5. අත්තදීපවග්ගො අට්ඨකථා
5. අත්තදීප වර්ගය
1. අත්තදීප සුත්තවණ්ණනා
1. අත්තදීප සූත්‍ර වර්ණනාව
අත්තදීපවග්ගස්ස පඨමෙ අත්තදීපාති අත්තානං දීපං තාණං ලෙණං ගතිං පරායණං පතිට්ඨං කත්වා විහරථාති අත්ථො. අත්තසරණාති ඉදං තස්සෙව වෙවචනං. අනඤ්ඤසරණාති ඉදං අඤ්ඤස්ස සරණපටික්ඛෙපවචනං. න හි අඤ්ඤො අඤ්ඤස්ස සරණං හොති අඤ්ඤස්ස වායාමෙන අඤ්ඤස්ස අසිජ්ඣනතො, වුත්තම්පි චෙතං –
අන්තදීප වර්ගයේ පළමු සූත්‍රය - “අත්තදීපා” යනු තමා දිවයිනක්, පිහිටක්, ආරක්ෂාවක්, ගතියක්, පිහිටක්, උපකාරයක් කර වෙසෙවු යන අර්ථයයි. “අත්තසරණා” යනු මෙයටම සමාන වචනයකි. “අනඤ්ඤසරණා” මෙය අනෙකෙකුගේ පිහිට සෙවීම ප්‍රතික්ෂේප කරයි. අනිකෙක් අනිකකුට පිහිට නොවේ. අනිකකුගේ වෑයමෙන් අනිකකුගේ දුකින් මිදීම සිදු නොවේ. මෙය කියන ලදී.
“අත්තා හි අත්තනො නාථො, කො හි නාථො පරො සියා”ති. (ධ· ප· 160);
“තමාට පිහිට තමාමය. තමාට පිහිටවන වෙන අයෙක් සිටින්නේ කොහිද?”
තෙනාහ “අනඤ්ඤසරණා”ති. කො පනෙත්ථ අත්තා නාම? ලොකියලොකුත්තරො ධම්මො. තෙනෙවාහ – “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා”ති. යොනීති කාරණං – “යොනි හෙසා, භූමිජ, ඵලස්ස අධිගමායා”තිආදීසු (ම· නි· 3.227) විය. කිංපහොතිකාති කිංපභුතිකා, කුතො පභවන්තීති අත්ථො? රූපස්ස ත්වෙවාති ඉදං තෙසංයෙව සොකාදීනං පහානදස්සනත්ථං ආරද්ධං. න පරිතස්සතීති න ගණ්හාති න ගහති. තදඞ්ගනිබ්බුතොති තෙන විපස්සනඞ්ගෙන කිලෙසානං නිබ්බුතත්තා තදඞ්ගනිබ්බුතො. ඉමස්මිං සුත්තෙ විපස්සනාව කථිතා.
එනිසා “අනඤ්ඤසරණා” (අනිකකු පිහිට නොවේ) යැයි කියන ලදී. මෙහි “අත්ත” නම් කවුද? “අත්තා” (තමා) යනු ලෞකික-ලෝකෝත්තර ධර්මයන්ය. එනිසා “ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා” යනුවෙන් කියන ලදී. “යොනි” යනු කාරණයයි. හේතුවයි. “මෙය භූමියේ උපන් ඵලයන් අවබෝධයට හේතුවකි.” ආදියෙහි මෙනි. “කිං පහොතිකා” යනු “කුමක් ප්රමුඛ කොට ඇත්තේද? කොතැනින් හටගනී ද?” යන අර්ථයි. “රූපස්සත්වෙව” මෙය ඒ ශෝකාදියේ ප්රහාණය දැක්වීමට ම අරඹන ලදී. “නපරිතස්සති” යනු නොගනියි. බිය නොවේ යනුයි. “තදංග නිබ්බුතො” එයින් විපස්සනා (විදසුන්) අංගයන්ගෙන් ශෝකාදිය නිවුණු බැවින් තදංග වශයෙන් (තාවකාලිකව) නිවුණෙකි. මේ සූත්‍රයෙහි විදර්ශනාවම කියන ලදී.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. පටිපදා සුත්තවණ්ණනා
