යෙදුමෙන් කියවන්න

පඨම නන්‍දික‍්ඛය සුත‍්තං

1. 5. 9.

1. 1. 5. 9.

පඨම නන්‍දික‍්ඛය සුත‍්තං

පළවැනි නන්‍දික්ඛය සූත්‍රය

51. සාවත්‍ථියං–

51. සැවැත්නුවර–

අනිච‍්චඤ‍්ඤෙව භික‍්ඛවෙ, භික‍්ඛු රූපං අනිච‍්චන‍්ති පස‍්සති. සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. සම‍්මාපස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො. නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චති.

මහණෙනි, මහණ අනිත්‍ය වූ ම රූපය අනිත්‍ය යි දකියි, එය ඔහුගේ සම්‍යග්දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාක්‍ෂය හේතුයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂය හේතුයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි, නන්‍දිරාගක්‍ෂය හේතුයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබෙයි.

අනිච‍්චඤ‍්ඤෙව භික‍්ඛවෙ, භික‍්ඛු වෙදනං අනිච‍්චාති පස‍්සති. -පෙ- අනිච‍්චඤ‍්ඤෙව භික‍්ඛවෙ, භික‍්ඛු සඤ‍්ඤං අනිච‍්චාති පස‍්සති, -පෙ- අනිච‍්චෙයෙව භික‍්ඛවෙ, භික‍්ඛු සඞ‍්ඛාරෙ අනිච‍්චාති පස‍්සති. -පෙ- අනිච‍්චඤ‍්ඤෙව භික‍්ඛවෙ, භික‍්ඛු විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති පස‍්සති. සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි, සම‍්මා පස‍්සං නිබ‍්බින්‍දති. නන්‍දික‍්ඛයා රාගක‍්ඛයො, රාගක‍්ඛයා නන්‍දික‍්ඛයො. නන්‍දිරාගක‍්ඛයා චිත‍්තං විමුත‍්තං සුවිමුත‍්තන‍්ති වුච‍්චතීති.

මහණෙනි, මහණ අනිත්‍ය වූ ම වේදනාව අනිත්‍ය යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංඥාව අනිත්‍ය’යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම සංස්කාර ‘අනිත්‍ය’ යි දකියි … මහණෙනි, මහණ අනිත්‍ය වූ ම විඥානය ‘අනිත්‍ය’ යි දකියි, එය ඔහුගේ සම්‍යග් දෘෂ්ටිය වෙයි, සම්‍යග්ඥානයෙන් දක්නේ කලකිරෙයි. තෘෂ්ණාක්‍ෂයයෙන් රාගක්‍ෂය වෙයි, රාගක්‍ෂයයෙන් තෘෂ්ණාක්‍ෂය වෙයි. නන්‍දිරාගක්‍ෂයයෙන් සිත මිදුණේ මොනවට මිදුණේ යි කියනු ලැබේ යයි.