යෙදුමෙන් කියවන්න

සම‍්බුද‍්ධ සුත‍්තං

1. 2. 1. 6.

1. 2. 1. 6.

සම‍්බුද‍්ධ සුත‍්තං

සම්බුද්ධ සූත්‍රය

58. සාවත්‍ථියං:

58. සැවැත්නුවර:

තථාගතො භික‍්ඛවෙ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත‍්තො සම‍්මාසම‍්බුද‍්ධො’ති වුච‍්චති. භික‍්ඛුපි භික‍්ඛවෙ, පඤ‍්ඤාවිමුත‍්තො රූපස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො ‘පඤ‍්ඤාවිමුත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද රූපය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් තෘෂ්ණාදි විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.

තථාගතො භික‍්ඛවෙ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරානං -පෙ- විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත‍්තො ‘සම‍්මාසම‍්බුද‍්ධො’ති වුච‍්චති. භික‍්ඛුපි භික‍්ඛවෙ, පඤ‍්ඤාවිමුත‍්තො විඤ‍්ඤාණස‍්ස නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදාවිමුත‍්තො ‘පඤ‍්ඤාවිමුත‍්තො’ති වුච‍්චති.

මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තෙමේ වේදනාව පිළිබඳ ... සංඥාව පිළිබඳව ... සංස්කාර පිළිබඳව ... විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘සම්මා සම්බුද්ධ’ යි කියනු ලැබෙයි. මහණෙනි, ප්‍රඥාවිමුත්ත මහණ ද විඥානය පිළිබඳ නිර්වේදයෙන් විරාගයෙන් නිරෝධයෙන් උපාදාන විසින් ග්‍රහණය නො කොට මිදුණේ ‘පඤ්ඤා විමුත්ත’ යි කියනු ලැබේ.

තත්‍ර භික‍්ඛවෙ, කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං, තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඤ‍්ඤාවිමුත‍්තෙන භික‍්ඛුනාති?

මහණෙනි, එහි ලා ප්‍රඥාවිමුක්ත භික්‍ෂු හා තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ, අධ්‍යාශය කවරෙ යැ, නානාකරණය කිමැ?

භගවංමූලකා නො භන‍්තෙ, ධම‍්මා භගවංනෙත‍්තිකා භගවංපටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තඤ‍්ඤෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති.

වහන්ස, ධර්‍මයෝ අපහට භගවත්හු මුල් කොට ඇත්තාහ, භගවත්හු නේතෘ කොට ඇත්තාහ, භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, එකැතින් මැනවි, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහ යි.

තෙන හි භික‍්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙ’ති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවූ කියන්නෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

තථාගතො භික‍්ඛවෙ, අරහං සම‍්මාසම‍්බුද‍්ධො අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා. අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතා. අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතා. මග‍්ගඤ‍්ඤූ, මග‍්ගවිදූ, මග‍්ගකොවිදො, මග‍්ගානුගා ච භික‍්ඛවෙ, එතරහි සාවකා විහරන‍්ති, පච‍්ඡා සමන‍්නාගතා.

මහණෙනි, තථාගත වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ නූපන් මාර්‍ගය උපදවන්නාහ, අසඤ්ජාතමාර්‍ගය සංජනනය කරන්නාහ, අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ. (දත් හෙයින්) මාර්‍ගඥයහ, (ප්‍රකටකළ හෙයින්) මාර්‍ගවිද්හ, (මග - නො මග දත් හෙයින්) මාර්‍ග නිපුණහ. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්.

අයං ඛො භික‍්ඛවෙ, විසෙසො අයං අධිප‍්පායො, ඉදං නානාකරණං තථාගතස‍්ස අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඤ‍්ඤාවිමුත‍්තෙන භික‍්ඛුනාති.

මහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණ හා තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ මේ විශේෂ යි, මේ අධ්‍යාශය යි. මේ නානාකරණ යි.