2. පටිපදා සූත්‍ර වර්ණනාව
දුතියෙ දුක්ඛසමුදයගාමිනී සමනුපස්සනාති යස්මා සක්කායො දුක්ඛං, තස්ස ච සමුදයගාමිනී පටිපදා නාම “රූපං අත්තතො සමනුපස්සතී”ති එවං දිට්ඨිසමනුපස්සනා වුත්තා, තස්මා දුක්ඛසමුදයගාමිනී සමනුපස්සනාති අයමෙත්ථ අත්ථො හොති. දුක්ඛනිරොධගාමිනී සමනුපස්සනාති එත්ථ සහ විපස්සනාය චතුමග්ගඤාණං “සමනුපස්සනා”ති වුත්තං. ඉති ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
දෙවන සූත්‍රයෙහි - “දුක්ඛසමුදයගාමිණී සමනුපස්සනා” යනු යම් හෙයකින් කය සාර වශයෙන් ගැනීම දුකකි යනුයි. එයද සමුදයගාමිණි ප්‍රතිපදාව නම් රූපය ආත්ම වශයෙන් බලන්නේය” යනුවෙන් මෙසේ දෘෂ්ටිය සලකා බැලීම කියන ලදී. එනිසා දුක් ඇතිවීමේ මාර්ගය දැක්වෙන සමනුපස්සනාව (සලකා බැලීම) යැයි මෙහිදී අර්ථ දතයුතුය. “දුක්ඛනිරොධ ගාමිණී සමනුපස්සනා” යන මෙහි විදර්ශනාවත් සමග සිවුමාර්ග ඥානය “සමනුපස්සනාව’ (මැනවින් බැලීම-දැකීම) යැයි කියන ලදී. මෙසේ මෙම සූත්‍රයෙහි සසර පැවැත්ම හා නැවැත්ම පිළිබඳව කියන ලදී.
දුතියං.
දෙවැනි සූත්‍රයයි.
3. පඨම අනිච්චතා සුත්තවණ්ණනා
3. පළවැනි අනිච්චතා සූත්‍ර වර්ණනාව
තතියෙ සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති සහ විපස්සනාය මග්ගපඤ්ඤාය දට්ඨබ්බං. විරජ්ජති විමුච්චතීති මග්ගක්ඛණෙ විරජ්ජති, ඵලක්ඛණෙ විමුච්චති. අනුපාදාය ආසවෙහීති අනුප්පාදනිරොධෙන නිරුද්ධෙහි ආසවෙහි අගහෙත්වා ඉති විමුච්චති. රූපධාතුයාතිආදි පච්චවෙක්ඛණදස්සනත්ථං වුත්තං. සහ ඵලෙන පච්චවෙක්ඛණදස්සනත්ථන්තිපි වදන්තියෙව. ඨිතන්ති උපරි කත්තබ්බකිච්චාභාවෙන ඨිතං. ඨිතත්තා සන්තුස්සිතන්ති පත්තබ්බං පත්තභාවෙන සන්තුට්ඨං. පච්චත්තංයෙව පරිනිබ්බායතීති සයමෙව පරිනිබ්බායති.
තෙවන සූත්‍රයේ - “සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් දතයුතුයි යනුයි. “විරජ්ජති විමුච්චතී” යනු මාර්ගක්ෂණයෙහි නොඇලේ. විපාක ක්ෂණයෙහි මිදෙයි යනුයි. “අනුපාදාය ආසවෙහි” යනු නූපදින නිරෝධයෙන් නිරුද්ධ වූ, ආශ්‍රවයන් නොගෙන මිදෙයි යනුයි. “රූපධාතුයා” ආදිය ප්රත්යවේක්ෂණය දැක්වීමට කියන ලදී. විපාකය සමග ප්රත්යවේක්ෂණ දර්ශනය යැයි කියත්මය. “ඨිතං” යනු මතුයෙහි කරන ලද කෘත්යානුභාවයෙන් සිටි යනුයි. “ඨිතත්තා සන්තුස්සිතං” යනු පැමිණිය යුත්ත පැමිණි බවින් සතුටු වූ යනුයි. “පච්චත්තංයෙව පරිනිබ්බායති” යනු තමාම පිරිනිවේ යනුයි.
