පඤ්චවග්ගිය සුත‍්තං
1. 2. 1. 7.
1. 2. 1. 7.
පඤ‍්චවග‍්ගිය සුත‍්තං
පඤ්චවග්ගිය සූත්‍රය
59. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා පඤ‍්චවග‍්ගියෙ භික‍්ඛූ ආමන‍්තෙසි, “භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
59. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වාසය කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි පඤ්චවග්ගිය භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
රූපං භික‍්ඛවෙ, අනත‍්තා. රූපඤ‍්ච හිදං භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, රූපං අනත‍්තා, තස‍්මා රූපං ආබාධාය සංවත‍්තති. න ච ලබ‍්භති රූපෙ “එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී”ති.
මහණෙනි, රූපය අනාත්ම යැ, මහණෙනි, මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් රූපය අනාත්මද, එහෙයින් රූපය ආබාධ පිණිස වැටෙයි. රූපයෙහි ලා “මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද නො වෙයි.
වෙදනා භික‍්ඛවෙ අනත‍්තා. -පෙ- සඤ‍්ඤා භික‍්ඛවෙ අනත‍්තා -පෙ- සඞ‍්ඛාරා භික‍්ඛවෙ අනත‍්තා. -පෙ- විඤ‍්ඤාණං භික‍්ඛවෙ අනත‍්තා. විඤ‍්ඤාණඤ‍්ච හිදං භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, නයිදං විඤ‍්ඤාණං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච විඤ‍්ඤාණෙ, “එවං මෙ විඤ‍්ඤාණං හොතු, එවම‍්මෙ විඤ‍්ඤාණං මා අහොසී”ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, විඤ‍්ඤාණං අනත‍්තා, තස‍්මා විඤ‍්ඤාණං ආබාධාය සංවත‍්තති, න ච ලබ‍්භති විඤ‍්ඤාණෙ. “එවම‍්මෙ විඤ‍්ඤාණං හොතු එවම‍්මෙ විඤ‍්ඤාණං මා අහොසී”ති.
මහණෙනි, වේදනාව අනාත්ම යැ, ... සංඥාව අනාත්ම යැ, ... සංස්කාර අනාත්ම යැ, ... විඥානය අනාත්ම යැ, මහණෙනි, මේ විඥානය ආත්ම වූයේ නම් මේ විඥානය ආබාධ පිණිස නොවැටෙන්නේ යැ. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නො වේව” යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් විඥානය අනාත්මද, එහෙයින් විඥානය ආබාධ පිණිස වැටෙයි. විඥානයෙහි ලා “මාගේ විඥානය මෙසේ වේවා , මාගේ විඥානය මෙසේ නො වේව” යි නො ද ලැබෙන්නේ වෙයි.
තං කිම‍්මඤ‍්ඤථ භික‍්ඛවෙ, රූපං නිච‍්චං වා අනිච‍්චං වා’ති? අනිච‍්චං භන‍්තෙ.
මහණෙනි, එ කිමැයි හඟිවු ද “රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ” යි. වහන්ස අනිත්‍ය යැ.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වා’ති? දුක‍්ඛං භන‍්තෙ.
යමක් වූකලි අනිත්‍ය නම් එ දුක් හෝ සුව හෝ වේ ද? වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං, දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති? නො හෙතං භන‍්තෙ.
යමක් වනාහි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වා ති? අනිච‍්චං භන‍්තෙ.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ යි. වහන්ස අනිත්‍ය යැ.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වා’ති? දුක‍්ඛං භන‍්තෙ.
යමක් වනාහි අනිත්‍ය ද, එය දුක් හෝ සුව හෝ යි. වහන්ස, දුක් යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං, ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති? නො හෙතං භන‍්තෙ.
යමක් වූකලි අනිත්‍යද, දුක් ද, පෙරැළෙන සැහැවි ඇත් ද, “තෙලෙ මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම” යි එය දක්නට සුදුසු ද? වහන්ස, තෙලෙ නො වේ මැ යි.
තස‍්මා තිහ භික‍්ඛවෙ, යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං, නෙතං මම, නෙසොහමස‍්මි. න මෙසො අත‍්තා’ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
මහණෙනි, එහෙයින් මෙහි ලා අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ, අධ්‍යාත්ම වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි රූපයක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් රූපයකුත් ඇත් ද, එ සියලු රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක් ප්‍රඥායෙන් (විදර්‍ශනාඥානයෙන්) දැක්ක යුතු යි.
යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ‍්ඤා -පෙ- යෙ කෙචි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං, අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා, යං දූරෙ සන‍්තිකෙ වා සබ‍්බං විඤ‍්ඤාණං ‘නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙසො අත‍්තා’ති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං.
යම්කිසි වේදනාවක් ... යම්කිසි සංඥාවක් ... යම්කිසි සංස්කාර ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්මය වේවයි බාහිර වේවයි ඕළාරික වේවයි සුඛුම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි විඥානයෙක් ඇත් ද, දුර හෝ ළඟ හෝ යම් විඥානයකුත් ඇත් ද, එ සියලු විඥානය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ” යි මෙසේ තෙල තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤාය’පි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසු’පි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති; ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.
මහණෙනි, මෙසේ විවසුන් නැණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ නො ඇලෙයි, නො ඇලීම් හේතුයෙන් (කෙලෙසුන් කෙරෙන්) මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වි යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව සඳහා කළයුතු අන්කිසෙක් නැතැ” යි දැන ගනියි.
ඉදමවොච භගවා. අත‍්තමනා පඤ‍්චවග‍්ගියා භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුං. ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ පඤ‍්චවග‍්ගියානං භික‍්ඛූනං අනුපාදාය ආසවෙහි චිත‍්තානි විමුච‍්චිංසූති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ පස්වග මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ. මෙ ව්‍යෙයාකරණය වදාරත් මැ පස්වග මහණුන්ගේ සිත් උපාදාන විසින් නො ගෙන මිදුණේ යි.