යෙදුමෙන් කියවන්න

3. භාරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. භාර වර්ගය

1. භාර සුත‍්තවණ‍්ණනා

1. භාර සූත්‍ර වර්ණනාව

භාරවග‍්ගස‍්ස පඨමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයන‍්ති පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ඉති අස‍්ස වචනීයං, එවං වත‍්තබ‍්බං භවෙය්‍යාති අත්‍ථො. අයං වුච‍්චති, භික‍්ඛවෙ, භාරොති යෙ ඉමෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා, අයං භාරොති වුච‍්චති. කෙනට‍්ඨෙනාති? පරිහාරභාරියට‍්ඨෙන. එතෙසඤ‍්හි ඨාපනගමනනිසීදාපනනිපජ‍්ජාපනන‍්හාපනමණ‍්ඩනඛාදාපනභුඤ‍්ජාපනාදිපරිහාරො භාරියොති පරිහාරභාරියට‍්ඨෙන භාරොති වුච‍්චති. එවංනාමොති තිස‍්සො දත‍්තොතිආදිනාමො. එවංගොත‍්තොති කණ‍්හායනො වච‍්ඡායනොතිආදිගොත‍්තො. ඉති වොහාරමත‍්තසිද‍්ධං පුග‍්ගලං “භාරහාරො”ති කත්‍වා දස‍්සෙති. පුග‍්ගලො හි පටිසන්‍ධික‍්ඛණෙයෙව ඛන්‍ධභාරං උක‍්ඛිපිත්‍වා දසපි වස‍්සානි වීසතිපි වස‍්සසතම‍්පීති යාවජීවං ඉමං ඛන්‍ධභාරං න‍්හාපෙන‍්තො භොජෙන‍්තො මුදුසම‍්ඵස‍්සමඤ‍්චපීඨෙසු නිසීදාපෙන‍්තො නිපජ‍්ජාපෙන‍්තො පරිහරිත්‍වා චුතික‍්ඛණෙ ඡඩ‍්ඩෙත්‍වා පුන පටිසන්‍ධික‍්ඛණෙ අපරං ඛන්‍ධභාරං ආදියති, තස‍්මා භාරහාරොති ජාතො.

භාර වර්ගයේ පළමු සූත්‍රයේ “පඤ්චුපාදානක්ඛන්‍ධාතිස්ස වචනීයං” යනු පඤ්චුප්පාදානක්ඛන්‍ධා ඉති අස්ස වචනීයං යනුයි. මෙසේ කිවයුතු වන්නේය යන අර්ථයි. “අයං වුච්චති භික්ඛවෙ භාරො” යනු යමෙක් මේ පංච උපාදානස්ඛන්‍ධය “මේ භාරය” යැයි කියයි ද එයයි. කුමන අරුතකින්ද? ආරක්‍ෂාවට යෙදූ බරපතල වූ අර්ථයෙනි. (පරිහරණයේ බරපතලකම) මේවායෙහි ගමන්කිරීම -හිඳීම - නිදීම - නෑම - සැරසීම - කෑම්-බීම් ආදී පරිහරණය අතිශය බැරෑරුම්යැයි පරිහරන භාරියාර්ථයෙන් “භාර” යැයි කියන ලදී. “එවං නාමො” යනු තිස්ස, දත්ත ආදී නාමයන්ය. “එවං ගොත්තො” යනු කණ්හායන, වච්ඡායන ආදී ගෝත්‍රයන්ය. මෙසේ ව්‍යවහාර මාත්‍රයෙන් සිද්ධවන පුද්ගලයා “භාරහාර” යැයි දක්වයි. පුද්ගලයා වනාහී ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ම මේ ස්කන්‍ධ භාරය උසුලාගෙන දසවසක්, විසිවසක්, සියක් වසක් වුවද මේ ස්කන්‍ධ භාරය නාවමින්, කවමින්, මෘදු සැප ඇති ඇඳ පුටුවල නිදිකරමින්, හිඳුවමින් පරිහරණය කොට, චුතිවන ක්‍ෂණයෙහි හැරදමා නැවත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි වෙනත් ස්කන්‍ධ භාරයක් ගනු ලැබේ. එනිසා “භාරහාර” යැයි කියන ලදී. පහළ විය.

