මහාලි සුත‍්තං
1. 2. 1. 8.
1. 2. 1. 8.
මහාලි සුත‍්තං
මහාලි සූත්‍රය
60. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො මහාලි ලිච‍්ඡවි යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නො ඛො මහාලි ලිච‍්ඡවි භගවන‍්තං එතදවොච:
60. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි වූ කූටාගාර ශාලායෙහි වැඩ වාසය කෙරෙති. එ කල්හි මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හුන්නේ යැ, එකත්පස්ව හුන් මහාලි ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය:
පූරණො භන‍්තෙ, කස‍්සපො එවමාහ: “නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං සංකිලෙසාය. අහෙතූ අප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති. නත්‍ථි හෙතු නත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා අහෙතූ අප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්තී”ති. ඉධ භගවා කිමාහාති.
වහන්ස, පූරණකාශ්‍යප මෙසේ කියයි: “සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. සත්‍වයන්ගේ විශුද්ධියට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතු රහිත වැ ප්‍රත්‍යය රහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත්” යි. මේ කරුණෙහි ලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් ද?
අත්‍ථි මහාලි, හෙතු අත්‍ථි පච‍්චයො සත‍්තානං සංකිලෙසාය, සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති. අත්‍ථි මහාලි, හෙතු අත්‍ථි පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා, සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්තීති.
මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ කෙලෙසෙති. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත. ප්‍රත්‍යය ඇත. හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ සත්‍වයෝ විශුද්ධ වෙත් යි.
කතමො පන භන‍්තෙ, හෙතු කතමො පච‍්චයො සත‍්තානං සංකිලෙසාය, කථං සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්තීති?
වහන්ස, සත්‍වයන්ගේ කෙලෙසීමට හේතු කවරැ, ප්‍රත්‍යය කවර යැ, කිසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත් දැ යි.
රූපඤ‍්ච හිදං මහාලි, එකන‍්තදුක‍්ඛං අභවිස‍්ස දුක‍්ඛානුපතිතං දුක‍්ඛාවක‍්කන‍්තං, අනවක‍්කන‍්තං සුඛෙන, නයිදං සත‍්තා රූපස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො මහාලි, රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං දුක‍්ඛෙන තස‍්මා සත‍්තා රූපස‍්මිං සාරජ‍්ජන‍්ති. සාරාගා සංයුජ‍්ජන‍්ති, සංයොගා සංකිලිස‍්සන‍්ති. අයම‍්පි ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං සංකිලෙසාය, එවං සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් රූපය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි ඇලෙති, ඇලීමෙන් (සංයෝජන වශයෙන්) බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මෙ ද හේතුයෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
වෙදනා ච හිදං මහාලි, එකන‍්තදුක‍්ඛා අභවිස‍්ස, දුක‍්ඛානුපතිතා දුක‍්ඛාවක‍්කන‍්තා, අනවක‍්කන‍්තා සුඛෙන, නයිදං සත‍්තා වෙදනාය සාරජ‍්ජෙය්‍යුං, යස‍්මා ච ඛො මහාලි, වෙදනා සුඛා සුඛානුපතිතා, අනවක‍්කන‍්තා දුක‍්ඛෙන තස‍්මා සත‍්තා වෙදනාය සාරජ‍්ජන‍්ති. සාරාගා සංයුජ‍්ජන‍්ති. සංයොගා සංකිලිස‍්සන‍්ති. අයම‍්පි ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං සංකිලෙසාය. එවම‍්පි සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති.
මහාලි, වේදනාව ද ඒකාන්තයෙන් දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි වැදගත්තක් සුවයෙහි නො වැදගත්තක් වී නම් සත්‍වයෝ වේදනායෙහි නො ඇලෙන්නාහුය. මහාලි, යම් හෙයකින් වේදනාව සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ වේදනායෙහි ඇලෙති, ඇලීම් හේතුයෙන් බැඳෙති, බැඳීමෙන් කෙලෙසෙත්. මහාලි, මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයකි. මෙසෙයින් සත්‍වයෝ හේතු සහිත වැ ප්‍රත්‍යය සහිත වැ කෙලෙසෙත්.
සඤ‍්ඤා ච -පෙ- සඞ‍්ඛාරා ච හිදං මහාලි, එකන‍්තදුක‍්ඛා අභවිස‍්සංසු, දුක‍්ඛානුපතිතා දුක‍්ඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා සුඛෙන, නයිදං සත‍්තා සඞ‍්ඛාරෙසු සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො, මහාලි, සඞ‍්ඛාරා සුඛා සුඛානුපතිතා සුඛාවක‍්කන‍්තා අනවක‍්කන‍්තා දුක‍්ඛෙන, තස‍්මා සත‍්තා සඞ‍්ඛාරෙසු සාරජ‍්ජන‍්ති, සාරාගා සංයුජ‍්ජන‍්ති, සඤ‍්ඤොගා සංකිලිස‍්සන‍්ති. අයම‍්පි ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං සංකිලෙසාය. එවම‍්පි ඛො සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්ති.
සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත දුක් වූවාහු දුකෙහි පතිත වූවාහු දුකෙහි වැදගත්තාහු සුවයෙහි නො වැදගත්තාහු වූවාහු නම් සත්‍වයෝ සංස්කාරයන්හි නෑලෙන්නාහුය. යම්හෙයකින් මහාලි, සංස්කාර සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුක්ඛයෙන් අවක්‍රාන්ත නො වෙත් ද, එහෙයින් සත්‍වයෝ සංස්කාරයන්හි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, සත්‍වයන්ගේ කෙලෙසීමට මෙ ද හේතුවෙකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ කෙලෙසෙත්.
