යෙදුමෙන් කියවන්න

දුතිය සොණ සුත‍්තං

1. 5. 8.

1. 1. 5. 8.

දුතිය සොණ සුත‍්තං

දෙවැනි සෝණ සූත්‍රය

50. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො සොණො ගහපතිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො සොණං ගහපතිපුත‍්තං භගවා එතදවොච:

50. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි සෝණ ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතන්හි එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් සෝණ ගෘහපති පුත්‍රහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

යෙ කෙචි සොණ, සමණා වා බ්‍රාහ‍්මණා වා රූපං නප‍්පජානන‍්ති රූපසමුදයං නප‍්පජානන‍්ති රූපනිරොධං නප‍්පජානන‍්ති රූපනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං නප‍්පජානන‍්ති, විඤ‍්ඤාණසමුදයං නප‍්පජානන‍්ති, විඤ‍්ඤාණනිරොධං නප‍්පජානන‍්ති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං නප‍්පජානන‍්ති. න මෙතෙ සොණ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා, න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

සෝණය යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ රූපය නො දනිත් ද, රූප සමුදය නො දනිත් ද, රූපනිරෝධය නො දනිත් ද, රූපනිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය නො දනිත් ද, විඥානසමුදය නො දනිත් ද විඥාන නිරෝධය නො දනිත් ද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව නො දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත නො වෙති, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත නො වෙත්, ඒ ආයුෂ්මත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වේ ව යි බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය වේවයි දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹැ නො ද විහරණ කෙරෙත්.

යෙ ච ඛො කෙචි සොණ, සමණා වා බ්‍රාහ‍්මණා වා රූපං පජානන‍්ති, රූපසමුදයං පජානන‍්ති, රූපනිරොධං පජානන‍්ති, රූපනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති. වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං පජානන‍්ති, විඤ‍්ඤාණසමුදයං පජානන‍්ති, විඤ‍්ඤාණනිරොධං පජානන‍්ති, විඤ‍්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානන‍්ති. තෙ ඛො මෙ සොණ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු චෙච බ්‍රාහ‍්මණසම‍්මතා, තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්චෙව බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

සෝණය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ රූපය දනිත් ද, රූප සමුදය දනිත් ද, රූපනිරෝධය දනිත් ද, රූපනිරෝධගාමිනීපටිපදාව දනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය දනිත් ද, විඥාන සමුදය දනිත් ද, විඥාන නිරෝධය දනිත් ද, විඥානනිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, සෝණය, තෙල ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මත ද වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මත ද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණ්‍යාර්‍ත්‍ථය ද දිටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ විහරණ කෙරෙත් යි වදාළහ.