තතියං.
තෙවන සූත්‍රයයි.
4. දුතිය අනිච්චතා සුත්තවණ්ණනා
4. දෙවැනි අනිච්චතා සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පුබ්බන්තානුදිට්ඨියොති පුබ්බන්තං අනුගතා අට්ඨාරස දිට්ඨියො න හොන්ති. අපරන්තානුදිට්ඨියොති අපරන්තං අනුගතා චතුචත්තාලීස දිට්ඨියො න හොන්ති. ථාමසො පරාමාසොති දිට්ඨිථාමසො චෙව දිට්ඨිපරාමාසො ච න හොති. එත්තාවතා පඨමමග්ගො දස්සිතො. ඉදානි සහ විපස්සනාය තයො මග්ගෙ ච ඵලානි ච දස්සෙතුං රූපස්මින්තිආදි ආරද්ධං. අථ වා දිට්ඨියො නාම විපස්සනාය එව පහීනා, ඉදං පන උපරි සහ විපස්සනාය චත්තාරො මග්ගෙ දස්සෙතුං ආරද්ධං.
සිවුවන සූත්‍රයේ “පුබ්බන්තානුදිට්ඨියො” යනු පූර්වාන්තයට අනුගත වූ අටළොස් දෘෂ්ටීහු නොවෙති. “අපරන්තානුදිට්ඨියො” යනු අපරාන්තයට අනුගත වූ සිවුසාළිස් ධාතූහු නොවෙති. “ථාමසා පරාමසො” යනු දෘෂ්ටි ශක්ති විසින් දෘෂ්ටි අල්ලා ගැනීමක් සිදු නොවෙයි යනුයි. මෙපමණෙකින් පළමු මාර්ගය දක්වන ලදී. දැන් විදර්ශනාව සමග තුන් මාර්ගයන්ද ඵලයන්ද දැක්වීමට “රූපස්මිං” ආදිය අරඹන ලදී. නැතහොත් දෘෂ්ටීහු නම් විදර්ශනාවෙන්ම ප්රහීනය. මෙය වනාහී මතුයෙහි විදර්ශනාව සහිතව සිවු මාර්ගය දැක්වීමට අරඹන ලදී.
චතුත්ථං.
සිවුවන සුත්‍රයයි.
5. සමනුපස්සනා සුත්තවණ්ණනා
5. සමනුපස්සනා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති එතෙසං වා අඤ්ඤතරන්ති පරිපුණ්ණගාහවසෙන පඤ්චක්ඛන්ධෙ සමනුපස්සන්ති, අපරිපුණ්ණගාහවසෙන එතෙසං අඤ්ඤතරං. ඉති අයඤ්චෙව සමනුපස්සනාති ඉති අයඤ්ච දිට්ඨිසමනුපස්සනා. අස්මීති චස්ස අවිගතං හොතීති යස්ස අයං සමනුපස්සනා අත්ථි, තස්මිං අස්මීති තණ්හාමානදිට්ඨිසඞ්ඛාතං පපඤ්චත්තයං අවිගතමෙව හොති. පඤ්චන්නං ඉන්ද්රියානං අවක්කන්ති හොතීති තස්මිං කිලෙසජාතෙ සති කම්මකිලෙසපච්චයානං පඤ්චන්නං ඉන්ද්රියානං නිබ්බත්ති හොති.
