යෙදුමෙන් කියවන්න

4. නතුම‍්හාක වග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. නතුම්හාක වර්ගය

1. පඨම නතුම‍්හාක සුත‍්තවණ‍්ණනා

1. පළවැනි නතුම්හාක සූත්‍ර වර්ණනාව

නතුම‍්හාකවග‍්ගස‍්ස පඨමෙ පජහථාති ඡන්‍දරාගප‍්පහානෙන පජහථ. තිණාදීසු තිණං නාම අන‍්තොඵෙග‍්ගු බහිසාරං තාලනාළිකෙරාදි. කට‍්ඨං නාම අන‍්තොසාරං බහිඵෙග‍්ගු ඛදිරසාලසාකපනසාදි. සාඛා නාම රුක‍්ඛස‍්ස බාහා විය නික‍්ඛන‍්තා. පලාසං නාම තාලනාළිකෙරපණ‍්ණාදි.

නතුම්හාක වර්ගයේ පළමු සූත්‍රයෙහි “පජහථ” යනු ඡන්‍දරාගය ප්‍රහාණය කිරිමෙන් අත්හරිවු යනුයි. තෘණාදියෙහි “තිණං” යනු ඇතුලත හරයක් නැති පිටත සාරය ඇති තල්-පොල් ආදියයි. “කට්ඨං” යනු ඇතුලත සාරය ඇති පිටත හරයක් නැති කිහිරි-සල්-කොස් ආදී දැවයි. “සාඛා” නම් ගසේ බාහුමෙන් නික්මෙන අතු ඉතිය. “පලාසං” නම් තල් පොල් ආදී ගස්වල කොළඅතුය.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. දුතිය නතුම‍්හාක සුත‍්තවණ‍්ණනා

2. දෙවැනි නතුම්හාක සූත්‍ර වර්ණනාව

දුතියං විනා උපමාය බුජ‍්ඣනකානං අජ‍්ඣාසයෙන වුත‍්තං.

දෙවැනි සූත්‍රය උපමාවකින් තොරව අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලදී.

දුතියං.

දෙවැනි සූත්‍රයයි.

3. පඨම භික‍්ඛු සුත‍්තවණ‍්ණනා

3. පළවැනි භික්ඛු සූත්‍ර වර්ණනාව

තතියෙ රූපඤ‍්චෙ, භන‍්තෙ, අනුසෙතීති යදි රූපං අනුසෙති. තෙන සඞ‍්ඛං ගච‍්ඡතීති කාමරාගාදීසු යෙන අනුසයෙන තං රූපං අනුසෙති, තෙනෙව අනුසයෙන “රත‍්තො දුට‍්ඨො මූළ‍්හො”ති පණ‍්ණත‍්තිං ගච‍්ඡති. න තෙන සඞ‍්ඛං ගච‍්ඡතීති තෙන අභූතෙන අනුසයෙන “රත‍්තො දුට‍්ඨො මූළ‍්හො”ති සඞ‍්ඛං න ගච‍්ඡතීති.

තෙවැනි සූත්‍රයෙහි “රූපං චෙ භන්තෙ අනුසෙති” යනු ඉදින් රූපය අත්නොහැර පවතියි ද එයයි. “තෙන සංඛං ගච්ඡති” යනු කාමරාගාදියේ යම් අප්‍රකට දෙයකින් ඒ රූපය අත්නොහරියි ද ඒ අනුසයෙන්ම පුද්ගලයා ඇලුණේය. දුෂ්ට වූයේය. මූඪ වූයේයැයි ප්‍රඥප්තියට (පැනවීමට) යයි ය යි. “න තෙන සංඛං ගච්ඡති” යනු ඒ අසත්‍ය වූ අනුශය මගින් රක්ත වූයේය. දුෂ්ට වූයේය. මූඪ (මුලා) වූයේය. යන සංඛ්‍යාවට නොයයි යනුයි.

තතියං.

තෙවන සූත්‍රයයි.

4. දුතිය භික‍්ඛු සුත‍්තවණ‍්ණනා

4. දෙවැනි භික්ඛු සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ තං අනුමීයතීති තං අනුසයිතං රූපං මරන‍්තෙන අනුසයෙන අනුමරති. න හි ආරම‍්මණෙ භිජ‍්ජමානෙ තදාරම‍්මණා ධම‍්මා තිට‍්ඨන‍්ති. යං අනුමීයතීති යං රූපං යෙන අනුසයෙන අනුමරති. තෙන සඞ‍්ඛං ගච‍්ඡතීති තෙන අනුසයෙන “රත‍්තො දුට‍්ඨො මූළ‍්හො”ති සඞ‍්ඛං ගච‍්ඡති. අථ වා යන‍්ති කරණවචනමෙතං, යෙන අනුසයෙන අනුමීයති, තෙන “රත‍්තො දුට‍්ඨො මූළ‍්හො”ති සඞ‍්ඛං ගච‍්ඡතීති අත්‍ථො.