විඤ‍්ඤාණඤ‍්ච හිදං මහාලි, එකන‍්තදුක‍්ඛං අභවිස‍්ස, දුක‍්ඛානුපතිතං දුක‍්ඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං සුඛෙන, නයිදං සත‍්තා විඤ‍්ඤාණස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො මහාලි, විඤ‍්ඤාණං සුඛං සුඛානුපතිතං සුඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං දුක‍්ඛෙන, තස‍්මා සත‍්තා විඤ‍්ඤාණස‍්මිං සාරජ‍්ජන‍්ති, සාරාගා සංයුජ‍්ජන‍්ති, සංයොගා සංකිලිස‍්සන‍්ති. අයම‍්පි ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං සංකිලෙසාය. එවං සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා සංකිලිස‍්සන‍්තීති.
මහාලි, විඥානය ද ඒකාන්ත දුක් වූවක් දුකෙහි පතිත වූවක් දුකෙහි අවතීර්‍ණ වූවක් සුවයෙහි අවතීර්‍ණ නො වූවක් වී නම් සත්‍වයෝ විඥානයෙහි නො ඇලෙන්නාහුය. යම් හෙයකින්, මහාලි, විඥානය සුඛ ද, සුඛානුපතිත ද, සුඛාවතීර්‍ණ ද, දුඃඛාවතීර්‍ණ නො වේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයයෙහි ඇලෙති, ඇලීම නිසා බැඳෙති, බැඳීම නිසා කෙලෙසෙත්. මහාලි, මෙ ද සත්‍වයන්ගේ කෙලෙසීමට හේතුවෙකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ කෙලෙසෙත්.
කතමො පන භන‍්තෙ, හෙතු කතමො පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා, කථං සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්තීති?
වහන්ස, සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස හේතු කවරැ ප්‍රත්‍යය කවර යැ කිසෙයින් සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධ වෙත් දැයි.
රූපඤ‍්ච හිදං මහාලි, එකන‍්තසුඛං අභවිස‍්ස, සුඛානුපතිතං සුඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං දුක‍්ඛෙන, නයිදං සත‍්තා රූපස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො මහාලි, රූපං දුක‍්ඛං. දුක‍්ඛානුපතිතං, දුක‍්ඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං සුඛෙන, තස‍්මා සත‍්තා රූපස‍්මිං නිබ‍්බින්‍දන‍්ති, නිබ‍්බින්‍දං විරජ‍්ජන‍්ති, විරාගා විසුජ‍්ඣන‍්ති. අයම‍්පි ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා. එවම‍්පි සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්ති.
මහාලි, රූපය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ රූපයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින් මහාලි, රූපය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ රූපයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් පිරිසිදු වෙත්. මහාලි, සත්‍වයන්ගේ, විශුද්ධිය පිණිස මෙ ද හේතු යි, මෙ ප්‍රත්‍යය යි. මෙසේ සහේතුක වැ සප්‍රත්‍යය වැ සත්‍වයෝ විශුද්ධියට යෙත්.
වෙදනා ච හිදං මහාලි, එකන‍්තසුඛා අභවිස‍්ස -පෙ- සඤ‍්ඤා ච හිදං මහාලි -පෙ- සඞ‍්ඛාරා ච හිදං මහාලි, එකන‍්තසුඛා අභවිස‍්සංසු -පෙ- විඤ‍්ඤාණඤ‍්ච හිදං මහාලි, එකන‍්තසුඛං අභවිස‍්ස, සුඛානුපතිතං, සුඛාවක‍්කන‍්තං, අනවක‍්කන‍්තං දුක‍්ඛෙන, නයිදං සත‍්තා විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො මහාලි, විඤ‍්ඤාණං දුක‍්ඛං දුක‍්ඛානුපතිතං දුක‍්ඛාවක‍්කන‍්තං අනවක‍්කන‍්තං සුඛෙන, තස‍්මා සත‍්තා විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දන‍්ති, නිබ‍්බින්‍දං විරජ‍්ජන‍්ති. විරාගා විසුජ‍්ඣන‍්ති. අයං ඛො මහාලි, හෙතු අයං පච‍්චයො සත‍්තානං විසුද‍්ධියා. එවං සහෙතූ සප‍්පච‍්චයා සත‍්තා විසුජ‍්ඣන‍්තීති.
මහාලි, වේදනාව ද ඒකාන්ත සුඛ වී නම් ... මහාලි, සංඥාව ද ... මහාලි, සංස්කාර ද ඒකාන්ත සුඛ වූවාහු නම් ... මහාලි, විඥානය ද ඒකාන්තයෙන් සුව වූවක් සුවයෙහි පතිත වූවක් සුවයෙහි පිවිසගත්තක් දුකෙහි නො පිවිස ගත්තක් වී නම්, සත්‍වයෝ විඥානයෙහි නො කලකිරෙන්නාහ. යම් හෙයෙකින්, මහාලි, විඥානය දුක් ද, දුකෙහි පතිත ද, දුකෙහි පිවිස ගත්තේ ද, සුවයෙහි නො පිවිස ගත්තේ ද, එහෙයින් සත්‍වයෝ විඥානයෙහි කලකිරෙති, කලකිරෙන්නාහු නො ඇලෙති, නො ඇලීමෙන් විශුද්ධ වෙත්. මහාලි, සත්‍වයන්ගේ විශුද්ධියට මෙ ද හේතුවකි, මෙ ප්‍රත්‍යයෙකි. මෙසෙයින් සත්‍වයෝ සහේතුක වැ සප්‍රත්‍යය වැ විශුද්ධ වෙති යි.