පස්වන සූත්‍රයේ - “පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති එතෙසං වා අඤ්ඤතරං” යනු පිරිපුන්ව ගැනීම් වශයෙන් පංචස්කන්ධය දකිති. අපරිපූර්ණව ගැනීම් වශයෙන් මෙයින් අන්‍ය වූ දෙයක් හෝ දකියි යනුයි. “ඉති අයංචෙව සමනුපස්සනා” යනු මේ දෘෂ්ටි සමනුපස්සනාවයි. “අස්මීති චස්ස අවිගතං හොති” යනු යමෙකුට මේ සමනුපස්සනාව ඇත්නම් එහි “මම වෙමි”යි තහා-මාන-දෘෂ්ටි සංඛ්‍යාත වූ ප්රපඤ්චත්රය ඉවත් නොවුයේ ම ය. “පඤ්චන්නං ඉන්ද්රියානං අවක්කන්ති හොති” යනු ඒ ක්ලේශයන් උපන් කල්හි කර්ම ක්ලේශ ප්‍රත්‍යයන්ගේ වූ පසිඳුරන්ගේ ඉපදීම වේ.
අත්ථි, භික්ඛවෙ, මනොති ඉදං කම්මමනං සන්ධාය වුත්තං. ධම්මාති ආරම්මණං. අවිජ්ජාධාතූති ජවනක්ඛණෙ අවිජ්ජා. අවිජ්ජාසම්ඵස්සජෙනාති අවිජ්ජාසම්පයුත්තඵස්සතො ජාතෙන. අපිච මනොති භවඞ්ගක්ඛණෙ විපාකමනොධාතු, ආවජ්ජනක්ඛණෙ කිරියමනොධාතු. ධම්මාදයො වුත්තප්පකාරාව. අස්මීතිපිස්ස හොතීති තණ්හාමානදිට්ඨිවසෙන අස්මීති එවම්පිස්ස හොති. ඉතො පරෙසු අයමහමස්මීති රූපාදීසු කිඤ්චිදෙව ධම්මං ගහෙත්වා “අයං අහමස්මී”ති අත්තදිට්ඨිවසෙන වුත්තං. භවිස්සන්ති සස්සතදිට්ඨිවසෙන. න භවිස්සන්ති උච්ඡෙදදිට්ඨිවසෙන. රූපී භවිස්සන්තිආදීනි සබ්බානි සස්සතමෙව භජන්ති. අථෙත්ථාති අථ තෙනෙවාකාරෙන ඨිතෙසු එතෙසු ඉන්ද්රියෙසු. අවිජ්ජා පහීයතීති චතූසු සච්චෙසු අඤ්ඤාණභූතා අවිජ්ජා පහීයති. විජ්ජා උප්පජ්ජතීති අරහත්තමග්ගවිජ්ජා උප්පජ්ජති. එවමෙත්ථ අස්මීති තණ්හාමානදිට්ඨියො. කම්මස්ස පඤ්චන්නඤ්ච ඉන්ද්රියානං අන්තරෙ එකො සන්ධි, විපාකමනං පඤ්චින්ද්රියපක්ඛිකං කත්වා පඤ්චන්නඤ්ච ඉන්ද්රියානං කම්මස්ස ච අන්තරෙ එකො සන්ධීති. ඉති තයො පපඤ්චා අතීතො අද්ධා, ඉන්ද්රියාදීනි පච්චුප්පන්නො අද්ධා, තත්ථ කම්මමනං ආදිං කත්වා අනාගතස්ස පච්චයො දස්සිතොති.