සතරවන සූත්‍රයේ - “තං අහුමීයති” යනු ඒ කලක් පැවති (අනුසයිත වූ) රූපාදිය නැතිවනුයේ අනුසයත් සමග ම නැසේ යනුයි. අරමුණ බිඳී යන කල්හි, ඒ අරමුණට හේතු වූ ධර්මයෝ නොපවතින්නේ ම ය. “යං අනුමීයති” යනු යම් වූ රූපයක් යම් අනුසයකින් අනුව නැසේද එයයි. “තෙන සංඛං ගච්ඡති” යනු ඒ රාගාදී ක්ලේශධර්ම අනුව ඇලුණේය. දුෂ්ට වූයේය හා මුළා වූයේය යන සංඛ්‍යාවට යයි යනුයි. නැතහොත් “යං” යන කරණ විභක්ති (තතියා) වචනයකි. යම් අනුසයකින් නැසේද එයින් රක්ත වූයේය. දුෂ්ට වූයේය. මුළාවූයේය යන සංඛ්‍යාවට යයි යන අර්ථයි.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. පඨම ආනන්‍ද සුත‍්තවණ‍්ණනා

5. පළවැනි ආනන්ද සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතීති ධරමානස‍්ස ජීවමානස‍්ස ජරා පඤ‍්ඤායති. ඨිතීති හි ජීවිතින්‍ද්‍රියසඞ‍්ඛාතාය අනුපාලනාය නාමං. අඤ‍්ඤථත‍්තන‍්ති ජරාය. තෙනාහු පොරාණා –

පස්වන සූත්‍රයේ “ඨිතස්ස අඤ්ඤථත්තං” යනුවෙන් දරන්නා වූ ජීවමානව පවතින්නා වූ ‘ජරාව’ පෙන්වා දෙයි. ප්‍රකටව පෙනේ. ඨිති යනු ජීවිතින්‍ද්‍රිය නම් වූ චිත්ත-චෛතසික ධර්ම ආරක්‍ෂා කිරීමට යෙදුණු නමකි. “අඤ්ඤථං” යනු ජරාවයි. දිරායෑමයි. එනිසා පැරැන්නෝ මෙසේ කීහ.

උප්පාදො ජාති අක්ඛාතො - භංගො වුත්තො වයොතිච අඤ්ඤථත්තං ජරා වුත්තා - ඨිතිච අනුපාලනා

“උප‍්පාදො ජාති අක‍්ඛාතො, භඞ‍්ගො වුත‍්තො වයොති ච; අඤ‍්ඤථත‍්තං ජරා වුත‍්තා, ඨිතී ච අනුපාලනා”ති.

“ඉපදීම ‘ජාති’ යැයි කියන ලදී. වැනසියාම, විනාශ වීම ‘භංග’ යැයි කියන ලදී. අත්බවකට පත්වීම (වෙනස්වීම) ‘ජරා’ ව යැයි ද එය ආරක්‍ෂා වී පැවතීම ‘ඨිති’ යැයි ද කියනු ලැබේ.”

එවං එකෙකස‍්ස ඛන්‍ධස‍්ස උප‍්පාදජරාභඞ‍්ගසඞ‍්ඛාතානි තීණි ලක‍්ඛණානි හොන‍්ති යානි සන්‍ධාය වුත‍්තං “තීණිමානි, භික‍්ඛවෙ, සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානී”ති (අ· නි· 3.47).

මෙසේ එක් එක් ඉපදීම - දිරායෑම - භංගවීම නම් වූ ත්‍රිවිධ ලක්‍ෂණයෝ වෙත්ද ඒ සඳහා කියන ලදී. “මහණෙනි! මේ ත්‍රිවිධ ලක්‍ෂණයෝ හේතුප්‍රත්‍ය එකතුවීමෙන් හටගත් සංඛත වස්තූන්හි ලක්‍ෂණ වෙති.”

