යෙදුමෙන් කියවන්න

තතිය අස‍්සාද සුත‍්තං

1. 1. 3. 7.

1. 1. 3. 7.

තතිය අස‍්සාද සුත‍්තං

තෙවැනි අස්සාද සූත්‍රය

28. සාවත්‍ථියං–

28. සැවැත්නුවර–

නො චෙදං භික‍්ඛවෙ, රූපස‍්ස අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා රූපස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපස‍්ස අස‍්සාදො, තස‍්මා සත‍්තා රූපස‍්මිං සාරජ‍්ජන‍්ති.

මහණෙනි, රූපයාගේ ආස්වාදයෙක් නැත් නම් සත්ත්‍වයෝ රූපයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයකින් රූපයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූප යෙහි ඇලෙති.

නො චෙදං භික‍්ඛවෙ, රූපස‍්ස ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා රූපස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපස‍්ස ආදීනවො, තස‍්මා සත‍්තා රූපස‍්මිං නිබ‍්බින්‍දන‍්ති.

මහණෙනි, රූපයාගේ ආදීනවයෙක් නො වී නම් සත්ත්‍වයෝ රූපයෙහි නො කල කිරෙති. මහණෙනි, යම්හෙයෙකින් රූපයාගේ ආදීනවයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපයෙහි නිර්වේද කෙරෙත්.

නො චෙදං භික‍්ඛවෙ, රූපස‍්ස නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා රූපස‍්මා නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි රූපස‍්ස නිස‍්සරණං, තස‍්මා සත‍්තා රූපස‍්මා නිස‍්සරන‍්ති.

මහණෙනි, රූපයාගේ නිශ්ශරණයෙක් නො වී නම්, සත්ත්‍වයෝ රූපයෙන් නිශ්ශෘත නො වෙති. මහණෙනි, යම් හෙයෙකින් රූපයාගේ නිශ්ශරණ ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ රූපය කෙරෙන් නිශ්ශරණ කෙරෙත්.

නො චෙදං භික‍්ඛවෙ, වෙදනාය අස‍්සාදො අභවිස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, සඤ‍්ඤාය අස‍්සාදො අභවිස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, සඞ‍්ඛාරානං අස‍්සාදො අභවිස‍්ස -පෙ- නො චෙදං භික‍්ඛවෙ, විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො අභවිස‍්ස, නයිදං සත‍්තා විඤ‍්ඤාණස‍්මිං සාරජ‍්ජෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි විඤ‍්ඤාණස‍්ස අස‍්සාදො, තස‍්මා සත‍්තා විඤ‍්ඤාණස‍්මිං සාරජ‍්ජන‍්ති.

මහණෙනි, වේදනායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සඥායෙහි ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, සංස්කාරයන්ගේ ආස්වාදයෙක් නො වී නම් … මහණෙනි, විඥානයාගේ ආස්වාදයෙක් නො වී නම් සත්ත්‍වයෝ, විඥානයෙහි නො ඇලෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආස්වාදයෙක් ඇත් ද, එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි ඇලෙත්.

නො චෙදං භික‍්ඛවෙ, විඤ‍්ඤාණස‍්ස ආදීනවො අභවිස‍්ස, නයිදං සත‍්තා විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි විඤ‍්ඤාණස‍්ස ආදීනවො, තස‍්මා සත‍්තා විඤ‍්ඤාණස‍්මිං නිබ‍්බින්‍දන‍්ති.

මහණෙනි, විඥානයාගේ ආදීනවයෙක් නොවී නම් සත්ත්‍වයෝ විඥානයෙහි නිර්වේද නො කෙරෙති. මහණෙනි, යම් හෙයෙකින් විඥානයාගේ ආදීනව ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයෙහි කලකිරෙත්.

නො චෙදං භික‍්ඛවෙ, විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං අභවිස‍්ස, නයිදං සත‍්තා විඤ‍්ඤාණස‍්මා නිස‍්සරෙය්‍යුං. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි විඤ‍්ඤාණස‍්ස නිස‍්සරණං, තස‍්මා සත‍්තා විඤ‍්ඤාණස‍්මා නිස‍්සරන‍්ති.

මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ නො වී නම්, සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නිශ්ශරණ නො කෙරෙති. මහණෙනි, යම්හෙයෙකින් විඥානයාගේ නිශ්ශරණ ඇත් ද එහෙයින් සත්ත්‍වයෝ විඥානයා කෙරෙන් නික්මයෙත්.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං නාබ‍්භඤ‍්ඤංසු, නෙව තාව භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා නිස‍්සටා විසඤ‍්ඤුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදිකතෙන චෙතසා විහරිංසු.

මහණෙනි, යම්තාක්කල් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදානස්කන්‍ධන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණය නිශ්ශරණ විසිනුදු ඇතිතතු අවබෝධ නො කළාහු ද, මහණෙනි, ඒතාක් මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝවැසි සත්ත්‍වයෝ දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත සත්ත්‍වප්‍රජාව නිශ්ශෘත වූවාහු විසංයුක්ත වූවාහු විප්‍රමුත්ත වූවාහු සීමා කොට නොගත් සිතින් යුතුව වාස නො කළාහු ම ය.

යතො ච ඛො භික‍්ඛවෙ, සත‍්තා ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අස‍්සාදඤ‍්ච අස‍්සාදතො ආදීනවඤ‍්ච ආදීනවතො නිස‍්සරණඤ‍්ච නිස‍්සරණතො යථාභූතං අබ‍්භඤ‍්ඤංසු, අථ ඛො භික‍්ඛවෙ, සත‍්තා සදෙවකා ලොකා සමාරකා සබ්‍රහ‍්මකා සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා නිස‍්සටා විසඤ‍්ඤුත‍්තා විප‍්පමුත‍්තා විමරියාදීකතෙන චෙතසා විහරන‍්තීති.

මහණෙනි, යම් කලෙක පටන් සත්ත්‍වයෝ මේ පඤ්චෝපාදාන ස්කන්‍ධයන්ගේ ආස්වාදය ආස්වාද විසිනුදු ආදීනවය ආදීනව විසිනුදු නිශ්ශරණ නිශ්ශරණ විසිනුදු ඇතිතතු දත්තාහු ද, මහණෙනි, එසඳ සත්ත්‍වයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝවැස්සෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍ව ප්‍රජාව (මේ පස් කඳින්) නික්මුණාහුය, විසංයුක්ත වූහුය, වෙසෙසින් මිදුණාහුය, සීමා කොට නො ගත් සිතින් යුතුව වාසය කෙරෙත් යි.