“අත්ථි භික්ඛවෙ මනො” යන මෙය කර්මය සඳහා කියන ලදී. “ධම්මා” යනු අරමුණයි. “අවිජ්ජාධාතු” යනු ජවන ක්ෂණයෙහි අවිද්‍යාවයි. “අවිජ්ජා සම්ඵස්සජෙන” අවිද්‍යාවෙන් යුක්ත වූ ස්පර්ශයෙන් හටගත්. තවද “මනො” යනු භවංගක්ෂණයෙහි විපාක මනෝධාතුවයි. ආවර්ජන ක්ෂණයෙහි ක්‍රියා මනෝ ධාතු කර්මාදිය කියන ලද පරිදිමය. “අස්මීති පිස්සහොති” යනු තණ්හා-මාන-දෘෂ්ටි වශයෙන් “මම වෙමි”යි ඔහුට සිත්වේ යනුයි. මෙයින් අන්‍ය වූ “අයම්හස්මී” යි රූපාදියෙහි කිසියම් හෝ ධර්මයක් ගෙන මෙය “මම වෙමි”යි ආත්ම දෘෂ්ටි වශයෙන් කියන ලදී. “භවිස්සන්ති” යනු ශාස්වත දෘෂ්ටි වශයෙනි. “සභවීස්සන්ති” යනු උච්ඡේද දෘෂ්ටි වශයෙනි. “අථෙත්ථා” යනු ඉක්බිති ඒ ආකාරයෙන්ම සිටි මේ ඉන්ද්රියයන්හිය. “අවිජ්ජාපහීයති” යනු සිවු සත්‍යයන්හි නොදන්නා බව වූ අවිද්‍යාව ප්‍රහීන වේ යනුයි. “විජ්ජා උප්පජ්ජතී” යනු අර්හත් මාර්ග විද්‍යාව උපදියි. “අස්මි” යනු තෘෂ්ණා-මාන දෘෂ්ටීහුය. මෙසේ මේ කර්මයාගේ පසිඳුරන් අතරෙහි එක් සන්ධියකි. විපාකමය වූ පංචින්ද්රිය පාක්ෂික වූ පසිඳුරන්ගේ කර්මය අතර එක් සන්ධියකි. මෙසේ ත්‍රිවිධ ප්‍රපඤ්චයෝ ඒකාන්තයෙන් ඉක්මගියෝය. ඒකාන්තයෙන් ඉන්ද්රියාදිය ප්‍රත්‍යුත්පන්නය. එහි කර්ම මනස ආදීකොට අනාගතයේ ප්‍රත්‍ය දක්වන ලදී.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. ඛන්ධ සුත්තවණ්ණනා
6. ඛන්ධ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ රූපක්ඛන්ධො කාමාවචරො, චත්තාරො ඛන්ධා චතුභූමකා. සාසවන්ති ආසවානං ආරම්මණභාවෙන පච්චයභූතං. උපාදානියන්ති තථෙව ච උපාදානානං පච්චයභූතං. වචනත්ථො පනෙත්ථ – ආරම්මණං කත්වා පවත්තෙහි සහ ආසවෙහීති සාසවං. උපාදාතබ්බන්ති උපාදානියං. ඉධාපි රූපක්ඛන්ධො කාමාවචරො, අවසෙසා තෙභූමකා විපස්සනාචාරවසෙන වුත්තා. එවමෙත්ථ රූපං රාසට්ඨෙන ඛන්ධෙසු පවිට්ඨං, සාසවරාසට්ඨෙන උපාදානක්ඛන්ධෙසු. වෙදනාදයො සාසවාපි අත්ථි, අනාසවාපි අත්ථි. තෙ රාසට්ඨෙන සබ්බෙපි ඛන්ධෙසු පවිට්ඨා, තෙභූමකා පනෙත්ථ සාසවට්ඨෙන උපාදානක්ඛන්ධෙසු පවිට්ඨාති.
සවැනි සූත්‍රයේ - රූපස්කන්ධය කාමාවචරය. සිවු ස්කන්ධයෝ සිවුභූමිකය. “සාසවං” යනු ආශ්‍රවයන්ගේ අරමුණු ස්වභාවයෙන් ප්‍රත්‍ය වූ යනුයි. “උපාදානීයං” යනු එසේම උපාදානයන්ගේ ප්‍රත්‍ය වූ යනුයි. මෙහි වචනාර්ථය වනාහී - අරමුණු කොට පවත්වයි. ආශ්‍රවයන් සහිත වූයේ සාශ්රවය. දැඩිව ගතයුතු යනු උපාදානීය වූ. මෙහිද රූපස්කන්ධය කාමාවචරය. ඉතිරි වූ ත්‍රෛභූමික විදර්ශනාව වාර වශයෙන් කියන ලදී. මෙසේ මෙහි රූපය රාශි අර්ථයෙන් ස්කන්ධයන්හි පිවිසියේය. ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්ධයන්හි පිවිසියේය. වේදනාදියෙහි ආශ්‍රව සහිත වූත් ආශ්‍රව රහිත වූත් වශයෙන් ප්‍රභේද වේ. ඒවා ද රාශි අර්ථයෙන් සියලුම ස්කන්ධයන්හි පිවිසියේය. ත්‍රෛභූමික වූ ධර්මයෝ මෙහි ආශ්‍රව සහිත වූ යන අර්ථයෙන් උපාදානස්කන්ධයන්හි පිවිසේ.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. පඨම සොණ සුත්තවණ්ණනා
7. පළමුවැනි සොණ සූත්‍ර වර්ණනාව
සත්තමෙ සෙය්යොහමස්මීති විසිට්ඨො උත්තමො අහමස්මි. කිමඤ්ඤත්‍ර යථාභූතස්ස අදස්සනාති යථාභූතස්ස අදස්සනතො අඤ්ඤං කිං භවෙය්ය? අදස්සනං අඤ්ඤාණමෙව භවෙය්‍යාති අත්ථො. ඉදානිස්ස තෙ පරිවට්ටං වජිරභෙදදෙසනං ආරභන්තො තං කිං මඤ්ඤසි සොණොතිආදිමාහ.
