහු ද, ඔහුතුමූ මොනොවට මිදුණාහු වෙති. යම් කෙනෙක් මොනොවට මිදුණාහු ද, ඔහු කේවලීහ. යම් කෙනෙක් කේවලී වෙත් ද, ඔවුනට පනවනු සඳහා වර්‍තයෙක් නැති. මහණෙනි, මෙසෙයින් වනාහි මහණ සත්තැනෙක දක්‍ෂ වූයේ වෙයි.
කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු තිවිධූපපරික‍්ඛී හොති:
මහණෙනි, කිසෙයින් මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වේය යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ධාතුසො උපපරික‍්ඛති, ආයතනසො උපපරික‍්ඛති, පටිච‍්චසමුප‍්පාදසො උපපරික‍්ඛති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු තිවිධූපපරික‍්ඛී හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධාතු වශයෙන් විමසා බලයි, ආයතන වශයෙන් විමසා බලයි, පටිච්චසමුප්පාද වශයෙන් විමසා බලයි. මහණෙනි මෙසෙයින් වනාහි මහණ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති වෙයි.
සත‍්තට‍්ඨානකුසලො භික‍්ඛවෙ, භික‍්ඛු තිවිධූපපරික‍්ඛී ඉමස‍්මිං ධම‍්මවිනයෙ කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වුච‍්චතීති.
මහණෙනි, සත්තැනෙක දක්‍ෂ වූ ත්‍රිවිධ උපපරීක්‍ෂා ඇති මහණ මේ ශාසනයෙහි (කළ සියලු කිස ඇති හෙයින්) කේවලී යැ, (විසූ මග බඹසර ඇති හෙයින්) උෂිතවත් යැ, උත්තම පුරුෂ යි කියනු ලැබෙයි වදාළසේකි.