පොනොභවිකාති පුනබ‍්භවනිබ‍්බත‍්තිකා. නන්‍දීරාගසහගතාති නන්‍දිරාගෙන සහ එකත‍්තමෙව ගතා. තබ‍්භාවසහගතඤ‍්හි ඉධ අධිප‍්පෙතං. තත්‍ර තත්‍රාභිනන්‍දිනීති උපපත‍්තිට‍්ඨානෙ වා රූපාදීසු වා ආරම‍්මණෙසු තත්‍ථ තත්‍ථ අභිනන්‍දනසීලාව. කාමතණ‍්හාදීසු පඤ‍්චකාමගුණිකො රාගො කාමතණ‍්හා නාම, රූපාරූපභවරාගො ඣානනිකන‍්ති සස‍්සතදිට‍්ඨිසහගතො රාගොති අයං භවතණ‍්හා නාම, උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො විභවතණ‍්හා නාම. භාරාදානන‍්ති භාරගහණං. තණ‍්හාය හි එස භාරං ආදියති. අසෙසවිරාගනිරොධොතිආදි සබ‍්බං නිබ‍්බානස‍්සෙව වෙවචනං. තඤ‍්හි ආගම‍්ම තණ‍්හා අසෙසතො විරජ‍්ජති නිරුජ‍්ඣති චජියති පටිනිස‍්සජ‍්ජියති විමුච‍්චති, නත්‍ථි චෙත්‍ථ කාමාලයො වා දිට‍්ඨාලයො වාති නිබ‍්බානං එතානි නාමානි ලභති. සමූලං තණ‍්හන‍්ති තණ‍්හාය අවිජ‍්ජා මූලං නාම. අබ‍්බුය‍්හාති අරහත‍්තමග‍්ගෙන තං සමූලකං උද‍්ධරිත්‍වා. නිච‍්ඡාතො පරිනිබ‍්බුතොති නිත‍්තණ‍්හො පරිනිබ‍්බුතො නාමාති වත‍්තුං වට‍්ටතීති.

“පොනො භවිකා” යනු පුනර්භවය ඇතිකරවන යනුයි. “නන්‍දිරාග සහගතා” යනු නන්දිරාගය සමග එකතුකොට යනුයි. ඒ බව සහිත වූ යන්න මෙහිදී අදහස් විය. “තත්‍රතත්‍රාභිනන්‍දිනී” යනු උත්පත්ති ස්ථානයෙහි හෝ රූපාදියෙහි ද ආරම්මණයන්හි ද ඒ ඒ තැන සතුටුවන ස්වභාව ඇති යනුයි. කාම තණ්හාදියෙහි පඤ්චකාම ගුණික වූ රාගය-ඇලීම කාම තණ්හාව නම් වේ. රූ, අරූ භව රාගය-ධ්‍යාන තෘෂ්ණාව-ශාස්වත දෘෂ්ටි සහගත වූ රාගය යන මෙය භවතණ්හාව නම් වේ. උච්ඡේද දෘෂ්ටිය සහගත වූ (යුක්ත වූ) රාගය විභව තණ්හාව නම් වේ. “භාරාදානං” යනු භාරය ගැනීමයි. තණ්හාවෙන් මේ භාරය අල්වා ගනියි. “අසෙස විරාග නිරොධො” යනාදී සියල්ලම නිවනට යෙදුණු සමාන වදන්ය. එයට පැමිණ තණ්හාව ඉතිරි නොකර, නො ඇලෙයි. නිරුද්ධ වේ. අත්හරියි. දුරු කරයි. මිදෙයි. මෙහි කාම හෝ දෘෂ්ටි පිළිබඳ ඇලීමක් නැත. නිවනට ම මේ නම් යෙදේ. “සමූලං තණ්හං” යනු තණ්හාවේ මුල අවිද්‍යාව යනුයි. “අබ්බුය්හ” යනු අර්හත් මාර්ගයෙන් ඒ මුල් සහිත තණ්හාව උදුරාදමා යනුයි. “නිච්ඡාතො පරිනිබ්බුතො” යනු තණ්හාව නැත්තේ පිරිනිවියේ නමැයි කීමට සුදුසුය යනුයි.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. පරිඤ‍්ඤා සුත‍්තවණ‍්ණනා

2. පරිඤ්ඤා සූත්‍ර වර්ණනාව

දුතියෙ පරිඤ‍්ඤෙය්‍යෙති පරිජානිතබ‍්බෙ, සමතික‍්කමිතබ‍්බෙති අත්‍ථො. පරිඤ‍්ඤන‍්ති අච‍්චන‍්තපරිඤ‍්ඤං, සමතික‍්කමන‍්ති අත්‍ථො. රාගක‍්ඛයොතිආදි නිබ‍්බානස‍්ස නාමං. තඤ‍්හි අච‍්චන‍්තපරිඤ‍්ඤා නාම.

