ආදිත්ත සුත‍්තං
1. 2. 1. 9.
1. 2. 1. 9.
ආදිත‍්ත සුත‍්තං
ආදිත්ත සූත්‍රය
61. සාවත්‍ථියං:
61. සැවැත්නුවර:
රූපං භික‍්ඛවෙ, ආදිත‍්තං. වෙදනා ආදිත‍්තා, සඤ‍්ඤා ආදිත‍්තා, සඞ‍්ඛාරා ආදිත‍්තා, විඤ‍්ඤාණං ආදිත‍්තං.
මහණෙනි, රූපය ආදීප්ත යැ (හාත්පසින් ඇවිළගත්තේ වෙයි), වේදනාව ආදීප්ත යැ, සංඥාව ආදීප්ත යැ, සංස්කාර ආදීප්ත යැ, විඥානය ආදීප්ත යි.
එවං පස‍්සං භික‍්ඛවෙ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතී’ති.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනායෙහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයන්හි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි දැනීම වෙයි. “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ බව් සඳහා අන් කිසෙක් නැතැයි” දැනගනී යි.