තත්‍ථ සඞ‍්ඛතං නාම පච‍්චයනිබ‍්බත‍්තො යො කොචි සඞ‍්ඛාරො. සඞ‍්ඛාරො ච න ලක‍්ඛණං, ලක‍්ඛණං න සඞ‍්ඛාරො, න ච සඞ‍්ඛාරෙන විනා ලක‍්ඛණං පඤ‍්ඤාපෙතුං සක‍්කා, නාපි ලක‍්ඛණං විනා සඞ‍්ඛාරො, ලක‍්ඛණෙන පන සඞ‍්ඛාරො පාකටො හොති. යථා හි න ච ගාවීයෙව ලක‍්ඛණං, ලක‍්ඛණමෙව න ගාවී, නාපි ගාවිං මුඤ‍්චිත්‍වා ලක‍්ඛණං පඤ‍්ඤාපෙතුං සක‍්කා, නාපි ලක‍්ඛණං මුඤ‍්චිත්‍වා ගාවිං, ලක‍්ඛණෙන පන ගාවී පාකටා හොති, එවංසම‍්පදමිදං වෙදිතබ‍්බං.

එහි “සංඛත” නම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායෙන් පහළවන දෙයයි. යම්කිසි සංස්කාරයක, සංස්කාරය ලක්‍ෂණය නොවේ. ලක්‍ෂණය සංස්කාරය නොවේ. සංස්කාරයෙන් තොරව ලක්‍ෂණය පෙන්වීමට නොහැකිය. ලක්‍ෂණවලින් තොරව සංස්කාර නොපවතී. ලක්‍ෂණයන් ප්‍රකට වන කල්හි සංස්කාර ප්‍රකට වන්නේය. යම්සේ ගවදෙන ලක්‍ෂණය නොවේ. ලක්‍ෂණයම ගවදෙන නොවේ. නමුත් ගවදෙන අත්හැර ලක්‍ෂණ පෙන්වාදීමට නොහැක. ලක්‍ෂණ අත්හැර ගවදෙන පෙන්වාදීමටද නොහැක. ලක්‍ෂණයන්ගෙන්ම ගවදෙන ප්‍රකට වන්නීය. මෙසේ සියලු පද අර්ථ දතයුතුයි.

තත්‍ථ සඞ‍්ඛාරානං උප‍්පාදක‍්ඛණෙ සඞ‍්ඛාරොපි උප‍්පාදලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායති. “උප‍්පාදොපී”ති වුත‍්තෙ සඞ‍්ඛාරොපි ජරාලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායති. භඞ‍්ගක‍්ඛණෙ සඞ‍්ඛාරොපි තංලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායති. අපරෙ පන වදන‍්ති “අරූපධම‍්මානං ජරාඛණො නාම න සක‍්කා පඤ‍්ඤාපෙතුං, සම‍්මාසම‍්බුද‍්ධො ච ‘වෙදනාය උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතාය අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතී’ති වදන‍්තො අරූපධම‍්මානම‍්පි තීණි ලක‍්ඛණානි පඤ‍්ඤාපෙති, තානි අත්‍ථික‍්ඛණං උපාදාය ලබ‍්භන‍්තී”ති වත්‍වා –

එහි සංස්කාරයන්ගේ උත්පාද ක්‍ෂණයෙහි සංස්කාරයන් ද උත්පාද ලක්‍ෂණ ද කාල සංඛ්‍යාත වූ ඒ ක්‍ෂණයෙහි ප්‍රකට වේ. උත්පාදය (ඉපදීම)ද පවතී යැයි කී කල්හි සංස්කාරය ද ජරා ලක්‍ෂණ ද කාලසංඛ්‍යාත වූ ඒ ක්‍ෂණයෙහි ප්‍රකට වේ. භංග ක්‍ෂණයෙහි සංස්කාර ද ඒ ලක්‍ෂණය ද කාල සංඛ්‍යාත වූ ඒ ක්‍ෂණයෙහි ප්‍රකට වේ. ඇතැම් සම්ප්‍රදායන්හි මෙසේ පැවසේ. (මහාවිහාරික නොවන) අරූප ධර්මයන්ගේ දිරායන ක්‍ෂණය නම් ප්‍රකටව දැක්වීමට නොහැක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද වේදනාවෙන් ඉපදීම ප්‍රකට වේ. විනාශවීම ප්‍රකට වේ. සිටියේ (පැවති අයුරින්) අන් අයුරකට පත්වීම ප්‍රකට වේ.” යැයි දෙසූසේක් අරූප ධර්මයන්හි ද ත්‍රිවිධ ලක්‍ෂණය පණවයි. ඒවායින් ඇති (පවතින) ක්‍ෂණය දැඩිව ගැනීමෙන් ලැබේ යැයි පවසා-

අත්‍ථිතා සබ්බ ධම්මානං ඨිතිනාම පවුච්චති තස්සෙව භෙදො මරණං සබ්බදා සබ්බපාණනන්ති

“අත්‍ථිතා සබ‍්බධම‍්මානං, ඨිති නාම පවුච‍්චති; තස‍්සෙව භෙදො මරණං, සබ‍්බදා සබ‍්බපාණින”න‍්ති. –

“සියලු ධර්මයන්ගේ පැවතීමෙන් “ඨිති” නමින් එය හැඳින්වේ. සැමදා ම සෑම ප්‍රාණියෙකුගේම මේ පවතින ධර්මයන්ගේ බිඳීයාම ම “මරණය’ ලෙස හැඳින්වේ.”

