යෙදුමෙන් කියවන්න

දුතිය නන්‍දික‍්ඛය සුත‍්තං

1. 1. 5. 10.

1. 1. 5. 10.

දුතිය නන්‍දික‍්ඛය සුත‍්තං

දෙවැනි නන්‍දික්ඛය සූත්‍රය

52. සාවත්‍ථියං–

52. සැවැත්නුවර–

රූපං භික‍්ඛවෙ, යොනිසො මනසි කරොථ, රූපානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. රූපං භික‍්ඛවෙ, භික‍්ඛු යොනිසො මනසිකරොන‍්තො රූපානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො රූපස‍්මිං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො. නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව, රූපයාගේ අනිත්‍යතාව ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ, රූපය නුවණින් මෙනෙහි කරනුයේ රූපයාගේ අනිත්‍යතාව ද ඇතිසැටි දක්නේ රූපයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දි රාගක්‍ෂයයෙන් සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබෙයි.

වෙදනං භික‍්ඛවෙ, -පෙ- සඤ‍්ඤං භික‍්ඛවෙ, -පෙ- සඞ‍්ඛාරෙ භික‍්ඛවෙ, -පෙ- විඤ‍්ඤාණං භික‍්ඛවෙ, යොනිසො මනසිකරොථ, විඤ‍්ඤාණානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සථ. විඤ‍්ඤාණං භික‍්ඛවෙ භික‍්ඛු, යොනිසො මනසිකරොන‍්තො විඤ‍්ඤාණානිච‍්චතඤ‍්ච යථාභූතං සමනුපස‍්සන‍්තො විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො. නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.

මහණෙනි, වේදනාව ... මහණෙනි, සංඥාව … මහණෙනි, සංස්කාර … මහණෙනි, විඥානය නුවණින් මෙනෙහි කරව, විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට බලව, මහණෙනි, මහණ විඥානය නුවණින් මෙනෙහි කරන්නේ විඥානයාගේ අනිත්‍යතා ද යථාභූත කොට දක්නේ විඥානයෙහි කලකිරෙයි, නන්‍දිසංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මිදුණේ වෙසෙසින් මිදුණේ යි කියනු ලැබේ යයි වදාළසේක.

අත‍්තදීපවග‍්ගො පඤ‍්චමො.

පස්වෙනි අත්තදීපවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අත‍්තදීපා පටිපදා - ද‍්වෙ ච හොන‍්ති අනිච‍්චතා සමනුපස‍්සනා ඛන්‍ධා ද‍්වෙ - සොණා ද‍්වෙ නන්‍දික‍්ඛයෙන චාති.

අත්තදීප සූත්‍ර ය, අනිච්චතා සූත්‍ර දෙක ය, සමානුපස්සනා සූත්‍ර ය, ඛන්‍ධ සූත්‍ර සෝණ සූත්‍ර දෙක ය, නන්‍දික්ඛය සූත්‍ර දෙක දැයි අත්තදීපවර්‍ගයෙහි සූත්‍ර දශයෙකි.

මූලපණ‍්ණාසකං සමත‍්තං

මූලපණ්ණාසකය සමාප්ත යි.

තස‍්ස මූලපණ‍්ණාසකස‍්ස වග‍්ගුද‍්දානං:

ඒ මූලපණ්ණාසකයේ වර්ගෝද්දානය:

නකුලපිතා අනිච‍්චො ච - භාරො න තුම‍්හාකෙන ච අත‍්තදීපෙන පඤ‍්ඤාසං - පඨමං තෙන වුච‍්චතීති.

නකුලපිතු වර්‍ග ය, අනිච්ච වර්‍ග ය හා භාරවර්‍ග ය නතුම්හාක වර්‍ගයෙන් ද, අත්තදීප වර්‍ගයෙන් ද පඨම පණ්ණාසකය කියනු ලැබේ.