සත්වන සූත්‍රයේ “සෙය්යො හමස්මි” යනු විශිෂ්ට වූ උතුම් වූ “මම වෙමි” යැයි සිතයි යනුයි. “කිමඤ්ඤත්‍ර යථාභූතස්ස අදස්සනා” යනු තත් වූ පරිද්දෙන් නොදැකීමෙන් අනික් කිසිවක් වන්නේය. නොදැකීම අඥානකම පිණිසම වේ යන අර්ථයි. මෙහි දී දැන් ඔහුට ත්‍රිවිධ වෘත්තයක් ඇති වජ්රභේද දේශනාව අරඹන සේක් “තං කිං මඤ්ඤසි සොණා” යනාදිය දෙසූහ.
සත්වන සූත්‍රයයි.
8. දුතිය සොණ සුත්තවණ්ණනා
8. දෙවැනි සොණ සූත්‍ර වර්ණනාව
අට්ඨමං උත්තානමෙව.
අටවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය.
9-10. පඨම නන්දික්ඛය සුත්තාදිවණ්ණනා
9-10. පළවැනි නන්දික්ඛය ආදි සූත්‍ර වර්ණනා
නවමදසමෙසු නන්දික්ඛයා රාගක්ඛයො, රාගක්ඛයා නන්දික්ඛයොති ඉදං නන්දීති වා රාගොති වා ඉමෙසං අත්ථතො නින්නානාකරණතාය වුත්තං. නිබ්බිදානුපස්සනාය වා නිබ්බින්දන්තො නන්දිං පජහති, විරාගානුපස්සනාය විරජ්ජන්තො රාගං පජහති. එත්තාවතා විපස්සනං නිට්ඨපෙත්වා “රාගක්ඛයා නන්දික්ඛයො”ති ඉධ මග්ගං දස්සෙත්වා “නන්දිරාගක්ඛයා චිත්තං විමුත්ත”න්ති ඵලං දස්සිතන්ති.
නවවන හා දසවන සූත්‍රයන්හි - “නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො” යන මෙහි නන්දිය (ඇලීම) හෝ රාගය යන අර්ථයෙන් එතෙර කරවීම අර්ථයෙන් කියන ලදී. නිර්වේද අනුපස්සනාවෙන් හෝ කළකිරීමට පත්වනුයේ තෘෂ්ණාව දුරු කරයි. විරාග අනුපස්සනාවෙන් නො ඇලෙන්නේ රාගය දුරු කරයි. මෙපමණකින් විදර්ශනාව නිමාකර, “රාගක්ඛයා නන්දික්ඛයො” යනුවෙන් මාර්ගය දක්වා “නන්දිරාගක්ඛයා චිත්තං විමුච්චතී” යනුවෙන් ඵලය (විපාකය) දක්වන ලදී.
නවමදසමානි.
නවවන හා දසවන සූත්‍රයන්ය.
අත්තදීපවග්ගො පඤ්චමො.
පස්වන අත්තදීප වර්ගය නිමියේය.
මූලපණ්ණාසකො සමත්තො.
මූල පණ්ණාසකය සමාප්ත විය.