ඉමාය ආචරියගාථාය තමත්‍ථං සාධෙන‍්ති. අථ වා සන‍්තතිවසෙන ඨානං ඨිතීති වෙදිතබ‍්බන‍්ති ච වදන‍්ති. යස‍්මා පන සුත‍්තෙ අයං විසෙසො නත්‍ථි, තස‍්මා ආචරියමතියා සුත‍්තං අපටිබාහෙත්‍වා සුත‍්තමෙව පමාණං කත‍්තබ‍්බං.

මේ ආචාර්යවරුන්ගේ ගාථාවෙන් එම අර්ථය සම්පූර්ණ කරයි. නැතහොත් තෘෂ්ණා වශයෙන් එතැන සිටි බව (ඨිති) දැනගත යුතුයැයි කියයි. සූත්‍රයෙහි මෙහි විශේෂයක් නොමැති බැවින්, ආචාර්ය මතයෙන් සූත්‍රය නො වළක්වා මේ සූත්‍රයම ප්‍රමාණ කළ යුතුය.

පස්වන සූත්‍රයයි.

6. දුතිය ආනන්‍ද සුත‍්තවණ‍්ණනා

6. දෙවැනි ආනන්ද සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨං උත‍්තානමෙව.

සයවන සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.

සවැනි සූත්‍රයයි.

7-10. පඨම අනුධම‍්ම සුත‍්තාදිවණ‍්ණනා

7-10. පළවැනි අනුධම්ම ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නස‍්සාති නවන‍්නං ලොකුත‍්තරධම‍්මානං අනුලොමධම‍්මං පුබ‍්බභාගපටිපදං පටිපන‍්නස‍්ස. අයමනුධම‍්මොති අයං අනුලොමධම‍්මො හොති. නිබ‍්බිදාබහුලොති උක‍්කණ‍්ඨනබහුලො හුත්‍වා. පරිජානාතීති තීහි පරිඤ‍්ඤාහි පරිජානාති. පරිමුච‍්චතීති මග‍්ගක‍්ඛණෙ උප‍්පන‍්නාය පහානපරිඤ‍්ඤාය පරිමුච‍්චති. එවං ඉමස‍්මිං සුත‍්තෙ මග‍්ගොව කථිතො හොති, තථා ඉතො පරෙසු තීසු. ඉධ පන අනුපස‍්සනා අනියමිතා, තෙසු නියමිතා. තස‍්මා ඉධාපි සා තත්‍ථ නියමිතවසෙනෙව නියමෙතබ‍්බා. න හි සක‍්කා තීසු අඤ‍්ඤතරං අනුපස‍්සනං විනා නිබ‍්බින්‍දිතුං පරිජානිතුං වාති. සත‍්තමාදීනි.

සත්වන සූත්‍රයේ- “ධම්මානුධම්මපටිපන්නස්ස” යනු නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයන්ගේ අනුලෝම වූ ධර්මයන්ගේ පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නහුම යනුයි. “අයමනුධම්මො” යනු මේ අනුලෝම ධර්මය වේ යනුයි. “නිබ්බිදාබහුලො” යනු කළකිරීම් බහුල වී යනුයි. “පරිජානාති” යනු ත්‍රිවිධ පරිඥාවෙන් විශේෂයෙන් දැනගනියි යනුයි. “පරිමුච්චති” යනු මාර්ගක්‍ෂණයෙහි උපන් ප්‍රහාණ පරිඥාවෙන් මිදෙයි යනුයි. මෙසේ මෙම සූත්‍රයෙහි ආර්ය මාර්ගය කියන ලද්දේ වේ. එසේම මීට පසුව එන සූත්‍ර තුනෙහිද එය කියැවේ. මෙම සූත්‍රයේ වනාහී නුවණින් බැලීම, නියම නැත. පසුව එන සූත්‍රයන්හි එය නියමිතය. එනිසා මෙහිදී ද එය නියමිත වශයෙන්ම නියමකොට ගතයුතුයි. මේ ත්‍රිවිධ ලක්‍ෂණයන් නුවණින් සළකා බැලීමෙන් තොරව සසර පිළිබඳ කළකිරීමට හෝ නිවණ අවබෝධ කරගැනීමට හෝ නොහැක.

නතුම‍්හාකවග‍්ගො චතුත්‍ථො.

සතරවන නතුම්හාක වර්ගයයි.