දෙවන සූත්‍රයේ - “පරිඤ්ඤෙය්‍යෙ” යනු සම්පූර්ණයෙන් දතයුතු. ඉක්මවිය යුතු යන අර්ථයි. “පරිඤ්ඤං” යනු කෙළවර ඉක්මවූ පරිඥාවයි. ඉක්මවයි යන අර්ථයි. “රාගක්ඛයො” යනාදියෙහි නිවනට නම් වේ. එය “අච්චන්ත පරිඤ්ඤා” නම් වේ.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. අභිජාන සුත‍්තවණ‍්ණනා

3. අභිජාන සූත්‍ර වර්ණනාව

තතියෙ අභිජානන‍්ති අභිජානන‍්තො. ඉමිනා ඤාතපරිඤ‍්ඤා කථිතා, දුතියපදෙන තීරණපරිඤ‍්ඤා, තතියචතුත්‍ථෙහි පහානපරිඤ‍්ඤාති ඉමස‍්මිං සුත‍්තෙ තිස‍්සො පරිඤ‍්ඤා කථිතාති.

තෙවන සූත්‍රයේ - “අභිජානං” යනු මනාසේ දනිමින් යනුයි. මෙයින් ඤාත පරිඥාව පවසන ලදී. දෙවැනි පදයෙන් තීරණ පරිඥාව ද තෙවන සිවුවන පදවලින් ප්‍රහාණ පරිඥාව දැයි මේ සූත්‍රයෙහි ත්‍රිවිධ පරිඥාවක් කියන ලදී.

තතියං.

තෙවන සූත්‍රයයි.

4-9. ඡන්‍දරාග සුත‍්තාදිවණ‍්ණනා

4-9. ඡන්දරාග ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථාදීනි ධාතුසංයුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. පටිපාටියා පනෙත්‍ථ පඤ‍්චමඡට‍්ඨසත‍්තමෙසු චත‍්තාරි සච‍්චානි කථිතානි, අට‍්ඨමනවමෙසු වට‍්ටවිවට‍්ටං. චතුත්‍ථාදීනි.

සතරවන සූත්‍රයේ සිට ධාතු සංයුත්තයේ කියන ලද ක්‍රමයෙන් දතයුතුයි. පිළිවෙලින් මෙහිදී පස්වන-සයවන හා සත්වන සූත්‍රවලදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ වේ. අට-නව සූත්‍රවලදී සසර පැවැත්ම හා නැවැත්ම කියැවේ.

10. අඝමූල සුත‍්තවණ‍්ණනා

10. අඝමූල සූත්‍ර වර්ණනාව

දසමෙ අඝන‍්ති දුක‍්ඛං. එවමෙත්‍ථ දුක‍්ඛලක‍්ඛණමෙව කථිතං. දසමං.

දසවන සූත්‍රයේ “අසං” යනු දුකයි. මෙසේ මෙහිදීද දුකෙහි ලක්‍ෂණම පැවසේ.

11. පභඞ‍්ගු සුත‍්තවණ‍්ණනා

11. පභඞ්ගු සූත්‍ර වර්ණනාව

එකාදසමෙ පභඞ‍්ගුන‍්ති පභිජ‍්ජනසභාවං. එවමිධ අනිච‍්චලක‍්ඛණමෙව කථිතන‍්ති. එකාදසමං.

එකොළොස්වන සූත්‍රයේ - “පභංගු” යනු බිඳෙනසුලු ස්වභාවයයි. මෙසේ මෙහි අනිත්‍ය ලක්‍ෂණය ම කියන ලදී.

භාරවග‍්ගො තතියො.

තෙවැනි භාරවග්ගය නිමියේය.